Saturday, April 28, 2012

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....


මේ සටහන් තිබුනේ අන්තර්ජාලේ... මුනු පොතේ පිටුවක....... කියවලාම ඉතුරු ටික කථා කරමු....
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්. 
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.
නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.
ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.
ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.
ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.
ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි
ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.
37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.
ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න........................
(ගෙඩිය පිටින්ම උපුටා ගැනීමකි......)
මේක කියෙව්වාම මට හිතුන දේ තමයි ගෑණු කොයි තරම් Complicated  ද කියලා.. මේක ලිව්වේ කව්ද කියලා පැහැදිලි නැති උනත් මේ කියන බොහෝ දේ ඇත්ත නේද කියලා කල්පනා කලාම... එහෙමත් නැත්නම් අත්දැකීම එක්ක සංසන්දනය කලාම හිතෙනවා.... හිතලා බලන්න... ඔබට මේ දෙවල් වලට මුන දෙන්න වෙලා නැද්ද..
ඔබ කාර්ය බහුල උන වෙලාවක ඔබට ඇයගේ උපන් දිනය අමතක උනොත්...? එහෙමත් නැත්නම් ඔබගේ විවාහ සංවත්සරය අමතක උනොත්.... එහෙමත් නැත්නම් ඔබේ පලමු හමුවේ සංවත්සරය අමතක උනොත්..... ඇයගේ ප්‍රතිචාරය කොහොම වෙයිද...?
අපි මේ වගේ ලැයිස්තු වලට කියන්නේ Wish list එකක් කියලා... අපේ තරුණ කාලේ නම් අපි Favorite Book  කියලා එකක් යාළුවෝ අතරේ බෙදාගත්තා... ඒ අපි එකිනෙකා කැමති දෙවල් ගැන දැනගන්න...  මේ ලැයිස්තුව දැක්කාම මතක් වෙන්නෙත් ඒ වගේ දෙයක්....නමුත් මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ කියලා තියන දේ හරි... ගෑණු...(ගෑණු කිව්වාම අදහස් කරන්නේ ගෑණු සතා කියන දේ. එහෙම නැතිව විවාහක අවිවාහක කියන දේ නෙමෙයි).... කොහොමත් මේ අච්චුවට ගැලපෙනවා.... 
දැන් මේක බලලා කියයි ගෑණු එහෙම තමයි සංවේදීයි... පොඩි දෙයක් පවා ගොඩක් හිතනවා.... පොඩි වෙනස් කමත් දැනෙනවා කියලා.... නෑ ඒක අසත්‍යක්...... ඒ පෙන්නන්නේ වෙස් මුනක්..... බොහෝ දෙනෙක් ඒ වෙස් මුනට රැවටෙනවා..... මේ වෙලාවේ මට මතක් වෙනවා ගොර්කිගේ “අම්මා“ පොතේ (මගේ මතකේ හොඳ නම්) තිබුන කියමනක්.... 
“දුමක් බීපන්.... ලස්සන කෙල්ලෙක් උඹට ආදරය කරනවාට කැමතිද..? ඔව් උඹ කැමති වෙයි.... උඹ ඇයගේ දෙතොල් ඉරැවොත්.... ඒකි උඹව මුලු ජීවිත කාලෙම බැඳ ගනීවී.... උඹට ඒකිගෙන් ගැලවෙන්න බැරි වේවි.... කෙල්ලෝ කියනවා උඹට පන වගේ ආදරය කරනවා කියලා.... එහෙම කියන එකියකට උඹ ඇල්පෙනෙත්ති තුඩකින් ඇණපන්.... එදාට ඇයි උඹගේ ආත්මය උනත් උදුරගන්න පැකිලෙන එකක් නැහැ“
මම හිතන විදියට මේක අදටත් වලංගුයි......
ඔබ හිතන්නේ පිරිමියෙක් කැමති දේවල් මේ වගේ Wish list එකක් ලිව්වොත් කොයි තරම් පේලි ගනනක් ලියන්න වෙයිද..?
බොහෝ පිරිමි ගැන කියන්න බැරි උනත් පෞද්ගලිකව මගේ ගැන ලියන්නම්...
1. ගැහැණියක් මට ඇහුම්කන් දෙනවා නම්....
2. උත්තර හොයනවට වඩා ප්‍රශ්ණේ බෙදාගන්න පුලුවන් නම්..
3. වැඩ ඇරිලා එනකොට හිනාවෙන් පිළිඅරගෙන තේකක් අතට දෙන්න පුලුවන් නම්...
4. පත්තරයක් බලනකොට ලඟට වෙලා නිහඬව ඉන්නවා නම්...
5. පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට බයිටක් හදලා දෙනවා නම්...
6. තනියට ලඟට වෙලා මම කියන දේ අහගෙන ඉන්නවා නම්....
7. මම ඇඳට එනකොට ඇහැරිලා බලාගෙන ඉන්නවා නම්....
8. මට කලින් මගේ ඇඟ උඩට එනවා නම්...
දැනට අමතක පස්සේ මතක් වෙයි කියලා හිතන තව දෙක තුනක් ඇරෙන්න වැඩි දෙයක් මගේ Wish List එකේ නැහැ.... වෙනත් පිරිමියෙක් ගත්තත් මේ දේවල් වලට අකැමැති වෙන්න විදියක් නැහැ... තව ඕනේම නම් කීපයක් එකතුවෙයි.
අපිට මේක මේ වගේ බොහොම සරළව කථා කරන්න පුලුවන් උනාට මේක අද පවතින සාමාජීය ගැටළුවක්.... එකිනෙකාගේ අවශ්‍යතා හඳුනා නොගැනීම.... මේ හේතුව හින්දා තමයි අවුරුදු ගානක් ආශ්‍රය කරලා... දිවට දිව තියාගෙන ආදරේ කරලා.... විවාහ වෙලා මාස ගනකින් පවුල් වල ප්‍රශ්ණ ඇතිවෙන්නේ... එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි ආදරය කරන කාලේ අපි එකිනෙකාගේ ඕනෑ එපා කම් සෙනේ සිතින් ඉවසුවට විවාහ උනාට පස්සේ එකම වහලක් යට ජීවත් වෙනකොට, දිගින් දිගටම එකම දේ සෙනේ සිතින් ඉවසනකොට ඒක නුරුස්සනා ගතියක් ඇති වීම.... ආදරේ පස්සා දෙරෙන් පලා ගිහින් ඉවසීම ඉස්සරහා දොරන් බැහැලා ගිහින් වෛරය.... එහෙමත් නැත්තනම් නුරුස්සන බව ඇති වීම.... මෙහි දෙවැනි අතුරු ඵලය වෙන්නේ අවිශ්වාසය...... දෙන්නා දෙන්නව අවිශ්වාස කිරීම..... ඒ වෙලාවට තමයි හිතෙන්නේ...“පෙම් ලොව දී දුටු ඔහුම ද මේ.... ඔහුටද මා අන්ධ උනේ කියලා...“.... හැබැයි .... පිරිමියාටත් ඔය දේම හිතෙනවා... ඔහු ඒක හංගගෙන ඉන්නවා....
එකඟ නොවෙන තැන් ඇති.... එන්න අපි කථා කරමු.... ආදරය කරන උන්ටත්... කසාද බැඳපු උන්ටත් තේරෙන භාසාවෙන් අපි කථා කරමු.....

Wednesday, April 25, 2012

නාඳුනන ගැඹුර.....

තාත්තෙක්ගේ ආදරේ මහ මෙරක් වගේ විශාල උනාට ඒක හරියට උත්තර ධ්‍රැවයේ අයිස් කන්ඳක් වගේ කියලා වෙලාවකට හිතෙන්න පටන් ගත්තේ තාත්තා කෙනෙක් උනාම..... පිටතට පෙන්නේ බොහොම සුලු ප්‍රමාණයක් උනාට හදවතේ පිරිලා ඉතිරිලා යන තරම්..... ඒත් බොහෝ වෙලාවට තාත්තා ඒ ආදරේ හංගගෙන ඉන්නවා... ඒකට හේතුව තාමත් හොයාගන්න අමාරැයි..... ඒත් මුලු ජීවිත කාලෙම තාත්තෙක් දරැවන් වෙනුවෙන් කැපවෙන්න, දරුවන් හොඳ මිනිස්සු වෙනවා දකින්න හැර දරැවන්ගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමයි... තමන්ගේ කුස යන්තම් පුරෝගෙන තමන්ගේ දරැවන් ගේ කුස පුරෝන තාත්තලා මේ ලොකේ ඔනෑ තරම් ඉන්නවා... ඒත් දරැවෝ තාත්තගේ ආදරේ තේරැම්ගන්නේ නැහැ..... 

අපි ජීවිත කාලේ පුරාම තාත්තව දකින ආකාර 5 ක් තියනවා.....

උපන් දා ඉඳලා වයස අවුරුදු 10 ක් විතර වෙනකම් අපේ ලොකේ රජ්ජුරුවෝ තාත්තා.... තාත්තා තමයි අපේ ලොකේ වීරයා.... තාත්තා තමයි හැම දේම දන්නේ..... හැබැයි වසය අවුරුදු 10 ඉඳලා 20 අතර කාලේ වෙනකොට අපිටි හිතෙන්නේ... තාත්තා ඔය කිව්වට එයත් දන්නේ නැති දේ තියනවා වගේ...... තාත්තා ඇරෙන්න වෙන වීරයෝ අපේ ලො‍්කෙට එනවා..... වයස අවුරුදු 20 ත් 30 ත් අතර කාලේ අපි හිතනනේ... තාත්තා‍ මොනවද දන්නේ... මේ පරන අදහස් දැන් ගැලපෙන්නේ නැහැ.... දැන් ලොකේ වෙනස්... තාත්තා අළුත් ලොකේ ගැන.. ආදරේ ගැන තාත්තා දන්න දෙයක් නැහැ කියලා...... නමත් වසය අවුරුදු 30 ත් 40 ත් අතර කාලය මේ අදහස ටික ටික වෙනස් වෙනවා.... කසාදයක් බැඳලා... දරුවෙක් ලැබෙනකොට..... පවුල් ජීවිතේ ගෙනව කොට හිතෙනවා....."තාත්තා යමක් දැනගෙන ඉඳලා ‍තියනවා ජීවිතේ ගැන.... ආද‍රේ ගැන....."..... වයස අවුරුද් 40 පනින කොට තේරුම්ගන්නවා තාත්තා ගැන.... තාත්තා කොයි තරම් ජීවිතේ ගැන අවබෝධයකින් කථා කරලා තියනවද... ජීවිතේ දැකලා තියනවද...? අපිට කොයි තරම් ආදෙර් කරලා තියනවද කියලා.... සමහර විට එතකොට තාත්තා අපේ අතර නැතිවෙන්න පුලුවන්...... ප්‍රමාද වෙන්න එපා... තාත්තා කෙනෙක්ගේ ආදරය තේරුම් ගන්න..... 

මමත් තාත්තා කෙනෙක් විදියට දරුවන් ගැන මගේ හිතට දැනෙන දේ බ්ලොගේ සටහන් කලා මීට කාලෙකට කලින් අහිමි සෙනහෙස කියන කවි පෙළින්...

මගේ මතකේ හැටියට මේ කථාව මීට කාලෙකට පෙර ලංකාදීප පුවත්පතේ පල උනු බොහොම සංවේදී කථාවක්... මෑතකදි මුනු පොතේ දැක්කා..... පුවත් පතේ පල උන කථාවේ හඳුන්වලා තිබුනේ... සිත රිදුනු තැන් කියලා....

 ---------------------------------- 

සිත රිදුනු තැන්.....
ති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.

මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.

අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"

"ඇයි පැටියෝ?"

"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"

මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"

"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?

උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.


-----------------------------------------

මේ ඔබ විය හැකියි.......http://www.youtube.com/watch?v=2kpLDkWg5DA

Tuesday, April 17, 2012

පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)



නිළියන්ගේ කොට්ටා පොර තරඟේ අස්සේ...
දකිනා රැඟුම දැක මගේ හදවත ගැස්සේ...
මේ ගැන කවි පෙලක් ගොනු විය හිත අස්සේ...
නොකියා ඉන්නේ කොහොමද ඒ ගැන රිස්සේ

නැගලා පුවක් කඳ උඩ පා දිග ඇරලා..
බෙදිලා දෙකට ජයගෝසා හඬ නගලා..
වනලා පොලොස් ගැට හිරකල ගැට ගහලා..
පෙන්නවානේ මරු සෙල්ලම් නංගීලා...

පද්දා උකුල හිරකරගත් බිබික්කම...
තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම...
කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට..
දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත..

කඳ බඩ මහතා ලොකු අක්කා නැග්ග විටේ..
නංගියා බය උනා දැක්කම කෙහෙල් කොටේ..
දිග ඇර දෑත ගස්සන විට රතු කොට්ටේ..
වැටකොළු ගිහින් පැටළුනි ඇගේ බෙල්ලේ වටේ..

සුදු පොඩි නංගි ඈ නම් හරි හැඩකාර..
දෙහි සහ දොඩම් හංගාගෙන එකපාර..
දෙනවිට වැරෙන් ලොකු අක්කා මිටි පාර..
ඉවසාගෙන හිටියේ වැටෙනා විට තුන්වාර..

ඇඳගෙන රෝස සළු පිළි හැඩ මනහාර..
වසා සිටිය ලැමැදේ ඇති හැඩකාර..
පෙනුනා යටින් ඇගේ හැටි විසයක්කාර..
නැහැ කිසි සමාවක් ඇයගෙන් මේ පාර..

ප්‍රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී..
පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී..
පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී..

පොඩි පොඩි දොඩම් පහුකාලෙදී වැල වෙනවා..
ලොකු අක්කගේ හැටි දැක්කම තේරෙනවා..
නදීසා දුවගේ දැගලිල්ලට බඩ දනවා..
ඉවසන් පපුව දවසක උඹ වැල කනවා..

කැව්ම කොකිස් අතිරහා සහ මුං අළුවා..
කෑම මේසේ උඩ නැවතී ලතැවෙනවා..
කට්ටිය වටවෙලා පොර පිටියේ සිටුවා..
අවුරුදු කෑම රස හිටගෙන රස බැළුවා..

ගැට තන එකට ගැටෙනා විට හරි ආස..
දිනලා පැනලා නටනා විට තංතෝස..
කරනා විටද එක එක බොරු පරකාස..
හිතුනා අනේ අපොයි විගඩං ඇයි මෙලෙස...

තැනදී පැත්තකට වෙනනට සිතුනාට..
කොට්ටා පොර පිටියෙන් සමුගත්තාට..
සිනමා නාටක ද මොඩලින් වලින් හෙට..
කප් ගහනවා නැහැ ඒ ගැන සැකක් මට..


(උපුටා ගැනීම් අන්තර්ජාලයෙනි)

Monday, April 16, 2012

විනය තකා කුමක් කරමුද ?



න්න එන්නම පාසැල් වල විනය පිරිහෙමින් තියන බව පේනවා..... මුනු පොතේ පැය කීපයක් සැරිසැරීම මගින් ඒ පිළිබදව මනා වැටහීමක් ලබා ගන්න පුලුවන් වෙයි.... සමහර දර්ශණ නැරඹීමේදී ඒවා පාසැල් දරැවන්ට වඩා වැඩිහිටියන්ගේ හැසිරීම් රාටවක පිළිබිඹු කරන්නේ... මේ සම්බන්ධයෙන් යමක් කලයුතු කාලය එළඹිලා තියනවාකියන එකයි මගේ පෞද්ගලිකල මතය....  නමුත් මේ පිළිබඳව මේ වනකෙත් කිසිම බලධාරියෙකුගේ ඇස් යොමු වන තත්වයක් පෙනෙන් නම් නැහැ...... 

අපේ පාසැල් අවධියේ දීත් අපි කට්ටි පැනලා තියනවා..... පාසැල් නොයා චිත්‍රපට ශාලා වල රස්තියාදු ගහලා තියනවා... උදේ පාසැල් යන්නට පෙර පෙට්ටි කඩයක් අස්සට ගොස් සිගරට් බීලා තියනවා.... වාර විභාගය අවසනේ කොල්ලන් සමග වතුර ගහගෙන තියනවා ...... පාසැල් කාළයේ ඩෙස් එක යට තියාගෙන සොඳුර, මල්සරා වැනි වැල පත්තර බලලා තියනවා.... ඒත් මේ සියළු ජඩකම් තුල පාසැල් සිසුන් වශයෙන් අප තුල යම් සංවරභායක් තිබුනා..... කොයි දේ කලත් අපි තුල තිබුනා මහා බලාපොරොත්තු... අධ්‍යාපනය සම්බන්ධයෙන්..... හොඳින් ඉගෙන ගන්න....... දෙමව්පියන්ට ගුරුවරැන්ට බයක් වගේම ගරුත්වය තිබුනා....

අපේ කාලේ පාසැල් වල විනයක් තිබුනා... අදට වඩා.... පාරේ හැසිරෙන කොටත් පාසැලේ ගෞරවය ආරක්ෂා කලයුතුයි කියලා අපේ හිතේ තිබුනා.... එකක් පාසැලට තියන ආදරයට... අනිත් එක කව්රු හරි පාසැලට පැමිණිළි කරයි කියලා තියන බිය..... ඒකට හේතු උනේ අපේ කාලේ පාසැල් වල ක්‍රියාත්මක උන දඬුවම්..... අපි කුඩා දැරවන් කාලේ සඳුදා උදේ රැස්වීමේද වැරදි කරපු දඩබ්බර කොල්ලෝ අල්ලලා... වේදිකාවට නග්ගවලා හැමෝගෙම ඉදිරියේ පස්ස පැත්තට වේවැලෙන් තඩි බාන හැටි දැකලා තියන නිසා අපි වැරුද්දට බය උනා.....හැබැයි අපේ ගුරුවරු කවදාවත් කණ් අඩි පුපුරන්නවත්... අතපය උළුක්කු වෙන්නවත් දඬුවම් කලේ නැහැ.... දඬුවම් දීමේ දී ගුරුවරු කේන්තියෙන් නෙමෙයි... ආදරෙන් දඬුවම් කලා..... හොඳ මගට ගැනීමේ චේතනාවෙන්....

මම 2 වැනි ශ්‍රේණියේ දි යම් කිසි කාරණයකට පැසැලේ අප විදුහල්පති තුමා කැඳවු අවස්ථාවේදී එතුමා ගේ කාර්යාල මේසයට බරවෙලා හිටියා කියලා වම් කම්මුලට දුන්නු පාර අදටත් මාව ගුරුවරයෙක් ඉදිරියේ සීරුවෙන් තියන්න තරම් බලවත්.... නමුත් අපි කල්යනකොට හරි වැරුද්ද තේරෙනකොට ඒ ගුරුවරුන්ට දෙවියන්ට වගේ සැලකුවා...ගරු කලා...... නමුත් අද තත්වය එන්න එන්නම පිරිහෙන බවක් තමයි පේන්න තියෙන්නේ... ගුරු ගෞරවය.... පාසැල කෙරෙහි තියන ගෞරවය..... අඩු වෙලා ගිහින්..... පාසැල් පිස්සු කෙළින ස්ථාන බවට පත්වෙලා.....

මේ දේවල් වලට අන්තර්ජාලයත් වගකිව යුතුයි කියලයි මට හිතෙන්නේ..... හොඳ දේ වගේම නරක දේ මේ තුලින් බොහෝ දරුවන් උකහා ගන්නවා...... අපේ කාලේ අපි බොහෝ විට පැසැලෙන් අධ්‍යාපන චාරිකා වල යෙදිලා තියනවා.. නමුත් අද කාලේ බොහෝ විට ඒවා විනෝද චාරිකා.....මෑතකදී දියණියක් පාසැලේ විනෝද චාරිකාවක් අවස්ඡථාවක ගත්ත පිංතූර වගයක් දැක්කා.... ඒ අය බොහෝ දෙනෙක් අපොස සාමාන්‍ය පෙළ වයසේ දරුවෝ.... ඒ බොහෝ පිංතූර වල ඔවුන් “දෙක“ පෙන්නාගෙන සිටින බවක් තමයි මම දැක්කේ...... අතේ ඇඟිලි දෙක මෑත් කරලා “වී“ අකුරේ හැඩෙන් අදහස් කරන්නේ Victory කියන අර්ථය... එහෙමත් නැත්නම් ජයග්‍රහනය සංඛේතවක් කිරීම...... නමුත් බොහෝ දෙනා පිංතූර බුදු පිළිම අසල ගැනිමේ දී පවා නිකම්ම නිකං “දෙක“පෙන්නගෙන ඉන්නවා...... තමන් යමක් අනුකරණය කිරීමේ දී තමන් අනුකරණය කරන දේ අර්ථය වටහා නොගැනීම බරපතල ගැටළුවක්...... මෙය බොහෝ දේ කෙරෙහි බලපානවා... වැරදි අනුකරණය බොහෝ කණගාටුදායක ප්‍රතිඵල ගේනවා...... 

ඒ වගේම පාසැල් කාළයේ දී අපොස සාමාන්‍ය පොළ වගේම උසස් පෙළ අවසානයේ තමන්ගේ යහළු හෙහෙළියන්ගෙන් සමුගන්න අවස්ථාවේ දී ඔවුන්ගේ සමුරු සටහන් අපි ලබාගත්තේ සමරු පොත් එහෙමත් නැත්නම් කැමති පොත් (Favorite Books) වල,  නමුත් අද බොහෝ සිසුන් වගේම සිසුවියන් තමන්ගේ සමරු සමහන් ලබාගන්නේ තමන්ගේ කමිසයේ... එහෙමත් නැතිනම් ගව්මේ... තත්වය කොයි තරම් දරුණුද කියලා තේරෙන්නේ තමන්ගේ යට සායේ සමරු සටහන් ලබාගන්නා සිසුවියන් දැක්කාම...... එතනින් නොනැවති ඒවා අසභ්‍ය වෙබ් අඩවි කරාත් ඇවිල්ලා.....මේවා කොයි තරම් දුරට සාදාචාර සම්පන්නද කියලා හිතලා බලන්න කාලය ඇවිත්.... අපි පාසැලකින් බලාපොරොත්තු වෙන විනය මේකද...?



පහුගිය කාලේ තිබුන පාසැල් මහා ක්‍රිකට් තරඟ වලදී දරුවන් හැසිරුනු ආකාරය කොයි තරම් දුරට විනයගරුකද..? බාලිකා පාසැල් වලට පැනලා පිස්සු කෙළින්න තරම් හයියක් මේ දරුවන්ට ඇති උනේ කොහොමද..? ඔබේ දරුවාත් මගේ දරුවාත් යන්නේ මේ වගේ දේවල් පිරිච්ච ලෝකයකට නම් අපි ඒ ගැන සතුටු වෙනවද...? මේ ගැන සංවාදයක් ගොඩනගන්න කාලය ඇවිත්..... අද අන්තර්ජාපය තුල පිස්සු කෙළින කොළඹ පාසැල් වල දරුවන්ගේ විඩියෝ වගේම මුනු පොතේ පිංතූර වැහි වැහැලා... දෙමව්පියේ මේවා ගැන දැනුවත්ද...... පාසැල් කාලේම තමන්ගේ කන්‍යාභාවය නැති කරගත්ත දියණියෝ අසභ්‍ය වෙබ් අඩිවි වල වැඩිම මනාප ගන්නවා..... එහෙම නැත්නම් හිට් වෙනවා...... මේ ගැන මම වරක් ලියපු උස්සන කලින් මේ ගැනත් හිතන්න කියන පෝස්ට් එකේදිත් කථා කලා...... මේ තමන්ගේ දියණියක් විය නොහැකිද....? 

අපි හැමෝම දරුවන්ට ආදරෙයි...... දරුවෝ තමයි අපේ ජීවිතේ.... ඒ වගේම දරුවෝ තමයි රටේ අනාගතේ...... නොහික්මුනු දරුවන් සමාජයට බාර කිරීම රටේ අනාගතයත් එක්ක කරන සෙල්ලමක් වගේ.... ඒ වගේම ඒ දරුවන්ගේ අනාගතයත් එක්ක....  මේ ගැන මොහොතක් හිතන්න......

(මේ පිංතූරය සහ විඩියෝව සංස්කරණය නොකරම පල කලේ තවමත් මේවා අන්තර්ජාලයේ තියන හින්දා... මේ අයට කිසිම ආකාරයක අවැඩක් සිද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි)

Thursday, April 12, 2012

සුනාමියක්....එන්න අපි දුවමු.......

(පිංතූරය රවිඳු දිසානායක)

පෙරවදන

"එක්තරා කැලයක හාවෙක් හිටියා... දවසක් මේ හාවා ගහක් යට නිදියගෙන ඉන්නකොට එකපාරට මහා සද්දයක් ආවා... හාවා හිතුවා අහස කඩා වැටෙනවා තමයි තියලා..... කඩාවැටෙන අහසින් බේරෙන්න එලෝ මෙලෝ සිහියක් නැතිව දුවන්න ගත්තා.... මෙහෙම දුවන හාවට නරියෙක් හම්බ උනා... නිරිය ආහාව්වා ආයි හාවෝ මේ පන කඩාගෙන දුවන් නේ කියලා.... හාවා කිව්වා අහස කඩා වැටනවා... මම ඒකෙන් බේරෙන්න දුවනවා කියලා... නරියත් හාවාට එකතු උනා..... දෙන්න දුවනකොට මීමින්නෙක් හම්බ උනා.... මීමින්නා ඇහැව්වා නරියාගෙන් ඇයි මේ දුවන්නේ කියලා.... නරියා කිව්වා අහස කඩා වැටෙනවා ඒනේ බේරෙන්න දුවනවා කියලා..... මීමින්නත් මේ දෙන්නා පස්සේ දිව්වා...... පස්සේ මුලු කැලේ සත්තු ඔක්කොම දිව්වා... කැලේ පෙරලගෙන... ආත භූත නැතිව... සිහි විකල් වෙලා..... පැටව් අතින් කටින් උස්සගෙන දිව්වා... සිංහයා හම්බ නොවුනා නම් තාමත් දුවනවා......"

-----------------------------------------------

අපිත් මේ වගේ දිව්වා...... මේ පහුගිය 11 වැනිදා..... සුනාමියක් එනවා කියන ආරංචියට අපි දිව්වා.... හොඳ වෙලාවට සුනාමියක් ආවේ නැහැ... අපි දුවන එක නැවැත්තුවා... ආපහු හැරුනා..... ඒත් අන්තිමට හිතන්න බොහෝ දේවල් ඉතිරි උනා..... නැවතත් හිතන්න....

ඇත්තටම අපි සුනාමියක් එනවා කියලා කිව්වාම මොකක්ද කලේ..... දිව්වා...පන බේරගන්න..... මුලු ඇගේම තියන වීරිය කකුල් දෙකට අරගෙන... ළමයි උස්සගෙන.....  අතට අහුවෙන දෙයක් අරගනෙ දිව්වා.... මේකද අපේ ආපදා කළමණාකරන සැලැස්ම.... මේකට ද අපි මේතරම් මුදල් වියදම් කරලා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ.... මෙහෙම දුවන්න නම් ආපාධා කළමණාකරන අමාත්‍යංශය... ආපාදා කඝමණාකරණ මධ්‍යස්ථානය වගේ සුදු අලි ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන්න ඕනේ ද ?

පොලිසිය ක්‍රියාක‍ලේ කුමන සැලැස්මකට අනුවද..... පොලිසියේ එකම අරමුණ උනේ ජනතාව ඉවත් කිරීම පමනයි... නමුත් ඔවුන් කඉවත් කරන්නේ කොහේටද.... කුමනාකාරයේ ආරක්ෂක ස්ථානකටද ? ආරක්ෂක ස්ථාන හඳුනාගෙන තිබුනාද ?... ඒවා සම්බන්ධයෙන් පොලීසිය ඇතුලු අනෙකුත් අදාල අංශ දැනුවත් කර තිබුනාද..? ඔවුන් මෙවැනි සුනාමි අවස්ථාවක ක්‍රියාත්මක කරනු ලබන සැලැස්ම ගැන දැනුවත්ද..... මේවා ප්‍රශ්ණ... මම රෑපවාහිනියේ නරඹපු ආකාරයට එවැනි කිසිම සැලැස්මක් පෙනුනේ නැහැ... එක්තරා අවස්ථාවක මම දුක්කා ගාල්ලේ ‍බස්නැවතුමේ හිටපු ජනාතව ඉවත් කරන් ආකාරය... බස් නැවතුමේ ඉහලා මහලේ හිටපු ජනතාව බස්සලා බස් රථ වල නග්ගනවා.... එකතරා තරුණියක අහනවා මේ බස් එක යන්නේ කොහාටද කියලා.... පොලිස් නිධාරියා උත්තර දෙන්නේ ප්‍රශ්ණ නාහා බස් එක යන තැනට යන්න කියලා..... මේකද සැලැස්ම..... තව ඔහු කියනවා... කිසිම කෙනෙක්ගෙන් ටිකට් ගන්න එපා කියලා.... මේකද ආපදා කළමාණාකර සැලැස්ම කියන්නේ.....

අනෙකුත් අංශ ක්‍රියාකරපු ආකාරය ගැන බලමු.... විදුලි බල මණ්ඩලේ මුලින්ම කලෙ විදුලිය විසන්ංධි කරන එක.... හැබැයි මාධ්‍ය කලේ සුනාමි අනතුර සම්බන්ධයෙන් ජනතාව යාවත්කාලීන කරපු එක... මේ කාරනා දෙක කොයි තරම් පරස්පර විරෝධී ද..... සුනාමි අවධානමක් පවතින ප්‍රදේශ වල විදුලිය විසන්ධි කරලා.... ඒ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ හැකියාව වලක්වලා..... එතකොට මාධ්‍ය මගින් සුනාමි අනතුර සම්බන්ධයෙන් තත්වය යාවත්කාලීන කරන්නේ සුනාමි අනතුරක් නැති ප්‍රදේශවල ජනතාවද....?

කිසියම් අවස්ථාවක සුනාමි තත්වයක් ඇති උනොත් ආරක්ෂක ස්ථානවල ඉන්න ජනතාවට අවශ්‍යකරන ආහාර, පානිය ජලය, අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් සපයාදීම සම්බන්ධයෙන් රජයේ සැලැස්ම කුමක්ද ? අදාල ආරක්ෂක ස්ථාන කරා සහන කණ්ඩායම් ලඟාවන තෙක් එම ස්ථානවල ඉන්න ජනතාවට අවශ්‍ය ආරක්ෂාව පිළිබඳව වගේම ඔවුන්ගේ දේපළ පිළිබඳව ආක්ෂාව ගැන සැලැස්මක් අදාල අංශ සතුද ?

රෝහල් වලින් රෝගීන් ඉවත් කිරීමේ සැළැස්ම කුමක්ද..? ඒ ඒ ප්‍රතිකාර අවශ්‍ය ‍රොගීන් මාරැ කර යවන රෝහල් වල ඔවුනට අවශ්‍ය කරන පහසුකම් තියනවාද..? ප්‍රමාණවත්ද...? සුනාමි තත්වය හේතුවෙන් ඇතුවන අනතුරු හා රෝග තත්වයන්ට ගොදුරු වන රෝගීන් සඳහා රෝහල් සුදානම කෙසේද ? අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ප්‍රමාණවත් මට්ටමකට ගබඩා කර ඇත්ද ?.... එසේත් නැතිනම් ක්ණිකව සපයා ගැනීමේ අවස්ථව කෙබඳුද..?

මෙතරම් තාක්ෂණය දියුණු අවධියක අපි නැවැරදිව සුනාමි තත්වය ඇති වීම හෝ ඇති නොවීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගත නොහැකිද.....? චන්ද්‍රිකා තාක්ෂණය මේ සඳහා භාවිතා කිරීමේ හැකියාවක් නැද්ද...? එසේ නොමැති නම් අඩුම තරමේ යුධ සමයේ එල් ටී ටී ඊ පාලන ප්‍රදේශ වල ඉහල අහසේ සැරිසරමින් හමුදාවන් සඳහා මහත් සේවයක් කල කේලමා නෙහොත් නියමුන් රහිත ඔත්තු බලන යානාවෙන් ප්‍රායෝජනක් ලබාගැනීමේ හැකියාවක් නැත්ද...? 

අපේ රටේ ආපාදාවන් අවස්ථාවන් හීදී කටයුතු  කරන ආයතන ගනනාවක් අපේ රටේ ඇත.... ආපදා කළමණාකරන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමණාකරන මධ්‍යස්ථානය, සමාජ සේවා සහ සමාජ සුභ සාධන ආමාත්‍යංශය, දිස්ත්‍රික් ආපදා කළමණාකරන කමිටු, තවත් මෙකී නොකී විවිධ රජයේ සහ ‍රාජ්‍ය නොවන ආයතන ඇතත් ඒ කිසිවක සම්බන්ධීකරණයක් තිබේ දැයි සැකයක් මතුවන්නේ මේ ආයතනයන් හී ක්‍රියාකාරීත්වය කිසිම මාධ්‍යක් මගින් දක්නට නොලැබීම හේතුවෙනි.... රටක හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කිරීමේදී එහි මුලික වගකීම ඇත්තේ පොලියට හමුදාවට නොව ආපදා කළමණාකරන අංශයටය... ඒ වගකීම ඔවුන් නිසි පරිදි වටහාගෙන තිබේ දැයි ගැටළුවක් පැන නගී.

මේවා තවමත් ප්‍රශ්ණය....මේ ගැටළු මගේ හිතට නැගුනේ 2004 ඇතිවු සුනාමි තත්වය හමුවේ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කරද්දී අපි මුහුන දුන් ගැටළු මගේ මතකයේ තවමත් පවතින ‍ හෙයිනි..... නමුත් අපේ ජනතාවට වගේම රජයනටත් බොහොම ඉක්මනින් අමතක වෙන තත්වයක් යටතේ 2004 දී මුහුන දුන් අමිහිරි අත්දැකීම නැවතත් විඳීමට සිදුවීම නොඅනුමානය....

Tuesday, April 10, 2012

ඇත්ත කියලා නිවාඩු ගමුද....?



අද කියන්න හදන්නේ ටිකක් වැඩිහිටියන්ට පමනයි කථා ටිකක්.... පොඩි උන් එහෙම බලනවා නෙමෙයි... හරිය.... හැබැයි මේකේ එක කථාවක් නම් බොහොම දෙනෙක් කියවලත් ඇති.... කියවලා තියන අය කෙලින්ම දෙක බලන්න බලල පස්සේ තුන බලන්න.... අනිත් අය එක බලලා ඉවරවෙලා දෙකට යන්න.... 

ඔය ගෑල්ලමයි එහෙම බලනවා නම් කටවල් වහගෙන බලන එක හොඳා...... හරිය..... හරි දැන් කථාවට යමු.....

-----------------------------------------------
එක...

මේ සිද්ධිය වෙලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක... බැංකුවක්ම කිව්වත් කමක් නැහැ.... ඔන්න මේ බැංකුවට අලුතින් පත්වෙලා ආවාලු ටිකක් මැදිවියේ මැනේජ්ර් නෝනා කෙනෙක්....මෙයා ටිකක් එක විදියක කෙනෙක්... ටිකක් සැරයි... නීතියට වැඩ....

ඇවිත් දෙවනි දවසේ මෙයා රැස්වීමක් කැඳවලා උපදෙස් මාළාවක් දුන්නලු සේවකයන්ට.... රැකියා ස්ථානයේ හැසිරෙන්න ඕ‍නේ ආකාරය... කොහොමද ඇඳුම් පැළඳුම්.... ඔය වගේ බොහෝ දේ.... ඔය අතර විශේෂයෙන්ම සඳහන් කරපු දෙයක් තමයි නිවාඩු සම්බන්ධයෙන් තියන නිතිරිති..... විශේෂයෙන්ම නිවාඩු ගන්නවා නම් සතියකට කලින් දැනුම් දෙන්න ඕනේ කියන කියන එක... ඒ වගේම මෙයි කියපු දෙයක් තමයි නිවාඩු අවශ්‍යය කරන කාරනාව පැහැදිලිව නිවාඩු අයදුම් පත්‍රයේ සඳහන් කරන්න ඕනේ කියන එක...

බැංකුවේ සේවකයින්ට, මැනේජර් නෝනා කිව්ව විදියටම නිවාඩු අනුමත කරන කොට හේතුව ගැන නිවැරදිව සඳහන් කරන්න සිද්ධ උනා...එහෙම නොකරපු නිවාඩු  අයදුම් පත් අනුමත නොකරම හරවා එවන්න මැනේජර් නෝනා කටයුතු කලා....

දවසක් ලඟදී විවාහ වෙච්ච තරුණ බැංකු නිළධාරියෙක්ටත් නිවාඩු අවශ්‍ය වෙලා තිබුනා.... එයාගේ නිවාඩු අයදුම් පත්‍රයේ නිවාඩුව අවශ්‍ය කාරණය ලෙස සඳහන් කරලා තිබුනේ... ‍"පෞද්ගලික කාරණයක් සඳහා නුවර යාමට කියලා"

මේක දැක්කා විතරයි මැනේජර් නෝනට  කේන්ති ගියා... මෙච්චර කියනවා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ.... මොළයක් නැද්ද මන්දා... තමන්ටම කියාගත්ත මැනේජර් නෝනා.... අදාල සේවකයා කැඳෙව්වලු.... අවවාද කලාලු ඒ සම්බන්ධයෙන්..... අයදුම්පත නැවතත්  දීලා කිව්වලු ඇත්ත කාරනේ සඳහන් කරලා නැවත එවන්න කියලා...... 

මේ සේවකයත් නැවතත් අයදුම් පත පුරවලා යැව්වා අනුමැතිය සඳහා...... විනාඩි 10 ත් යන්නත් කලින් අනුමත කරපු අයදුම් පත සේවකයා අතට ලැබුනා.....

නිවාඩු අවශ්‍ය කාරණය සටහන් වෙලා තිබුනේ මෙහෙමයි.....

"සංසර්ගයේ යෙදීම සඳහා බිරිඳ සමග නුවර යාමට"

--------------------------------------------------

දෙක...

මේකත් උඩ කථාව වගේම එකක්.... සුට්ටක් විතර වෙනස්.....මේ සිද්ධියට සම්බන්ධ වුනේ අපේ හිතවතෙක්... මිනිසා කසාද බැඳලා ටික කාලයක් උනත් දරුවෝ නැහැ.... දන්න කියන ගොඩ වෙදකම් කලා... සාත්තර බැලැවා.. තොවිල් පවිල් කලා... මේ කිසිම දේකින් හරි ගියේ නැහැ... ඉතින් බිරිඳටත් මේ ගැන බොහොම හිතට අමාරැයි...... විවාහ වෙලා කාලයත් ගිහිල්ලත් දරැවන් නැති එක ගැන අපේ හිතවතාගේ දෙම්ව්පියොත් ඉන්නේ කළකිරීමෙන්.....

තවත් ලොඩ වෙදකම් කර කර ඉඳලා හරියන්නේ නැති නිසා මෙයා ගියා විශේෂඥ වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න... කියලා සිද්ධිය කිවිවා... වෛද්‍යවරයත් හොඳින් ඇහුම්කන් දීලා දිනයක් දීලා කිව්වා අහවල් දවසේ උදේ 11.00 ශුක්‍රාණු පරීක්ෂණය සඳහා සහභාගීවෙන්න කියලා... කුඩා බෝතලයකට ශුක්‍රාණු අරගෙන එන්න කියලා මුඩිය වැහෙන පොඩි බෝතලයකුත් දුන්නා...... ඔන්න අපේ හිතවතා ගියා...... 

මේයටත් මේ වැඩ්ට යන්න නිවාඩු අනුමත කරගන්න අවශ්‍ය උනා..... මේ කාර්යාලේ හිටපු ඉහල නිළධාරියත් නීතයට වැඩ කරන අර අපි කලින් කිව්ව මානේජර් නෝනා වගේ කෙනෙක්..... හැබැයි මෙයා තමන්ගේ කාරනේ බොහොම පැහැදිලිව සඳහන් කරගෙන ගියා.....

මේ හිතවතාගේ නිවාඩු අයදුම්පතේ නිවාඩුව අවශ්‍ය කාරනය විදියට සඳහන් වෙලා තිබුනේ මෙන්න මේ විදියට...

"ධාතු ප්‍රදර්ශණය සඳහා සහභාගී වීමට"

-------------------------------------------

තුන

අර කිව්ව දොස්තර අපේ හිතවතාට දුන්න උපදෙස්ම දීපු තවත් රෝගියෙක් දොස්තර මහත්තයා ශුක්‍රාණු අරගෙන එන්න කිව්ව දවසේ ආවා... හැබැයි හිස් කුප්පියත් අරගෙන. දොස්තර මහත්තා මෙහෙම ඇහැව්වා....

මොකද මේ.... මොකෝ හිස්......

හරි ගියේ නැහැ දොස්තර මහත්තයා වැඩේ.....

මම කොච්චර උත්සහා කලාද.... වම් අතින් බැලුවා බැහැ... දකුණු අතින් බැලුවා... ඒත් බැහැ... පස්සේ අත්දෙකින්ම බැලුවා.... ඒත් බැරි උනා...

පස්සේ වයිෆ් ට්‍රයි කලා.... වම් අතින් ... දකුණු අතින් බැරිම තැන කටින්.... එකක් වත් හරි ගියේ නැහැ....

පස්සේ වයිෆ් එයාගේ නංගිට කථා කලා......

දොස්තර මහත්තයා... ඇස් උඩ තියාගත්තා..... ඔයාගේ පවුල නංගිටත් කථා කලා ද ?

ඔව් මහත්තයෝ එයත් ඇවිත් වම් අතින් බැලුවා හරි ගියේ නැහැ... දකුනින් බැලුවා ඒත් හරි ගියේ නැහැ... පස්සේ කටින් බැලුවා... ඒකත් හරි ගියේ නැහැ....

පස්සේ නෝනා අල්ලපු ගෙදර ඉන්න මගේ නෑනට කථා කලා.....

හෝව් හෝව් ... තමුසේ මේ හැම කෙනෙක් එක්කම බුදිය ගන්නවද....?

දොස්තර මහත්තයා මගුලක් කථා කරනවා.....

මේ බෝතලේ මුඩිය ඇරගන්න බැරිවුනා කාටවත්ම......

Wednesday, April 4, 2012

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)


අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ.....

එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්......

උදේ හතට බස් නැවතුම වෙත අවේ
කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ
සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ
සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ

එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා
නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා
පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා
මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා

සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ
නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේ‍ෙ
ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ
කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ

එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ
මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ
දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ
මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ

ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ
මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ
කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ
සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ

පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා
මගේ පන්තියට යන්නට බැරි වන සැටියා
ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා
ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා

පන්තිය අහවරව ඈ එන බව පෙනුනා
පාවෙන ගමන දක් මා සිත සළිත උනා
අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා
ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා

මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ
ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ
පොත් මිටියට තනි අතට හිරකරගත්තේ
ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ

ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල
දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල
ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල
නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල

ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ
හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ
කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ
ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ

නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත
බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත
එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත
විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත

මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....?
අතපය පන නැද්ද...?
(අහපු කැත)
මුලු බස් එකම මගේ දිහා බැලුවා...

කිසි හිතක් පපුවක් නැහැ...
(මගේ හිත මිමිනුවා)

මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද....
ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා.....

හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං....
මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා.....

එච්චරයි..... ඉවරයි.....

(පිංතූර අනුග්‍රහය - අන්තර් ජංජාලේ ඇසුරින්)

Monday, April 2, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)



ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...ආදරේ කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්...... ඇත්තමට ආදරේ කියනනේ මොකක්ද...?
අපි ජිවිතේ බොහෝ දේවල් වලට අර්ථකතන හොයනවා.... කාටද පුලුවන් ආදරේට අර්ථකතනයක් දෙන්න.....
ආදරේ කියන දේ වෙනමම අරගෙන.... මම හිතන්නෑ එහෙම හැකියාවක් තියෙයි කියලා... මොකද ආදරේ තනියම අර්ථකතනය කරන්න බැහැ... 

මම දැක්කේ බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... 
සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... 

බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... 
සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......
මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...
කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
කැමති වෙනවද...... ?
හිතට එකඟව පිලිතුරැ දෙන්න......

හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද......

දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා.....

නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්....

බොහෝ අයට අරියට විසඳගන්න බැරි උන....

(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය  = ආදරය

කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද කියන එක.....  මේ ගැන මම මීට කලින් ලියපු නිදියනනේ නැහැ සහනේ... කියන පොස්ට් එකෙනුත් කථා කලා... ඒකට ලැබුනු ප්‍රතිචාර අනුව මට හැඟුන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක....එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?
ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?
හැබැයි විශ්වාසය මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ....

මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම...... අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත් තියන බැඳීම විවාහයට  ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිම භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....? ආදරයි කියලා වරදාව වටහාගෙන මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ආකර්ශණය සම්බන්ධයෙන් මම උස්සන්න කලින් මේ ගැන හිතන්න කියන පොස්ට් එකේදිත් කථා කලා..

තරුණ කාලේ ආදරය බොහොම සුන්දරයි.... ආදරය වගේම විරහවත් බොහොම සුන්දරයි.....තරුණ කාලේ අපි එකිනෙකා කෙරෙහි ආකර්ශණය වෙනවා....හැඟීම් සහ ආකර්ශණයට අපි ආදරේ කියලා කියනවා.... 
තරුණ කාලේ විරහව හරිම සුන්දරයි.... ඒ දැනෙන හැඟීම දැනටත් විඳින්න තියනවා හිත ප්‍රිය කරනවා.... සමහර වෙලාවට අපි අපිට නොදැන්වත්වම ඒ විරහාවේ සුන්දරත්වය විඳින්න උත්සහා කරනවා..... 

තවමත් තේරුම් නොගිය ආදරය තේරුම් ගන්න උත්සහා කරන මම

~ බස්සා ~