Friday, June 17, 2011

පොලිස් කථා 1

කාලයක් මම මානව හිමිකම් සම්බන්ධ ආයතනයක වැඩකලා. සේවය කලේ වව්නියාව කාර්යාලයේ. ඒ කාලේ අපිට මානව හිමිකම් සම්බන්ධයෙන් පුදුමාකාර උණක් තිබුනේ. ඒ කාලේ නිතරම පොලිසිය, යුධ හමුදාව සමග වැඩ කලා. ඔය කාලේ මං වව්නියාවේ පොලිස් අධිකාරී කාර්යාල‍යෙන් පොලිස් නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන් වල මානව හිමිකම් සම්බන්ධ භාහිර දේශකයෙක් විදියට සම්බන්ධවෙලා හිටියා. මේ අවස්ථා වලදී මං ගොඩක් වෙලාව උදාහරණ විදියට පාවිච්චි කරන්නේත් පොලිසිය සම්බන්ධ කථා තමයි. ඒවා ඉතාම රසවත් වගේම පස්සේ කල්පනා කරන්න දේ ගොඩක් ඉතිරි කරනවා.
මං හිතුවා ඒ පොලිස් කථා කීපයක් පල කරන්න..
මේක මීට අවුරැදු ගානකට කලින් මඩකලපුව පැත්තේ රාජකාරී කරපු පොලිස් අධිකාරීවරයෙකුට වෙච්ච සිද්ධියක්. දවසක් උදේ මෙතුමා රියදුරා එක්ක රාජකාරී සඳහා වාහනේ යනවලු. රියදුරා බොහොම මෑතකදි පොලිසියට බැඳුනු තරැණයෙක්ලු. මෙතුමා දැක්කලු රියදුරාගේ මුණ වැඩිය හොඳනැති ගතියක්. එතන ඉඳලා කථාව වෙච්ච විදියටම ලියන්නම්.
අධිකාරී - මොකද අයිසේ මූණේ හැටි.. ටිකක් හිනාවෙලා ඉන්නවකෝ උදේ පාන්දර.
රියදුරැ - නැහැ සර්..මේ ..මේ...
අධිකාරී - මොක්කද අයිසේ ගොත ගහන්නේ.. තමාසෙට මොනහරි ප්‍රශ්ණයක් තියෙනවද ?
රියදුරැ - පොඩි ප්‍රශ්ණයක් නම් තියනවා සර්.. ඒත් මේ...
අධිකාරී - කියනවා අයිසේ... කියනවා.. මොකක් ද?
රියදුරැ - මං ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියනවා සර්.. දැන් ඒ ගෑණු ළමයා කියනවා අම්මලා   තාත්තලා වෙන කෙනෙක්ව හොයනවළු බන්ඳලා දෙන්න.
අධිකාරී - අපෝ ඕක මොකක්ද අයිසේ... තමුසේ මහ බය ගුල්ලේක්නේ.. කෙලින්ම ගිහින් අහනවා.
රියදුරැ -  අනේ බයයි සර්.. ඒගොල්ලෝ හරි සල්ලිකරයෝ.. තාත්තා හරිම වසයිළු..
අධිකාරී - අනේ ඕයි.. තමුසේ පොලිසියේ කියලා කියන්නත් ලැජ්ජයි. එහෙම මොනාහරි උනොත් කේස් එකක් දාලා තාත්තව ගන්නවා ඇතුලට.. දෙක තුනක් දෙනකොට නිකම්ම කැමති වෙයි.. තමුසේ බය නැතිව ඉන්නවා.. මොනාහරි උනොත් මං ඉන්නවානේ..
රියදුරැ - අනේ බොහොම ස්තූතියි සර්.. මං ගෑණු ළමයට කියන්නම් සර්..
අධිකාරී - හරි.. හරි.. දැන් ඉස්සරහා බලාගෙන එළවනවා.

සති කීපයකට පසු..
අධිකාරී - මොකද තමුසේ අදත් මූණ එල්ලගෙන.. කෙල්ල මොකද කියන්නේ.
රියදුරැ - වැඩක් නැහැ සර්..මාගේ ජීවිතෙත් එපා වෙලා තියෙන්නේ දැන්.. කෙල්ල කියනවා ඉක්මනට මොනාහරි නොකොලොත් එයා ගැන අදහස අතඇරගන්න වෙයිළු.
අධිකාරී - ඉතිං තමුසේ මොකද කිව්වේ..
රියදුරැ - මං මොනවා කියන්න ද සර් ?
අධිකාරී - කොන්ඳ කෙලින් වැඩකරනවා.. පිරිමියෙක් වගේ.. කෙල්ල අඩු වයසද ? , කෙල්ල තමුසෙට ආදරේද ?
රියදුරැ - වයස හරි සර්, ඕව් සර්...එයා මට ගොඩක් ආදරෙයි...
අධිකාරී - තමුසේ...?
රියදුරැ - ඔව් සර්... එයා මගේ පන... මං මගේ ජීවිතේටත් වැඩිය එයාට ආදරෙයි..
අධිකාරී - එහෙනම් මොන් මගුලද ඕයි තවත් බලාගෙන ඉනනේ.. තාත්තටයි අම්මටයි බමිබු ගහගන්න කියලා උස්සගෙන යනවා ඕයි... මොනාහරි උනොත් මං බලාගන්නම්.. තමුසෙට ඕනේ නම් මං ට්‍රාන්සර් එකකුත් හදලා දෙන්නම්.
රියදුරැ - කමක් නැද්ද සර්..
අධිකාරී - කමක් නැයැ ඕයි ... උස්සගෙන යනවා... තමුසේ වගේ පොලිස් කාරයෙක්..
දින කීපයකට පසු පොලිස් අධිකාරීවරයාගේ විසි දෙහැවිරිදි දියණිය අතුරැදහන් වී ඇති අතර ඇය විසින් ලියා තබන ලද ලිපියක සඳහන් තමා සිය පියා විසින් තම පෙම්වතාට දෙන ලද උපදෙස් මත මෙම තිරණය ගත් බවයි. අදාල පොලිස් අධිකාරීවරයා විශ්‍රම යනතෙක්ම රියදුරෙකු යොදා නොගන්නා ලදී.

14 comments:

  1. හික්ස් මරු වැඩේ! :D

    ReplyDelete
  2. හික්ස්. මරු කතාව.
    අත්ත තමා මාත් දන්න අය ඉන්නව සමහර තාත්තලට තමන්ගෙ දුව විතරයි දුව .ඒ වයසේ ඉන්න අනිත් දැරිවියන් පේන්නෙත් වෙනස් විදියකට.

    ReplyDelete
  3. මචන් එල කතාව,උඹේ තියන අද්දෑකීම් එක්ක පොඩ්ඩක් සිවිල් නීතිය,මානවහිමිකම් ගෑන පොඩි දෑනුවත් කිරීමක් කරපන් කෝ...

    ReplyDelete
  4. අප්පච්චියේ පිස්සු කොර. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? දැන් ඒ දෙන්නා යහතින් ඉන්නවද? :D

    ReplyDelete
  5. හික් හික් ඉල්ලන් කෑම රහ වැඩිය....

    ReplyDelete
  6. මරු කතාව..

    ReplyDelete
  7. නියම කතාවක්.උඹ වගේ අත්දැකීම් තියෙන එකෙක් ලොකු වැඩකට අතගහපන්කො නවකතාවක් ලිව්වොත් නරකද.උඹගෙ කතාවල අමුතු ගතියක් තියෙනව.උඹට තව තවත් හොඳට ලියන්න ශක්තිය.

    ReplyDelete
  8. කියවපු..කමෙන්ටු දාපු නොදාපු හැමෝටම බොහොමත්ම ස්තූතියි...තව තව ලියන්න ලොකු ශක්තියක්..
    @ අසංක - ඔය අදහස මට දොස්තර නෝනත් දුන්නා.. මං කල්පනා කලේ වෙනමම බ්ලොග් එකක් ණිර්මාණය කරන්න කියලා.. පොඩි තාක්ෂණික සහයක් දෙන්න කෙනෙක් ඉන්නවා නම් හොඳයි..මං දැන් ක්ෂේත්‍රෙයෙන් අයින්වෙලා අවුරැදු තුනක් විතර.. බෙදාගන්න කියවන්න අත්දැකීම් පොත පත මා ලඟ තියනවා..ඊ පුස්ථකාලයක් පවා තියනවා..(අත්‍යාවශ්‍ය ලිපි ලේඛණ සහිත) ස්තූතියි දිරිගැන්වීමට..
    හැමට ජය......

    ReplyDelete
  9. අපේ උන් ඔහොමමයි. අනුන්ට කෙලින්න කැමතියි, තමන්ට කෙලවෙන බව දන්නේ නෑ කවදා හරි!

    ReplyDelete
  10. පට්ටයි, නියම උපදේස ටික තමන්ගෙ බෑනට දීලා තියෙන්නෙ ...

    ReplyDelete
  11. ලොක්කා මටත් තියනවා කතා ටිකක් කියන්න
    මට උබව කොන්ටෑක් කොරන්න ක්‍රමයක් කියපන්කො
    මූනුපොත උනත් කමක්නෑ

    ReplyDelete
  12. @ පුන්සර... බොහොම ස්තුතීයි..... මේල් කරන්න... jbasnayaka8@gmail.com

    ReplyDelete