Tuesday, December 15, 2015

රැඩිකල් වීම් පහසු මග...




පුද්ගලයින් වශයෙන් අපි සමාජය තුල කැපීපෙනීමට කැමතිය. එය හුදෙක් මිනිස් සිතිවිල්ලකි. කැපී පෙනීම විවිධාකරය. අප එක් එක් පුද්ගලයින් සතු විවිධ හැකියාවන් සහ දක්ෂතා තම ‍මෙම කැපී පෙනීම නොහොත් සමාජය තුල ජනප්‍රිය පුද්ගලයින් වීම දැකිය හැකිය. බොහෝ විට මෙකී හැබෑ දක්ෂතා දක්ෂතා සහිත පුද්ගලයින් සමාජය විසින් ජනප්‍රිය පුද්ගලයින් බවට පත්කරයි. ඔවුනට ලොකුවට "මාකටින්" කිරීමට අවශ්‍යතාවයක් පැන ‍නොනගී. ඒ ඔවුන් සැබෑ ලෙසම දක්ෂයින් වන නිසාවෙනි.

මම මේ අද කථා කරන කොටස මීට හාත්පස වෙනස්ය. ඔවුන්ට මෙකී සමාජය  තුල කැපී පනෙීම හුදෙක් "පොරත්වයකි". ඔවුන් මේ "පොර" කෑල්ලට තවත් "රැඩිකල්" කොටසක් එකතු කර සමාජයේ අවධානය දීනාගන්නට උත්සහා කරනු දැකිය හැක. ඔවුන්ගේ එකම අරමුණ කුමන හෝ හේතුවක් මගින් තමන් "රැඩිකල් පොරක්ය" යන මතවාදය උලුප්පා පෙන්වීම පමනමය. ඒ සඳහා ‍මොනයම්ම හෝ පජාත වැඩක් කිරීමට ඔවුන් පසුබට නොවන බව පෙනීයයි.

මෙකී පොරවල් පොදු වශයෙන් මේ සඳහා බයිට් එකට ගන්නා කරනා කීපයක් ගැන මුහුණු පොත ඇතුලු අනෙකුත් සමාජ ජාල වල සැරිසැරීමේ දී පෙනී යය.

මෙකී "රැඩිකල් පොර" වල් වල පලවෙනිම බයිට් එක ජාතියයි. ඔවුන්ට "සිංහල" යනු නයාට අඳුකොල තරමටම ඇලජික් වචනයකි. "අපි සිංහල" යන්න දකින් ඕනෑම තැනක එයට එලව එලවා පහර දීමේ න්‍යායක් අනුගමනය කිරීම මොවුන්ගේ ක්‍රමවේදයයි. ඔවුන්ට අනිකාගේ අදහස් හෝ මතවාද වලින් පලක් නැත. හොඳ හෝ නරක වේවා ඔවුන් "සිංහල" කියන වචනයට විරුද්ධය. ඔවුනට අනුව ජාතියක් වශයෙන් අපි සිංහලය යයි කීම අනෙකා රිදවීමකි. එය දෙමළාට සහ මුසල්මානුවට එරෙහිව ආයුධ අතට ගැනීමක් ලෙස ඔවුන් අර්ථකතනය කරයි. ඔවුන්ගේ ජාතිය "ශ්‍රී ලාංකික" ය. එහි සියල්ලෝම එකම ජාතියක මිස වෙනසක් නැත.

මෙම තර්කය උඩින් බලන විට ඉතා මානව හිතවාදී අදහසක් ලෙස පෙනුනනද එය එසේ නොවන බව මගේ මතයයි. මෙහිදී අප පිලිගත යුතු කාරනය වන්නේ අතීතයේ සිටම ශ්‍රී ලංකාව තුල ජාතින්මය වශයෙන් බෙදීමක් පැවති බවත් ඒ ඒ ජාතියට අනන්‍ය වු මතවාද සහ සිරිත් විරිත් පැවති බවත්ය.ජාතියක පැවැත්ම වනුයේ එකී ජාතිකත්වය මත පවතින සිරිත් විරිත් සහ හැදියාවන්ය. එය පුද්ගලමය වශයෙන් සහ සංස්කෘමය වශයෙන් පවතින බැඳීමකි. සිංහලයා සිංහලයා වන්නේද දෙමළා දෙමළා වන්නේද මුසල්මානුවා මුසල්මානුවා වන්නෙද එකී බැඳීම හේතුවෙනි. මොවුනට අනුව "ශ්‍රි ලාංකීය" ජාතිය යනු මේ සියළු දේ මිශ්‍ර වුනු කොත්තු රොටියකි. 

පහුගිය දින කීයපක් පුරා මුහුණු පොතේ ශෙයාර් වෙන "සිංහ ලේ" යනුවෙන් සඳහන් වැකිය මොවනුනේ අලුත්ම බයිට් එකය. කෙනෙකු එය ශෙයාර් කර ඇත්තේ "සිංහයා ගෙදරට ආව ද, අම්මා කැලේට ගියාද" යන හෙඩිම යටතේය. "දකුණු ඉන්දියාවෙන් ආපු විජය කියන පොර ලංකාවේ කපු කැට කැට හිටපු බඩුවකට හුකලා සිංහල ජාතිය බිහිවුන බව තවත් අයෙකු එයට අදහසක් පල අදහසකි. මීට ටික කලකට පෙර "අලුත් පරපුර" යයි කියාගන්නා කෙනෙකු "මද්දුම බණ්ඩා‍ර පොඩි කැරියෙකු" ලෙස හුවාදැක්වු බවද මතකය. තවත් අයෙකුට ජාතික කොඩිය කකුල් හතරේ සතෙකු සිටින රටක් ලෙස රෙදි කෑල්ලක් ලෙස අර්ථ ගැන්වීමට උත්සහා කල අවස්ථාවක්ද සිහිකරමි.

මේවා හුදෙක් විනෝදය හෝ පොරවීම උදෙසා පලකරන අදහස් හෝ මතවාද වුවද ජාතියක් ලෙස මෙවැනි දේ නිකම්ම බැහැර කිරීම යෝග්‍ය නොවේ. තමන් කැමති මතයක් දැරීම හෝ ප්‍රකාශ කිරීම ඔවුන් සතු අයිතියක් වුවුද මොවුන් මේ "පිස්සු කෙළින්නේ" රටක අභිමානය සහ ගෞරවය මත වීම කනගාමුවට කාරණයකි. ඕනෑම රටක පුරුවැසියෙකුට තමන් ඉපදුන රට පිළිබඳ අභිමානය ගෞරවයක් තිබිය යුතුය. එය තමන් දරන දේශපාලණික අරමුණ හේතුවෙන් ශුන්‍ය විය නොහැක. එමෙන්ම මේ කාරණය තුල ඔවුන් පොරවල් ලෙස උලුප්පා දැක්වීම තුලින් තවත් කෙනෙක් මේ තමන් දරන මතය කුමක් වුවද හුදෙක් පොරවී මඋදෙසා මෙවැනි ප්‍රකාශ කීරීමට පෙළඹීම නොවැලැක්විය හැකි කරැණකි. විශේෂයෙන්ම ඉතිහාසය පාසැල් කාලසටහනින් ඉවත් කල පසු බිහිවු පරපුර මේ සඳහා යොමුවීම නොවැලැක්විය හැකිය.

ලෝකයේ ඕනෑම රටක් එකම ජාතියක් වශයෙන් පැවතීමක් නැත. අපට කිට්ටු ඉන්දියාව, පකිස්ථානය, මලයාසියාව ආදී දකුණු ආසියාතික රටවල් මෙන්ම යුරෝපයද උතුරු ඇමරිකාව දකු‍ණු ඇමරිකාවද ජාතීන් අනුව විශමතාවයන් පවතින බව උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකිය. එම රටවල් තුල ජාතිකත්වය මත බෙදුනද විවිධ මට්ටම් වලදී මෙය මේ ජාතිකත්ව පදනම වෙනස්  වනු දැකිය හැකිය. අප නිවස තුල ආම්මා තාත්තා දුව පුතා වශයෙන් ජීවත් වුවුද නිවසින් පිට දී අපි පවුලක් ලෙස හඳුන්වමු. ලංකාව උදාහරණයකට ගතහොත් රට තුල අප සිංහල දෙමළ මුස්ලිම් හෝ බර්ගර් ලෙස වෙන් වෙන් වශෙයෙන් කඳවුරු බැඳගත්තද රටින් බට අප ශ්‍රී ලා‍ංකිකයින් ලෙස පෙනී සිටීනු දැකිය හැකිය. බොහෝ විට මට හමුවන ද්‍රවිඩ සහෝදරයින් අපි ශ්‍රී ලංකාකික යනුවෙන් හඳුන්වා දෙනු මිස මම දෙමළ යනුවෙන් හඳුන්වා නොදෙන බව මගේ ආත්දැකීමයි. නමුත් ඇමරිකානුවන්ට අනුව එකම සම පාටකට හිමිකම් කියන අප සියළුු දෙනා ඔවුන්ට "ආසියාතිකයින්" ය.

මොවුන්ගේ අනෙක් බයිට් එක වනුයේ බුද්ධාගමයි. ඔවුන්ට අනුව බුදුදහම තුල පවතින ඇදහීම් සහ විශ්වාස පුහු ක්‍රියාකාරකම්ය. පන්සල් යාම හෝ බුදුන් වැඳීම "ස්ටයිල්" එකකි. ආගමික විශ්වාස මත පදනම් කුමන හෝ කටයුත්තක් "මැටි" වැඩක් ලෙස හැඳින්වීම මොවුන්ගේ සිරිතයි. බුද්ධ ධර්මය පිළිපැදීම මුලික කරගත් ඉගැන්වීමක් තිබුනද අතීතයේ සිට වන්ඳනාව සහ ඇදහීම ට ද මුලික කරගත් සිරිත් විරිත් එහි පදනමයි. වන්ඳනාව හා ඇදහීම වනාහී හුදෙක් විශ්වාසය මත පදනම් වු ක්‍රියාකාරකමකි. කෙනෙක් බුද්ධ වන්දානාවක් කරනුයේ බුදුන් වහන්සේට ඔහු හෝ ඇය තුල ඇති අති මහත් ගෞරවය මතය. යම් යම් අවස්ථාවලදී මෙය තමන්ගේ කරදරයකට යම් පිහිටක් බලාපොරොත්තුවෙන් හෝ තමන්ගේ හිතේ ඇති යම් කලකිරීමකින් නිදහස් වීමට අවස්ථාවක් බලාපොරොත්තු වෙන් කරනු ලබන ක්‍රියාවකි. මේ මොනයම් ම දේ හෝ වේවා ඒ ඔවුනට ඇති අයිතියයි. තමන් එසේ නොකරන බැවින් අන් යට එසේ නොකර සිටීමට බලපෑම් කිරීම හෝ එය විවේචනය කිරීම සුදුසු නොවේ. බොහෝ විට ආගමක් මගින් පුද්ගලයින් බලාපොරොත්තු වන්නේ මානසික සංහිඳියාවයි. 

මොවුන්ට අනුව "බුද්ධා" ට ගල් පෙරළුව "පොරක" සිටීම ද, සිදුහත් තමන්ගේ පවුල යි දරුවයි දාලා පැනලා ගිය පොරක් වීම ද  කණගාටුවට කාරණයකි. නමුත් කිසිම අවස්ථාවක මොවුන් අන්‍යාගම් විවේචනය නොකිරීමට වගබලාගනිති. ඒ ඒ ආගම් වල‍ට අයත් යම් ආකාරයක සමාජට හිතකර නොවන ඇදහීම් රටාවන් හෝ සිරිත් විරිත් පවා මොවුන් නොදැක්කා සේ සීටීම තුල ඔවුන්නේ "රැඩිකල්" චින්තනය එක් කොටසක් අරමුණු කරගෙන ක්‍රියාත්මක වීමක් දැකිය හැකිය.

සාරාංශයක් ලෙස ගත් කල ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාජදී ජනරජය තුල "සිංහල බෞද්ධ" පදනම විශයෙහිලා යම් "රැඩිකල් වි‍රෝධාකල්පයක්" ගොඩ ගැනීම මේ පොරවල් වල අරමුණයි. "රැඩිකල් පොරක්" වීම යනු මේ සියළු ජාතීන් එකතු කර "කොත්තු රොටි" සංස්කෘතියක් බිහිකිරීම හෝ සියළු ආගම් එකතු කර එක් ආගමක් නිර්මාණය කිරීම නොව සියළු ජාතීන්ට තමන් තමන්ගේ ජාතික අනන්‍යත‍ාව ආරක්ෂා වන පරිදි ආගමික නිදහස තහවුරු බුක්ති විඳිමින් ගෞරවාන්විතව ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමය.

(සංවාදයට ඉඩ)

7 comments:

  1. රැඩිකල් කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පවතින සම්ප්‍රදායට, මතවාද වලට විරුද්ධ අදහස් ඇති අයෙකුටයි. ඔබේ තර්කය අනුව යමෙක් පවතින සම්ප්‍රදායන්, සිරිත් විරිත්, මතවාද විවේචනය කරයිද, යමෙක් ඒවා ප්‍රතික්ශේප කරයිද, යමෙක් ඒවා වෙනස් විය යුතු යැයි කියයිද, ඔහු/ඇය ඒ කරන්නේ කැපී පෙනීමට ලක් වී පොරක් වීමේ මානසිකත්වය නිසාමය. ඔවුන් සමාජයේ අවධානය දිනා ගැනීමට දඟලන මේනියා කාරයෝය.

    ඒ අනුව ගත් කල, බුදුන් වහන්සේ යනුත් කැපී පෙනීමට ලක් වී පොරක් වීමේ මානසික අවශ්‍යතාවයෙන් යුක්ත වූ අයෙකි. එකල සමාජයේ අවධානය දිනා ගැනීමට දැඟලූ මේනියාකාරයෙකි. මන්ද උන්වහන්සේ ඉදිරිපත් කල අදහස්/දර්ශනය කලේ එවකට පැවති සම්ප්‍රදායන් වෙනස් කිරීමය. විවේචනය කිරීමය, ප්‍රතික්ෂේප කිරීමය.

    මේ කරුණ බුදුන් වහන්සේට පමණක් නොවේ. ජේසුස් වහන්සේ සහ මහම්මද්තුමා ඇතුළු බොහෝ ආගමික නායකයින්ට වලංගුය.

    ඔබේ තර්කය අනුව බැලුවොත් කරුණු එසේය. එක්කෝ ඔබේ තර්කය පුස්සකි. ඔබේ තර්කය නිවැරදි නම් 'රැඩිකල්' කාරයෝ වූ ආගමික නායකයින්ද පොර මේනියාවෙන් පෙළුනු මානසික අසහන කාරයන්ය.

    එක්කෝ ඔබේ තර්කය පුස්සක් බව තේරුම් ගෙන එය ඉවතලන්න. එසේත් නැති නම් වත්මන් 'රැඩිකල්' අයට ඔබ අලවන ලේබලය බුදුන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයන්ටත් අලවන්න අමතක නොකරන්න.

    දෙවනුව,

    ඔබ ශ්‍රීලාංකික ජාතිය යන සංකල්පය කොත්තු රොටියක් බව පවසයි. මම ශ්‍රීලාංකික ජාතියක් වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොවෙමි. එහෙත් එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අසමි. ශ්‍රීලාංකික ජාතිය යන සංකල්පය යනු කොත්තු රොටියක් යැයි පෙන්වා දෙන ඔබතුමා, එසේ කරන්නේ සිංහල ජාතිය යනු පරම පිවිතුරු කොත්තු රොටියක් නොවූ, කලවම් නොවූ දෙයක් යයි සිතාගෙනද? වර්තමානයේ මිනිස් ශිෂ්ඨාචාරයේ ඇති මෙලොව සෑම ජාතියක්, සංස්කෘතියක්ම කොත්තු රොටි තමාය. ඔබට ඕනෑ වුනත් නැතත් ඇත්ත එයය. ඔබ ඇඳගෙන සිටින කලිසමේ සිට, සිංහල අවුරුද්දට ඔබ මේසයට තබන කැවිලි පිඟානේ තිබෙන කැවිලි දක්වා ඇත්තේ සංස්කෘතික කොත්තු රොටියකි. ඔබ සිංහල යයි කියනා ජාතිය කොත්තු රොටි අතරින් හොඳම මික්ස් කොත්තුවකි. එනිසා කොත්තු තර්කය දමා ඔබට ශ්‍රීලාංකික ජාතිය නැමති සංකල්පය නිරස යැයි කිව නොහැක. මන්ද කොත්තු අකමැති ඔබ නොදැනුවත්වම මෙතුවක් කල් කාලා ඇත්තේද සිංහල ජාතිය නැමති කොත්තු වලිනුත් හොඳම කොත්තුවකි.

    තෙවනුව,

    //නෑම රටක පුරුවැසියෙකුට තමන් ඉපදුන රට පිළිබඳ අභිමානය ගෞරවයක් තිබිය යුතුය. එය තමන් දරන දේශපාලණික අරමුණ හේතුවෙන් ශුන්‍ය විය නොහැක.විශේෂයෙන්ම ඉතිහාසය පාසැල් කාලසටහනින් ඉවත් කල පසු බිහිවු පරපුර මේ සඳහා යොමුවීම නොවැලැක්විය හැකිය.//

    ඔබට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් ඇත. සමාජය තුළ ජාතිකත්වය වෙනුවෙන් කතා කිරීමට සහ ඔබේ අදහස් මඟින් අන් අයව තම මතය පිළිගැනීමට පොළඹවා ගැනීමටද ඔබට අයිතියක් ඇත. ජාතිකත්වයට විරුද්ධ අයවලුන්ටද එසේමය. එය ඔබට ඇති, අනිකුට නැති ස්පෙෂල් අයිතියක් නොවේ.

    ඔබේ මතයට විරුද්ධ වූ පමණින් යමෙක්ට සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට ඔබට නොහැක.

    // මේ මොනයම් ම දේ හෝ වේවා ඒ ඔවුනට ඇති අයිතියයි. තමන් එසේ නොකරන බැවින් අන් යට එසේ නොකර සිටීමට බලපෑම් කිරීම හෝ එය විවේචනය කිරීම සුදුසු නොවේ.//

    බුදු දහම විවේචනය සම්බන්ධයෙන් ඔබ සඳහන් කොට ඇති කරුණු සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයමය. යම් දෙයක් "විවේචනය කිරීම සුදුසු නොවේ" කියන්නට ඔබ කවුද? ඔබ නිවැරදි යයි පිළිගන්නා යම් දෙයක් විවේචනයෙන් නිර්මුක්ත විය යුතුය කියා පවසන්න තරම් ඔබතුමා අඳබාලයෙක්ද?

    ප/ ලි - ඔබ මෙහි රැඩිකල් පොරවල් යනුවෙන් හඳුන්වා ඇති කොටස කියනා සෑම දෙයක් ගැනම මගේ එකඟතාවයක් නැත. එනමුත් ඔවුනට එම අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිමි. රැඩිකල් මතදරන යම් පිරිස් වල යම් හැසිරීම් ගැන විවේ‍චන මා තුළද ඇත. ඒවා ගැන ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමි. ඔබ කාරණය අල්ලාගෙන ඇත්තේ වැරදි පැත්තෙන්ය.

    ස්තූතියි

    ReplyDelete
  2. අප දෙදෙනා වෙනස් මත දෙකක සිටියද මේ වෙනුවෙන් යම් සංවාදාත්මක පිලිතුරක් ලියන්නට කාලය කැපකිරීම ගැන ඔබට බොහොම ස්තූතියි..
    කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය කර ඇත.
    බුදුන්වහන්සේ ගෑණී දාලා ගිය පොරක් වීම සහ මද්දුම බණ්ඩාර පොඩි කැරියෙකු වීම පිළිබඳ ඔබ දරන මතය කුමකද.?

    ReplyDelete
  3. මගේ කමෙන්ටුවේ අනතර්ගත කරුණු වලට ප්‍රතිචාරයක් දීලම මගෙන් ප්‍රශ්න ඇහැව්වොත් නරකද මිත්‍රයා? ඉන්පස්සේ ඔබ අහපු ප්‍රශ්නයට මගේ ප්‍රතිචාරය ලබා දෙන්නම්.

    ReplyDelete
  4. මගේ කමෙන්ටුවේ අනතර්ගත කරුණු වලට ප්‍රතිචාරයක් දීලම මගෙන් ප්‍රශ්න ඇහැව්වොත් නරකද මිත්‍රයා? ඉන්පස්සේ ඔබ අහපු ප්‍රශ්නයට මගේ ප්‍රතිචාරය ලබා දෙන්නම්.

    ReplyDelete
  5. කොහොමත් කාලයත් එක්ක සමාජ ක්‍රමයේ , චින්තනයේ වෙනස්කම් ඇති වෙනවා . සමහර වෙනස්කම් "රැඩිකල්" කියන කුලකයට දාන්නත් බෑ .

    "රැඩිකල් චින්තනයක් " සමහර වෙලාවට පෙරදිග මාණයකින් බැලුවොත් එක "පටිසෝතගාමී චින්තනයක්" වෙනවා . ඕක සංකීරණව හිතන්න , හිතලා වැඩක් වෙයිද කියන්න අමාරුයි . මොකද ඉස්සර ඉදන් අද වෙනකොට සමාජ ක්‍රමය වෙනස පෙන්න තියෙනවනේ . සතුටයි සල්ලී ගලපගන්න උත්සහ කරන්න මේ කාලේ නිවහල් වූ සිතුවිල්ලකට ඉඩක් කොහෙත්ම නෑ . උපකුලක සංස්කෘතියෙන් එහා මානයක කටයුතු කරන්න පුලුවන්නම් එක තමයි මේ යුගයේ කරන්න පුළුවන් ලොකුම හපන්කම .

    එක වෙලාවකට ඒක "පටිසෝතගාමී චින්තනයක්" වෙන්නත් පුළුවන් .

    ReplyDelete
  6. http://magelokaya01.blogspot.com/2017/10/blog-post_30.html

    ReplyDelete
  7. දැන් ඉන්න එවුන් රැඩිකල් කියන නමත් විකෘති කරනවා..උන් සමාජයට වෛර කරන එවුන් තැනක් නැති වුනාම..එහෙම එවුන්⁣ට රැඩිකල් කියන්නැ.."ගොබ්බයො" කියලා කියන්නෙ.��

    ReplyDelete