Sunday, August 7, 2011

මා මළ පසු..........


ඊයේ රෑ අපුරැ හීනයක් දැක්කා... මගේ මළගම.... මං වීශ්වාස කරන විදියට හීන කියන්නේ ඇවිදින යටි හිත. ඒ හීනෙත් එක්ක ඇතිවුන හැගීමත් එක්ක ආපු කවි සිතුවිල්ලක්.... 


මා මළ පසු කටයුතු  කලයුතු කෙලෙස
කල යුතු නොකල යුතු දෑ වෙන වෙන විගස
කවි කර කියමි සැමටම දැනගනු පිණිස
මෙය පිළ පදිනු  මසිතට ගෙන එයි සතොස

මා මළ බව දැනගත්පසු පළමුකොට
ගලවා දෙනු දෙ‍නෙත් නෙත් අඳ දරැවෙකුට
වකුගඩු දෙන්න හැකිනම් පෙර නවතින්ට
ගලවා දෙනු එපා  කිසිවිට පැකිලෙන්ට

වලළන, පුච්චන්න වගේ වැඩ කරනු එපා
එක් දිනකට වැඩිය නිවසෙහි තබනු එපා
වෙද විදුහලට දෙනු සිත කිසි දුකාක් නොපා
වෙදැදුරැ සිසුන් ඉන් දැනුමක් ලබති කපා 

කොඩි වැල් මල් වඩම් බොරැ සැරසිළි අන්දා
නොකරනු මගේ මළ කඳට බොරැවට නින්දා
පොල් තෙල් පහන පමනක් හිස ලඟ රන්දා,
තබනු ජීවිතේ අනියත බව හිතමින් දා

ඇත් දල වටා පත් මුතු කුඩ නෙක පාට
නැතුවට කමක් නැහැ බොරැ ආටෝපයට
"අඩියක්" දෙකක් කීප දෙනෙක් ගැහුවාට
"බුරැවා" ගහන්නට ඉඩ නොම දෙනු රෑට

හත් දොහෙ දානේ පංසලකට ගෙනියන්න
ගිහි ආරාධනා කිසිවෙකුටත් නොකරන්න
එනමුත් ඕන කෙනෙකුට හැක එක්වෙන්න
බුදු ගුණ ගායනා කර මට පිං දෙන්න

ඇති විට යාන වාහන රැකියා ජයට
සිටි අය  හැර ගියේ කිසිවක් නැති දාට
අවොත් මරණයට මා හට සමු‍දෙන්ට
ගෙනියන දෙයක් නැත මා, එය තේරැම් ගන්ට

පත්තර දැන්වීම්, කවි කොළ, ගුණ කථන
කිසිවක් එපා මළ මිණියට බොරැ සොබන
මෙහි ඇති දැන්වීම අරගෙන මගේ මරණ
අලවනු ගම අවට ඇති එය දැකගනු පිනිස

ජිවිතේ අනියතයි එය තේරැම් ගතිමි
කාලය ලඟයි යන්නට වන බව දනිමී
නැතිවන කිසි දෙයින් කම්පා නොවී ඉමී
කවියෙක් වෙලා යලි ඉපදෙන්නට පතමී

13 comments:

  1. හරිම සන්වේදී පද ටිකනම්.. නෙතට කදුලක් ගේන්න සමත් උනා . කෙසේ හෝ මෙතනින් ටිකක් උපුටා ගත්තා මා මල දිනකත් සිදුවිය යුතුයි සිතන....

    දැන්ම මැරෙන්න නෑ බස්සෝ. කෝමත් බස්සන්ට ආයුශ වැඩිනේ...
    අපේ ආයුශත් අරන් ජීවත් වෙන්ට.....

    ReplyDelete
  2. ස්තුතියි ගිම්හානි නංගි...... කොහොමත් අන්තිමය අපිට ඉතුරැවෙන්නේ බ්ලොගෙයි... ලියපුවයි විතරයි..... නිකමටවත් ටික කාලෙකට බස්සගේ කමෙන්ටුවක් වත් නොදැක්කොත් හොයලා බලන්නකෝ....

    ReplyDelete
  3. අපොයි මොකෝ මේ? හිතේ තියන දේවල් හීනෙන් පේනවා කියලා මම අහලා තියනවා. ලෙඩක් කාරිය තියනවා නම් දොස්තර නෝනාට දැන්මම පෙන්නගන්ට. දැන්ම අපිව දාලා යන්ට හදන්ට එපා......:D

    ලස්සන සටහන සහ කියලා තියන දේවල් සම්පුර්න ඇත්ත.

    ReplyDelete
  4. මමත් මළාම ඔය සෝබන වැඩ කරනවට කැමති නැහැ,සමහරු සමහර වෙලාවට කතාකරන විදිහට මළේ කව්ද කියල හිතාගන්න බැහැ.

    ReplyDelete
  5. මලාට පස්සේ මල කඳ අපේ නෙවෙයි නොවැ. ඉතින් ඕකට අයිතිවාසිකම් කියන එවුන් මොනවා කලත් මොකද ? මලාට පස්සේ අපි අපි නෙවෙයිනේ. මළ කඳත් මගේ නෙවෙයි කියලා හිතන්න අපිට බැරි ඇයි. බස්සගේ කවි ටික නම් ගොඩක් ලස්සනයි. එත් මම කියන්නේ මම මලාට පස්සේ ඕන දෙයක් කරපුවාවේ කියලා. මගෙයි කියලා තියෙන අපේ ජීවිතය වත් අපිට ඕනේ හැටියකට පවත්වා ගන්න බැරි කොට මිනිය ගැන කවර කථාද බස්සෝ !!!

    ReplyDelete
  6. අපේ සීය මැරෙන්න කලින් ඔයවගේ කරන්න ඕනි දේවල් ඔක්කොම කොලේක ලියලතිබුන. ඒ නිසා එයා කැමතිවුනු විදියටයි අවසන් කටයුතු කලේ.
    ඇස්, වකුගඩු දන්දෙන එකනං හොදදෙයක් තමයි. මේව අපේ නොවුනු කොට තාවකාලිකව හරි අපි මේ ආත්මෙදි පාවිච්චි කරපු දෙයක් කාටහරි ප්‍රයෝජනවත් විදියට දෙන්න අපිට අයිතිය තියෙනව.ඒ වගේම එහෙම දෙනඑක පිනක් විදියටයි මාත් දකින්නෙ..
    හීන ගැනනං වැඩිවිස්තර මංදන් නෑ ඕං. මොනාවුනත් බස්සට දිගු දිවි ගමනක් තියනව.. ඒක ෂුවර්... පදගැලපුම ලස්සනයි :)

    ReplyDelete
  7. @ පොඩි ස්තුතියි ඔබට.... අපි දකින හීන හැම එකක්ම ඇත්ත නම් ‍මේ ලෝකේ කොයි තරම් සුන්දර තැනක් වෙයිද පොඩ්ඩියේ...

    @ නීතා... ස්තුතියි ඔබට..

    @ චතුරංග පෙරේරා.. ස්තුතියි ඔබට... ඇත්ත ඒත් මං කැමතියි මගේ ‍දේහය වැඩක් ගන්න පුළුවන් වෙන විදියට අවසාන කටයුතු කරන එකට.. මේක මගේ අදහස....

    @ හිම කුමාරි....ස්තුතියි ඔබට.... සෑහෙන කාලෙකට පස්සේ හීමාගේ කමෙන්ටුවක් දැක්කේ..ඇයි අපි වැඩක් ගන්න පුළුවන් නම් ඒ දේවල් වලින්, බොරැවට විනාශ කරලා දාන්නේ... තව කෙනෙක ඒවා පාවිච්චි කරපුවාවේ... නේද ?

    ReplyDelete
  8. අනියත ජීවිතේ , අවසාන මොහොතේ සිදුවෙන අවසාන කටයුතු ටික මේ විදියට අරක එපා , මේක එපා කියා ඉල්ලීම් කිරීමෙහිත් අවසානයේදී තිබෙන්නේ, ජීවත්ව ඉන්න තාක් වත් අපිට ඕනෙ තාලෙට හසුරුවා ගන්ට බෑරිවූ මේ සරීරෙට හා ඒ හා බෑඳුනු ආත්මයට , ප්‍රතිරූපයට තිබෙන ඈල්මම නොවේද ?????

    ReplyDelete
  9. ජීවිතේ අනියත බව නියමෙට ලියලා තියනවා .....

    මාත් කැමතියි ඔය කවි කොලේ තියන විදියට මගේ මරණෙත් කෙරෙනවා නං .....

    ReplyDelete
  10. @ ජීවිතේ මල්...මොකෝමේ ජිවිතේ මල් පරවෙලා වගේ කථා...අපි එක් එක්කෙනා දකින විදිය වෙනස්... මං හිතන්නේ මගේ ජිවිතේ මේ විදිය අවසානයක් ඕනේ කියලා...

    @ පන්සල් හංදිය... අපි හැමෝම යන්න තමයි ඇවිත් ඉන්නේ...ඒක තේරැම් නොගෙන මිනිස්සු කරන දේවල් දැක්කම හිතුන දෙයක්..

    ReplyDelete
  11. මරණය අපි හිතනවාට වඩා සුන්දර දෙයක්...

    ReplyDelete
  12. ඇත්තමයි.මටත් හිතෙන්නේ මැරි මැරි ජීවත් වෙනවාට වඩා,,,,,,මරණය සුන්දරයි.

    ReplyDelete
  13. ආයෙත් සැරයක් කියෙව්වා.
    මරණය ලස්සනයි බස්සෝ....
    මම ඇවිත් කියන්නම් ඒ ගැන අත්දැකීමෙන්ම .

    ReplyDelete