Wednesday, September 26, 2012

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)


 මාගේ ආදරණිය භාර්යාව වෙතය,

පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

1. අද හොඳ නෑ (නරක දවස්)                        - දින 36
2. කොන්ඳ රිදෙනවා                                   - දින 28
3. ඔලුව කකියනවා                                     - දින 25
4. ඔයාට පිස්සුද මේ මහ දවල්                        - දින 16
5. බඩ රිදෙනවා                                         - දින 27
6. දතක් කකියනවා                                    - දින 04
7. අද නම හරිම මහන්සියි අනේ                     - දින 30
8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද            - දින 09
9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ      - දින 16
10. පොඩි එකා ඇහැරෙයි                             - දින 18
11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18
12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා             - දින 05
13. අද හරියට රෑ උනා වැඩියි                         - දින 06
14. හෙට පාන්දර නැගිටින්න තියනවා              - දින 04
15. බොරුවට නිදාගෙන වගේ සිටීම                - දින 44
16. පෙත්ත ගන්න අමතක උනා                      - දින 05
17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67
                                                              ------------
                                                               දින 358
අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන්              - දින   07
                                                              ------------
                                    එකතුව              - දින 365
                                                             ========
ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙයට ඔබේ ආදරණිය
ස්වාමී පුරුෂයා

ප.ලි :-
ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න... 
මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...
ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...

ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...

බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි... 

උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..

(ඊයක් සහ තවත් ටිකක්)
(අත්දැකීම් බෙදාගන්න ඉඩ)

49 comments:

  1. :O
    මටනම් ඕව තේරෙන්නෑ අෆ්ෆා

    9. මොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16

    පුදුමයි මේක 16න් නැවතුනොත්නම්

    ReplyDelete
  2. ගෑනු තමයි ගෑනු.ඔච්චර විස්තරයක් ඉතිං අපි තවම දන්නෙ නෑනෙ.

    ReplyDelete
  3. මේක තමයි ලංකාවේ මධ්‍යම පන්තියෙ බහුතරයක් කුටුම්භ තුල පවතින යතාර්ථය. ඉහළ පන්තිවල සහ පහළ ලුම්පන් පන්ති තුළ තත්වය මිට වඩා වෙනස් ඇති(අනිවාර්යයෙන්ම එසේ වියයුතුයි).

    මේක එක අතකින් ඛේදවාචකයක්. අපේ රටේ මධ්‍යම පාන්තික විවහක පිරිමින්ගේන් සැලකියයුතු ප්‍රමාණයක් ජිවිතයේ වරක් හෝ වෙස ගෑණියෙක් වෙත ගොස් තිබෙනවා.

    අද තමයි ඉස්සෙල්ලම බස්සාව කියෙව්වේ.නියම පොස්ට් එක

    ReplyDelete
  4. අනිවා බැඳපු කාන්තාවන්ට අති විශේෂයි බැලිය යුතුම එකක්

    ReplyDelete
  5. මගේම ආදරණිය ස්වාමිපුරුශයා වෙත ලියමි,
    ලිපියේ ඉහත ඔබ ලියා ඇති දේ පිළිගන්නා අතර ප:ලි කොටසට පිළිතුරු සැපැයීම භාර්යාව වන මාගේ වගකීම බැව් සිතෙනා නිසා මෙලෙස සටහන් කරමි.

    මාගේ ඉල්ලීම් දිනා ගැනීමට සහ යමක් ඔබ සමඟින් කතා කිරීමට ඔබ හා තනිවිය හැකි වෙනත් අවස්ථාවක් ඇති නම් ඒ බව පවසන්න. ඔබ අල්ලා ගත හැකි එකම ස්ථානය ඇඳ නොවේද?

    සැකයක් ඇති වූ විගසින් එය විමසීමට යාමේදී ඔබට සෑම විටම රාජකාරි බහුලය. ඇත්තටම ඔයා අල්ලපු ගෙදර සීතා ඔෆිස් යන වෙලාව බලල ඒ වෙලාවටම එළියට බහින්නෙ ඇයි?

    වහලෙ උළු ගනින්නෙ ඔයාට හැමදාමත් ඕනි ඔයාගේ සතුටම විතරක් නිසා. ගැහැණියකට සතුට කියන්නේ පිරිමියා ඇඟ මත නැඟල කරන දේ විතරද ? ගෑණියකට කොච්චර ප්‍රශ්ණ තිය ද? උදේ පාන්දර නැගිටල ඔයාට ඔෆිස් ගෙනියන්න බත් ගෙඩියට අඩු වැඩිය උයන කොට ,ඇයි ඔයාට බැරි මා ළඟට වෙලා ලූණු ගෙඩියක් කපල දෙන්න, පොල් ටිකක් ගාලා දෙන්න. අඩුම තරමින් ළඟින් ඉදන් කරන වැඩ දිහා බලා ඉන්න. උදේ ඉදන් රෑ වෙනකම් මම පුක කැඩිච්ච කඩිය වගේ වැඩ කරද්දි. ඔයා උදේ පාන්දර වෙනකම් පස්ස උඩාදාගෙන නිදියල , රෑ වෙලා ආපු ගමන් ඇඳට වැටෙනවා.... කුස්සියෙ වැඩත් ඉවර කරලා,ඔයාගේ අම්මගෙ අදෝනාත් අහන් ඉදල දරුවන්ගෙ වැඩත් ඉවර කරල මම ඇඳට එන්නෙ ඔයාටත් පස්සේ නේද ?

    බැලුම් බෝලේ මැදින් එල්ලපු නූල, අනේ මගෙ කට. තමුන්ගෙ දේවල් තමුන්ටම නොපෙනෙන්න කලගෙඩියක් වගේ ආපු ඔයැයිගෙ බඩ ඔයැයිට පේන්නෙ නැද්ද.එහෙම උනයි කියලා මයෙ ආදරේ අඩු වෙලා අර එහා ගෙදර සීතාගේ මල්ලි සික්ස් පැක් ආපු හාදයත් එක්ක මම යනවද නෑනේ.

    ලස්සනට අඳින්න ,ඔයා මට අලුත් ඇඳුමක් අරන් දීපු කාලයක් මතක් කරල බලන්න.ඉස්සර මම ලස්සනට ඇන්දේ ඔයා අරන් දීපු ඇඳුම් නෙමෙයි ද? උදෙ ඉඳන් රෑ වෙනකම් ගේ අස්සෙ ලැග ගෙන ඉන්න මට ඇඳුම් ගන්න කෝ සල්ලි...කෝ වෙලාවක.

    ඔයා වගෙම මටත් හැඟීම් දැනීම් තියෙනවා. මට දේවල් ඕනි වුනු දවසට ඔයා අනිත් පැත්ත හැරිල ගොරෝ ගොරෝ නිදි. එහෙම නැතිනම් මම එනකොට ඔයා උදේම යන්න ඕනි කියලා වේලාසන නිදි.

    මේ හැමදේම මැද්දේ අපේ දරුවො ටික දුකක් නොදී හදන්න ඔයා මහන්සි වෙනවා කියල මම දන්නවා. තාමත් මම ඉස්සර වගේම ඔයැයිට ආදරේ බව මතක තියා ගන්න.

    මෙයට ඔබේ
    ආදරණිය
    භාර්යාව


    ප:ලි:- ඒක නෙමෙයි ඇත්තටම මොකද ඔයා සීතා අඳින හැටි ගැන ඔච්චර උනන්දු.

    ReplyDelete
    Replies
    1. මේක දැක්ක ගමන් මට හිනා ගියා ඇත්තටම රසවත් අර්ථවත් කමෙන්‍ටුවක්

      Delete
    2. //ප:ලි:- ඒක නෙමෙයි ඇත්තටම මොකද ඔයා සීතා අඳින හැටි ගැන ඔච්චර උනන්දු.//

      …මේකටනම් හොඳට හිනා . සොසී නියම භාර්යාවක් වගේම ලියා ඇති ආකාරය හරිම අපූරුයි අත්දැකීම් නැති කෙනෙක් වුනත් .

      Delete
    3. අප්පා.. මං ලියන්න හිතාගෙන ආපු එකත් අමතක උනා මේක කියෝලා....
      හි හි... ඔය කියලා තියෙන්නේ මරුවට.....

      Delete
    4. anthima kathai husbandta katha karala thiyena widiya

      Delete
    5. හුටා! පට්ට උත්තර්. කට උත්තර නෑ

      Delete
  6. චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ ලිපියක කොටසට එක්කළ ඌණ පූර්ණය අපූරැයි......

    ReplyDelete
    Replies
    1. මට ලැබුනු ඊයේ ඒ පිළිබඳව කිසිම සටහනක් තිබ්බේ නැහැ මනෝරම... මට අත්දැකපු දේ එක්ක ගොඩක් සමීප නිසයි ඒ ඊයට ඌනපුරණයක් සහිතව පල කරන්න හිතුවේ....

      Delete
    2. චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නරලොව හොල්මන් කතන්දර පෙළ දැන් බ්ලොග් අවකාශයේ පැතිරෙනවා. කණගාටුවට කරුණ නම් ඒ කතා සමහර බ්ලොග්කරුවන් දාන්නේ තමන්ගේ ඒවා විදියට......

      Delete
    3. එහෙනම් චන්ද්‍රා අනගිරත්නත් කරලා තියෙන්නේ ජාලේ නැති කාළේ එකසිය ගානට පිට රට කතා සිංහලෙන් දාන එක. මමත් මේක ලියලත් ඉවරයි ඒත් මෙතන දාපු නිසා දැන් දාන්නේ නෑ. ඕකට ගෑනි දෙන ලස්සන උත්තරේකුත් තියෙනවා පුළුවන්නම් ඒකත් ලියන්න. ඒක ටිකක් සොසීගේ රිප්ලයි එකට සමානයි... හෙහ් හෙහ්...

      Delete
    4. Mathalan,

      චන්ද්‍ර අනගිරත්නගේ නිර්මාණ කියවලා තියෙනවාද?
      ඔහු මේ බස්සා ලියපු කතාව නම් ලියලා නෑ. මම දන්න විදියට මනෝරම කියපු දේ වැරදියි.

      //එහෙනම් චන්ද්‍රා අනගිරත්නත් කරලා තියෙන්නේ ජාලේ නැති කාළේ එකසිය ගානට පිට රට කතා සිංහලෙන් දාන එක.//

      සම්පූර්ණයෙන් වැරැදි මතයක්!

      Delete
  7. අයියෝ ලොක්කා මේක බොහොම පරණ ඉංගිරිසි ජෝක් එකක්. ඔකේ අනික පැත්තත් තියනවා ගෑනි මිනිහට කියන උත්තරේ. කමක් නෑ දන්නේ නැති අය වෙනුවෙන් ඒකත් දාන්න. ගත්තේ කොහෙන්ද කියලා කියන්නේ නැතුව තමන්ගේ වගේ දාන එකනම් වැරදියි.

    ReplyDelete
    Replies
    1. ලොක්කා සම්පුර්ණ ලිපිය සවිස්තරව කියවලා නෙමෙයි කමෙන්ට් කරලා තියෙන්නේ... මුල කොටස උපුටුනයක් නිසා තමයි “ඊයක් සහ තවත් ටිකක්“ කියලා සටහන් කරලා තියෙන්නේ.... මේකේ මුල් කතෘ ගැන සඳහනක් තිබුනානම් ඒක සටහන් නොකරන්න තරම් නිර්මාණ භංකොලොත්භාවයක් මට නැහැ....
      බ්ලොගේ කියවන අයට ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
      ඔවුන් දන්නවා බස්සා කව්ද කියලා....
      සාමාන්‍යෙයන් මම ඉංගිරිස් ජෝක් කියවන කෙනෙක් නෙමෙයි...
      මීට උඩදී මනෝරම කියලා තියනවා මේක චන්ද්‍ර අනගිරත්න මහත්මයාගේ නිර්මාණයක් කියලා...
      ඔබ කියනවා ඉංගිරිස් ජෝක් එකක් කියලා...
      ඒ කියවන අය තීරණය කරයි....

      Delete
    2. mokage wunath meka thama aeththa ban






      Delete
  8. මීට කලින් මාත් කියවල තිබුන ,මතකයක් නෑ කොහෙද කියල . කොහොම උනත් අනිත් නොදුටු අයට රස විඳින්න පුලුවන් .

    ReplyDelete
  9. කියලා වැඩක් නෑ බස්සා අයියේ... අපිට නම් තාම ඔය අත්දැකීම් නෑ.. ඒත් ඉස්සරහට සෑහෙන වටිනවා..

    ජය වේවා..!!

    ReplyDelete
  10. හි හි.. මේක කාලෙකට ඉස්සර මටත් ආපු ඊමේල් එකක්.... ආයිත් කියෙව්වා කියලා ර‌ෙස් අඩුවක් නම් නෑ...

    හෑබෑටම මේ උදේ ඉදන් කමිපියුටරේ ඉස්සරහා අල ගෙඩිය වගේ ඉදන් ඉන්නැතුව එක්සයිස් ටිකක් කරන්න කියලා අපේ මහත්තයා මගේ කන ගලෝලා ගියා විතරයි අද.. හි හි.... මේක ඉතිං වඳුරට දැලි පිහිය අහු උනා වගේ තමා තව ටික දවසක් යන කම්... හි හි..

    සොසී ගේ එකට තව කෑල්ලක් එකතු කරන්න ඕනේ... ඒ ටික මෙන්න..
    ---------------
    ප.ලි.

    ඔෆිස් ගිහින් මට කතාකලේ නැත්තේ ඇයි කියලා ඇහුවේ ඔයා ගැන සැකයකට නෙවෙයි කියලා ඔයාට හිතුනේ නැද්ද...? එහෙම ඇහුවේ ඔයාට තියෙන ආදරේට... ඔයා මට කතා කරයි කියලා බලං හිටිය නිසා... ඒත් ඔයාට වැඩ වැඩි නිසා අමතක උනා කියලා පොඩ්ඩක් ආදෙරන් කිව්වනම් ඇතිනේ.. බොරුවට තරහා ගන් නැතුව....

    ----------------

    සොසී... මෙන්න මේ කෑල්ල නම් මරු... හි හි

    //තමුන්ගෙ දේවල් තමුන්ටම නොපෙනෙන්න කලගෙඩියක් වගේ ආපු ඔයැයිගෙ බඩ ඔයැයිට පේන්නෙ නැද්ද.///

    උදේ පාන්දර හොඳට හිනාවෙන්න පුළුවන් ඒ වගේම තේරුමක් තියෙන පෝස්ට් එකක්..

    ReplyDelete
  11. මෙන්න මූ දවස් 16 යි බීල තියෙන්නේ (වැඩි වෙලා තියෙන්නේ)
    අර දවස් 36 ටිකක් අඩුයි වගේ නේද

    ReplyDelete
  12. ඇත්තටම මෙවුවා වෙනවද ඈ...
    අපිනං ඉතිං තාම චූටි ලමයිනේ...
    බදින්නම ඕනා මෙවුවා තේරුං ගන්න..

    ReplyDelete
  13. පෝස්ටුවෙ අයිතිකාරය වෙනුවෙන් රන්ඩුවෙන්න ඕනෙ නෑ...පලමුවරට කියවන අය ඔනෙ තරම් ඇති..(මේ මං වගේ) ඔය ප.ලි. ටිකත් ඇත්තනෙ අප්පා ඒ ගැනත් හිතන්න එපායැ...

    මටනම් මෙහි වටිනාම කොටස වුනේ "සොසී" ගේ කොමෙන්ට් එක...නියම වේගය අපූරුවට රඳවගෙන....යස පිලිතුර බිරිඳගේ...

    ReplyDelete
  14. අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07
    ඒක තමයි කරන්න වෙන්නෙ! :)

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මට නම් 7, 13, 14 වගේ කරදර තිබ්බට, අනේ වාසනාවන් මගේ වෛපරය..

    ReplyDelete
  17. අනුකම්පාවෙන්ම බාරියාවෝ බලත්වා

    ReplyDelete
  18. mama nam palamu wathawata thama dekke..."BASSA" kohomath anunge nirmana horakam kaeanne nea kiyala api dannawa..nokiwwata goda denekta thiyena athdekeemak....

    ReplyDelete
  19. ඇත්තටම මගේ යෙහෙලිය මට කියලා තියෙනවා මතකයි. ගැහැණුන්ට පිරිමි වගේ හැම වෙලාවේම ලිංගිකව එක්වෙන්න බැහැලු. ඒ කට මනසින් ලැස්ති විය යුතුය.

    පුතා ඇහැරෙයි කියන එක නම් ලාංකිකයන්ට පොදු ප්‍රශ්නයක්. පිටරට වෙලනම් පොඩි දරැවන් නිදියන්නේ ඔහුන්ගේ කාඹරවලය.

    ReplyDelete
  20. කතාව නම් අපුරුයි කොමෙන්ටු ටික ඊටත් වඩා අපුරුයි.. ජය

    ReplyDelete
  21. මමත් මේක පරිවර්ථනය කරලා තිබුනේ. හොඳ වෙලාවට මෙතන දැක්කේ. මේකට නෝනා දීපූ උත්තරේ දන්නවද....? එකත් ජනප්‍රිය ජෝක් එකක්...

    ReplyDelete
  22. අපිට තවම ඕවා තේරෙන්නේ නෑ අපි තවම පොඩි ලමයි

    ReplyDelete
  23. අපේ ගෙදර නම් දෙයියනේ කියලා 7යි 13යි විතරයි අවුලකට තියෙන්නෙ.. 1ටත් ඉතින් විශේෂ ක්‍රමවේද අනුගමනය කරනවා..

    අනික, මං නෑ නෙ ඔය ගද ගහන ජරාව බොන්නෙ.. බිව්වත් ගදක් නැති බ්‍රෑන්ඩ් විතරයි. කිව්වම මොකෝ මගේ බාරි නම් ඒ දවස් වලට වෙනදටත් වඩා කැමතියි කියලයි එයැයි නං කියන්නෙ..

    තව එකක්, මේ ගෑණි ඔය වෙලාවට මටත් වඩා හරි දගකාරි නෙව.. ගෙදරට අදින්නෙ, විෂේෂයෙන්ම රෑට නිදා ගන්න එද්දි අදින්නෙ වයිවාරණ්න ඇදුං ආයිත්තං.. මාසෙකට සැරයක් අර midnightdivas ද මොකද එකෙං අරං එන්නෙ.. අම්මපා හරි ජාති ඇදුම් කෑලි ටික (ඒවට ඇදුං කියන්න බෑ, ඔක්කොම ඇදුං කෑලි, හැබැයි ගාන තමා සැර ).. මට නං ඒකක් ඇදං ඉනවා දැක්කත් ඇග නිකං මෙව්වා වෙලා යනවා..

    ඔය ඔක්කෝම ඉතිං තාම බැදලා අවුරුදු 3ක් හින්දද දන්නෙ නෑ.. තාම නම් එහෙම වෙනස් වෙන පාටක් වත් උනන්දුව අඩු වෙන පාටක් වත් නෑ දෙයියංගෙ පිහිටෙං.. මං කොම්පියුටරේ එල්ලිලා ඉන්නකොට උන්දෑ තමා ඇවිත් ඔක්කෝම අමතක කරවලා ඇදලා ගන්නෙ..

    ඇස්වහක් ලටවහක් නෑ ඕං..

    ReplyDelete
    Replies
    1. අනේ වාසනාවන්!

      Delete
    2. මොනාහ්ඩ් අප්පා ඔය 1 13 14 එක එක ඉලක්කම් :O

      Delete
  24. ඇත්තටම ඔය 7 කතාව මොකක්ද.....? 13, 14 නම් හිත ගත හැකි..... දන්නා උදවිය අපි වගේ නොදන්නා උදවියට කියල දුන්න නම්.......

    ReplyDelete
  25. ඇත්ත ඇති සැටියෙන්, වදින තැනට වදින විදිහට !!!!! :)D

    ඉතාමත් හොද ලිපියක් :)D

    මේ අවුරුද්දේ වත් ඉල්ලීම් දිනාගන්න ලැබේවා !!!!! :)D

    ReplyDelete
  26. මල මගුලයි... හප්පේ අපේ ඉල්ලීම් ටික ඔක්කොම ලියලා...

    ReplyDelete
  27. මේක බස්සාගේ නෝනා කියෙව්වද කියලා නෑනේ... සික් අපරාදේ.

    ReplyDelete
  28. කථාව නම් ඇත්ත. ඒත් සොසී අක්කගේ කොමෙන්ටුවත් එකතු උනාම තමා පෝස්ටුව සම්පූර්ණ වෙන්නෙ

    ReplyDelete
  29. මෙතන තියෙන්නේ බාගයයි. මෙහි මුල් නිර්මාණය තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒකෙ තියනවා බිරිඳ මේකට උත්තර දෙන කොටසක්. ඒකත් හොයලා දාන්න.

    ReplyDelete