Sunday, August 21, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 3 (ගුටි නොකා සිටීමේ අයිතිය)

අද කථාකරන්න යන අයිතිය සම්බන්ධයෙන් නම් ගොඩාක් කරැණු තියෙයි ඔයාලටත් කියන්න..මේ අයිතිය අපේ ජීවිතේට හරිම වැදගත්. මේ ගැන හොඳ අවබෝධයක් ලබාගන්න නම් මේ ගැන වැඩි වශයෙන් සාකඡ්ඡා කරන්න ඕනේ. බොහොමයක් අයිතිවාසිකම් ගැන පැහැදිලි වෙන්නේ ඒවා සාකඡ්ඡා කිරීමෙන්ම තමයි.

අද කියන්න යන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 11 වන වගන්තිය ගැනයි. ‍ඉතා සරළවම කිව්වොත් “ගුටි නොකාසිටීමේ” අයිතිය ගැනයි. අපි බලමු මේ 11 වැනි වගන්තිය.. 11 වැනි වගන්තිය ‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ දැක්වෙන්නේ මේ විදියට..

“කිසිම තැනැත්තෙකු වධ හිංසා වලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකල යුත්තේය.” 

වධ හිංසාව කායික හිංසනය සහ මානසික හිංසනය වශයෙන් ප්‍රධාන කොටස් 2 කට බෙදිය හැකිය. අද ශ්‍රී ලංකාව තුල මේ දෙයාකාරයෙන්ම වධ හිංසාව සිද්ධවෙනවා. මේ වගන්තිය දැක්ක ගමන් අපිට මතකයට එන්නේ කවුද ? ....ඔව්..... ඔබ හරි...පොලිසිය... අද අපේ රටේ පොලිසියත් වධ හිංසාවත් ඒ තරමටම සම්බන්ධයි. අනිත් ආයතනත් නැතුව නෙමෙයි. ඒත් මේ  සම්බන්ධයෙන් වැඩියෙන්ම චෝදනා එල්ලවෙන්නේ පොලිසියට. ඒකට එක් හේතුවක් තමයි පොලිසිය වැඩිවශයෙන් සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටීම. අනිත් කාරනය තමයි දැනුවත්භාවය සහ පුහුණුව අඩුකම. මෙතනදී අපිට තව කාරනයක් බලන්න වෙනවා. ඒ තමයි මානසික හිංසනය ගැන. අපි ගනං නොගත්තට සමහරවිට අපි නොදන්නවා වුනාට අපි බොහෝ තැන්වලදී මානසික හිංසනයට ලක්වෙනවා. ඉතින් මේක ගැනත් අපි ටිකක් වැඩියෙන් කථා කරමු. අපි ඉහත වගන්තිය විග්‍රහ කරගමු.

මෙහි දී වධ හිංසාව කියන වචනය ගත්තොත් කිසිම තැනැත්තෙකුට ශාරීරිකව හෝ මානසිකව පීඩා අතිකරන ඕනෑම ක්‍රියාවක් වධහිංසාවක් කියන්න පුලුවන්. 

මොනාද මේ කෲර වධ හිංසා කියන්නේ... ඕන තරම් කියන්න පුලුවන්. ලංකාවේ හැම ජාතියකම වධහිංසාවන් ගැන ඇහිලා තියනවා. පහරදීමේ සිට නියපොතු ගලවන ඒවා.. අයන් වලින් පුච්චන ඒවා.. ඇස්වලට මිරිස් කුඩු දාන ඒවා... ඔයවගේ දේවල් ඕන තරම් ලංකාවේ වෙලා තියෙනවා. මේ හැම එකක්ම මේ අපි තියන කෲර වධහිංසාවන්ට අයත්වෙනවා. 

                    අපි පොලිසිට මේ සම්බන්ධ වැඩමුළු පවත්වනකොට මේ මාතෘකාව විවාදයට බඳුන්වෙනවා හැම අවස්ථාවකදිම. බොහෝවිට පොලිසිය කියන්නේ පහරදෙන්නේ ඇත්ත දැනගන්න කියලා. ඒත් ඒ ක්‍රමය වැරදියි. කිසිම අවස්ථාවක පාපොච්චාරනයක් සාක්ෂියක් විදියට භාවිතාකරන්න බැහැ. ඒක බොහොම පැහැදිලිව සාක්ෂි ආඥා පනතින් දක්වලා තියනවා.

1995 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත

25 වන වගන්තිය
"පොලිස් නිලධාරියෙකුට කරන ලද වරද කියා පැමක් චෝදනා ලැබ සිටින්නකුට විරුද්ධව ඔප්පු නොකල යුතුය."ඉන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකුට බලපැම් කර හෝ වධ හිංසා කර හෝ ප්‍රකාශ ලබා ගැනිම වලක්වා ඇත.


26(1) උප වගන්තිය
"පොලිස් නිලධාරියෙකුගේ ආරක්‍ෂාව යටතේ සිටින කාලය තුල යම් තැනැත්තකු විසින් කරනු ලබන වරද කියා පෑම ඔහුට විරුද්ධව ඔප්පු කල නොහැකිය." මෙහිදි මහේස්ත්‍රාත් ඉදිරියේ කරනු ලබන වරද කියා පෑමක් පමනක් ඔහුට විරුද්ධව ඔප්පු කිරිමේ හැකියාව ලබා දී ඇත්තේ ද ඔහුට වධ හිංසා කර ප්‍රකාශ ලබා ගැනීම වැලැක්වීම සදහාය.

මේ නිසා කොයිතරම් වධදීලා ප්‍රකාශ සටහන් තරගත්තත් ඒ ප්‍රකාශ අදාව පුද්ගලයට විරැද්ධව පාවිච්චි කරන්න බැහැ.
මේක කිව්වාම පොලිස් නිළධාරීන්ගේ අනිත් තර්කය තමයි “ඒ වුනාට අපිට නඩු භාණ්ඩ හොයාගන්න එහෙමත් නැත්නම් ඒවා තියන තැන් දැනගන්න පුළුවන්නේ” කියන එක. හරි කථාව ඇත්තනේ. මේක හුඟක්ම බලපාන්නේ හොරකම යටතනේ. හොඳයි අපි දැනට ඒක එහෙම තියමු. හැබැයි පොලිසිය පහරදෙන්නේ හොරැන්ට විතරමද කියන එකේ ගැටළුවක් තියනවානේ.  මේ උදාහරණය බලන්නකෝ.


මේ සිද්ධිය මිනීමැරැමකට සම්බන්ධ එකක්. පොලිසියට ලැබුනු තොරතුරකට අනුව මිනිමැරැමට සම්බන්ධව මේ පුද්ගලයව අත්අඩංගුවට ගත්ත. මේ පුද්ගලයට පහරදීලා විවිධ වධ දීලා "උඹ නේද මැරැවේ ? උඹ මේකට සම්බන්ධයි ‍නේද ? කියන ප්‍රශ්ණ අහලා තියෙන්නේ.  එක දවසක් පොලිසියේ තියාගෙන පහරදීලා. පස්සේ තමයි පොලිසිය අදාල පුද්ගලයා මොහු නෙමෙයි කියලා දැනගෙන තියෙන්නේ. එතකොම ඔහුට වෙන්න ඕන ටික වෙලා ඉවරයි. මේ සිද්ධිය තමයි දැනට ලංකාවේ වැඩිම වන්දියක් ගෙවන්න නියම වුනු මූලික අයිතිවාසිකම් පෙත්සම. පොඩ්ඩක් ඉන්න තාම ඉවර නැහැ. මේ සිද්ධියට අදාල ‍ජෙරල්ඩ් මර්වින් පෙරේරා මහතා ශ්‍රි ලංකාවේ මුලික අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක් කලා. අවසානයේ වත්තල පොලිසියේ නිළධාරීන්ගේ කොන්ත්‍රාත්තුවකට ඒකාලේ රාගම (මට මතක හැටියට රංග වගේ නමක්) පැත්තේ හිටපු චන්ඩියෙක් ගෙන් වෙඩි කෑවා. පස්සේ මේ සිද්ධිය මතුවේගන එනකොට මේ චන්ඩියා පොලිසියෙන් වෙඩි කාලා මලා. අර සිද්ධිය එහෙම්ම යට ගියා.
මේ ලිපිය ඉතිරිය ඉක්මනටම දෙන්නම්. අවසානයේ මෙන්න මේ වගේ සටහනකුත් තියලම යන්න හිතුනා.

එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..

 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

10 comments:

  1. අතිශයින්ම වදගත් ලිපි පෙලකට ඔබ මුල පුරලා තියනවා,මූට ටොක දිනකට පෙර මම ආවාටය තුලින් නීතිය ගෑන තියන අඩු දෑනුම ගෑන කතිකාවක් ගොඩ නගන්න උත්සහ කලාඅ,
    ඔබගේ මේ ලිපි පපෙල දිගටම ලියන්න ඇත්තටම ගොඩක් වෑදගත් ලිපි පෙලක්......

    ReplyDelete
  2. නොදන්නා කරුණු බොහෝමයක් දැන ගත්තා. ගොඩාක් ස්තුතියි බස්සෝ.

    ReplyDelete
  3. @ අසංක..... බොහොම ස්තූත්යි ඔබට... අපි එකතුවෙලා මේ සමාජය දැනුවත් කරමු...

    @ ගිම්හානි.... ස්තූතියි නංගි.....

    මං කැමතියි පොඩි ඉල්ලීමක් කරන්න... මේ ගැන සංවාදයක් ගොඩනගන්න..... අපි අතර ඕන තරම් ජෙරල්ඩ්ලා ඉන්න පුළුවන්..... අපි මේවා ගැන කථා නොකරනතාක් තව තවත් ජෙරල්ඩ්ලා දුක් විඳියි... එන්න අපි මේ ගැන කථාකරමු....

    ReplyDelete
  4. එතකොට පොලිස් පැමිණිලි පොතේ බලෙන් ලියලා අත්සන් ගන්න ඒවා, ඒවා පාවිච්චි කරන්න පුලුවන්ද පොලිසිටය ........

    ReplyDelete
  5. @ පන්සල් හංදිය.... මං හිතන්නේ ඔය කියන්නේ පැමිණිල්ලක් දාන්න ගියාම වෙන දෙයක් වෙන්න ඕනේ.. අපි ගොඩක් වෙලාවට ඕක කියවන්නේ නැතුව අත්සන් කරනවා.. හැබැයි ලියලා තියෙන්නේ කියවා බලා තේරැම්ගෙන ‍අත්සන් කරමි කියලා... ‍අපිට අපි දෙන ප්‍රකාශය නිවැරදිව ලියලා තියෙනවද කියලා බලන්නත්, එය නිවැරදි නැත්නම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්නත්, එහෙමත් නැත්නම් ‍සංශෝධනය කරන්නත් අයිතියක් තියනවා..කිසිම දෙයක් බලෙන් අත්සන් කරගන්න බැහැ.. එහෙම දෙයක් සිද්ධවෙලා තියෙනවානම් ඒ පිළිබඳව විභාග කරන අවස්ථාවේදී ගරැ අධිකරණට දැනුම්දෙන්න පුලුවන්..

    ReplyDelete
  6. බොහෝම වැදගත් ලිපියක්.. බොහොම ස්තූතියි!!
    කාලීන අවශ්‍යතාවයක් මේ ගැන සමාජය දැනුවත් කිරීම.. අද ගොඩක් දෙනා මේව ගැන දැනුවත් නෑ.. දැනුවත් වුනානම් ගොඩක් ප්‍රශ්ණ වලින් මිදෙන්න තිබුනා

    ReplyDelete
  7. ඒ කියන්නෙ වලහා ලවා "මං හාවෙක්" කියව ගත්තට ඒක සාක්ෂියක් විදිහට පිළිගන්න බැහැ.
    ලංකාවෙ පොලිසිය හා නීති කරවන ආයතන ගැනනම් කතා කර වැඩක් නැත. වෙන රටකදිවත් ප්‍රයෝජන ගනු වස් මේ අයිතීන් දැන සිටීම වටී. මම දැනන් හිටියෙ නෑ අර සාක්කි පිළි නොගන්න කතාව. එහෙම කරන්න අයිතියක් නැතුව ඇති කියා හිතුවත්, මෙතරම් පැහැදිලිව ඒ ගැන නීතියේ කියා ඇති බව දැන ගත්තෙ අද.
    අපි නොදන්නවට මේවා කොස්සො දන්නවා ඇතිනෙ.

    බොහොම ස්තුතියි බස්සො.

    ReplyDelete
  8. BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA GANA KATHAKARANNA BERI. THOGE GANIGE REDDA KAWURUHARI GALEWWATH THO ENNA ONA SRILANKA POLICIYATA NEDA. THOTA EWA HITHENNADDA BALLO/BASSO.

    ReplyDelete
  9. BALLO/BASSO AY THOTA POLICIYA KARANA SEWAYA GANA KATHAKARANNA BERI. THOGE GANIGE REDDA KAWURUHARI GALEWWATH THO ENNA ONA SRILANKA POLICIYATA NEDA. THOTA EWA HITHENNADDA BALLO/BASSO.

    ReplyDelete
  10. මේක නම ගොඩක් වටිනවා. ගොඩක් ප්‍රශ්න ඇති වන්නේ නොදැනුවත් කම නිසා.
    කොහොම හරි සමාජය මේ ගැන දැනුවත් වෙනවනම් පොලිසිය උනත් මීට වඩා සංවරව හැසිරෙයි.
    තව තව මෙවැනි ලිපි පලකරන්න.

    ReplyDelete