Monday, December 5, 2011

විප්ලවවාදියා මරා දැමීම නොහොත් යථාවබෝධය.......



ක්රාස්ග්.... තුප්ප්... තොප්ස්....

සිරිදාස කාරා ගැසු කෙල පාර තමන් ඇස් ඉදිරියේම බිම පතිත උනා..... දනිස් දෙකට බරදීලා වාඩිවෙලා හිටපු සිරිදාස  ඒ දිහා බලාගෙන තමනුත් හරියට මේ කෙල පිඩ වගේ නේද කියලා මෙනෙහි කරමින්... කාලයක් සමාජයත් එක්ක හරිහරියට ගැටිච්ච තමන් අද මුලු සමාජයෙන්මෙ කොන් වෙච්ච පුද්ගලයෙක් වෙලා නේද කියලා හිතෙනකොට ඇති වෙච්ච වේදනාව සුසුමකට පෙරලලා වාතලයට මුදා හැරියා.... කණේ තිබුන ඉතුරැවෙච්ච බීඩි කොටේ පත්තු කරගත්තේ තමන් බිඩිය වගේ ටිකෙන් ටික අලු වෙලා පිච්චිලා යන තමන්ගේ ජිවිතය ගැන මෙනෙහි කරන්න...සිරිදාස අතීතයට ගියා....

හැමදාම මහා විද්‍යාලෙට යන පාරේ හි හම්බුවෙන මුනු... දකින හිනා.... ඇහෙන සුභ පැතුම්....., ඒ විදියට හමුවුන තමන්ගේ මිත්‍රයා මේතරම් තමන්ගේ ජිවිතය වෙනස් කරයි කියන එක කවදාවත්ම හිතෙන්න නැතිව ඇති.... හැමදාම දැකලා.. හිනා වෙලා.... සුභ පතලා ආරම්භ වුන මිත්‍රකම.... කෙළවර උනේ කොතනින්ද..... ඒ මිත්‍රකම සිරිදාස උන්නැහේව හැමදාම පහුකරගෙන ආපු විශ්ව විද්‍යාලේ ඇතුලට ඇදගෙන ගියා.... විවිධ මිත්‍රයෝ මුනගැහුනා... විවිධාකාර.... අමුතු කථා බහ.... විප්ලවය.... පන්ති සටන... අරගලය...මාක්ස්.... වගේ විවධ අපුරැ වචන හරහා ඒ ඔවුන් තරැණ සිරිදාසට ලං උනා...සිරිදාසගේ ජවිතේ විරයෝ වෙන්න මොවුන්ට වැඩි කාලයක් ගියේ නැහැ... සමාජය ගැන වෙනස් විදියට බලන්න... දකින්න සිරිදාස හුරැ උනේ මේ මිත්‍රයන්ගේ සංවාද වලට බොහොම උනනදුවෙන් ඇහුන්කන් දීමෙන් ලබාගත්ත දැනුමෙන්...ටිකෙන් ටික උත්සහ කලා මේ ඇහුන දේ සමාජයේ පවතින තත්වයත් එක්ක ගලපන්න....මොනවද මේ කියන්නේ..... මේ සමාජය තුල තියන මේ කියන අසාධාරණයන් මොනවදා.....පන්ති බේදය මොකක්ද..... 

පාසැල් වයසේ පසුවෙච්ච සිරිදාස අධ්‍යාපනය...ආදරය...පැත්තකට දාලා විප්ලවය ගත්තා....විශ්ව විද්‍යාලේ හිටපු උන්ට වඩා අඩුවයස් කාරයෙක් වෙච්ච සිරිදාස තමන්ගේ තියන උනන්දුව කැපවීම නිසා පාසැල් ගමන අතඇරලා දාලා පුර්ණ විප්ලවාදියෙක් වෙන්න උත්සහ කලා....

නිර්ධණ පන්ති සටනට ජයවේවා !!!.... පලමුව මව්බිම.. දෙවනුව ඉගෙනුම.....!!!!.... පාලකයින් බංඝවේවා..,!!!

මේ විප්ලවය තුල සිරිදාසට පැවරැනේ.... පොස්ටර් අංශයේ වැඩ.... කොල කපන්න..... පසුබිම පාට කරන්න.... පාප්ප හදන්න..... රෑ නිදිමරාගෙන ඒවා වලින් තාප්ප පුරවන්න.... දවල්ට ගිහින් මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න.... ඔයා වගේ තාප්පත්.. පාප්පත් එකක් කරන විප්ලවයක් තමයි සිරිදාසගේ මුලික රාජකාරිය උනේ.....ඒත් සිරිදාසට මේවා බොහොම ක්‍රියාන්විත රාජකාරීන් උනා.... පොලිසිය එනවද කියලා බල බල තාප්ප පුරා පෝස්ටර් අලවන්න සිරිදාස බොහොම ආස කලා.... විශ්ව විද්‍යාලේ සිරිදාසගේ පුර්ණ නවාතැන් පොල බවට පත්වුනේ ඔහුටත් නොදැනෙන්මයි.... මේ අතර මහ රෑ මත්වෙච්ච විශ්ව විශ්ව විද්‍යාල පන්ති සගයිනගේ මනදොල පිනවන්නත් සිරිදාසට සිද්ධඋනේ විප්ලවයේ තවත් එක් රාජකාරියක් හැටියට. අප්‍රසන්න බව පැත්තකින් තියලා මේ හැමදෙයක්ම කලේ සිරිදාසගේ හිතේ තිබුන විප්ලවීය ගතියත්... තමන්ට ඇහුන දේ තුල තමන් විසින් හදාගත්ත රාමුවක තමන් කරන සියලු දේ විප්ලවය උදෙසාය කියන තමන්ගේ මුල් බැහැගත්ත විප්ලවීය අදහස නිසා....
මේ විදියට විප්ලවය වෙනුවෙන් කැපවුන සිරිදාසට උසස් වීමක් ලැබුනේ විප්ලවයේ උච්ඡතම අවස්ථාවේදී....

ඒයි සිරා... මෙහෙ වරෙන්... පොඩි වැඩක් තියනවා අද රෑට..... ලෑස්ති වෙලා හිටපන්.....
රෑ වෙනකොට එළියට ආපු පිරිස යන්නේ කොහේ ද කුමක් සදහාද කියලා මෙලෝ සසරක් නොදැන උනත් සිරිදාස උන් පස්සේ වැටුනේ අපායට ගියත් මම උඹලත් එක්ක කියන අධිෂ්ධානයෙන්....මෙහෙම ගිය කණ්ඩායම නතර උනේ පරණ නටඹුන් වෙච්ච වලව්වක් ඉස්සරහා.... 

සිරා ඔහොම ඉඳහන්.. .ආ මේක අතේ තියාගනින්.... 

හැමදාම පාප්ප බාල්දියයි... බුරැසුවයි අතට ලැබුනු සිරිදාසගේ අතට ලැබුනු කොටන තුවක්කුවෙන් සිරිදාසගේ හිත සතුටින් පිරැනා.... කරැවලේම වත්ත ඇතුලෙන් නොපෙනී ගිය අනිත් සගයෝ එනතෙක් ඇස් අයාන බලා හිටපු සිරිදාසගේ ඉවසීම ටික ටික අඩු වෙලා ගියා.... පොලොවට හොරෙන් අනිත් උන් ගිය දිහාට සිරිදාස පය එසෙව්වේ චිත්‍රපටියේ ත්‍රාසජනකම කොටස නරඹන්න බලාගෙන ඉන්න පිච්චර් පිස්සෙක්ගේ කුතුහලයකින්....

බුදු අම්මෝ.... මගේ බුදු තාත්තේ......

හිමින් හිමින් ගිය සිරිදාසගේව එක තැනම නතර උනේ එකවරම ඇහුනු කන් බීරි වෙන කෑගැහිල්ලෙන්....ඒත් එක්කම වට පිට ගෙවල් වල විදුලි ආලොක පත්තු උනෙත්.... කීප දෙනෙක් එළියට දුවගෙන ආවෙත් තප්පර ගානත් ඇතුලත.....හැංගෙන්න තියා හිතන්වත් බැරි වේගෙකින් කීප දෙනෙක් සිරිදාස ඉදිරියේ..... තුවක්කුවක් අතේ තියාගෙන හිටපු සිරිදාසගේ බෙල්ලෙන් අල්ල ගත්ත එකෙක්...

කාළකණ්ණි හු...... පුතා....

මුනට වැදුන පාර සිරිදාසව කරකවලා අත ඇරියා.....

යකෝ තෝ දන්නවද ?... තොපි මේ අමු අමුවේ මරලා දැම්මේ කව්ද කියලා.... මේ ගමේ අහිංසක දරැවන්ගේ ඇස් පාදපු දෙවිකෙනෙක් ව....

හතර අතෙන් වදින පාරවල් එක්ක... ලාවට වගේ සිරිදාසට ඇහුනා.....

සිහිය එනකොට සිරිදාස හිටියේ රෝහලේ.... ඇඳක් කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා දැනෙන එක එක විදියේ වේදනා වලට වඩා සිරිදාසගේ හිත හොඳටෝම රිදුම් දුන්නා... තමන්ගේ සගයෝ ගැන..... කකුල හොල්ලන බැරි උනේ වේදනාව නිසා ද විලංගුව නිසාද කියලා සිරා ට තේරැම් ගන්න හැකියාවක් තිබුනේ නැහැ...
සිරා සනීප උනා... කෙලින්ම ගියේ බන්ධනාගාරෙට..... පාසැලේ උපවිදුහල්පතිතුමාගේ ඝාතනයට ප්‍රධාන සැකකරැවන් සොයාගත නොහැකි උනත් එම ඝාතනය සැලසුම් කිරීම... අනුබලදීම කියන වැරදි යටතේ සිරා ට වසර 10 ක සිර දඬුවම් නියම උනා.. පන්ති සගයෝ හොයාගන්නවත් නැති විදයට අතුරැදහන් වෙලා... ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියලා නොදන්නා තරටමට....

සිරිදාස නිදහස් උනා..... තනිවෙච්ච පුද්ගලයෙක් විදියට..... යන්න එන්න තැනක් නැති විප්ලවකාරයෙක් විදියට.... නොදන්නා විප්ලවය විසින් ගිලගත්ත තවත් අසරණයෙක් විදියට....

සිරිදාස බීඩියේ අන්තිම උගුරත් උරලා.... කාරලා කෙල ගහලා....බැලුවේ... ඈතින් පේන “ඉල් මහ විරැ සමරැ“ පලකය දිහා.....


3 comments:

  1. සිරිදාස නිදහස් උනා..... තනිවෙච්ච පුද්ගලයෙක් විදියට..... යන්න එන්න තැනක් නැති විප්ලවකාරයෙක් විදියට.... නොදන්නා විප්ලවය විසින් ගිලගත්ත තවත් අසරණයෙක් විදියට....

    ReplyDelete
  2. මීට සමාන දේවල් මං ඇත්තටම දැකල තියෙනවා.

    ReplyDelete
  3. ඉල් මහ විරු සමරු,දකින මටත් සිරිදාසට හිතුනදේම හිතෙනවා. බස්සාට තරන් ලස්සනට ගලපලා ලියන්න බැරි උනාට,ඒ අන්දුරු යුගයේ අත්දැකීම් කොයිතරන්ද.අපේ ගම් වල තවමත් සිරිදාසල ජීවත් වෙනවා. හොරිකඩ දේශප්‍රේමියෝ 'ඉල්මහ විරුවන්"සමරනවා.හැබැයි උන්වත් දන්නේ නෑ.සමරන්නේ කොහේ ඉන්න විරුවද කියලා.

    ReplyDelete