Monday, May 7, 2012

පරට්ටි.....


හැම දවසේම උඹ එන කම්..
මම ඉන්නවා මග බලාන..
එන්නේ නැහැ කිසි දවසක..
එනවා කිව්ව වෙලාවටම..
එහෙම කරන නුඹ බලන්න..
පමා උනොත් විනාඩියක්..
මහා හයියෙන් බෙරිහන් දෙන..
රතු පාටින් පාට කරපු..
තොල් උල් කර ඔමරි පාන..
වෙස්මුනක් වගේ මුන..
තරමට එක එක පාටින්..
පාට කරලා විච්චුරන..
රටේ උන්ව හිනස්සවන..
මග තොටේට දකින දකින..
එකා එක්ක මුකුළු කරන..
හැම එකාම හැරිලා බලන..
තරමට ඉඟ සුඟ නලවන..
කර පලාපු හැට්ට අඳින..
නැට්ට වැටුනු තැන පේන්න..
ඉනෙන් යටට ජීන්ස් අඳින..
බුරිය විදලා ගෙජ්ජි දාන..
නාහේ විදලා තෝඩු දාන..
ඉන මුල්ලට ටැටු ගහන..
තන  පල්ලට ටැටු අඳින..
එපා කියන දේම කරන
කියන කිසිම දේ නාහන
හායි.. බායි... හව් ආර්යු...
නැහැ නේ මෙයා... ස්වීට් අනේ..
සිංගිරිසිය ඔ‍ළුවේ තියන්..
මහ හයියෙන් කථා කරන..
කේ එෆ් සී... මැක්ඩොනල්ඩ්...
වලටම මගේ සල්ලි පුදන...
ගෙමේ හිටපු රංමැණිකා...
අනේ උඹට පුලුවන් නම්...
හොයලා දියන් මට ඒකිව...
හමුවුනොතින් නිකමට හරි..

කියපන් මාව බලන්න එන්න කියලා
මම  සිරිපාල..

20 comments:

  1. සිරිපාල හීනෙන් බයවෙලවත්දෝ

    ReplyDelete
  2. මම තරුණ වයසේ, හැඩී දැඩී කොල්ලෙක්..
    හොයාල දෙනවද... ඔයවාගේ කෙල්ලෙක්..

    ReplyDelete
  3. අයියෝ අසරණ සිරිපාල

    ReplyDelete
  4. සිරිපාල මෝඩද ළාමකද?

    ReplyDelete
  5. අයියෝ සිරිපාල!

    ReplyDelete
  6. හික්ස්ස්... අනේ සිරිපාල...:D

    ReplyDelete
  7. අනේ සිරිපාල නොදුටු මොක්පුර ...:D

    ReplyDelete
    Replies
    1. සොරි මම මොක් පුර අකුරු මාරු වෙලා දැක්කේ.. ;)

      Delete
    2. අපෝ වනචලයි..
      හිකිස්.
      ක් ද දැක්කේ .. ??

      Delete
  8. මේ මොකෝ මේ සිරිපාලට උණ වැඩි වෙලාද ?

    ReplyDelete
  9. සිරිපාලට නිච්චි නැතිවුනාට ඔය රංමැණිකම තමයි...පොඩ්ඩක් හැට්ටෙ අස්සෙ බැලුවනම් කළුකුමාර දෝසෙට දාපු "යන්තරෙන්" අදුනගන්න තිබුණා.

    ReplyDelete
  10. තිබුනත් #### රන් සලුවෙන් වසාලා...
    කොයි ##### එකයි බැලුවම ####ලා...
    මේ බව නොදත් අපෙ #### පුතාලා...
    වස බී නසියි එක #### පතාලා...


    දෙකේම එක රස පොත්ත විතරයි වෙනස් කියල සිරිපාල දෙකම හැඩල් කරපු නිසා දන්නවා... නැති උනානම් වස තමයි බොන්නෙ...

    ReplyDelete
  11. ගමේම හිටියනම් හොදයි කියලා දැන් සිරිපාලට හිතෙනවා ඇති..

    ReplyDelete
  12. සිරා මචං..

    ගමේ කෑල්ල කොලබ ඇවිත් පොස් වෙලාද

    හිකිස් !

    ReplyDelete
  13. දැන් ඉතිං සිරිපාලට තියෙන්නේ මේ සමාජ ක්‍රමයත් එක්ක වෙනස් වෙන්න. එහෙම නැත්නම් හිත හදාගන්න.

    ReplyDelete
  14. ඇඩෙනවා ඈ..... සුපිරි

    ReplyDelete
  15. දුක තමා බස්සා අයියා..

    ReplyDelete