Wednesday, May 23, 2012

රෙද්ද උස්සා Who කියමු...ද...?




ව්‍යාපෘතියක් යනු යම් නිශ්චිත අරමුනක් ඉටුකරගනු වස්, නිශ්චිත කාලයක් යටතේ සිදුකරන්නා වු මානව, මුල්‍ය සහ භෞතික සම්පත් මෙහෙයවීමක් ලෙස ඉතා සරලව හැඳින්විය හැක...මෙහිදී ප්‍රධාන පියවරයන් කීයපක් ක්‍රියාත්මක වේ...

1. Need Assessment (අවශ්‍යතා හඳුනාගැනීම)
2. Objectives, Goal (අරමුණ, ඉකක්කය)
3. Plan (සැලැස්ම)
4. Implement (ක්‍රියාත්මක කිරීම) 
5. Monitoring (අධීක්ෂණය)
5. Evaluation (ඇගයීම)

රටක් මෙහෙය වීම යනු එක්තරා ආකාරයක ව්‍යපෘතියක් මෙහෙය වීමකි... එහී දී එම ව්‍යාපෘතිය මෙහෙය වන්නන්ට වඩාත් වගකීමකින් කටයුතු කල යුතු වන්නේ එහි විපාක මුලු මහත් ජාතියක් කෙරෙහිමය බලපාන හෙයිනි... 

රටක නිතී රීති සහ ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ ඒ රටේ පවතින ප්‍රායෝගික තත්වයන්.... පරිසරය... ජනතාව... ආදී බොහෝ කරැණු සැලකිල්ලට ගෙනය... එහිදී සත්‍ය වශයෙන්ම පවතින තත්වයන් අවබෝධ කරගැනීම, බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය සාර්ථක කර ගැනීමට මහත් රැකුලකි... එසේ නොමැති වීම ඉහත කී මානව, මුල්‍ය සහ භෞතික සම්පක් කාබාසිනියා කිරීමක් ලෙස හැඳීන්විය හැකිය... 

රටක සංවර්ධනයේ මුලික අඩිතාලම වන්නේ දිගු කාලීන ප්‍රතිපත්තිමය මානව සහ භෞතික සංවර්ධණ කළමනාකරණ කාර්යයන්ය... එය අධ්‍යාපනය... සෞබ්‍ය.... ආරක්ෂණය... ආදී වශයෙන් ප්‍රධාන කාරණ ගනනාවක් යටතේ ලැයිස්තු ගත කලහැකිය.... අද  අපේ රටේ නැත්තේද දිගු කාලීන සැලසුස් සහගත ප්‍රතිපත්තීන්ය.... 

අධ්‍යාපනය පිරිහිලාය..... අධ්‍යාපන ඇමති චක්‍රලේඛ, ගැසට් නිවේදන නිකුත් කරන්නේ හංදියේ කඩේ මුදලාලි අප්ප බානවාටත් වඩා වේගයෙනි..... උසස් අධ්‍යාපන ඇමති ඊට හපන්ය... ඔහුට රටේ අධ්‍යාපනය යනු දාම් ලෑල්ලකි.... කපන්න ඕන එක කොයි මුල්ලේ හිටියත් ඔහු ගේ ඉත්තා ඕන තැන තියා කපන්නට ඔහු දක්ෂය...ඒ සඳහා කුමන හෝ වටිනාකමක් ගෙවන්ට ඔහු පසුබට වෙන්නේ නැත....  ඔහුට අවශ්‍ය නම් සිසුන්, ආචාර්යවරු පමනක් නොව මහාචාර්යවරුක් පවා කනෙන් අල්ලා එලියට දමා තමාගේ නියමය ක්‍රියාත්මක කිරීමට තරම් ඔහු දක්ෂය..... අධ්‍යාපන ඇමති අද අන්දරේටත් වඩා විකටයෙකි... උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමේද කෙළවාගත්තේ රටේ දරුවන්ගේ විභාග ප්‍රථිපල බිල්ලට දීමෙනි.... වරෙකි ඔහු ඔහුගේ ආර්ථික විද්‍යාත්මක ටිකිරි මොළයෙන් කල්පනා කර රු.2500.00 න් නොමැරී ජීවත් විය හැකි බව කියයි... අළුත්ම කාරණය වනනේ ලංකාවේ අධ්‍යාපනය සඳහා පහල භාලංශයේ සිට උසස් පෙල... සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සත පහක්වත් අය නොකරන බවට පාර්ලිමේන්තුවේදී කට මැත දෙඩීමය.... මු හිනෙන් කථා කරනවා දැයි සැකයක් පවති.... උසස් පාසැලකට දරුවෙකු ඇතුලත් කිරීමට ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂ 1 සිට ලක්ෂ 5, 6,7 දක්වා ගෙවන්නට දෙම්ව්පියන්ට සිදුවන්නේ සෑම දෙම්ව්පියෙක්ම තම දරුවා “හොඳ“ පාසැලකට ඇතුලත් කරගැනීමට ඇති ඇම්ම හෙයිනි.... එතනින් නොනවතින මෙම ගසාකෑම පහසුකම් සේවා ගාස්තු (මෙය රජයේ අනුමත ගාස්තුවක් වන අතර රුලියල් දෙතුන් සීයයක් වන බවට සැකයක් නැත), පාසැල් සංවර්ධන අරමුදල්, ආරක්ෂක අරමුදල්, සනීපාකරක්ෂක අරමුදල් ආදී වශයෙන් විවීධ අරමුදල් ද, තින්ත ගෑම... විවිධ උත්සව..., බුදු මැදුරු ඉදිකිරීම... පිහිනුම් තටාක ඉදිරිකිරීම... ක්‍රිඩා තරඟ..., විවිධ ප්‍රසංග ආදී මෙකී නොකී විවීද ආකාරයේ දේ වෙනුවෙන් දෙමව්පියන් මුදල් වියදම් කරද්දී අධ්‍යාපන ඇමති පාර්ලිමෙන්තුවේ බෙරිහන් දෙන්නේ “සත පහක් වත නොගෙන“ රටේ දරැවන්ට “නිදහස් අධ්‍යාපනය“ නොමිලේ ලබා දෙන බවයි....

අනෙකුත් අංශද එසේමය..... පාරිභෝගික භාණ්ඩ ගැන කථා කරන්නට දෙයක් නැත.... පසුගිය දිනෙක එක්තරා ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය උන වැඩසටහනක් අතරතුර පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා පැවසුයේ යම් යම් භාණ්ඩ වල මිල අධික උවද හාල්.... පරප්පු.. සීනි, එළවළු වැනි අත්‍යාවශ්‍ය භාණ්බ වල මිල පහල ගොස් ඇති බවයි.... හාල් මිල පහල ගියද හාල් අමුවෙන් ආහාරයට ගක හැකිද... සීනි විතරක අනුභව කර ජීවත් විය හැකිද... ? හැමදාම මිනිස්සුන්ට එළවළු සළාද පමනක් ආහාරයට ගෙන ජීවත් විය හැකිද යන්න පිලිබඳව මේ  ගොන් වහන්සේලාට නොතේරෙන්නේ ඔවුන් මන්දබුද්ධිකද රටේ පරිපාලනයට ගැත්තන් පත්කරන උන් පාර්ලිමේන්තුවට යවන අපි මන්දබුද්ධිකද යන්න ගැන නැවතත් සිතිමට පොළබවමිනි.... 

පසුගිය දිනෙක බොහොම අපුරු නිතියක් සම්මත කලේය.... ඒ ත්‍රී රෝද රථයක රියදුරු ඇතුලු තිදෙනෙකුට වඩා ගෙන යා නොහැකි ලෙසටය...මොවුන් සිතන්නේ එක ත්‍රී රෝද රථයක පස් හය දෙනෙකු යන්නේ ආතල් එකට කියාය... දැන් පවුලේ දෙමව්පියන් සහ දරුවන් දෙදෙනෙකු සිටින අවස්ථාවක කිලෝ මීටර් දෙකක ගමනක් යන්නට ත්‍රී රෝද රථ දෙකක් අවශ්‍යය.... කලින් මේ ගමනට වියදම් උනේ රුපියල් 50 නම් දැන් රුපියල් 100 ක් වියදම් වේ..... ඒකෙන්ද කෙළවෙන්නේ දුප්පත් ජනතාවටය... දැන් ඒ ගමනට ත්‍රිවීල් දෙකක් ගත යුතුය... එවිට ඉනධන පරිභෝජනය වැඩිය.... ත්‍රීවිල් කාරයන් ඇතුලු සියළු ගසාකන්නන්ට මෙය ඉල්ලමකි.... සත්‍ය වශයෙන්ම ගැටළුව කුමක්ද...? විනයක් නැති රථ ධාවනයය... මාර්ග නිතී උල්ලංඝන... එහෙමත් නැත්නම් නිසි නඩත්තුවක් නොමැතිකමය.. ප්‍රශ්ණය බොහොම ලේසියෙන් විසඳන්නට ප්‍රවාහන බලධාරීන් ක්‍රියා කලේ දුප්පතාගේ බඩටම කෙලලාය....

අධි වේගී මාර්ග... අධි වෙගි දුම්රිය මාර්ග ගැන උදම් අනන අපේ රටේ තවමත් වෙලාවට වැඩ කරන බස් සේවයක් නැත... වෙලාවට වැඩ කරන දුම්රිය සේවයක් නැත... දුම්රිය කාල සටහනේ හරියටම පැය 5.43 ට දුම්රියක් එන බව දක්වා තිබුනද මුලු මහත් ජීවිත කාලයමට ඒ නියමිත වෙලාවට දුම්රියක් එන්නේ නැත.... බස් රථ කාලසටහන් හොයාගන්නට වත් බැරි තරම්ය.... ඒවා කාල නැතත් සටහන් ලෙස බෝඩ් වලට සීම වී ඇත.. නමුත් අපි උදම් අනන්නේ අධි වේගය ගැනය.... පොදු ප්‍රවාහනය මොන ආකාරයකට අඝාධයකට ඇද වැටුනද අපේ පාලකයන්ට අධි වේගය මාර ආතල්ය... ඒ උන්දැලාට එකෙන් පැය කීයපක් තුල ආතල් ගන්න තැන් වලට යන්න පුලුවන් වෙන නිසාදැයි අපි නොදනිමු... නමුත් ඒක මාර ආතල්ය.... ගාල්ල මාතර අධිවේගී දුමරිය මාර්ගයේ අදාල වේගයට දුම්රිය ධාවනය වුයේ විවෘත කිරීමේදී පමනය.... එදාට පසුව ඒ මාර්ගයේ පැයට කිලෝ මීටර් 100 ක වේගයෙන් දුම්රියක් ධා වනය වන්නේ නැත.... මාර්ග සංඥා.... අනාරක්ෂිත මාර්ග ආදී මෙකී නොකී විවිධ හේතු හේතුවෙන් ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකල මුදලේ නිසි ප්‍රථිපල ජනතාවට නොලැබී ඇත..... මෙම අධි වේගි දුම්රිය මාර්ගය හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවන බව මහා මාර්ග ඇමතිවරයෙක් ප්‍රකාශයක් කල බව මතකය... (ඒ මොකක් භාර කෙනාද නම් පැහැදිලි නැත... දැන් පවතින තත්වය අනුව ඉදිරියේ  වම් රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් දකුණු රේල් පීල්ල භාර ඇමති වරයෙකුත් පත්වන්ටද බැරි නැත).

මෙකී නොකී බොහෝ දේ මේ පවතින තත්වයන් හමුවේ පෙන්වා දිය හැකි උවත් මෙම ලිපියේ අදහස වනනේ රජයට මඩ ගැසීම හෝ රජය අපහසුතාවට පත්කිරීම නොවේ... පවතින තත්වයන් හමුවේ මේ තත්වයන් හට ගැනීමට මුලික හේතු කාරනා ගැන දැකිවීමය..... රටේ බොහෝ ගැටළු වලට හේතුව වන්නේ අපේ රටට නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීමය.... අතීතයේ සිටම අපේ රටේ ක්‍රියාත්මක වු තට්ටු මාරු දේශපාලනයේ වැරදි පුර්වාදර්ශ වලින් අගතියනට පත්වන්නෙ රටත් ජනතාවත්ය.... පාට මාරු වෙන හැම අවස්ථාවකම වෙනස්වෙන ප්‍රතිපත්තීන් හමුවේ රටකට දිගු කාලීන සංවර්ධන වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කල හැකිදැයි සැකයක් පවතී.... අධ්‍යාපන ඇමති වෙනස් වෙන විට වෙනස් වන ප්‍රතිපත්තීන් නොව දීර්ඝ කාලීන ඉලක්ක යටතේ ක්‍රියාත්මක කලයුතු ප්‍රතිපත්තීන් රටට අවශ්‍යය.... ඒවා සකස් කිරීමේදී නිසි පරිදි අවශ්‍යතා හා අඩුපාඩු හඳුනාගත යුතුයි.... ඒවා මග හරවා ගෙන දීර්ඝ ගමනක් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කලයුතුය...  


අපි අපේ පවතින මුල්‍ය ප්‍රතිපත්තීන් වල දුර්වලතා, කළමණාකරණ දුර්වලතා.... අදී වශයෙන් අපේ අඩුපාඩු අපි අවබෝධ කරගත යුතුය... එය දේශපාලණ වාසි තකා යටගැසීම යනු රටේ ඉදිරි ගමනට කරන බලවත් අසාධාරණයකි... සරළවම කියතොත් රටේ බඩු මිල වැඩි බව රජය පිළිනොගන්නාතාක් ඒ සඳහා නිසි විසඳුමක් ක්‍රියාත්මක කල නොහැක... අධ්‍යාපනයේ බිඳ වැටීම තේරුම් නොගන්නාත්කා රටේ අනාගත දරුවන්ට සෙතක් සැලසිය නොහැක...... 

තමන්ට වැරදී ඇති බව පිලිනොගන්නා පුද්ගලයා.. අවසානයේ ඔහුත් සාමාජයත් විනාශ මුඛයට ගෙන යනු ලබන බව නොරහසකි.....අවසාන වශයෙන් කිවහැක්කේද එයයි..... 

අපිට සුභ අනාගතයක්.....


(විචාරයට ඉඩ)

8 comments:

  1. සහතික ඇත්ත... එත් අපි මොක කිව්වත් හැමදාම අන්තිම වෙන්නේ පොඩි එකාට කෙලොලා ලොකු උන් ආතල් එකේ ඉන්න එකනේ... කරන්න පුලුවන් එකම දේ රටට ආදරේ කරන උන් ටිකක් පාර්ලිමේන්තුවට යවන එක... ඒත් එහෙම උන් කෝ?

    ReplyDelete
  2. පට්ටපල් ඇත්ත... මම නං පුදුමාකාර විදිහට කලකිරිලා ඉන්නේ මේ පාලකයෝ කියන අමන හැත්ත ගැන...

    ReplyDelete
  3. ඔබ ලියා තිබෙන සියලු දේවල් ඇත්ත , බොරුවට නීති දමනවා නීති දමන්නේ නීති රකින්න ඉන්න උන්නට හරි හම්බ කරගන්න මගක් හදලාදෙන්න , ඊට අමතරව පාලකයින්ට ගානක් හොයාගන්න , දැන් වාහන වල දුම් පරීක්ෂාවක් කියලා එකක් දාල තියෙනවා , පෙරපරිදීම වාහන අදික දුම දමමින් පාරේ යන්නේ නැද්ද? අද උදේ මම කුරුණෑගල බස් නැවතුම් පලෙන් නුවර යන්න බස් එකකට නැග්ගා , මම එනකොටත් බස් එක පනගන්වලා (ස්ටාර්ට්) කරලා තිබුනේ මම හිතුවා බස් එක අද්දන්න යන්නේ කියල ඒ උනාට බස් එක පිටාත් උනේ නැහැ , රියදුරු බසය වරින් වර රෙඑස් කරමින් සිටියා , එම බසය පමණක් නොවේ තවත් ඒ අසල තිබුණු බස් ද එලෙසයි , ඉතින් බස් ගාල වටේට බිත්ති වලින් වට වෙලා , ඩීසල් දුම බස් ඇතුලේ හා පිටද සිටින පිරිස ආග්‍රහණය කරනවා ඔයලෙස විස දුම මිනිසුන් රෝගී කරන්නේ නැද්ද ? වාහනයක් දොර වසන ලද ගරෙඉජේ එකේ ස්ටාර්ට් කරලා තබාගෙන සිය දිවිහානි කර ගත්තු සිදුවීම් තියෙනවා , ඉතින් අපි බසයේ යන්න ගොස් බාගෙට මැරෙනවා නේද, ඉතින් ඔය පරිසරය රකින දුම ගැන හිතන පිරිසට මේවා පෙනෙන්නේ නැද්ද, බසය පනගැන්නුවානම් පිටත් වියුතු කියා දැනුම් දෙන්න

    ReplyDelete
  4. මේ ගැන මගේ ආකල්පය නම් බලය සුළු පිරිසක් වටා ඒකරාශී කීරීම නවතා දැමීම කළ යුතු බවයි.මෙහි අදහස සමාජවාදය ගෙන ඒම නොවන බවද අවධාරණය කළ යුතුය.මන්ද සමාජවාදයද එහි න්‍යායයන් කුමක් උවද ක්‍රියාත්මක වන්නේ සුළු පිරිසකගේ අවශ්‍යතා වටා බව ඉතිහාසය පෙන්වා දී ඇති නිසාය.අපට පාලකයන් අවැසි නැත.කළමණාකරුවන් පිරිසකි ඕනෑ කරන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙන්නේ නැත්තෙත් ඒකමනේ. එකපාරක් අපේ දේශපාලකයෙක් (මට නම මතක නෑ ) කිව්වා වන්නි මහා කොටියත් සතියෙන් වෙනස් වෙයි පාර්ලිමේන්තුවට ආවනම් කියල. ඒ කතාව හරියට හරි. බලන්න අද කරුණා අම්මාන්. ඉතින් බලය ඇති තැන සියල්ලෝ කති බොති සුඛති. නැති කල ඒ තිත්ත මිදී සේ ඉවත ලති. (ඔෆිස් එකේ මැනේජර් ගැන කියන්න ඕනේ නෑ නේ අමුතුවෙන්)

      Delete
  5. මේ ලිපියෙන් කියන්න උත්සාහ කලේ ද මෙයමයි.

    http://xandaraya.blogspot.com/2012/04/blog-post.html

    ReplyDelete
  6. අම්මෙ ලොකු දෙයක්. දැන් අම්මවයි තාත්තවයි යන තැනක යන්න දීලා මට ගෙදරට වෙලා ඉන්න පුළුවන්!

    ReplyDelete