Sunday, October 9, 2011

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න" - 18+

ආදරය සහ රාගය අතර ඇත්තේ කිරි සහ පැණි අතර ඇති තරම් කිට්ටු සම්බන්ධතාවයකි. කිරි සහ පැණි රසවත් වන්නේ ඒ ‍දෙකෙයි මනා සම්මිශ්‍රණයක් ඇතිවුවහොත් පමනි... ආදරයද එසේය.... අපි හැමදෙනම ආශාවන් ඇත්තන් වෙමු... විරැද්ධ ලිංගිකයන් කෙරෙහි අපි හැමගේම ආකර්ෂණයක් ඇත...  එය පොදු ධර්මතාවයකි... මේ සම්බන්ධතාවයට ආදම් සහ ඒව "තහනම් ගහේ ගෙඩි කෑම" දක්වා අතීතයක්ද ඇත... නමුත් අද මේ ලිපියෙන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ ආදරය නමින් සිදුකරනු ලබන්නා වු ලිංගික අපයෝජන හා කූට්ඨනය පිළිබඳවය... මෙහි ලිංගික අපයෝජනය ලෙස අදහස් කරන්නේ ලිංගික වශයෙන් සිදුකරන වැරදි භාවිතයයි.... (අප + යෝජනය) යොදාගැනීමයි....හැසිරීමයි.... කුට්ඨනය යනු පෙළඹවීමයි... වැරදි හැසිරවීමයි... මේවා ශ්‍රී ලංකාවේ නීතිය තුල වසර 7 සිට වසර 20 දක්වා සිර දඬුවම් ලබාදිය හැකි වැරදිය..මෙම නීතිමය රාමුව පිළිබඳව වෙනත් ලිපියකින් කථාකරමු..  අපි මෙතැන සිට ඉතා සරළ තේරෙන භාෂාවෙන් කථාකරමු..

මෙහෙම ලියන්න හිතුවේ මේවා ප්‍රසිද්ධියේ කවුරැවත් කථා නොකරන නමුත් අපේ රටේ ඉතා සීග්‍රයෙන් වර්ධනය වන ප්‍රවනතාවයක් තියන නිසා.. මේ මෑතකදී මට මගේ "වැල" මිත්‍රයෙක් හරහා මට ආපු ඊයක් තිබුන ලින්ක් එකක් ඔස්සේ ගිය අවස්ථාවක මම දැකපු වීඩියෝ ක්ලිප්ස් ‍"තොගයක්" හේතුවෙන්. කොයි තරම් දැක්කත් කොයි තරම් බලලා තිබුනත්, නැවතත් දැක්කොත් අපි අනිවාර්යෙන්ම බලන, අපේ ඇහැ යන දේවල් තුනක් ලෝකේ තියනවා... එකක් තමයි ගුවන්යානා... කොයිකරම් දැකලා තිබුනත් ගුවන් යානයක සද්දයක් ආපුගමන් අපි නිකම්ම උඩ බලනවා... අනිත් දේ තමයි නැව් එක්කෝ මුහුද කියමු... මුහුද කිට්ටුවකින් යන හැම අවස්ථාවකම අපි නිරායාසයෙන්ම මුහුද දිහා බලනවා.... අනිත් කාරනය තමයි ගෑනියෙකුගේ නිරැවත... 

අද "වැල" නොබලන, නොබලපු කෙනෙක් (ස්ත්‍රී පුරැෂ බේදයකින් තොරව) හම්බුවෙන්නේ අහම්බෙන් තමයි..  ඒ කාලේ අපිට වැලක් බලන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ... අද වගේ පරිඝනක...... ලැප්ටොප්......ජංගම වල... එහෙම නැත්තම් අයිපොඩ්... අයිපෑඩ් වල... ඩීවීඩී... වීසීඩී තිබුනේ නැහැ... එහෙමත් යාලුවෙකගේ ගෙදරක තමයි වීඑච්එස් පටි දාන්න පුලුවන් ප්ලේයර් එකක් තිබුනෙත්... "වැල"ක් හොයාගන්න එකත් ලේසි නැහැ.. අනිත් එක ගෙදර ගෙදරක කව්රැවත් නැති වෙලාවක් හොයාගන්න ඊටත් වඩා අමාරැයි... ඔය හැම දේම තියෙද්දිත් අපි "වැල" බැලුවා... අදත් ලැබුනොත් බලනවා..... අපි හරි ආසයි ලංකාවේ "වැල" බලන්න... ඒ කාලේ හොයාගන්න අමාරැ වුනත් තිබුනා... ඔය සුමනා ගෝමස් වගේ "වැල" නිලියන්ගේ වගේම... අප්‍රසිද්ධ වැල නිළියන්ගෙත් චිත්‍රපටි තිබුනා... ඔය වගේ වැල නිළියෝ බොහොම අතලොස්සක් හිටියා.... 

අද ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්... ඉන්ටනෙට් එ‍ක බැලුවොත් ඕන තරම් "වැල" නිලියෝ හොයාගන්න පුලුවන්... ගොඩක් ඒවා පෞද්ගලික චිත්‍රපටි වගේ... ‍කොල්ලා කෙල්ලව ජංගම දුරකථයෙන් වීඩියෝ කරලා... කෙල්ල නානවා... පිහිදනවා... අනේ අර නංගිලා හිනාවෙනවා.... එක එක pose දෙනවා.... ඒ එක කොටසක්... තව කොටසක් නංගිලා මුලදී වීඩියෝ කරනවට අකමැතිය.... කොල්ලා කරන්නේ ආදරය මුලට දැමීමයි... "අනේ මං ආදරෙයිනේ සුදු".... "ඔයා නැතිව ඉන්නකොට බලන්නනේ රත්තරං"... "ආයි නිවාඩු එනකන් බලන්න තියාගන්නනේ පැටියෝ"... කෙල්ල ගැටේට අසුවේ.... ඒ ඇසිල්ලේ වැඩ පටන්ගන්නා අයියලා තියන ඔක්කොම සෙල්ලම් දමා නංගිව අවුස්සයි... අන්තිමට නංගී සද්දෙට වැඩේ අවසන් කරයි... තවත් කොටසක් ඇත... ඔවුන් කරන්නේ පන්ති දැමීමය... නංගීට උගන්නයි... මේක කරන ආකාරයත් අරක කරන ආකාරයත් කියාදේ... නංගීගේ "‍ෆීල්" එක පරීක්ෂා කරයි... මේ හැම දේම ජංගම දුරකථනයේ සටහන් කරගනියි.... ඔය සියළු ආකාරයට වීඩියෝ කරගන්නා දේ අවසානයේ නතරවෙන්නේ අන්තර්ජාලයේය... 

අපි යෞවනය විඳ ඇත... (අපි කියනවාට වඩා "මම" කියන එක හොඳයි වගේය) ආදරය කර  ඇත (ඒ ආදරයමදැයි දැන් මා ‍මගෙන්නම ප්‍රශ්ණ කරගනිමි) මල්වතුවල.... ෆිල්ම් හොල් වල.... කරක්ගසා ඇත්තෙමි... "විසිල්කාරයෝ" නැති වෙලාවල් බලා ගස් අස්සේ රිංගා ඇත.... මුහුදු වෙරළේ... වැටෙකෙයියා ගාල්වල රිංගා ඇත.... අතුල්ලාගැනීම්... තලාගැනීම් ගැන මටද අත්දැකීම් මෙන්ම කකුල් දැකීම්ද ඇත.. නමුත් අපිට යම් සීමාවක් තිබින.... නංගිලාද එය දැනසිටියේය... සිමාවේදී නංගිලා අනතුරැ අඟවයි.... ලිහලා බලන්නට තියන මල්ල ඔබලා බලන්නට දුන්නද ලිහන්නට අවසර දුන්නේ නැත.... ඒ කාගේ නංගිලාට "ඔර්ජිනල් පැකිං එක" වැදගත්ය... අද වගේ "සිල් එක කඩා එක්ස්පයර්" වන්නට කැමැත්තක් නැත... හොරන් කඩාගත් උන් සිටියද අතලොස්සකි.... එහෙම උන් ඉක්මනින් අයිතිකාරයාට බා‍රදේ... ඒ බොහෝ විට "සීල්" කැඩුනු බව අම්මගේ කනේ තියන නිසාය.. අද සීල් ගැන කථා කරන්නටම දෙයක් නැත.... අද කෙලින්ම යන්නේ කාමරයටය....එකනදී වෙන්න ඕන සියලු දේ සිදුවේ.... අයියලා නංගිලාව එක්කගෙන යන්නේ නිදහසේ කථකරන්නටය..... සිද්ධීය පටන්ගන්නේ එතැන සිටය... මේ එක් වීඩියෝවක ඉන්නේ ළදරැවෙකි... වයස 18 නැති තරම්ය.....නමුත් නංගී පළපුරැදු කාරියක් බව පෙනේ... අපුරැවට හසුරවයි... අයියා ඇයට හොඳට උගන්වා ඇති බව පෙනේ... මෙම වීඩියො ක්ලිප්ස් වල තවත් විශේෂ කරැණක් ඇත... ඒ අයියලාගේ මුන නොපෙන්වීමයි.... දෙදෙනා එකට සිටින්නේ අයියාගේ මුන කැපීයන පරිදිය..බොහෝවිට අයියාගේ මුන පේන්නට නැත....

මේ විඩියෝ ක්ලිප්ස් අන්තර්ජාලය හරහා ලොකයේ හතර කොනේම සිටින අන්තර්ජාල පාවිච්චි කරන්නන් නරඹයි... බාගනියි... ජංගම දුරකථන වලට ඇතුලත් කරයි... ලංකාව තුල දැන් ‍අන්තර්ජාලයෙන් "වැල" බැලීමේ අවස්ථාව නැතිබව ආරංචිය... ඒකට හේතුවුයේ තරැණියනගේ නිරැවත් ඡායාරෑප අන්තර්ජාලයට  මුදාහැරීම බව දැනගන්නට ලැබී ඇත, එයමදැයි හරි හැටි නොදනිතත් හැම දාම වගේ  ආණ්ඩුව කරඇත්තේ ප්‍රශ්ණය උඩින් පැලැස්තරයක් දැමීමය... දැන් ලංකාවේ බලන්ට බැරිය... පිටරටවල උන් බලති..... ලංකාවේද බලන උන් බලති... අපේ ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ... තවමත් අන්තරජාලයට මේවා එකතුවෙමින් පවතියි.... මේවා කිසි දිනක අන්තර්ජාලයෙන් ‍ඉවත්වන්නේ නැත...අතින් අත යමින් තවත් වසර ගනනාවක් පවතිනු ඇත.

මේ අන්තර්ජාලය හරහා ජනප්‍රිය වන්නේ අප කාගේ හෝ දියණියකි... නැගනියකි..... සහෝදරියකි.... ගැහැණිය රැකගතයුතු වස්තුවකි... ඒ හෙට රටට දරැවන් ජාතක කරන්නේ ඇය වන හෙයිනි.... 

ආදරණිය නංගිලාගෙනුත්..... දියණියන්ගෙනුත් පැනයක් අසමි,.. යම් දිනෙක ඔබගේ දරැවෙකු මේ වීඩියෝවක් නැරඹුවහොත් ඔබට ඇතිවන තත්වය කුමක්ද ? ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ?

ආදරණීය මල්ලිලාගෙනුත්.... පුතාලාගෙනුත් මෙසේ අසමි....... යම් දිනෙක ඔබගේ දියණියගේ වීඩියෝවක් ඔබට බලන්නට ලැබු‍‍නොත් ඔබගේ තත්වය කෙසේවිය හැකිද ? ඔබේ නැගනියගේ විඩියෝවක් ඔබට බලන්නට සිදුවුනොත් ඔබගේ තත්වය කසේව්ය හැකිද ? ඔබගේ නැගනියගේ වීඩියෝවක් ඔබගේ මිතු‍රෙකු නරඹා ඒ ගැන ඔබට කිව්වොත් ඔබට කුමක් වෙයිද ?

"උස්සන්න කලින් මේ ගැනත් හිතන්න"

51 comments:

  1. සහතික ඇත්ත අයියේ... තමන් ලග තියාගෙනවත් රසවිදින්න ඒ වැඩේ කරන්න නරකයි.. අර කතාවට නම් මාත් එකගයි.. ගුවන්යානයයි, නැවයි, ගැහැණු නග්න රුවයි... ඒකත් මාරයි,, චිත්‍ර අදින අයත් ගැහැණු නග්න රුවක් අදින්න මාර කැමැත්තක් දක්වනවා..
    මොනා උනත් අපිට සමාජය හදන්න බෑ.. උන් දැනගන්න ඕනා..

    ReplyDelete
  2. ආ අයියේ මට කියන්න අමතක් වුන දෙයක් තියෙනවා.. දැන් ගොඩක් කොල්ලො කෙල්ලෝ ROOM යන එක හේතුවක් තමයි හරියට ලව් කරන්න තැනක් නැති එක.. පොලිසියට ලව් කරනවා කියන එක ජාතික අපරාධය...
    අත් අල්ලන්නේවත් නැතිව පූජනීය ස්ථානයකට ගියත් පනසලේ හාමුදුරුවන්ට ඒක දිරවන්නේ නෑ.. පාක් එකකට ගියත් සික්කෝ කෑ ගහනවා... ඉතින් අන්තිම විකල්පය මොකද්ද? කෙල්ලන්ට ලච් කරන්න තියනවනම් අපාය හරි කමක් නෑ.. ඒ කෙල්ලන්ගේ හැටි..

    මට නම් මේ ප්‍රශ්නය නැහැ.. මොකද මට ගෙදරටම ගිහින් කතා කරන්න අවසර තියෙන නිසා, ඒත් ගොඩක් අයට මේක ලොකු ප්‍රශ්නයක්...

    ගාලු කො‍ටුවේ ලව් කරපු අය එලවපු සීන් එකත් ආයියා දන්නවා මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ..ලව් කරන්න තැනක් හොයාගන්න එක පණ යන වැඩක් ...

      Delete
    2. ඉස්කෝලේ... එල :P :D හෙහ් හේ

      Delete
    3. අත්දැකීමෙන්ම පණ යන වැඩක්

      Delete
    4. SHAN macho bit hithanna ada kale kollo kello yanne love karanna newe..hugak aya yanne sexually windanaya labanna...ehema mona de karath kamak na thamn awankawa adare karana marry karannama hithan inna kella or kolla ekka...but ada kale parishuddathawaya namata witharai ...thaman kawada hari kasada bandina kenata denna pirisidu charithayak na...parishudda bawaiyenna ona kellonta witharak nowe kollontath eka ehemai...ewagema thamai yam kollek ho kellek opposite sex kenek ekka thamnge pawudgalika indriyan sharirikawa windanaya kara kiyanne a kenage parishuddathwaya puda kra kyna ekai

      Delete
  3. I also agree with SAHAN... Ape rate love karana eka salakanne hariyata miniyak maranawatath wada aparadayak widihata. Maha dawal minee maranawa.. Deshapalana aparada wenawa eth kollekuta kellekuta love karanna hariyata thenak na. ea nisai room walata yana thenata path wela thiyenne... Mekata wisandumak anduwen dunnoth, Me prashna godak durta adu wenawa.. (Srimal @ MCG)

    ReplyDelete
    Replies
    1. aththa aththa ape rate love karanawa kiyala dana gannawa kiyanne un porondam balala kasaadath bandala lamainut hadala iwarai...... gewal walin dana gaththama hithanne munta hadissi wela kasilla kiyala...........ane manda..........adare karana eka me tharamma waraddakda?

      Delete
  4. පොඩි කාලේ ඉඳන්ම විදේශ රටක ජීවත් වෙන මට කවමදාවත් තේරුම් ගන්න බැරි දෙයක් තිබුනා.
    ඒ තමයි බොහෝ අය හොයන තැන්පත් සංවර පිරිසිදු මෙකී නොකී ගැහැණිය. ඔය කියන සංවරයක් මට කවදාවත් එහේ අයගෙන් පෙනුනෙත් නෑ. හැබයි එහෙම ගැහැණියක් හොයපු හැමෝම ගැහැනියකට ගරු කරාද කියන එක. සමාජයේ එකිනෙකාට ගරු නොකරන කොට මේ වගේ දේවල් වෙනවා. අනික හැමෝම සේන්ට්ලා වෙන රටක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද කියලාත් මට හිතුනා.
    ඔය තත්වෙදි මම නම් මේ රටවල සංස්කෘතියට එකඟයි. කොටින්ම ඒක අනෙකාට බාධාවක් වෙන්නේත් නෑ. අසහනකාරයොත් අඩුයි. හිටියත් ප්‍රශ්නයක් නෑ කන හරහා දෙන්න පුළුවන්. ඕනේම රෑක දවාලක තමන්ගේ අරාක්ශාව සලසගන්න පුළුවන්. අර කියපු ශුද්ධවන්තයෝ නොසොයන හින්දා සමාජයේ ජීවත් වෙන්නත් පුළුවන්. කොටින්ම එකිනෙකාට ආදරය කරන සමාජයක් මිසක් අරයාගේ මෙයාගේ කැරැක්ටර් සටිෆීකේට් නොසොයන නිසා ප්‍රශ්න නෑ. ඒත් මේ කියන දේවල් නොවෙන්න වගබලා ගන්නත් ඔවුන් සමත්.

    ReplyDelete
  5. සහතික ඇත්ත!ඉතාම වටින අදහ්ස් ටිකක් මතු කරල තියනවා!අද යෞවනය හිතන්නේ ආදරේ කියන්නේ රාගයට කියල!ආදරය තුල රාගය තියෙන්න ඕන!හැබැයි පදමකට!කැමකට උනත් ඔය ලුනු ඇඹුල් පදම වැරදුනාම කන්න බැරි වෙනවා!ආදරයේදීත් එහෙම තමයි!හරවත් දෙයක් කියවන්න ලැබීම සතුටක්!

    ReplyDelete
  6. වටිනා කියන අදහස් කීපයක්ම මේ ලිපියෙන් කියවෙලා තියෙනවා.. ඇත්තටම ආදරය නමින් යන මේ මුලාව ගැන කණගාටු වෙනවා...

    ReplyDelete
  7. @ ෂාන්...බොහොම ස්තූතියි මල්ලී ඔබට.... ඔන්න ආණ්ඩුවෙන් දැන් පෙම්වතුන්ට උද්‍යාන හදලා දෙන්න යනවලු... ඒකත් හොදයි...අර සත්ව උද්‍යානය වගේ ... පෙම්වතුන්ගේ උද්‍යානයක්... ඔයාට අනාගතයට සුභ පැතුම්..... ජය !!!

    @ශ්‍රීමාල්....මං පොඩි අත්දැකීමක් කියන්නම්... මගේ ඥාති සහෝදරියක් එක්ක මං පොඩිකාලේ නිදාගෙන තියනවා... ඒත් අපි තරැණකාලේ ඒ දේ කරන්න බැරිද? මොකක්ද ප්‍රශ්ණේ.... මේකට ආණ්ඩුව වග කියන්න ඔනේද ? ජය !!

    @ බුරැ බබා... එකඟයි.. මේ රටෙත් ඕනේම වෙලවෙක කාන්තාවකට පාරේ යන්න පුලුවන්... නමුත් අපි පවතින තත්වයන් එක්ක ජීවත්විය යුතුයි... අපේ ර‍ටේ තත්වය පිටරටවලට වඩා වෙනස්... අපි තාමත් කාන්තාව යනු ආරක්ෂාකරගතයුතු ගරැකලයුතු සම්ලතක් ලෙස පිළිගන්න ජාතියක්... ‍මගේ විශවාසය නම් නරක‍ දේ වෙනස කරගන්න... හොඳ දේ ආරක්ෂාකරගන්න... යන්නයි.. ස්තූතියි...

    @ සබිත්... ස්තූතියි ඔබට....

    @ දිනේෂ්... ස්තුතීයි දිනේෂ් ඔබට...

    ReplyDelete
    Replies
    1. bassa niyama kathawa macho umba kiwe sri lankawa kiyanne agamak sanskruthiyak tyna ratak

      Delete
  8. හොඳ මාතෘකාවක්. ඇත්තටම මේක මාර වසංගතයක් වෙලා
    තියෙන්නේ..මාත් ලඟකදි දැක්ක එක ක්ලිප් එකක් . මෝඩ පහේ පොඩි කෙල්ලෙක් තියාගෙන කොල්ලෙක් කරන විකාරයක්. හරිම කලකිරීමක් ඇති උනා ඒක දැක්කම ..හොඳ ලිපියක්...

    ReplyDelete
  9. සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........
    ඒ උනාට කොල්ලො උනත් ඔය වගේ බලු වැඩ කරන එක අනුමත කරන්න බැහැ ......
    ගෑනු ලමයෙක් උනාමත් දැන ගන්න ඕන ඉන්නෙ කොහොමද කියලා ..........

    ReplyDelete
  10. ප්‍රශ්නේ තියෙන්නේ අපිට රාගය අදුර ගන්න පුළුවන් උනාට,
    ආදරේ අදුරගන්න බැරි එක? අදරේදී රාගය වෙන් කරලා බාන්න බැ,
    video කරන එක නම් කොහොමත් අනුමත කරන්න බැ.. එත තියෙන්නේ අමු අම්මුවේ රාගය තම..
    එත් අනිත් දේවල්.. වලදී අපිත් පැටලෙනවා..

    ReplyDelete
  11. වටිනා ලිපියක්. අර කීවත් ඉස්සර ලව් කරනවා කියලා ඔය සෙනෙහේ කොළයක් ලීවට, අතින් අල්ලන් වැලි පාර ගියාට, ලිහන්න තියන මල්ල ඔබලා බැලුවට ඒ සීමාවෙන් එලියට ගියේ නෑ. මට හිතෙන්නේ අපේ උන්ට එතනින් එහාට යන්න හිත හයිය තිබුනෙත් නෑ කියලා. අනික ආදරය කරන කෙල්ලගේ ජිවිතේට, ගෞරවයට ඒක ප්‍රශ්නයක් වෙයි කියලයි බය වුනේ. කොහොමෙන් හරි කෙල්ලෙක් කියන්නේ කාගේ හරි දුවක්, සහොදරියෙක්, කවදා හරි අම්මෙක් කියන එක නම් ගොඩක් උන්ගේ හිතේ තිබ්බා. බොහෝම අත්ලොස්සකගේ හිත්වල ඇරෙන්න. රාගය නම් ප්‍රශ්නේ ඒකට ආදරය පාවිච්චි කරන එක නම් බොහොම කැතයි. මොනවා වුනත් කෙල්ලෙක් අකමැත්තෙන් හරි එහෙම දෙයක් කරන්නේ ආදරය නිසා. ආදරයේදී රාගය කලවම් වුනාට ආදරය මුවාවෙන් ආසාවල් සංසිඳවගන්න එක නම් සාධාරණ නෑ.

    ReplyDelete
    Replies
    1. godaya macho umba niyama porak umbata godaya kiyana nama galapenne na...niyama kollek

      Delete
  12. ඉතාමත් කාලෝචිත මාතෘකාවක්.මමත් ඔය කියන ජාතියේ ඒවා දෙක තුනක් බලලා තියෙනවා.ඔබ කියන්න උත්සාහ කරන දේ සම්පූර්න ඇත්ත.අද මේ තත්වය ඉතාමත් නරක විදියට පැතිරිලා.අපේ සමාජය තුල මේ ගැන මීට වඩා කතා කල යුතුයි කියලා මට හිතෙනවා..ඔබගේ උත්සාහය පැසසුමට ලක්විය යුතුයි.....

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වාණිජ කරනය වෙලා තින්නේ හැම දේම... එකයි.. සල්ලි වල බලය තමයි... එකට පුද්ගලිකත්වය අදාල නෑ..

    ReplyDelete
  15. වටිනා ලිපියක් සහෝදරයා!! ජය වේවා!!

    ReplyDelete
  16. මොනවා කියන්නද මංදා.. ඇත්ත කතාව කියලා විතරක් කියන්නම්.. නංගිලා.. මල්ලිලා ඕවා හිතට ගනීවිද??????????

    ReplyDelete
  17. වටිනා ලිපියක්.කතාව නම් සම්පුර්ණ ඈත්ත සහෝ..ස්තුතියි.

    ReplyDelete
  18. සහතික ඇත්ත අයියේ ..............

    ReplyDelete
  19. සහතික ඇත්ත ලියැවිය යුතුම ලිපියක්.....shan අයියා කියපු කථාවෙත් ඇත්තක් තියෙනවා පේරාදෙණිය මල් වත්තේ අපිට ඉස්සරහින් ගහක් යට වාඩිවෙලා හිටපු ජෝඩුවක් නිරපරාදේ විසිල්කාරයෝ අල්ලං ගියා කෙල්ල කියපුවා මුං සතේකට ගනන් ගත්තේ නෑ.අඩු ගානේ මුං වැරද්දක් කරාද කියලා බැලුවෙවත් නෑ.එකම වැරැද්ද බෙන්ච් තියෙද්දි ගහ මුල ඉදගත්තු එක.අන්තිමට වෙන්නේ නිදහසේ කථාකරන්න රූම් යන්න අහයි කොල්ලා.කෙල්ල අකමැති නෑ ඒත් ඒවායේදි ඉවසන්න දෙගොල්ලටම බෑ

    ReplyDelete
  20. මේ ලිපියට හොඳ ප්‍රසිද්ධියක් දෙන එක සමාජ සත්කාරයක්. කරුණාකරලා අනිත් බ්ලොගර්ස්ලා පුළුවන් තරම් මේක ලින්ක් කරන්න කියල මං ඉල්ලා සිටිනවා.
    හැබැයි අර SHAN ගේ දෙවැනි කමෙන්ට් එකේ කතාව එක පැත්තකින් හරි.
    ලව් කරන්න තැනක් නැති වුනහම රූම් එකකට යනවා. එතකොට වැඩේ දුරදිග යනවා. අපේ කාලෙ වගේ එළි පහලියේ ලව් කළානම් එච්චර දුර දිග යැවෙන්නෙ නෑ.
    ඒ වුනත්, වීඩියෝ කරන එක සහ පොටෝ ගන්න එක නං බලුම බලු තිරිසන් වැඩක්. එතන තියෙන්නෙ ආදරයවත් රාගයවත් නෙවෙයි, බලුකම, වලත්තකම, සල්ලි වලට කෑදරකම වගේ අසික්කිත දේවල්.

    ReplyDelete
  21. අදයි මේ පැත්තට ගොඩවුනේ...කාලෝචිත මාතෘකාවක් වගේම සංවේදීව හිතිය යුතු මාතෘකාවක්.ආදරයට විශ්වාසයට දෙන දේවල් අසික්කිත විදියට පාවිච්චි කරන එවුන්ට කියන්න තියෙන්නේ අධමයෝ කියලා.ඇත්ත අද මේක මේ තරම් වසංගතයක් වෙලා තියෙන්නේ අර කිව්ව සාමාන්‍ය නිදහසත් නැති නිසා කියලයි මටත් හිතෙන්නේ .මොනවා වුනත් අරුත්බර හොද ලිපියක්!! ජය වේවා!!!

    ReplyDelete
  22. පට්ට පොස්ට් එකක්..ජයවේවා!!!!
    බස්සා නිතිය හදාරන කෙනෙක්ද?

    ReplyDelete
  23. කියෙව්ව.. හිතට ගත්ත.. ඒත් මේ යන සිස්ටම් එක අපිට වෙනස් කරන්න පුලුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ

    ReplyDelete
  24. නියම ලිපිය. ඔක්කොම කියවලා අන්තිමට දාලා තියන ටික කියෙව්වහම කට්ටියගෙම ඇස් ඇරෙයි කියලා මට හිතුණා.

    ReplyDelete
  25. නියම ලිපියක් මචන්... ඔය වගේ වීඩියෝ ඕනි තරම්.. 99% ක්ම කොල්ලගෙ මූන නෑ..

    කෙල්ලෙක් එක්ක රූම් එහෙකට ගියා කියමු.. ඒක වීඩියෝ කලා කියමෞ.. මොන හුන්නස්ගිරියකටද නෙට් එකේ දාන්නේ... ඒ තරම් පහත් මානසික තත්වයක්..

    අනික කෙල්ලොත් දැන ගන්න ඔනේ..

    අනික මුලිඔන්ම කෙනෙක් මතු කලා වගේ ලංකාවෙ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි යන්න තැනක්.. ගිහින් කතා කර කර ඉන්න තැනක් නෑ.
    බීච් එහෙකට ගියොත් එක්කො කුඩ්ඩො.. එක්කො පොලිසිය. කොයි තැනත් එහෙමයි. ඉතින් ඒකට විසඳුම විදියට ඔහොම රූම් අස්සෙ යනව. එහෙම උනාම හැඟීම් ඇවිස්සිල ඔය දේඔවල් වෙනවා.

    තව කෙලියක් තමයි එලකිරි එකේ කොහෙවත් ඉන්න අහිංසක කෙල්ලොන්ගෙ ෆොටෝ දාන එක. ෆේස් බුක් එකෙන් උස්සල දාල ඉතින් කෙල හලන් බලනව.

    ReplyDelete
  26. හරවත් වටිනා ලිපියක්... මමනම් හිතන්නේ මේකෙ වගකීම තියෙන්නෙ තම තමන් අතේමයි.තමන්ගේ ආරක්ශාව තමන් සලස ගන්න ඕනේ. මම හිතන්නෙ නෑ තමන් අවංකව ආදරේ කරන ගෑණු ලමයාව මේ වගේ පහත් තැනකට ඇදලා දාන්න කිසිම පිරිමියෙකුට පුලුවන් කියල. තමන්ට කොයි තරං ආදරේ බව පෙන්නුවත් තමන් ඒ කෙනාට කොයි තරම් ආදරේ උනත් මේ වගේ උගුල් වලින් ගැලවිලා යන්න ගැහණු ලමයත් දැනගනන් ඕනෙ.

    ReplyDelete
  27. ela ela patta postuwak

    ReplyDelete
  28. ඕව දාන්නේ ගොඩක්වෙලාවට ගත්ත අය නෙමේ , යාලුවෝ හොරෙන් කොපි කරලා, delete කරපු ඒවා recover කරලා, විකුනපුවම ඒවායේ තියනේව, තව Bluetooth එක හරහා හොරෙන් අරන් සහ තවත් ගොඩක් ක්‍රම තියෙනවා. specially when you go to printing and video editing etc.

    aw

    ReplyDelete
  29. ඇඩෙන කතාවක් සිරාවට ලියලා.. මමත් ම‍ගේ මේල් එකෙන් දැම්මා හැමොටම..

    ReplyDelete
  30. යොජිත ව්වාහයකින් විවාහ විම කාලොචිතයි

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. http://nisalacreations.blogspot.com/2012/05/blog-post_03.html?showComment=1336110902879#c7008066336704591752

    මේල් කරල විතරක් ද? කොපි කරල බ්ලොග් එකෙත් දාලා.... උපුටා ගත්ත තැන ගැන කිසිම සටහනක් නැතිවම...

    ReplyDelete
  33. යථාර්තය තිත්ත නමුත් මුහුණ දිය යුතුය....බොහෝ මිනිසුනට අද නැත්තේද ලැජ්ජා බය දෙකය...ඒවා නැති මිනිසුන්ට මේවා සිම්පල්....තම ආදරණීය පෙම්වතිය රවටා එවැනි අසමජ්ජාති වැඩ කරන්නේ අම්මෙක්...සහෝදරියක් නැති අසමජ්ජාතියෙක්මය...

    ReplyDelete
  34. ලංකාවේ වැඩ්ඩන්ට ඕක කජ්ජක්තරම් වත් නොවේ - ඇත්ත බං! අපි නං ආතල් එකේ බලනවා බ්ලොක් කරපු ඔක්කොම! (මං වැඩ්ඩෙක් නෙමෙයි! මං කියලා දුන්නේ වැඩ්ඩෙක්!)

    ReplyDelete
  35. හොඳ වැදගත් සහ අපූරු ලිපියක්. කෙල්ලො කොල්ලො දෙගොල්ලොම සීමාවන් දැනගෙන සිටීම හරිම වැදගත්. ඒ වගේම අනාගතය ගැන හිතන්නම ඕනෙ.

    ReplyDelete
  36. Mr. Bassa. oyage me blog eka sahena hodai. meken aththatama samjayata loku sewayak wenwa. ada ape lankawa uropayak wegena enne. salli walin nemei. sex walin. meka hoda deayak neme mama dakina widiyata. mehema giyoth ehema kollonta hambenne aniwaryenma kanyabawayak nathi kello. oba thuma geniyana me kriyadamayata mage nam udinma sahyogaya hambenwa. kiyala denna me rate inna moda kollontai kellantai ape rate sabyathwaya gana. mehema comment karana mama wadihitiyekda kiyala oya hithai. ne mama aurudu 22ka kollek. me parihaniya baln inna bari thana thama mehema liyanna hithune. mokada lankawa kiyanne hadichhca demawpiyange daruwo inna ratak. e daruwo me wage pahath dewal walin beraganna one neda api.. obathumatai me blog ekatai jayen jayama wewa............!

    ReplyDelete
  37. කතාවට එකගවෙමි එත් අදකාලේ වගේ ඉස්සරත් ඔහොම mobile phone camera තිබ්බනම් මේ වගේ ඉන්ටෙර්නෙට් සරුවට තිබ්බනම් ඔය දැන් කෙල්ලෝ කොල්ලෝ රූම් ගානේ ගිහින් කරනවා වගේ අනිවා එකලේත් ඒවත් ඔහොම එලියට එනවා

    correct me if i'm wrong

    ReplyDelete
  38. සහතික ඇත්ත මචන්. අපිට මචන් ලෝකේ හදන්න බෑනේ. පුළුවන් තරම් මේ ටික තේරුම් ගන්න පුළුවන් එඋන් ටික හදාගමු. නියම ලිපිය මචන්. එල.

    ReplyDelete
  39. Umbe theme eka jeewithaya dakinna windawanna nova windawnna. eth monada me kiyan gothic katha..?

    ReplyDelete
  40. එක එකා තමන්ගේ ස්වයං පාලනයක් ඇතිව ඉන්න ඕනේ , අපිට බෑ ලෝකේ හදන්න, එත් අයියා වගේ වැරැද්ද මේකයි කියන්න පුළුවන්...ස්වයං පාලනය වැදගත්...කොල්ලෙක් කෙල්ලෙක් කියන දේට ගරු කිරීමකුත් තියෙන්න ඕනේ...හුදු ලිංගික ආශ්වාදනය අද ලාංකික සමාජය පවා බලාපොරොත්තු වෙනවා... කෙල්ලක් කියන කෙනාට ගරුත්වයක්,තමයි අවශ්‍ය... කාට නැත්තත් තමන්ගේ එකියට තියෙන්න ඕනේ ! වැල අධ්‍යක්ෂ තනතුර ගන්න කැමරා කාරයා වෙන්න තියෙන අන්න පොතල් වැඩේ කෙල්ලකට අපි ගරු කිරීමෙන් වැළකෙයි.
    මගේ වැඩ ලෝකේ උන් බලන්න ඕනේ නෑ...උන්ගේ කොමෙන්ට් ඕනේ නෑ...මගේ වැඩ ඒකි ම පමණක් දැක්කහම ඇති

    ReplyDelete