Sunday, October 16, 2011

මහජනතාව සහ කොස්තාපල්

ඔන්න එකමත් එක දවසක පොලෝසියේ රාළාමි කෙනෙක් ට්‍රැපික් රාජකාරියට වැටුනලු... කට්ට අව්වේ... දුවිලි කාගෙන පැය ගානක් හිටගෙන ඉඳලා... පොඩි වෙලාවක් වාඩිවුනා..වාඩිවෙන්න ලැබුනේ නැහැ...එතනට ආපු සාජන් මහත්තයා බැන්නා බල්ලෙකුට වගේ... ආ බුරැවො තෝව මෙතනට එව්වේ නිදි වදින්නද ? ඇමතිතුමා යනකොට පාර ක්ලියර් කරලා නොතිබුනොත් තෝව ගෙදර යවනවා... අනේ අසරණ රාළාමි... නැවතත් රාජකාරියට ආවා... කේන්තියයි මහන්සියයි අතරේ දෝලනය වෙමින් ඉන්න රාළාමිට මෙහෙම කල්පනාවක් එනවා... 

ෂික් මේ කොස්තාපල් රස්සාව හරියන්නේ නැහැ... අඩුගානේ සාජන් කෙනෙක්වත් වෙන්න ඕනේ... 

ඒත් වැඩක් නැහැ... සාජන් මහත්තයා ඕඅයිසීට බයයි නේ... රාළාමි හිතුවා... ඕඅයිසී උනත් වැඩක් නැහැ.. ඕඅයිසී මහත්තයා ඒඑස්පී මහත්තයට බයයිනේ... 

ඒ හින්දා ඒඑස්පී කෙනෙක් වෙන්න ඕනේ..ඒ වුනාට... ඒඑස්පී... එස්පී මහත්තයට බයයිනේ.... එස්පී කෙනෙක් වෙන්න ඕනේ....ඒත් වැඩක්වෙන්නේ නැහැ... එස්පී, එස්එස්පී ට බයයිනේ... 

ඩීඅයිජී කෙනෙක් වෙනවා එහෙනම්... එක හරියන්නේ නැහැ... එයා අයිජීපී ට බයයිනේ... අයිජීපී වුනොත් ආරක්සක‍ ලේකම්ට බයේ තමයි ඉන්න වෙන්නේ... ආරක්සක ලේකම් උනොත්... ඒක හරියන්නෙත් නැහැ... එයාට වැඩකරන්නේ ජනාධිපති කියන විදියටනේ.... 

රටේ ජනාධිපතිවෙන්න ඕනේ... ජනාධිපති... ඔව්... මම තමයි ජනාධිපති... එත් කොස්සක් තියනවා... ජනාධිපති මහජනතාවට බයයිනේ...මාත් ඒ මහජනතාවගෙන් එකෙක් වෙනවා...

"මුන්ගේ අම්මලට.....හු........යකෝ කොහෙද යන්නේ... පේන්නේ නැද්ද නවත්තන්න කියලා තියනවා"...... තුං විතරක්.... මුන්ගේ ඇස් පේන්නේ නැහැ....කාළකන්නි හැත්ත...."

මහජනතාව.... උන් කොස්තාපල්ට බයයිනේ.... බලාගෙන ගියාම ජනාධිපති පවා බය උන් මට බයයිනේ... ඔන්න ඔහේ රාළාමි විදියටම ඉන්නවා.....

7 comments:

  1. අම්මේ කාලෙකින් ආවේ මෙහේ.. ඇත්ත නේන්නම් කවදාවත් මෙහෙම දෙයක් හිතිලම නැනේ අනේ....

    ජය වේවා

    ReplyDelete
  2. මම ඔය එකෙක්ටවත් බය නෑ ඩෝ හරිය?

    ReplyDelete
  3. හිහ් ... හිහ් ...
    මම ඔය කතාම අහලා තියනවා .....
    ඒත් ආයිත් හිනා උනා ....
    එල .....

    ReplyDelete
  4. මම හිතුවේ අර කිරි හට්ටිය වගේ කොයි වෙලාවේ හරි හීන ඔක්කොම පුපුරලා යයි කියලා. මේක ඊට වඩා හොඳයි...:)

    ReplyDelete
  5. මම හිතුවා කට්ට අව්වෙ දූවිලි කාගෙන ඉන්න බැරි හින්දා රාළහාමි ගං වතුරක් ප්‍රාර්ථනා කරලය කියල. :D

    ReplyDelete
  6. @ දේවා...වෙඩි ගහලා පිළිගන්නවා එහෙනම්... බොහොම ස්තූතියි...

    @ විසිතුරැ...බොහොම ස්තූතියි... අපි නම් බයයි ඕං..

    @ පන්සල් හංදිය...බොහොම ස්තූතියි...

    @ පොකු... කාලෙකින් පොකු ගෙන් කමෙන්ට් එකක්..බොහොම ස්තූතියි... නැවතත් මේ පැත්තේ ආවට...

    @ දොස්තර නෝනා... මං හිතුවේ තරහා වෙලාවත්ද කියලා... බොහොම ස්තූතියි...

    ReplyDelete
  7. NIKAN MODA JOKE DANNA EPA LOKKA

    ReplyDelete