Sunday, October 16, 2011

අපි එකම පවුලකට අයිති එකම රටක්...

අනාගත ශ්‍රී ලංකාව...
අපි එකම රටක්...
එකම පවුලක්...
දුටුවා ලස්සන කථාවක්...

අපුරැ හීන මවන...
ලස්සන හීන දකින..
සුන්දර කථාවට රැවටෙන..
අපි එකම රටක්...

උඩින් යන පාරවල්...
යටින් යන බිම් ගෙවල්..
අහසට නගින බිල්ඩින්..
මැවෙයි සිංගප්පුරැව..

නැතිවුනත් කන්නට..
බැරිවුනත් උගන්නනට..
කටපියන් ඉන්න අපි..
ජාතිමාමක ජනතාව..

කුඩුකාරයෝ පාලනයේ..
ඇමත්තෝ ගස් බඳියි, කන් පලයි...
පොලීසිය නිහඬව..
ජනතාව හීන දකියි..

පුංචි ඡන්දෙන්..
පත්වුනත් මනාපෙන් ඉහලින්..
අයියා ඇමති නිසා..
මල්ලියව දාලලු දොට්ට..

ර‍ට සාධරණද කොයිතරම්..
ජනතා කැමත‍්ත තිබුනත්..
රටේ නිතිය නිසා..
බැහැ කරන්න කිසි දෙයක්..

අපේ රට ආශ්චර්යමත්..
කිසිම තැනක නැහැ ‍සහෝදරයෝ..
එකම පැත්තක..
එකම පන්තියේ පුටුවල...

මෙහෙම හොඳ පාලනයක්...
රටට හිත ඇති පාලකයොත්..
ඉන්නා විට රටට.. ජනතාවට..
මොන බම්බුවට පිහිටද දෙයියනගෙන්..

1 comment:

  1. සහතික ඇත්ත ..
    නියමෙට ගලපලා ලියලා තියනවා ......

    ReplyDelete