Tuesday, August 23, 2011

කථන්දර මාමා සහ අනෙකුත් අයට කියමි.......

http://kathandaramama.blogspot.com/2011/08/blog-post_23.html යන ලිපියට කමෙන්ටුවක් දැමීමට උත්සහ කලද එය පෝස්ට් එකක් තරම් දිගු විය....

කථන්දර මාමා සහ අනෙකුත් අයට කියමි....අපි සිංහලය ඒකේ ආයිත් හදන්න දෙයක් නැත.. ඔය ජාතිකත්වය හරි අපූරැය....අම්මාට වගේම අපි තාමත් රටට ආදරේය.... 
තම භාෂාවෙන් පමනක් වැඩකරන රටවල් ඇත යන කථාව ඇත්තය.. අදටත් ජපානය වැඩ කරන්නේ ඔවුන්ගේ භාෂාවෙනි... චීනයේ නිපදවන සෑම භාණ්ඩයකම ඇත්තේ ඔවුන්ගේ භාෂාවය... විශ්වාස කරන්න ඇමරිකාවේ ඉංග්‍රීසි බැරි සුද්දෝ සිටිති.. ඇත්තමට උන් සුද්දෝ කිව්වට උන්ගේ සුදු පාට විතරය.. උන් ස්පාඥ්ඤ ජාතිකයන්ය..නමුත් මේ හැම රටකම එසේ වී ඇත්තේ ඒ රටේ භාෂවට අදාල තැන ඒ රටවල් තුල තිබීමය.

අද අපේ රටේ ඉංග්‍රීසිය බැරිනම් රැකියාවක් සොයා ගත නොහැකිය.. ඇතත් ඒ ඉංග්‍රීසි දන්නා එකෙකුට කඩේ යන රැකියාවකි. රජයේ සේවයට බඳවා ගැනීම සඳහා ඇති සියළු විභාග පැවැත්වෙන්නේ ඉංග්‍රීසියෙනි.. රජයේ කාරියාලයකට වැඩක් කරගන්නට ගියොත් ඉංග්‍රීසිය නැත්නම් කුඩම්මගේ සැළකිලිය. පෞද්ගලික අංශයේ රැකියා ගැන කථාකරන්නට දෙයක් නැත. ඉංග්‍රීසිය නැත්නම් පියොන් කමක්වත් ලැබෙන්නේ නැත..බොහොමයක් පෝරම ඇත්තේ ඉංග්‍රීසියෙන්.. එක් අයදුම්කරැවෙක් Sex:- යනුවෙන් අසා තිබු ප්‍රශ්ණයකට සතියට දෙපාරයි යනුවෙන් ලියාතිබූ බවක් අසා ඇත.

අනිත් කාරණය නම් ගෝලීයකරණයයි... ඉංග්‍රීසිය යනු ජාත්‍යන්තරව ගණුදෙනු කල හැකි එකම මාධ්‍යයි.. අපිට ඉංග්‍රීසිය අවශ්‍යය. එය පිළිගත යුතුය. නැත්නම් වන්නේ අපිට හුදකලා වන්නටය..මේ ගැන වැඩිදුර කථාකරන්නම අවශ්‍යය නැත. 

පරිඝනක ඉතිහාසය හා සසඳන කල අන්තර්ජාලය තුල සිංහල වෙබ් අඩවියක් ආරම්භවුයේ බො‍හෝ මෑතකදීය.. එයද ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත සිංහලට ආදරය කරන උන් නිසාය.. රජයේ බොහෝ වෙබ් අඩවි සිංහලෙන් තිබුනද ඒවා වැඩකරන්නේ නැත... සමහර ඒවායේ ඉංග්‍රීසියෙන් තියෙන තොරතුරැ හා සසඳන කල ඉන් කාලක් වත් සිංහලෙන් නැත.. සමහරක් ඒවා යාවත්කාලීන වන්නේම නැත. යම් නීති රීති ගැන සිංහලෙන් අධ්‍යනය කරන්නන්ට සිංහල පිටපතක් හොයාගන්නට ඉමහත් වෙහෙසක් දැරිය යුතුය. අන්තර්ජාලයේ ඇත්තේම නැති තරම්ය.. මේ හෙළ බසේ ප්‍රායෝගික තත්වයයි.

අර සුද්දා‍හෝ වෙන අයෙක් කියා ඇති සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයාකථාව සහතික ඇත්තය.. එදා සිටම අප කලේ ගොන් තකතීරැ වැඩය.. බණ්ඩාරණායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කර රජයේ පාසැල් පද්ධතියෙන් ඉංග්‍රීසිය අයින් කරන විට අපි හුරේ දැම්මේමු... ඉතිහාසගත ජයක් බණ්ඩාරනායක මහතාට ලබා දුන්නෙමු. එතුමා ගමේ දරැවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම අත්හිටුවා තම දරැවන්ට උගන්නන්න එංගලන්තයට, ප්‍රංශයට යැවීය.... අපි හරි ආඩම්බර වුයෙමු... අපේ රාජ්‍ය භාෂාව සිංහලය.. පසුකාලීනව එතුමාගේ දියණිය රටේ රාජ්‍ය නායිකාව විය... පුතා කථානායක විය.. අපිට කෙළවිය... එදා සිට අද දක්වා පත්වු බොහෝ නායකයන් ‍‍කලේ තම පැලැන්තිය රැකීමය.. පොඩි මිනිහෙකුට එන්නට දුන්නේම නැත... "කෝටු මිටියේ" කථාව අප වැනි මෝඩයින් දන්නේම නැත....පාලකයින් හැමදාම එක එක බෙදීම් ගෙනාවෝය.. අපි මරාගතිමු... ආගමට මරා ගතිමු... ජාතියට මරා ගතිමු...පක්සෙට මරාගතිමු... උන් අපිට පේන්න මරාගෙන එක මේසයේ වට වී කති බොති... අපි තාමත් මරාගන්නෙමු... හොඳම උදාහරණය පසුගියදා පැවති එජාප සත්‍යග්‍රහයයි... මිනිස්සු නායකයාට බැන්නේ පොන්නයා... කොළුකාරයා... කියාය... සංවිධායක කට්ටියට මාර ආතල්ය... ටික වෙලාවකින් කට්ටියක් කට්ටියක් රැස්වීමට ගියාය... රෝසි, බුද්ධික ඇතුළු කිපදෙනෙකුට කෙලවිය... ජකතාවට දෙකෙලවිය..

මං අර ඔබ හිටිය බස් එකේ හිටියානම් මං ඒ දෙමව්පියන් අනිවාර්යෙන්ම  සුභ  පතමි... ඒ මට බැරි වුන දේ ‍ඔවුන් තම දරැවන්ට දෙන නිසාය... අවංකවම මට හැකියාවක් තිබුනි නම් මං ඉතා සතුටින් මගේ දරැවන් ජාත්‍යන්තර පාසැලකට යවමි. මගේ දරැවන් යන්නේ රජයේ පාසැල් වලටය...  ඔවුනටද උගන්නනේ අපිට ඉගැන්වු ඉංග්‍රීසිය.... ඉංග්‍රීසි ගුරැවරිය පන්තියට එන විට අපි හැංගුනෙමු... කාළයත් සමග ලොකුවන විට අපිට ඉංග්‍රීසි එපා විය.. .එපා කරවන ලදී... පසුව අපි භාෂාප්‍රේමීන් වීමු.... ඉංග්‍රීසි කථාකරන්නවුන් ද්‍රෝහීන්ය..... ඉංග්‍රිසි උගන්වන්ට හදන දෙමව්පියන් ද්‍රෝහීන්ට උදව්නරන්නන්සේ දිස්විය.... "ජෙප්පෝ"ද එකල අපිට බොහෝ උදව් කලේය.... ඔවුන් පාසැල්වල උද්ගෝශණය කරන්න අපිව පාවිච්චි කලේය.... අපිද උන්ට ඕන විදියට පාවිච්චි උනෙමු... පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියා කෑගසන විට අපිට මාර ජොලිය... අපි නැවතත් හුරේ දැම්මෙමු... එවරද අපිටම කෙළවිය..

ඔබ ඔය කථාකරන දෙමළ රික්ෂෝකරැ සුළු චරිතයකි... උතුරේ යුද්ධය උග්‍රව පවතින කාල වල පවා ඔවුන් පාසැල් වැසුවේ නැත... යාපනය විශ්ව විද්‍යාලය වැසුවේ නැත... ඉල්ලීම් ඉල්ලා උද්ගෝෂණය කර විශ්ව විද්‍යාලය වසා දමන්නට වැඩ කලේ නැත. කොළඹින් ගොස් යාපනය පුස්ථකාලය ගිණි තියන තුරැ එය ඔවුනගේ දැනුමේ කේන්ද්‍රස්ථානය විය...ජනවර්ගයක් විනාශ කිරීමේ හොඳම ක්‍රමය අධ්‍යාපනික වශයෙන් ඔවුන්ව අඩපන කිරීම බව දේශපාලකයින් හොඳින් වටහා ගෙන ඇත..

ඔබගේ ඔය ජාත්‍යාලය, භාෂාවට වන හානිය පිළිබඳ ඇති කැක්කුම ඉතා අගය කරමි. මා තුලද ඔබට වැනිම කැක්කුමක් ඇත... දුකට කාරනය වන්නේ ඔය කැක්කුම කිසිම ආකාරයකියන් රටට වැඩදායි කරැණු සඳහා ස‍හය නොවීමයි... නිදහස ලැබී  වසර 50 ක් ගෙවුනද අප තාම ඇල්පෙනිත්තක් වත් හදන්නේ නැත... හැදුවත් ඒ හැදීමක් නොව එකලස් කිරීමකි... ෆඑම් නාලිකා ගැන මා කථා කරන්නට කැමති නැත....කඩ කාරයා විකුනන්නේ විකිනෙන දෙයකි..... මිනිස්සු ඉල්ලන දෙයකි.... මිනිස්සුන්ට අහිතකර දේ විකුනන්නංට එරෙහිව ක්‍රියාකරන යාංත්‍රනයක් අප රට තුල ඇති බව දනිමි..

ඔබ හරිය සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයාකථාව සහතික ඇත්තය...

15 comments:

  1. හිතවත් සොයුර - මේකෙ සමහර කාරන එක්ක මට නම් එකඟ වෙන්න බැහැ..රජයේ සේවයට බඳවා ගන්න විභාග සියල්ලම කරන්නෙ ඉංග්‍රීසියෙන් කියන එක..නැහැ..නමුත් ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයක් වෙනම ඇත..සිංහලෙන් සහ දෙමල භාෂාවලින් ලිවීමට හැක.උපාධියෙන් පස්සෙ මමත් ඔය හැම විභාගයටම ලිව්ව නිසා දනිමි.දැනට සේවය කරන ආයතනයේද රජයේ සේවයට බඳවා ගැනීමේ විභාග පවත්වන නිසා එය සත්‍යයකි.සමාවෙන්න..ඔබේ සයිබර් අවකාශය තුල ඔබට ඕනිම දෙයක් ලිවීමෙ අයිතිය ඇති නිසා මීට වඩා යමක් නොකියමි.

    ReplyDelete
  2. @ Weni...... ඔව් වෙන්න පුළුවන්..... මං කියන්න උත්සහ කරන්නේ සිංහල විභාග මෙච්චරයි, දෙමළ විභාග මෙච්චරයි තියන එක නමෙයි සහෝදරයා.... රටේ පවතින පොදු තත්වයක් ගැන.. පාලකයෝ හැම තිස්සෙය උත්සහ කරන්නේ මැට්ටෝ පිරිසක් බිහිකරන්න.. උන්ගේ පැවැත්මට... මං කැමතියි විවේචනයට... එතකොට තමයි පාඨකයාට නිවැරදි දැක්මක් ඇතිවෙන්නේ...

    ReplyDelete
  3. එදා ඉදන් අපට උනේ කෙලවීමම තමා.අදත් එහෙමයි.හෙටත් එහෙමයි.

    ReplyDelete
  4. කොළඹ පැත්තේ රවුමක් ගැහුවොත් සිංහල බිංදුවක්වත් නොදන්න විදිහට ඉංග්‍රීසියෙන් කතාකරන අය ඕනතරම් දකින්න පුළුවන්. ලංකාවෙම ඉපදිලා ලංකාවෙම ජීවත් වෙන වෙන රටකට කවදාවත් නොගිය ඒත් සිංහල කතා කරන්න බැරි අයත් ඕන තරම් ඉන්නවා. දැන් එන්න එන්න භාවිතය අඩුවෙන ගතියක් තමයි මටනම් පේන්නේ. එහෙම එකේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කළානම් අපේ සිංහල භාෂාව ඉක්මනින්න්ම නැතිවෙලා යයි නේද? අනික ඉංග්‍රීසි ඉගෙන ගන්න ජාත්‍යන්තර පාසලකට යා යුතුමද? සිංහල පාසලට ඉගෙන ගත්තු ඔබ තුල තිබෙන යම් යම් හොඳ ගුණාංග ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා දරුවා තුල ඇතිවෙයිද?

    වැරදිවට තේරුම් ගන්න එපා. ඉංග්‍රීසියට බැන්නා නෙමෙයි. ඉංග්‍රීසි දැනුම අද කාලේ අත්‍යාවශයි. මමත් දැන් ඉගෙන ගන්නේ ඉංග්‍රීසියෙන්. මම හිතන්නේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අද අපේ රටේ බොහෝ තැන් වල ඉංග්‍රීසි පුළුවන් කෙනාට වැඩි සැලකිලි ලබා දෙන එකයි. කොටින්ම කියනවානම් ඕලෙවල් ෆේල් වෙච්චි හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනා, ඒලෙවල් පාස් වෙච්ච ඉංග්‍රීසි බැරි කෙනා කරන රැකියාවට වඩා හොඳ, වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කරනවා. ඇත්ත ඒකයි. ඒත් එහෙමයි කියලා බොහොම දියුණු භාෂාවක් වෙච්චි සිංහල අපි අමතක කරන්න ඕනෙද?

    ReplyDelete
  5. භාෂාවක් කියන්නෙ අදහස් හුවමාරු කරගන්න මාධ්‍යයක්. සිංහලය බෙහෙවින් පොහොසත් මෙන්ම සුන්දර භාෂාවක් බවට සැකයක් නැහැ. නමුත් ඉක්මණින් වෙනස්වන ලෝකයත් එක්ක සිංහලය වෙනස් නොවන්නේනම්, විශ්ව දැණුම ලබා ගතයුතු භාෂාව ප්‍රගුණ කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ. "ස්කූල් එකේ බුක්ස් බයි කරන්න මනී බ්‍රිං කරල නෑ" ජාතියේ ඉංග්‍රීසි දරුවන්ට හුරු කරනු වෙනුවට, ඒ බස නිවැරදිව හැසිරවීමට උගැන්වීම වැදගත් බව මම හිතනවා. ඒ සඳහා, හැකියාව ඇති දෙමවුපියන් දරුවන්ට ඉංග්‍රීසියෙන් කතා කිරීමේ වරදක් මම දකින්නෙත් නැහැ. සිංහල බස ගැනත් කියන්නට ඇත්තෙ ඒකමයි. සිංහලෙන් කතා කරන වෙලාවට, හැකි තරම් නිවැරදිවත්, වැඩිපුර සිංහල වචනම යොදාගෙන ඒ බස හැසිරවීමටත් දරුවන් පුහුණු කරනවානම් අගෙයි.
    භාෂාව පිළිබඳව අනෙක් ගැටළු මතු වෙන්නෙ ඒ ගැන අපේ ඇති ආකල්ප නිසයි. ඒකට ඉතින් භාෂාවට බැනලා වැඩක් නැහැ- ආකල්ප වෙනස් කරගන්න විදිහක් හොයා ගන්නවා මිස.
    බස්සා හොඳ මාතෘකාවක් හොයාගෙන තියෙන්නෙ.

    ReplyDelete
  6. @ පූසා..... ඔබට බොහොමත්ම ස්තූතියි... ඔබගේ කමෙන්ටුවේ දෙවැනි ඡේදයි විසින් පලමු ඡේදයේ ඔබගේ අදහස් විපරීත කර ඇත.... මා මේ ගැන දකින්නේ කාළයක් සිට දේශපාලකයින් විසින් ගන්නා ලද මුක්ධ තීන්දු තීරන හමුවේ ඇතිවු තත්වයක් බවයි.... ලංකාව තුලවත් සිංහල පමනක් භාවිතයෙන් කටයුතු කල හැකිනම් ඉතා කැමැත්තේන් මා එයට එකඟ වන බවද කිමට සතුටුය..

    @ හිරැ එළිය..... ස්තුතීය ඹබට... ඔව් පුසා හරිය...

    @ දොස්තර නෝනේ කාලෙකින් කමෙන්ටුවක් දාලා.... බොහොම ස්තූකියි ඔබට... මෙවැනි ලිපියක් ලියන්නට හිතේ කිසිම අදහසක් තිබුනේ නැහැ.... කමෙන්ටු පෝස්ට් එකක් වුනා.... මානව හිමිකම් ලිපි ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි...

    ReplyDelete
  7. ඔබෙ තර්කය නිවැරදි ඉලක්කය ගෙන ඇත. පාලිතයන් හැමදාම මුළා කළ අමිහිරි සත‍්‍ය විවරණය කර ඇතැයි මට හැගේ.

    ReplyDelete
  8. @ ස්තූතියි වැහි කිරිල්ලී ඔබට.....

    ReplyDelete
  9. එදා සිටම අප කලේ ගොන් තකතීරැ වැඩය.. බණ්ඩාරණායක මහතා සිංහල රාජ්‍ය භාෂාව කර රජයේ පාසැල් පද්ධතියෙන් ඉංග්‍රීසිය අයින් කරන විට අපි හුරේ දැම්මේමු

    දේශපාලකයෝ බලය ගන්න ඕනෙම දහජරා වැඩක් කරයි.. බණ්ඩාරනායක කරෙත් එක.. සිංහල අකුරක් නොදන්නා, කලිසන් ඇදපු අය බලේ ගන්න.. නොකරපු දෙයක් නැ.. බොරු ජාත්‍යාලයක් පෙන්නලා මිනිස්සුන්ව ඇන්දුවා, එදත් වෙන්න එක අදත් වෙන්නේ ඒක.. අපි හැමදාමත් වගේ හොදට ඇදගත්ත..

    ReplyDelete
  10. වෙනී ගේ කතාව ඇත්තය.රජයේ සේවයේ විභාග වැඩි හරිය සිංහල. රජයේ උසස් නිලතල වල ඉන්න බොහෝ දෙනාට ඉංගිරිසි බැහැ.ඒකයි ඇත්ත.

    ReplyDelete
  11. වැඩි විස්තර මන්ද, ඉංග්‍රීසි කියන්නෙ දැන් නැතුවම බැරි දෙයක් වෙලා තියෙන්නෙ .......

    ඒත් ඒක අවශ්‍ය තැනට ඔබින විදියට පාවිච්චි කරන්න ඕන කියලයි මම හිතන්නෙ .......

    බණ්ඩාරණායක මහත්තයා ඒදේ නොකලා නං අද මිට වඩා හැම පැත්තෙන්ම වෙනස් වෙන්න ඉඩ තිබුනා ........

    ReplyDelete
  12. really appreciate this post. I read something that i can agree with no objection after so long...

    ReplyDelete
  13. රසවත් බ්ලොග් එකක්...අද තමයි කියෙව්වේ. දැන් අර ආපසු හැරී බලමි කතාව ලියන්නේ නැද්ද?

    හැබැයි... ඉංග්‍රීසි ඉගෙන ගන්න ජාත්‍යන්තර පාසල් වලට යා යුතු නැහැ. ඕන කම තියේ නම් ටී වී එකෙන්ම ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. වැරැද්ද ටිකක් මහන්සි නොවීමයි. හැම දෙයක්ම ලඟට ඇවිත් පොවනකම් බලන් ඉන්න එකයි, තමන්ගේ වැරදි හදා නොගැනීමයි...මම කිව්වේ හැම දෙනා ගැන ම නෙවෙයි. සමස්තයක් හැටියට.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete