
කථන්දර මාමා සහ අනෙකුත් අයට කියමි....අපි සිංහලය ඒකේ ආයිත් හදන්න දෙයක් නැත.. ඔය ජාතිකත්වය හරි අපූරැය....අම්මාට වගේම අපි තාමත් රටට ආදරේය....
තම භාෂාවෙන් පමනක් වැඩකරන රටවල් ඇත යන කථාව ඇත්තය.. අදටත් ජපානය වැඩ කරන්නේ ඔවුන්ගේ භාෂාවෙනි... චීනයේ නිපදවන සෑම භාණ්ඩයකම ඇත්තේ ඔවුන්ගේ භාෂාවය... විශ්වාස කරන්න ඇමරිකාවේ ඉංග්‍රීසි බැරි සුද්දෝ සිටිති.. ඇත්තමට උන් සුද්දෝ කිව්වට උන්ගේ සුදු පාට විතරය.. උන් ස්පාඥ්ඤ ජාතිකයන්ය..නමුත් මේ හැම රටකම එසේ වී ඇත්තේ ඒ රටේ භාෂවට අදාල තැන ඒ රටවල් තුල තිබීමය.
අද අපේ රටේ ඉංග්‍රීසිය බැරිනම් රැකියාවක් සොයා ගත නොහැකිය.. ඇතත් ඒ ඉංග්‍රීසි දන්නා එකෙකුට කඩේ යන රැකියාවකි. රජයේ සේවයට බඳවා ගැනීම සඳහා ඇති සියළු විභාග පැවැත්වෙන්නේ ඉංග්‍රීසියෙනි.. රජයේ කාරියාලයකට වැඩක් කරගන්නට ගියොත් ඉංග්‍රීසිය නැත්නම් කුඩම්මගේ සැළකිලිය. පෞද්ගලික අංශයේ රැකියා ගැන කථාකරන්නට දෙයක් නැත. ඉංග්‍රීසිය නැත්නම් පියොන් කමක්වත් ලැබෙන්නේ නැත..බොහොමයක් පෝරම ඇත්තේ ඉංග්‍රීසියෙන්.. එක් අයදුම්කරැවෙක් Sex:- යනුවෙන් අසා තිබු ප්‍රශ්ණයකට සතියට දෙපාරයි යනුවෙන් ලියාතිබූ බවක් අසා ඇත.
අනිත් කාරණය නම් ගෝලීයකරණයයි... ඉංග්‍රීසිය යනු ජාත්‍යන්තරව ගණුදෙනු කල හැකි එකම මාධ්‍යයි.. අපිට ඉංග්‍රීසිය අවශ්‍යය. එය පිළිගත යුතුය. නැත්නම් වන්නේ අපිට හුදකලා වන්නටය..මේ ගැන වැඩිදුර කථාකරන්නම අවශ්‍යය නැත.
පරිඝනක ඉතිහාසය හා සසඳන කල අන්තර්ජාලය තුල සිංහල වෙබ් අඩවියක් ආරම්භවුයේ බොහෝ මෑතකදීය.. එයද ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත සිංහලට ආදරය කරන උන් නිසාය.. රජයේ බොහෝ වෙබ් අඩවි සිංහලෙන් තිබුනද ඒවා වැඩකරන්නේ නැත... සමහර ඒවායේ ඉංග්‍රීසියෙන් තියෙන තොරතුරැ හා සසඳන කල ඉන් කාලක් වත් සිංහලෙන් නැත.. සමහරක් ඒවා යාවත්කාලීන වන්නේම නැත. යම් නීති රීති ගැන සිංහලෙන් අධ්‍යනය කරන්නන්ට සිංහල පිටපතක් හොයාගන්නට ඉමහත් වෙහෙසක් දැරිය යුතුය. අන්තර්ජාලයේ ඇත්තේම නැති තරම්ය.. මේ හෙළ බසේ ප්‍රායෝගික තත්වයයි.
අර සුද්දාහෝ වෙන අයෙක් කියා ඇති “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා” කථාව සහතික ඇත්තය.. එදා සිටම අප කලේ ගොන් තකතීරැ වැඩය.. බණ්ඩාරණායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කර රජයේ පාසැල් පද්ධතියෙන් ඉංග්‍රීසිය අයින් කරන විට අපි හුරේ දැම්මේමු... ඉතිහාසගත ජයක් බණ්ඩාරනායක මහතාට ලබා දුන්නෙමු. එතුමා ගමේ දරැවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම අත්හිටුවා තම දරැවන්ට උගන්නන්න එංගලන්තයට, ප්‍රංශයට යැවීය.... අපි හරි ආඩම්බර වුයෙමු... අපේ රාජ්‍ය භාෂාව සිංහලය.. පසුකාලීනව එතුමාගේ දියණිය රටේ රාජ්‍ය නායිකාව විය... පුතා කථානායක විය.. අපිට කෙළවිය... එදා සිට අද දක්වා පත්වු බොහෝ නායකයන් කලේ තම පැලැන්තිය රැකීමය.. පොඩි මිනිහෙකුට එන්නට දුන්නේම නැත... "කෝටු මිටියේ" කථාව අප වැනි මෝඩයින් දන්නේම නැත....පාලකයින් හැමදාම එක එක බෙදීම් ගෙනාවෝය.. අපි මරාගතිමු... ආගමට මරා ගතිමු... ජාතියට මරා ගතිමු...පක්සෙට මරාගතිමු... උන් අපිට පේන්න මරාගෙන එක මේසයේ වට වී කති බොති... අපි තාමත් මරාගන්නෙමු... හොඳම උදාහරණය පසුගියදා පැවති එජාප සත්‍යග්‍රහයයි... මිනිස්සු නායකයාට බැන්නේ පොන්නයා... කොළුකාරයා... කියාය... සංවිධායක කට්ටියට මාර ආතල්ය... ටික වෙලාවකින් කට්ටියක් කට්ටියක් රැස්වීමට ගියාය... රෝසි, බුද්ධික ඇතුළු කිපදෙනෙකුට කෙලවිය... ජකතාවට දෙකෙලවිය..
මං අර ඔබ හිටිය බස් එකේ හිටියානම් මං ඒ දෙමව්පියන් අනිවාර්යෙන්ම සුභ පතමි... ඒ මට බැරි වුන දේ ඔවුන් තම දරැවන්ට දෙන නිසාය... අවංකවම මට හැකියාවක් තිබුනි නම් මං ඉතා සතුටින් මගේ දරැවන් ජාත්‍යන්තර පාසැලකට යවමි. මගේ දරැවන් යන්නේ රජයේ පාසැල් වලටය... ඔවුනටද උගන්නනේ අපිට ඉගැන්වු ඉංග්‍රීසිය.... ඉංග්‍රීසි ගුරැවරිය පන්තියට එන විට අපි හැංගුනෙමු... කාළයත් සමග ලොකුවන විට අපිට ඉංග්‍රීසි එපා විය.. .එපා කරවන ලදී... පසුව අපි භාෂාප්‍රේමීන් වීමු.... ඉංග්‍රීසි කථාකරන්නවුන් ද්‍රෝහීන්ය..... ඉංග්‍රිසි උගන්වන්ට හදන දෙමව්පියන් ද්‍රෝහීන්ට උදව්නරන්නන්සේ දිස්විය.... "ජෙප්පෝ"ද එකල අපිට බොහෝ උදව් කලේය.... ඔවුන් පාසැල්වල උද්ගෝශණය කරන්න අපිව පාවිච්චි කලේය.... අපිද උන්ට ඕන විදියට පාවිච්චි උනෙමු... පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියා කෑගසන විට අපිට මාර ජොලිය... අපි නැවතත් හුරේ දැම්මෙමු... එවරද අපිටම කෙළවිය..
ඔබ ඔය කථාකරන දෙමළ රික්ෂෝකරැ සුළු චරිතයකි... උතුරේ යුද්ධය උග්‍රව පවතින කාල වල පවා ඔවුන් පාසැල් වැසුවේ නැත... යාපනය විශ්ව විද්‍යාලය වැසුවේ නැත... ඉල්ලීම් ඉල්ලා උද්ගෝෂණය කර විශ්ව විද්‍යාලය වසා දමන්නට වැඩ කලේ නැත. කොළඹින් ගොස් යාපනය පුස්ථකාලය ගිණි තියන තුරැ එය ඔවුනගේ දැනුමේ කේන්ද්‍රස්ථානය විය...ජනවර්ගයක් විනාශ කිරීමේ හොඳම ක්‍රමය අධ්‍යාපනික වශයෙන් ඔවුන්ව අඩපන කිරීම බව දේශපාලකයින් හොඳින් වටහා ගෙන ඇත..
ඔබගේ ඔය ජාත්‍යාලය, භාෂාවට වන හානිය පිළිබඳ ඇති කැක්කුම ඉතා අගය කරමි. මා තුලද ඔබට වැනිම කැක්කුමක් ඇත... දුකට කාරනය වන්නේ ඔය කැක්කුම කිසිම ආකාරයකියන් රටට වැඩදායි කරැණු සඳහා සහය නොවීමයි... නිදහස ලැබී වසර 50 ක් ගෙවුනද අප තාම ඇල්පෙනිත්තක් වත් හදන්නේ නැත... හැදුවත් ඒ හැදීමක් නොව එකලස් කිරීමකි... ෆඑම් නාලිකා ගැන මා කථා කරන්නට කැමති නැත....කඩ කාරයා විකුනන්නේ විකිනෙන දෙයකි..... මිනිස්සු ඉල්ලන දෙයකි.... මිනිස්සුන්ට අහිතකර දේ විකුනන්නංට එරෙහිව ක්‍රියාකරන යාංත්රනයක් අප රට තුල ඇති බව දනිමි..
ඔබ හරිය “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා” කථාව සහතික ඇත්තය...