Tuesday, June 7, 2011

සිරිසඝබෝ........

සිරිසඝබෝ........


ඉස්සර වගේ මං එනතුරැ වැඩ          ඇරිලා
බලා ඉන්නේ නැහැ එනතුරැ දොර    ඇරලා
ආවත් ඇඳට මං “සැන්“ “පවුඩර්“        දාලා
අල්ලනවත් බැහැ ඔබ “කව්ළුව“       වහලා


නිදියයි කලින් ඔබ මගේ පැත්තට    හැරිලා
සමහරදාට නිදියයි සරමට              බැහැලා
දැන් නැහැ වගක් මං ගැන නිකමට    හිතලා
දැන් නිදියන්නේ බිත්තිය පැත්තය   හැරිලා


හීනෙන් වගේ මොනවද ඔබ     කොඳුරනවා
සිහින් හඬින් ඔබ කාවද               අමතනවා
ඔබ කෙඳිරිල්ල මගේ මතකෙට යලි   එනවා
ඔබෙ ඳැගලිල්ල සිහිවී ගත         පිබිදෙනවා


එනවිට දෙකක් දාගෙන පඩිදාට             මම
ඉන්නව බලාගෙන දොරකඩ ඔබ          තාම
ගස්සලා හොල්ලලා පෙන්නලා ලැම    නිතඹ
තාමත් පඩිය තියනවා මම ඔබ             අත ම


ඔබ සැක කරන්නට හිත ඉඩදෙන්නැති හින්දා
ඉස්සර වගෙම තවමත් ආදරේ              හින්දා
ඔබගේ සැපත මගේ සතුටම වන          හන්දා
කූඩුව අරිමි මම ඔහු හා යනු               කැන්ඳා

9 comments:

  1. ම්ම්...හිනා වෙන්නද දුක වෙන්නද කියලා හිතා ගන්න බෑ.. හරිම ලස්සනට ලියලා..ඒවගේම ලොකු වේදනාවක් ගැබ් වෙලත් තියෙනවා.. නියමයි!!

    ReplyDelete
  2. ස්තුතියි රවීන් ඔබට.....

    ReplyDelete
  3. සිරා සීන් එකක්නෙ කවියට අරන් තියෙන්නෙ .......
    සමාජයේ ඇත්තටම වෙන සිද්ධි තමා .......
    ආදරේ නිසා ඉවසුවට කෙලවර දික්කසාදෙයි අවනම්බුවයි වෙන්නත් බැරි නැහැ ......

    ReplyDelete
  4. හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු.මේවගේ ජීවිතේ යතාර්තය ගැන ලියවෙන කවි නිර්මාණ අද හරිම අඩුයි සහෝදරය.අද ගොඩක් කෙල්ලො කොල්ලො ඉන්නෙ අමුතුම ෆැන්ටසියක.ඒ අතරින් මේ වගේ යතාර්තවාදී නිර්මාන දකින්න ලැබෙන්නෙ කලාතුරකින්.මේ ව‍ගේ ඒව කියව්වම උන්ව ෆැන්ටසියෙන් බිමට වැටෙන හින්ද බොහෝ අය මෙවැනි නිර්මාන කිවන්නෙත් ඒවගේම නිර්මානය කෙරෙන්නෙත් නෑ.මේ වගේ කවි ගින්දර වගේ උන්ගෙ ෆැන්ටසිය පුච්චලදාවි.තව තවත් මෙවැනි ගින්දර වගේ කවි ලිවීමට ශක්තිය.

    ReplyDelete
  5. රන් මුදුවට වැටුනා කඳුළු බිඳක්....

    යනවා නම් යන්න දෙන්න එක තමයි හොඳම...මක්කටෙයි , හිත තැනක, ගත තව තැනක....

    ReplyDelete
  6. ලස්සනයි සහෝ... ඒ වගේම මගේ බ්ලොග් එකේ 50 වැනි ෆලෝවර් වුන එකට සුභපැතුම් වගේම ගොඩාක් ස්තුතියි.

    ලස්සනට කවි ලියන එකේ මේ පැත්තේ ගියොත් මොකද ?

    ReplyDelete
  7. සිරිසඝබෝ ද? වෙස්සන්තර ද?
    මාතෘකාව කෙසේ වෙතත් අදහස නම් එල!

    ReplyDelete