Friday, October 28, 2011

නොදනී.....


"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලො‍කු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්‍රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ.. 

මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්‍රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....

පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට‍ ‍මගේ නම කියලා කථා කලේ..

ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...

මම ඉස්කො‍්ලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් ම‍ට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා...  මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....

මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්‍රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...

(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්‍රවෘත්තිය මෙම ලිපිය හා බැ‍ඳේ)

http://www.col3negoriginal.org/watch.php?id=13841

23 comments:

  1. ෆුල් මඤ්ඤං වෙලා හිටෙ අන්තිමට කියවල ඉවර වෙනකම්. සුපිරි ලියවිල්ල හරිය........ සමජ ක්‍රමය තමා වැරදි ආයෙ ඒකේ කතා දෙකක් නැzzzzzzzzz :D

    ReplyDelete
  2. කොළ කෑල්ලක දාන අත්සනකට ලොකු තැනක් දෙන, සභ්‍යත්වය ඔලුවෙ තියාගෙන කෑ ගහනමුත් මනුෂ්‍යත්වය ගෑවිලා නැති පාදඩ සමාජයෙ වැරැද්ද.
    හිතට වදින විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  3. අපේ ගෙදර ඉස්සර උන්න පාලිත කියල ලමයෙක් ඔය වගේ.....

    ReplyDelete
  4. ඇත්තටම සමාජ ක්‍රමයේ වැරැද්දම තමා .........

    ReplyDelete
  5. සුපිරියි .... සිරාවටම . . . !!

    ReplyDelete
  6. කාගෙද වැරැද්ද . . .

    සමානාත්මතාවය කියල දෙයක් මූලික හරය වුනු, කෙනෙක් උපතින් වසලයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙන්නේ නෑ කියලා කියපු සාස්තෘ කෙනෙක්ගේ ධර්මයක් එතුමාටත් වඩා හොඳින් අපි දන්නවා කියලා පෙන්වන්න හදන ඒත් ඒ ධර්මයේ කිසිම දෙයක් හදවතින් පිලි නොපදින අපි හැමෝගෙම . . .

    ReplyDelete
  7. මේ වගේ ජීවිත කොච්චර ඇද්ද අපි නොදන්න නේද

    ReplyDelete
  8. @ සොඳුරැ සිත... සුන්දර ජීවිතයක් සොයාගිය වරද‍ට පාපතරයින් විසින් මරාදැමුනු අසුන්දර ගැහැනිය... රසිකා...

    ReplyDelete
  9. @ ජේ.ඩී. ස්තූතියි මචං... අපි හැමෝම දන්නවා මේ යන ක්‍රමය වැරදියි කියලා...එත් අපිත් ඒ ක්‍රමේටම අනුගත වෙනවා ඇර අපි යමක් කරන්න උත්සහ කරනවද කියන එකයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  10. @ නලිනි චන්දිමා... දොස්තර නෝනා දැන් වැඩිය මේ පැත්තේ දකින්නත් නැහැනේ...ඔව් මේ ක්‍රමය වෙනස් විය යැතුයි... ඒක අපි හැමෝම දන්නවා.. මේක මේ රටේ තීරණ ගන්න උන්ට නොතේරෙන එකයි ප්‍රශ්ණේ..

    ReplyDelete
  11. @ වින් චැට් කිරිල්ලී... ස්තූතියි මේ පැත්තේ ආවාට....

    ReplyDelete
  12. @ පංසල් හංදිය.... ස්තුතියි සහෝදරයා... මේ සමාජ ක්‍රමය පවතින සමාජය යනු....

    ReplyDelete
  13. @ සහෝධරයා... ස්තුතියි සහෝදරයා...

    ReplyDelete
  14. @ දුකා... ඔව් මචං... මේක අපි විසින්ම වෙනස් කල යුතු තත්වයක්... එක්තරා මානව හිමිකම් ගැන කථාකරන පොරක් ආවා වවුනියාවට සම්මන්ත්‍රණයකට..පොරක් නොමෙයි පොරියක්... වැ‍ඩේ අවසන් කරලා යන්න ලෑස්තිවෙලා ඇය ‍ඉල්ලීමක් කලා...

    "මිස්ට ...... පුළුවන්නම් අපේ ගෙදර ඔය පොඩි පොඩි වැඩ කරගන්න ‍පොඩි කොල්ලෙක් හොයලා දෙන්න බැරිද ?"

    ReplyDelete
  15. @ විසිතුරැ.... ස්තූතියි මචං...

    ReplyDelete
  16. @ ගිම්හානි... නංගි දැන් දකින්නත් අමාරැයි නේ...ඔව්... අපි දන්නේ නැතිද... එහෙමත් නැත්නම් දැනගෙන දන්නේ නැහැ වගේ ඉන්නවද කියන එකයි ගැටළුව..

    ReplyDelete
  17. මං නං ටිකක් පරක්කු වැඩියි ඉත්ං..කමක් නෑ අදනේ මෙහෙට ආවේ...
    සමාජය හිරගෙවල් ඇතුලෙ ඉන්න ඒ වගේ මිනිස්සු ගැන මොන විදියට ද හිතන්නේ,....ඒත් ඒ මිනිස්සුන්ගේ ඇතුල බැලුවම පුදුම ක‍ටුකයි..සමාජය එයාලගේ හිත් දූෂණය කරලා...
    පව් අසරනයෝ...
    ළමා නිවාස වලට ළමයි දානවා..ඒත් ඒවා ඇතුලෙ පොඩි පිරිමි ලමයින්ට වෙන්නේ මොන තරම් නපුරු දේවල්ද නේද?
    සුපිරි ලියවිල්ල...සමාජය නියමෙට කොනිති ගහලා තියෙනවා......
    විශිෂ්ටයි.......
    ආ මේ මට අර සේයාරූ කණ්ඩායමේ දකින්න ලැබුණු බස්සද දන්නේ නෑ...
    මම හිතනවා එයා කියලා....

    ReplyDelete
  18. අපි කොච්චර මේ දේවල් වෙනස් කරන්න ඕන කියලා කිව්වාට අපිත් ඔය ගොඩේමයි කියලා හිතෙන්නේ මේ වෙලාවට.

    අම්මෙක් තාත්තෙක් නැතිව හැදෙන මිනිස්සු දිහා අපි බලන්නේ වැරදි ඇහැකින්. අපි කවදාවත් අපේ ළමෙක් එක්ක එයාලව මික්ස් කරන්න කැමතිත් නෑ නේ. ඒක තමයි මේ සමාජේ හැටි. නමක් නැති අම්මෙක් තාත්තෙක් වෙනුවෙන් තියා තාත්තෙක් ඉන්න අර උප්පැන්න සහතිකයේ නම නැති ළමයාටත් ඔය සෙතේම තමයි.
    වෙනස් කරන්න කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
  19. @ ගලයා....බොහොම ස්තූතියි සහෝදරයා මේ පැත්තේ ආවට...කමක් නැහැ.. පරක්කු වෙලා හරි එන එක හොඳයි..නෑවිත් ඉන්නවට වඩා...
    ඔවි මම තමයි ඒ බස්සා...

    ReplyDelete
  20. @ බූරැ බබා...ඔබ පටන් ගත්ත තැන හරියටම හරි...අර කථාවක් තියෙන්නේ අපිට යමත් වෙනස් කරන්න අවශ්‍ය නම් මුලින්ම අපි වෙනස් විය යුතුයි කියලා... ඔව් අපිට පුලුවන් නම් මේ දේවල් දිහා මීටත් වඩා මානුෂිකව බලන්න, අන්න එදාට මේ ලොකේ ගොඩක් ලස්සන වෙයි...

    ReplyDelete
  21. මෙහෙම අය අදත් ඇති හෙටත් ඉදී.........කවුද වැරදි කියලා කොහොමද කියන්නේ???? මේක තමා සංසාරේ....... ජීවිතය විඳිනවා නැත්තම් විඳවනවා

    ReplyDelete