Saturday, April 13, 2013

අම්මා ගත්ත ආදර යතුර.... (The online love..)



බොහොම අමාරුවෙන් වෙලාවක් හොයගත්තේ ඈ හමුවෙන්න.... අපේ අපේම ලොකෙකට යන්න.... දුර නිසා ලැබෙන වෙලාවල් බොහොම අඩුයි... එයා එකතැනක, මම තව තැනක.... ලැබුනු මොහොතත් උදුරගන්න තරම් එයාගේ අම්ම ක්‍රෑර (ෘ දෙකයි) උනා.... ඒ ගැන මගේ හිතේ මැවිච්ච දුක කවි කරන්න හිතුවා... මේවා දුකට කියවෙන කවි....

පෙම්මබර හදක් ලඟ උපදින ආල හැඟුම්..
වලකනු කෙලෙස හද උපදින අනඟ රැඟුම්...
ලංවී තොදොල් බස් තෙපලා කනට හොරෙන්...
කන් පෙති තද කරමි නොරි දෙන සෙලට සෙමින්...

ආලය සිතේ මොරන විට නොඉඳ දුරින්...
දුවගෙන ඇවිත් තුරැළු වෙන්න බැරි ද ඉතිං...
ලංකර දෙතොල් උණුහුම දෙතොලඟට තදින්...
ගුලි වී වෙලී ඉමු අපි නොගැලවෙන ලෙසින්...

මෝරණ කලට හිත යට ආලේ තදට...
බණ්ඩක්කා මොරණවා වැනි යලට....
ලංකොට තුරුළු කොට ඉන්නට බැරි පවට...
දුන්නේ වැඩිය ලං වෙන්නට දකුනතට...

දෙන්නට පපුව සතපා නෙක හංස රැඟූම්....
ලංවෙමු තුරුල්ලට ගෙන හද තුල ආල රඟුම්...
පාදා තුරුණු ළැම රඟදෙන රුහිරු පෙමන්..
එනවා ලඟදී දකිනට මුදු හංස රෑඟුම්...

දනවා හදවටත රස පිරි හැඟුම් ලයේ...
නුඹ ගැන හදේ පිරි ආලය දැඩිව තියේ...
ඉන්නට තුරුළු වී දවසක නිසල රැයේ...
සිත තුල කිව නොහැ කි තව තව දේ ද තියේ...

ගලවා සිරව ඇති තිසරුන් හනික අතින්...
ලෙලවා දෙකොන ඈතට ගෙන මළවිසරින්..
හිදුවා දෙපා පාදා අඩ සඳ මැනැසින්...
විඳිනට හිතයි රස විල හිත ඇවැසි ලෙසින්...

අඬ සඳ වගේ බාගෙට නැමි රස ගුල්ල...
ඇතැඟිල්ලට දැනෙන අම රස මසැවිලල්...
තෙත බරි ගතිය මතු වෙන කොට සැනසිල්ල...
කවදා මෙල්ල කර ගතහැකි වෙද දඟමල්ල...
 
දිව අග කොනට රස මසවුල්ලක් වැන්න....
අම රහ කිසිම දින නැහැ මට ලතැවිල්ල...
දෙතොලට දෙපස තෙත වුනි නම් නොම පල්ල...
ඇත්තට මැවේ ඔබ හා එක් වුනු කල්ල...

පුන් සඳ වගේ වටකුරු වට හොඳින් සැදු...
හාවා අයින් කර මැද්දට රවුම් යෙදු...
පිවිතුරු ගතිය දෑතට අසු නොවෙන බදු...
පුන් පියයුරට ලොබ නොබඳුනු කෙලස සුදු....

ගොමු ගොමු හඬට කන් දෙනු මිස නොම බඹරා...
තන් කල් බලා පැණි ගොමුවට මුව අතුරා...
රස තැන් බලා ඉව කර පැණි බොනු ඉඳුරා...
මම වෙමි නොවෙඳ නුඹේ හිත ගත් වල් බඹරා...

කවි සිත පුරා නුඹ හොල්මන් කරන විට...
පෙම් කවි අමා රස දහරක් ගලනකොට....
ගොනු කොට අකුරකට පෙන්වනු ලෙස එවිට...
වෙන මොන අනාවැකි කියනුද බැඳී පෙමට...

කවිකම ගන්නේ හද තුල රිද්මයට....
මම කවියෙකු නොවේ බැඳි පෙම නැතිනම් නුඹට...
හදවත පලා පෙරලා දුන්නත් අතට....
නුඹ පෙම තරම් නැහැ වටිනා දෙයක් මට...

කවිකම කලාවකි මම නිති ගරු කරන...
මැවෙනා සිත්තමකි පින්සලකින් අඳින...
සුන්දර රටා හැඩ තල එකිනෙක රැගෙන...
ගලපනු කෙලෙස කවියෙකු නොමවී ම වෙන..

සොඳුරුම සිත්තමක් ලෙස නුඹ සොඳුරුය මැණිකේ...
නුඹේ හිත මගේ හදවත් ගත්තා හනිකේ...
හදවත තරම් නුඹේ ලස්සන වෙන මොනකේ...
නැහැ මට කෙනෙක් හමුඋනේ නම් මයේ මැණිකේ...

දැල්වී පහන් වෙන වැටියක් ගෙන නෙතසිතින...
දැල්වෙනු වලක්වා නවතාලනු අතින....
අම්මා ඇවිත් නම් නොම යාහැකි කෙලෙස...
එහෙනම් ගිහින් හෙට දල් වනු හැකි ලෙසින

තුත්තුරි ගහත් ගස් වෙන කල් මේ ලෝකේ...
තටු නැති ගසකි නුඹ මට මේ තුන් ලෝකේ...
ලඟ නැති පවට හදවත නැගෙනා සොකේ...
ඉවසා දරා ඉමි නොලැඹුන පෙම් සෝකේ...

උදා වුනු හෝ වෙන්න තියන සිංහල දෙමළ අළුත් අවුරුද්ද සුභම සුභ එක්ක වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්... මගේ හිතවත් සහෝදර සහෝදරියෝ සියළුම දෙනාට...!!!

13 comments:

  1. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් අයියා..

    ReplyDelete
  3. උදා වූ නව වසරේ ඔබගේ සියලු පැතුම් ඉ‍ටු වේවා !

    ReplyDelete
  4. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    සිරා කවි ටික :)

    ReplyDelete
  5. බස්සා අයියේ ඔබෙ කවිටික හරිම අගේ
    කියවන විටදි මැවුනා මට මුහුණ ඇගේ
    හිතට ගතට මොන මොනවද උනා වගේ
    ලඟ හිටියනම් දනිමී මම කොරන රඟේ

    මේක කියෙව්වහම මටත් හිතුන අමාරුවෙන් හරි කවියක් ගොතන්න. ඔබගේ blog එකට ලඟදි තමයි සම්බන්ධ උණේ. දිගටම මේ වගෙ ලස්සනට blog එක ලියන්න එක සිතින් සුභ පැතුම්. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. හදවත සතුට උතුරන
    දස අත සැපත පැතිරෙන
    සුබ මිස අසුබ නොගෙනෙන
    ජයම වේවා! වසර එළඹෙන..

    ලැබුවා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරුණූ වාසනාවන්ත නව වසරක්ම වේවා!

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete
  8. නියම කව් ටික මල්ලි
    සුබම සුබ දවසක් වසරක් වේවා ඒ විතරක් නෙමේ ඉදිරි ජිවිතයම වාසනාවන්ත වේවා මල්ලි

    ReplyDelete
  9. ලැබුවා වූ අව්රුද්දේ බණ්ඩක්කා කරලට හිත ඇති ලෙස රස විල කලබන්නට වරම් ලැබේවා කියල එක සිතින් ප්‍රර්ථනා කරනවා... ඔය දුක මමත් ටික කාලයක් කෑව නිසා හොදටම දන්නවා රස කොහොමද කියල...

    ReplyDelete
  10. පරක්කු උනා නෙව සුබ පතන්න මේ ලබලා තියෙන අවුරැද්ද ජය වෙන්ට ඇ
    දුරන් ගමන් ප්‍රේමන් ආශ්චර්යන්

    ReplyDelete
  11. Poker with Friends - JTM Hub
    Join 창원 출장마사지 a poker room 경산 출장마사지 in St. Louis today and play a wide 충주 출장안마 range of games including Texas Hold'em and Omaha games. Start 김해 출장샵 the day 대구광역 출장샵 by playing poker online for free or

    ReplyDelete