Sunday, February 23, 2014

බුකියේ පෙන්නන දෙක....


දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ... කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න... දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන නිසා ලියන්න තියන දේත් බොහොම සීමිත උනත් මටත් ඒ ගැන යම් මතයක් තියනවා...මම “බුකි තහනම“ දෙආකාරයකින් දකිනවා.... එකක් තමයි එක්තරා කාලයකදී පැය 24 න් තුනෙන් දෙකක් විතර කාලයක් බුකියේ රැඳුනු... බුකියේ ජීවත් වුනු... බුකියේ ආතල් ගත්ත.. ගහගත්ත.. වාද කරගත්ත කෙනෙක් හැටියට...

අනිත් කෝණය තමයි යන්තමට දැළි රැව්ල වැවීගෙන එක... ටික ටික කට හඬ වෙනස් වේගෙන යන..‍ යෞවනයට අත වනමින් ඉන්න කොළු පැටියෙක් ගේ තාත්තෙක් හැටියට..... ඔය දෙකෙන් කොයිකට සාධාරණයක් ඉෂ්ඨ කරන්නද කියලා නොතේරුනත්.. ඔය දෙකෝනේම සාධාරණ විදියට මම දකින දේ ලියන්න බලමු....

බුකියේ ප්‍රශ්ණ තියනවාද...?

ඇත්තටම බුකිය අප්සට් තැනක්ද....?

මේකද කෙනෙක්ට 100%  නිවැරදි පිළිතුරක් තියේය කියලා මම විශ්වාස කරන්නනේ නැහැ... නමුත් මට නැහැ... බුකිය හොඳයි.... අපි බුකිය හොඳයි කියලා දකින්නේ අපි ආශ්‍රය කරන... අපි ගැවසෙන.. අපේ මිතුරු ලැයිස්තුවත් එක්ක සම්බන්ධ පරාසය තුල... නමුත් ඔය කියන පාරාසය මුලු ලෝකය පුරාම ඉන්න බුකිගත වන්නන්ගෙන සීයට කොච්චරක් විතර වෙයිද... ? අපි “හොඳ“ යැයි සම්මතය දකින්නේ අපේ පරාසය ඇතුලේ... අපි දන්නවා බුකිය හරහා වෙන “සත්කාර“ සමාජ මෙහෙවර වගේම බිහිවෙන නිර්මාණ ගැනත්... ඒත් ලංකාව ඇතුලෙම බුකිගත වෙන තව කොටසක් ඉන්නවා උන් බුකිය “කැටපත් පවුරක්“ ද යන්න වත් නොදන්න..... උන් ජීවත් වෙන ලෝකේ වෙනස්...උන්ට තියන ආතල් වෙනස්....

දැන් අහන්න එපා “බස්සා“ කොහොමද ඒ පැත්ත දන්නේ කියලා...

ඔය මටත් තවත් ප්‍රොෆයිල් එකක් හෝ ඊට වැඩි ගනනක් තියනවා....ඒ නිසා මට සහතිකව කියන්න පුලුවන් අපි දකින “බුකියේ“ මේ පැත්ත නොදකින පිරිසක් ඉන්නවා වගේම උන් බුකිය භාවිතා කරන ආකාරය අපි දන්නේ නැහැ...
මේක බොහොම සරළ දෙයක්...
හරියමට අපි ජීවතවෙන සමාජය වගේමයි... අපි දකින අපිට “ඇක්සස්“ තියන කොටස විතරයි අපි දකින්නේ... ඒ තුල තියන හොඳ හෝ නරක අපි විඳිනවා වගේම විඳවනවා... ඒත් අපිට “ඇකසස්“ නැති කොටස ගැන අපිට පැහැදිලි චිත්‍රයක් නැහැ.... කොටන්ම කිව්වොත් බුකිය කියන්නේ අපි ජීවත් වෙන සමාජ ක්‍රමයේ එක් පැතිකඩක්.. ඒ තුල “හොඳ“ සහ “නරක‘ කියන කොටස් දෙකම තියනවා.... 

නමුත් තාත්තා කෙනෙක් විදියට මම මගේ පුතාට බුකිය අනුමත කරන්නේ නැහැ... යම් කාලයක් යනකම්... ඒකට හේතු තියනවා... එකක් තමයි මම මීට කලිනුත් කියප අපි “හොඳ“ යැයි දකින සීමාවට එහා තියන කොටස අපේ පාලනයෙන් තොර වීම.. 

අනිත් කාරනේ තමයි බුකිය තුල බොහොම ඉක්මනට “කොපි“ කිරිල්ල සිද්ධ වෙනවා... අනුගමනය කිරීම නෙමෙයි අනුකරණය කරන එක... ඒකේ සිමාවන් නැහැ.. ඇඳුම් පැළඳුම්... වචන භාවිතාව... හැසිරීම... විවිධාකාර මෝස්තර.... කොටින්ම කිව්වොත් මුලු ජීවන රටාවම “කොපි“ කරන්න පෙළඹෙන, පෙළඹවිය හැකි තැනක්....ඒකට හේතු වෙන බොහෝ දේත බුකිය තුල ෂෙයාර් වෙනවා... අපි බොහොමයක් අවස්ථවල දකිනවා බුකියේ තියන පොඩි පොඩි ගෙට්ටු... ගෘප් එකක සෙට් එකක් සෙට් වෙලා තන්න ආතල්... දාන පිංතූර... කේ එෆ සී.. මැක්ඩොක්ල්ඩ්ස්... මුහුදු වෙරළේ ගන්න ආතල්... කෙල්ලෝ කොල්ලෝ යන ට්‍රිප්... හැබැයි කවුරුත් ඔය ආතල් කොටස් ෂෙයාර් කලාට ඒ ඇතුලේ තියන “කුහක“ කෑල්ල් එළියට දාන්නේ නැහැ... ඒත් සමහර වෙලාවට දරාගැනීමේ සීමාව පැන්නාම ඒ පොඩි පොඩි ඒවා එළියට එනවා..... මොකක් උනත් ඔය ගන්න “ආතල්‘ දකින පොඩි පොඩි කොලු කෙලිත්තියෝ ගෙඩිය පිටින්ම මේවා “අනුකරණය“ කරන්න පෙළඹෙනවා....  ඔය යන බොහොම “ට්‍රිප්“ වල පිංතූර බලද්දී අපි දකිනව ඔය සමහර නංගිලා මල්ලිලා “දෙක“ පෙන්නගෙන ඉන්නවා... නිකමට අහලා බලන්න ඇයි ඔය “දෙක“ පෙන්නන්නේ කියලා... බොහෝ විට නිහඬ වෙන්න පුලුවන්.... ඇත්තටම එයාලා ඔය “දෙක“ පෙන්නීම දැකලා තිබ්බාට එහි සැබෑ අරුත “වී“ අකුරු හැබය නොහොත් “වික්ටරි“, එහෙමත් නැත්නම් ජයග්‍රහනය කියන එක නොදන්නවා වෙන්න පුලුවන්... මේ බුකිය තුල “ඇන්ඳීම“ කියන එකට බොහොම සරළ උදාහරයක් විතරයි....

මීට අමතරව බුකිය තුල “හන්ටර්ලා“ නොහොත් දඩයක්කාරයෝ ඉන්නවා...ඔවුන් බුකියට එන්නේ කවි ලියන්නවත් පිංතූර බලන්නවත් එහෙමත් නැත්නම් සංවාද කරන්නවත් නෙමෙයි.. ඔවුන්ගේ මුලික අරමුණ “බිලී බාගැනීම“.. ඔවුන් ඉල්ලන්ගේ “මස්“... ප්‍රශ්නේ තියෙන්නේ ඒ වරිත බුකිය තුල හඳුනාගැනීමේ අපහසුව... ඔවුන එන්නේ විවිධ වෙස් අරගෙන.. බොහෝවිට ඔවුන් එන්නේ රෑපසම්පතියෙන් වැඩි ගෑණු චරිත ඔස්සේ.. එහෙමත් නැත්නම හිත් ඇඳගන්න පිරිම රෑප ඔස්සේ... ඒ වගේ “බිලි බාගැනීම්“ කෙලවර වෙන්නේ එක්කෝ මුලු ජීවත කාලෙම විඳිවන්න සිද්ධ වෙන දේත එක්ක.. එහෙමත් නැත්නම් අවසානය වන්දි ගවෙන්නේ ජීවිතෙන්... අපි බුකිය කියන කොටස දකින්නේ සිංහල කථා කරන, සිංලෙන් කවි ලියන කොටස උනත් බුකිය ඊට එහා ගිය පාලනයෙන් අසීමාන්තික නිදහසක් තියන තැනත් විදියටමයි මම දකින්නේ....

ඒ කියන්නේ “බස්සා“ පුතාට බුකිය තහනම් කරනවද...?

උත්තරය ඔව්.....

 දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් “ඊට වැඩිය හොඳ නැද්ද ඒ තුල ආරක්ෂාකාරීව හැසිරෙන ආකාරය“ කියලා දුන්නා නම් කියලා... 

නැහැ.. මම පිළිගන්න දෙයක් තියනවා... “ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් ප්‍රටෙක්ෂන්‘  කියන එක.. ආරක්ෂා කරනවට වැඩිය වලක්වා ගැනීම හොඳයි.....

ඒ එක පැත්තක්....

නමුත් රජය බුකිය තහනම් කරන්න හදන මුලික කාරණය විදියට ඔය දේ පෙන්නුවත් ඇත්තටම බුකිය තහනම් කරන්න හදන්නේ ඒ නිසා නොවන වග අපි හැමෝම දන්නවා....ලංකාවේ තියන බොහොමයක් අමාත්‍යංශ වල ඉන්න “ඩොකියුමන්ටේෂන් ඔෆිසර්“ කියන චරිතයේ එක රාජකාරියක් තමයි බුකිය ඇතුල අන්තර්ජාලය තුල සිද්ධවෙන දේවල් ගැන අදාල පාර්ශවයන්ට වාර්ථාකරන එක... සමහර විට ඔය කියන අය අපි අතර ඉන්නත් පුලුවන්... අපි කරන සංවාද ගැන වාර්ථා සකස් කරන්නත් පුලුවන්..

මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්...

පහුගිය කාලේ සිද්ද උන සිද්ධින් වලින් උනේ “අඬන්න ඉන්න මිහිනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා“ වගේ වැඩක්.... ඒ සිද්ධ වුන සිද්ධින් රජයේ ප්‍රයෝජනය පිණස පාවිච්චි වීමක් තමයි දැන් සිද්ධ වෙන්නේ....
අපේ රටේ සිය දිවි නසාගැනීම් ඇත්තටම ප්‍රශ්ණයක්.... 

ලංකාවේ අවුරුද්දකට අවම වශයෙන් පුද්ගලයින් 100,000 වත් සිය දිවි නසාගනෑමීට උත්සහා කරන බව වාර්ථා වල සඳහන් වෙනවා.... ඒ අතරින් දිනකට පුද්ගලයින් 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සියි දිවි නසාගන්න පව තමයි වාර්ථා වෙන්නේ... පහුගිය කාලේ ලංකාව ලොකේ සිය දිවි නසාගගැනීමේ වාර්ථාව පවා පිහිටුවලා තිබුනා....  

ආණ්ඩුවට ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන සිය දිවි නසාගැනීම් අවම කරන්න කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියනවා නම් බුකිය තහනම් කිරීම කියන එක එන්නේ ඒ ලැයිස්තුවේ වාටිය හරියට... ඊට කලින් කරන්න බොහෝ දේ තියනවා...  ඉතාම සරළ දේ තමයි අපේ රටේ තියන “සිස්ටම්“ එකේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් ලබා දෙන්න ඕනේ... උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා.. පහුගිල කාලේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව දරුවනුත් එක්කම ගඟේ පැන්න.. .ආණ්ඩුව මොකද කලේ.. අඩුම ගානේ එ් ගැන නියමිත පරිදි පොලිස් පරීක්ෂණයක් කලාද කියලාවත් සැකයි... ගොවියෝ ණය ගෙවාගන්න බැරිව “මැහි තෙල්“ බිව්වා..... විශ්ව විද්‍යාලේ ළමයි පීඩනය දරාගන්න බැරිව බෙල්ලේ වැල දාගන්නවා.... තමන්ගේ බිරිඳ රට ගියා කියලා සැමියි දරුවනුත් තුරුල් කරගෙන ලිඳට පනිනවා....

මේ දේවල් වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන රජය ඇයි මේ බුකියේ ප්‍රශ්නෙදී මෙච්චර උනන්දුවක් දක්වන්නේ..... 

මෙතනින් එහාට ලිව්වොත් නැවතත් ලියන්න වෙන්නේ මේ ආණ්ඩුවයි ඒ හා බැඳුන් “කුඩු“.. “බඩු“ සහ “සුදු“ යන තුන් ආකාරික ක්‍රියාවලිය ඇතුලු අනෙකුත් “පජාත“ වැඩ ගැන නිසා ඒ ගැන වැඩි යමක් නොකියා ඉන්නම්... ඡන්දයක් අස්සේ ඕවා ලියලා ආණ්ඩුවට වැටෙන ඡන්ද ටික නවත්වන්නේ මොකටද...? (පුකෙන් මටම හිනා)....
මේක සංවාදිතද නැද්ද යන්න තීරණය කරන්න කියවන ඔබට බාරයි.... හැබැයි මේ ලිව්වේ මගේ පෞද්ගලික මතය... ඒක අප්සට් වගේ නම් මුලු පෝස්ට් එක පුරාම “අපි“ කියලා ලියලා තියන තැන් වලට “මම“ කියලා දාලා කියෙව්වත් කමක් නැහැ....




12 comments:

  1. LANKA E NEWS FACE BOOKIYA THAHANAM KARANNA THAMI OYA SERASENNE

    ReplyDelete
  2. හොද සටහනක් බස්සා..... ඔය ඇනෝ කියලත් තියෙන්නේ යමක්. ඒවාත් බැහැර කළ නොහැකියි

    ReplyDelete
  3. බුකියේ හොඳ නරක දෙකම තියෙනවා අයියා. පොඩි ළමයිට ඕක තහනම් කරන එක නම් ඇත්තටම හොඳයි වගේ.

    එත් සියදිවි නසා ගැනීම් වලට බුකිය බලපානවද කියන කරුණයි, ඒ නිසාමද බුකිය තහනම් කරන්න යන්නේ කියන එකයි ගැන පොඩි අවුලක් තියෙනවා.

    //උඩ ඉඳන් පහලටට සිස්ටම් එකේ ප්‍රශ්ණ තියනවා// සහතික ඇත්ත...

    ReplyDelete
  4. In my view i think....suspension of facebook is like someone avoid using knives for any thing just because it might heva bled a finger of family member...
    Or...
    Avoid using push bycycle.....because the rider might get wounded....

    An idea u have given is good.....rather than suspending facebook....it would be better if we can educate our youth of using it for good.....

    ReplyDelete
  5. මාත් බස්සගේ අදහසට එකඟයි. මගෙත් ළමයෙකුට ෆේස්බුක් යන්න දෙන්න කලින් මම ඒ ළමයා කරන කියන දේවල් ගැන හොයලා බලනවා. මගේ විරුදු විස්සේ පුතාටත් මම ඉඳලා හිටලා බනිනවා. මොකද අපිට රටේ ලොකේ ළමයි හදන්න බැරි වුනාට අපේ ළමයි හදාගන්න පුළුවන් හා එහෙම කරන්න ඕනේ කියලා තීරණයේ ඉන්න හින්දා. අනික අපි පොඩි කාලෙත් අපිට ලැබුන අවවාද උපදෙස් හින්දයි අපි මේ තැනට ආවේ. ඉස්සර වගේ ගහලා බැනලා ළමයින්ව බයේ තියාගන්න ඕනේ නෑ. ඒත් හරි වැරදි ඒ ළමයින්ට කියලා දෙන්න පහසුම ක්‍රම තියෙනවා. එහෙම ඒ ළමයි අවවාද දෙන්න බැරි තරම් නරක ළමයි වෙන්නෙත් නෑ. දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා මේ දේවල් ගැන. විදුහල්පතිගේ ප්‍රශ්නෙදිත් මම නම් හිතන්නේ නෑ ඔය මේ බ්ලොග් වල කෑගහපු විදියට ඒ තරම් දෙයක් වෙලා ඇති කියලා. වැඩිහිටියෙක්ගෙන් ගුරුවරයෙක්ගෙන් අවවාදයක් ගන්න බැරිව අපිත් හැදුනා නම් අපේ ඇට කටු මෙලහකට කොහේ තියෙයිද දන්නේ නෑ.
    ( මම ඒ ගැහැණු ළමයාගේ ප්‍රශ්නේ ගැන යමක් හරියටම නොදන්න හින්දා ඒ විදිහල්පතිටවත් දොස් කියන්නේ නෑ ඒ ළමයාට වගේම.)

    ReplyDelete
  6. වෙනද වගේම බස්සගේ අදහස හරි කියලා පිළිගන්න පුළුවන් අදත්..

    කොහේද අෆ්ෆේ ගිහින් හිටියේ.. සෑහෙන්න කාලෙකින් මේ දැක්කේ..

    ReplyDelete
  7. කාලෙකට පස්සෙ ඇවිත් කාලෝචිත මාතෘකාවක් ගැන වටිනා අදහස් ටිකක් ලීවට බොහොම ස්තූතියි බස්සාට . ඔබේ අදහස් ගැන එකඟ වෙනවා .දිගටම ලියන්න බ්ලොග් අවකාශෙට ඔබ නැති අඩුව දැනෙනවා .

    ReplyDelete
  8. ඇත්තටම ඔබ කියන දේට මමත් එකග වෙනවා ඒත් ලමයෙකුට මේක තහනම් කරන්නැතුව මේක පිලිබද කියා දීම නේද වඩා වැදගත් වෙන්නේ.. අපි BITකොරන කාලේ අපි ඔකේ ගේට්ටුවක් හදා ගත්තා එකේ තමා අපිට එන ප්‍රස්න දැම්මෙ එතකොටම අපේ සර් කෙනෙක් හරි අපේ බුවෙක් හරි ඒවට උත්තර දානවා.. ඒ වගේම එසයිමන්ට් වල ප්‍රස්න උත්තර දැම්මෙත් ඔය ගෙට්ටුවෙමයි මෙහෙම බලනකොට ලමයෙක්ට කල්පන කරොත් මාර විදිහට වැඩගන්න පුලුවන් තැනක් නේද මේක

    ReplyDelete
  9. "මුල් කාලේ බුකිය තුල සිදුවෙන රජයේ ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙල විවේචනයන් ලොකු බලපෑමක් නැති උනාට දැන් දැන් අන්තර්ජාලය ජනප්‍රිය වීම සහ එදිනෙදා ජීවිතයට නැතිවම බැරි.. බොහෝ දෙනෙකට පිවිසිය හැකි තැනක් වීම නිසාම බුකිය තුල ටවෙන සංවාද රජයේ ජනප්‍රියත්යට යම් බලපෑමක් එල්ල කරනවා... කොටන්ම අන්තර්ජාලය සාමාන්‍යකරණය වීම තුල බුකිය තුල සිදුවෙන සංවාද වලින් මේ රජය පිහිටුවීමේ ලා ලොකු බරක් ඇද්ද නිර්ධන පන්තියේ මනැසට යම් බලපෑමක් එල්ල වෙනවා... සමහර විට ඒ බුකිගත වෙන ඔවුන්ගේ දෙවැනි පරම්පරාව නිසා වෙන්න පුලුවන්... අපේ රටේ පාලනය වෙනස් කරන්නේ පිළිගත්ත පක්ෂ වලට වැඩ කරන කොටස නෙමෙයි... අලුතින් එකතුවෙන ඡන්දදායකයෝ සහ පාවෙන ඡන්දදායකයෝ... කැපුවත් කොල හෝ කැපුවත් නිල් කියන කොටසනි කවදාවත් රජයක් පත්වෙන්නේ නැහැ.... මේ තුල වැඩි වශයෙන් ගැවසෙන කොටස බුකිය තුල සිද්ධ වෙන විවිධාකරයේ සංවාද තුල ඇතිකරගන්න ආකල්පය රජයේ පැවැත්ටම බලපාන්න පුලුවන්..."

    මේක තමයි ඇත්ත අපි ඉදිරියේ ඇති යථාර්ථය..මේක ආන්ඪුවක අනාගතයට අභියෝගයක්.. දැන්ම නෙවෙයි තව ඉදිරියට

    ReplyDelete
  10. මෙච්චර කාලයක් කොහෙද තොල තොන්චි වෙලා හිටියේ. හිතුවෙ අයෙ එන්නෙ නැතිවෙඉ කියලා. නියම පොස්ටුව. අපි ජිවත් වෙන සමාජය ම තමෛ ඔය බුකිය. මොකද ඔකෙ ඉන්නෙත් මෙකෙ ඉන්න අයමනෙ .හමදෙටම මුලින් හදන්න ඔනෙ මිනිසුන්ගෙ සිතුවිලි

    ReplyDelete