Friday, October 14, 2011

මානව හිමිකම් නාමයෙන් ගල් ගසා මරමු....

මානව හිමිකම් සම්බන්ධයෙන් මීට පෙර ලිපි කීපයකම මා පැහැදිලි කිරීම් කර ඇත. මානව හිමිකම් යනු පුද්ගලයෙකුට “ගරැත්වයක් සහිතව නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය ප්‍රමිතීන්“ ලෙස මා දක්වා ඇත. තමන්ගේ මානව අයිතිවාසිකම් හී සීමාව ඇත්තේ අන් අයගේ මානව අයිතීන් කඩ නොකිරීමේ සීමාව දක්වාය... අන් අයගේ අයිතීන්, නිදහස කඩ වීමක් තුලින් තමන්ගේ අයිතිවාසිකම් සපුරාගත නොහැක... එය නීතිමය වශයෙන් තහනම් මෙන්මසදාචාරාත්මක වශයෙන්ද කල නොහැකිය.... එවැනි දේ ලංකාවේ නිතිය අනුව වරදි වේ... වැරැද්දට දඬුවම් දිය යුතුය... නිසියාකාර පරීක්ෂණයක් පවත්වා... සාධාරණ නඩු විභාගයකින් පසුව, රටේ පවත්න නීති පද්ධතිය යටතේ පුද්ගලයෙකුට දඬුවම් කිරීම කිසිවිටකත් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් නොවේ.. 

වර්ථමානයේ අප රට තුල සංවිධානාත්මක අපරාධ ගනයට එක් වු අලුත්ම කොටස වන්නේ කප්පම් ගැනීමේ අරමුනින් පැහැරගෙන යාම් සහ සංවිධානාත්මක ස්ත්‍රී දුෂණයි... මේ දෙකම අද බොහෝ සුලභව රට තුල සිදුවේ... හෙටද සිදුවනු ඇත... මා මේ ලිපියෙන් කථාකරන්නට අදහස් කරන්නේ මේවැනි සංවිධානාත්මක අපරාධ දෙකක් පිළිබඳවය...

එකක් නම් ඊයකින් පැමිනි තොරතුරකි....මේ තොරතුර කොයිතරම් දුරට සත්‍යදැයි නොදනිතත් මෙවැනි විය හැකි බැවින් සටහන් කරමි.... එක්තරා තරැණියක් කාර්යාල කටයුතු අවසන් කර මාර්ගයට පිවිසියේ ඉක්මනින් සිය නිවස බලා යන්නටය...මොහොතකන් ඇයට දකින්නට ලැබුනේ පදිකවේදිකාවේ කොනක කුඩා කරැවෙකු අඬමින් සිටින ආකාරයයි... මේ කුඩා දරැවා වෙත ඇය මේ කුඩා දරැවගෙන් කාරණය විමසුවේය.... “මං අතරමං වෙලා... අනේ මාව ගෙදර ගෙනියන්න“ දරැවගේ ඉල්ලීම විය....“මේ තියෙන්නේ මගේ ගෙදර තියන තැන“ දරැවා ලිපිනය ලියන ලද කොළ කැබැල්ලක් ඇය අත තැබීය...ගෙදර යාම මදතට කල් දැමු ඇය තරැව සමග අදාල ලිපිනය සොයා ගියාය.... අදාල ස්ථානය පැමින නිවසේ විදුලි සීනුව නාද කරන්නට ඇඟිල්ල තැබීය... ඇයට මතක එපමනකි... සිහිය එනවිට ඇය පාළු නිවසක... නිරැවතින් සිට ඇත.....

අනිත් කාරණය මේ පහත ලිංකුවට සම්බන්ධය... මේ ගැන කියනවාට වඩා ඔබම නරඹා ඒ ගැන දැන ගැනීම යෝග්‍ය යයි සිතමි..


මුන්ව ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුය.....

3 comments:

  1. ඔව් මේ වගේ දේවල් ලංකාවේ ඕනේ තරම් වෙනවා. අන්තිමට වෙන්නේ මනුස්සකමටවත් කෙනෙකුට උදව් නොකර ඉන්න එක තමයි. ගල් ගහලා නෙමෙයි එක කෙස් ගහෙන් ගහට ගලවලා මරන්න ඕනේ මුන් නම්.

    ReplyDelete
  2. @ බුරැ බබා....ස්තූතියි ඔබට..... ඕනෑතරම් වීම සාමාන්‍යකරණය වීම බවට පත්වීම ගැටළුවකි...වෙනත් රටවල ජීවත්වන අපට මෙය මහා ඛේදවාචකයක් ලෙස පෙනුනද අපේ රටට මේවා තවත් සිද්ධීන් දෙකක් පමනකි....

    ReplyDelete
  3. ඔය වගේ වැඩවලින් වෙන්නෙ ඇත්තටම අහිංසක මනුස්සයෙකුටවත් උදව්වක් නැති වෙන එක තමා ......

    ReplyDelete