Friday, June 24, 2011

ඔබ විඳිමි.....

ඹබේ පිට පොත්ත රතුය...
මට ආසාවේ බැරිය...
හෙමි හෙමින් ගලවා දමමි එය...
නුඹට නොරිදෙන්නට...
රිදුනත්, රිදෙන තැන්..
සිප ගනිමි මුදු ලෙසින්..
එක එක මුදන කල්හී..
වසා සිටි පිට සේල..
මතුවෙයි ඔබේ නියම රැව..
අපූරැයි නොවැ එය හරිම..
ලෙවකමි පලමු කොට..
ඔබ හොඳින් තෙත් වෙන්න..
හපන්නට හිතේ මට..
ඒත් ලෝබයි..
නැතිවෙයි යයි බියෙන්..
ඔබේ ඔය සොඳුරැ බව..
උරන විට රස තදින්..
ගලයි රස පැන්..
කටේ දෙපසින්..
තව තවත් ලෙව කමි..
දමා කට ඇතුලටම..
දැනෙයි සියුම් කෙඳි කෙඳි...
උගුරටම යන විදිය..
දැන්නම් ඉවසුවා ඇතිය..
හපන්නට අවැසිමයි..
ඉවරයක් වෙන්නම..
අතාරින්නෙම නැහැ..
කිසිම කොටසක්..
සුප්පන්නේ නැතිව..
සියල්ල අවසන්ව..
ලෙවකම් ඔබෙ ඇටය..
පාට සුදු වෙනකන්ම..
විසිකරන්නෙම නැහැ ඔබව..
හිටවමි මම වැටේ..
ඔබෙ නමද අපුරැය..
හරියටම ඔබ වාගේ..
මුමුනමි ඔබේ නම..
කර්තකොළොම්ඹු යැයි සෙමින්..

14 comments:

  1. ස්තුතියි මචං... උඹට..

    ReplyDelete
  2. මම මුලින් හිතුවේ ගෑනු ලමයෙක් ගැන කියාගන යනවා කියලනේ...:D

    හූම්...හූම්...බස්සන්ට කවි ලියන්ටත් පුලුවන්. ලස්සන කවි ටික...:D

    ReplyDelete
  3. රසවත්..කවියක්..
    හරියට කෙල්ලකට කියන කවියක් වගේ..
    අඹ ගෙඩියකට මෙච්චර රසයක්???

    ReplyDelete
  4. හපෝයි ! මම හිතුවේ 18+ කියලා... එළ පද ටික.

    ReplyDelete
  5. මම හිතුවෙම පොල් පැලේ කන්න තමයි හදන්නේ කියලා

    ReplyDelete
  6. බස්සගෙ කර්තකොලොම්ඹු කෑමත් නරකම නැහැ. 18 + බස්සන්ට පමණයි.

    ReplyDelete
  7. @ Podi Kumarihami......ස්තුතියි ඔබට...හූම්...හූම්...කියන්නේ ඉන්දියාවේ බස්සෝ..මං සුද්ද ලංකාවේ බස්සෙක්... හ්ම්...හ්ම්....හ්ම්....හ්ම්....හ්ම්....

    @ගිම්හානී...ඔය දෙකම එක වගේ... වැඩි වෙනසක් නැහැ...ස්තුතියි ඔබට

    @චතුරංග....වල් හිත්...හික්ස්...

    @All in one.....ස්තුතියි ඔබට..

    @Luckey......ස්තුතියි ඔබට

    ReplyDelete
  8. මං හිතුවෙ අයිස් චොක් එකක් කියලා. කෙඳි කොහෙන්ද කියලා බැලුවා.
    අපූරුයි නිර්මාණය. කොමෙන්ට්ස් බැලුවහම පේනවා කට්ටිය හිතන දුර. :D
    ජය!

    ReplyDelete
  9. මේකනම් මරු එලම එල.සාර්තක නිර්මානයක්.උපරිම රසය මෙහි තියෙනව.සාර්තක නිර්මානයක තිබියයුතු ගුණාංගයක් වන කුතුහලය අවසානය දක්වාම තියෙනව.නිර්මාන කියන්නෙ මෙන්න මේව.

    ReplyDelete
  10. @දොස්තර නෝනා ටික දවසකට පස්සේ ... ඔව් නෝනේගග මුන්ගේ වල් හිත්.. හික්ස්...ස්තුතියි ඔබට..

    @ කසුන්...ස්තුතියි මචං....

    ReplyDelete
  11. අෆ්ෆච්චියේ.. වල් අදහසක්මයි හිතට එන්නෙ #walbunny :P :P

    ReplyDelete
  12. මුල ටිකේ රවට්ටලානෙ ලියලා තියෙන්නෙ ......

    ReplyDelete
  13. වාසනාවන්ත ‍අඹ ගෙඩියක්....

    ReplyDelete