Saturday, December 31, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 9 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

 
ඇනෝ කෙනෙක් අපුරැ කමෙන්ටු දෙකක් එවලා තිබුනා මගේ ඊයට... මගේ මෑනියන්වත්... බිරිඳවත් මතක් කරලා... ඒ ඇනෝට මම මෙහෙම කියන්න කැමතියි.... කොන්ඳ කෙළින් තබාගෙන මා විසින් කරන්නා වු විවේචනයන්ට කෙලින් මුන දීමට නොහැකියාව තුලින් එළිවන ඔබ තුල ඇති නපුංසකභාවය ගැන මගේ බලවත් කණගාටුව පල කරමි... 

 -----------------------------------------

මාස දෙකකට ආසන්න කාළයක් මානව හිමිකම් සම්බන්ධයෙන් කථා කරන එක නවත්තලා තිබුනත් නැවතත් ඒ සම්බන්ධයෙන් කථා කරන්න කියලා හිතුනේ ඇනෝ  කරලා තිබුන තර්ජනයත් එක්ක ලද උත්තේජනය නිසා...

මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලිපියක් ලියනවා කියන්නේ ටිකක් අමාරැ වැඩක්... විචාරයක්.. විවේචනයක්, අදහසක් හෝ කවියක් ලියනවාට වඩා යම් මහන්සියක් වෙන්න වෙනවා.... වසර කීපයක් ක්ෂේත්‍රයෙන් ඈත්ව හිටපු නිසා නැවතත් මතකය අලුත් කරගන්න වගේම යම් යම් සංශෝධන ගැනත්.. විස්තර හොයන්න වෙනවා... වැඩි කාළයක් වැය කරන්න සිද්ධ වෙනවා.. ඒ සඳහා කාලය සොයාගැනීමට අපහසුතාවය වගේම ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රතිචාරයක්, පාඨකයන්ගේ උනන්දුවක් නැති නිසයි ඒ ලිපි පෙළ තාවකාලිකව නතර කලේ... නමුත් මේ සිද්ධියත් එක්ක එළිවෙන කාරනේ නම්, මේ ලිය දේට විරැද්ධ එහෙමත් නැත්නම් ජනතාව දැනුවත් වීම තුලින් තමන්ට යම් හානියක් වෙනවා යැයි විශ්වාස කරන කොටසක් අපි අතරම සිටින බවයි.... ඒ නිසා නැවතත් ලියනවා... හැකි නම් නවත්වන්න.....

------------------------------------- 

මෙතනින් එහාට කියනවන්න කලින් මීට පෙර ලියපු ඔබේ අයිතිය හා වගකීම කියන ලිපි පෙළ කියවලා එන්න කියලා ඉල්ලීමක් කරනව... ඒ ලිපි පෙලේ අංක 1, 2, 3, 4, 5, 6, 7, 8 කියන ලිපි කියවීමෙන් පස්සේ ඇවිත් මේක කියවන්න... අපි කථා කරමින් හිටියේ  ශ්‍රී ලංකා අණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පර්ච්ඡේදයේ දැක්වෙන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන්... එහ් දී අපි ඒ එක් එක් අයිතිවාසිකම් වලට අදාල උප වගන්තීන් වෙන වෙනම සාකච්ඡා කලා... මේ වෙනකොට අපි කථා කරමින් ඉන්නේ 13 වන වගන්තියේ (2) වැනි උප වගන්තිය සම්බන්ධයෙන්... අපි අද විමසා බලමු 13 වැනි වගන්තියට අදාල (3) (4) සහ (5) යන උප වගන්තිය ගැන.... එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ මෙයාකරයෙනි..

(3) වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තෙකුට විරැද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේද ඒ තැනැත්තාට, නිසි අධිකරණක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දී පෞද්ගලිකවම හෝ නිතිඥවරයෙකු මගින් හෝ කරැණු කියා සිටීමට හිමිකම් ඇත්තේය....

(4) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් නියම කරනු ලැබු ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තෙකු මරණිය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම කැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකල යුත්තේය. එහෙත් යම් විමර්ශණයක් පවත්වන තෙක් හෝ නඩු විභාගයක් පවත්වන තෙක් හෝ යම් තැනැත්තෙකු සිරභාරයට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, රඳවා තබා ගැනීම හෝ අන්‍යාකාරයකින් ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම දඬුවමක් නොවන්නේය...

(5) වරදකරැ යැයි ඔප්පු කරනු බලන තෙක් සෑම තැනැතැතෙකුම නිර්දෝශී යැයි පුර්වානුමාන කල යුත්තේය.  එසේ වුවද විශේෂ සිද්ධීන් ඔප්පු කිරීමේ භාරය චුදිත තැනැත්තෙකු වෙත පවරනු ලැබිය හැක්කේය.

ඉහත වගන්තීන් 3 ම ‍එකිනෙකට බැඳී ඇත.... (3) වැනි වගන්තියන් සරළ අදහස වන්නේ යම් පුද්ගලයෙකුට තමන්ගේ නිදෝස බව වෙනුවෙනු අධිකරණයේ කරැණූ ඉදිරිපත් කිරීමට අයිතියක් ඇති බවය... නීතිඥයෙකු මගින් හෝ පුද්ගලිකවම තමන් වෙනුවෙන් කථා කිරීමේ හැකියාව ඇත.. නමුත් මේ අයිතිය ලංකාවේ උසාවී කීයක ආරක්ධා වෙනවාදැයි ගැටළුවක් පවතී... එසේ තමන් වෙනුවෙන් තමන් විසින් නිදහස කරණු දක්වනවා මා අත්දැක නැත... වරදකරැ යැයි කියා දඩයකින් වැ‍ඩේ බේරගන්නටද නීතිඥයෙකු අවශ්‍යයය...ඒ සම්බන්ධයෙන් කාලයට පෙර “කකා” අපුරැවට පැහැදිලි කර තිබු බව මතකය... නමුත් තමන්ගේ නිර්දෝශීභාවය වෙනුවෙන් තමන්ට පෙනී සීටීමේ අයිතිය මුලික අයිතිවාසිකම් වලින් අපට තහවුරැ කර ඇත.

මෙහි සඳහන් (4) වැනි වගන්තිය ඉතාමත් වැදගත්වේ... පසුගිය සමයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරැවන් කීපදෙනෙකුම මිය ගියා අපට මතකය... ‍මේ මිය යෑම් සිදුවුමේ පුදුම සහගත ආකාරයටම... බොහෝ සැකකරැවන් මියයන්නේ සඟවාතිබු ආයුධ සොයා යන විට පැනයාමට උත්සහ කිරීමේ දීය.. නැතහොත් සඟවා තිබු ආයුධයකින් පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සහා කිරීමේ දී ය... ආයුධ සොයන්නට ගොස් එන අතරමග දී ගඟට වැටීමෙන්ය..එසේ නැතිනම් පොලිස් සිරමැදිරිය තුල එල්ලී සිය දිවි හානිකරගැනීමෙනි. 

මෙහි පුදුම උපදවන කාරනාව වන්නේ මේ සියලු සිද්ධීන් කිසිම ආකාරයකින් සමාජයට ගැටළුවක් නොවීමත් පොලිසිය විසින් ගොනුකරන සියළු කරැණු කාරනා සත්‍යය යන්න පදනම් කරගනිමින් මියගිය පුද්ගලයින් සඳහා මරණ පරීක්ෂණ වාර්ථා නිකුත් වීමත්ය. ඒ මිය ගිය හෝ මරාදමන ලද බොහෝ දෙනා අපරාධකරැවන් ලෙස සමාජය විසින් පිළිගැනීම ‍හේතුවෙන් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හඬක් නැගුවේද නැත... 

පසුව එය සාමාන්‍ය ජනයා සොයා ආවේය.. මොරටුවේ දී සිය හොර බිරිඳට කොලොප්පම් කල වරදට ඕ අයී සී, තරැණයින් දෙදෙනෙකු පරලොව යැව්වේය... ඒ සිද්ධියට මොරටුවේ ජනතාව එරෙහිවීම හේතුවෙන් අදාල පුද්ගලයින්ට දඬුවම් ලැබුනේය... පසුව එය දොම්පේ පොලිසියට බෝ විය..... ඒඋණුසුමේම බිංගිරිය පොලිසිය තවත් බිල්ලක් ගත්තේය...

මොනයම්ම අපරාධකරැවෙකු හෝ වේවා ඔහුට හෝ ඇයට විරැද්ධව දඬුවම් කිරීමේ බලාධිකාරිය ඇත්තේ ගරැ අධිකරණයට පමනකි... අද නීතියේ ආධිපත්‍ය බිඳවැටී ඇත. විවිධ දේශපාලකයින්ද, පොලිසියද, මැරයෝද නිතිය අතට ගෙන ක්‍රියා කරති.. ඇමතිවරැ විසින් නඩු අසා තීන්දු ද ලබා දෙති... සුරා සැල් වසන්නේද... මහජනතාව මස් ආහාරයට ගන්නවා ද නැද්ද යන්න තීරණය කරන්නේද ඇමතිවරැය...‍වඩාත් පුදුම සහගත කාරණය වන්නේ මේ සියල්ල බොහොම ප්‍රසිද්ධියේ සිද්ධ වන්නේ පොලිස් ආරක්ෂාව යටතේ වීමය... නමුත් මුලික අයිතිවාසිකම් හී සඳහන් මේ (4) වැනි වගන්තිය ප්‍රසිද්ධියේ උල්ලංඝනය වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමකි.

තවද මෙහි සඳන් (5) වැනි වගන්තියෙන් පුද්ගලයෙකු ගේ පුර්ව නිරිදෝශීභාවය ආරක්ෂාකර ඇත... කිසිම පුද්ගලයෙකු නීතියෙන් වැරදිකරැවෙකු කරන තාක් නිර්දෝෂ පුද්ගලයෙකු ලෙස සැක යුතු බව මෙයින් පැහැදිලි කරයි. පොලිසිය බොහෝවිට පහරදෙන්නේ දඬුවමක් වශයෙනි.... නැතහොත් තොරතුරක් ලබා ගැනීමටය..නමත් යමෙකුට දඬුවම් දීමවත්, තොරතුරැ ලබා ගනෑමට පහර දීමවත් පොලිසියේ රාජකාරී පොත්වලට අදාල නැත.. 

එසේ නම් පොලිසියට අයිති රාජකාරීන් එසේත් නැතිනම් යම් අපරාධයකදී පොලිසිය කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් අනෙක් ලබන ව‍සරේ දී ලියන ලිපියෙන් විමසා බලමු..

සාමය සතුට මේ ලොව යලි රජයන්න...
නීතිය යුක්තිය ද හැමටම සම වන්න..
පිඩාවනට පත්වන්නන් මුදවන්න..
මේ නව වසර තුල වත් සිහියට ගන්න...

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!

5 comments:

  1. ගොඩක් හොඳ ලිපියක්. දිගටම ලියන්න

    ReplyDelete
  2. මේ සති අන්තේ මේ ලිපි පෙලම කියවන්න ඕන.

    ඇනෝ කෙනෙක් කරපු වඩේ නිසා ගොඩක් හොඳ ප්‍රතිපලයක් ලැබිලා තියෙන්නේ අපිට.

    දිගටම ලියන්න ජනක.

    මේ වගේ ලිපි සමාජයට බොහෝම වැදගත්.

    ReplyDelete
  3. @ ජනසංසදය....බොහොම ස්තූතියි... දෙන ධෛර්යට..

    @ දුකා... බොහොමත්ම ස්තූතියි මචං... නිතරම ඇවිත් දෙන ධෛර්යට ශක්තියට... ඒක ගොඩක් වටිනවා.. ස්තූතියි නැවතත්...

    ReplyDelete
  4. BASSA OYATA POLICIYATA KELINNA THIYENAWANAM WENA MUKUTH ONA NA NEDA

    ReplyDelete
  5. සැහෙන්නම වටිනවා ස්තුතියි 100ය 10000වතාවක්...:D

    ReplyDelete