Saturday, December 17, 2011

බෙදන්නට පෙර.....

(ඡායාරෑපය උපුටාගැනීම අනිතර්ජායයෙනි)


බෙදීම විවිධාකාරය.... සමහරු බෙදති.. සමහරු බෙදාගනිති... සමහරු බෙදනවා වගේ පෙන්නා, තමන්ගේ පිඟානට බෙදාගනිති... මේ අන්දමින් විවිධ බෙදීම්කරුවෝ සිටිති... මෑත කාලීන ලංකීය දේශාපාලනයේ හොඳම බෙදුම්කරු මහරජය....රටේ මොකක්දෝ අවාසනාවකට මහරජ ආර්ට් කර නීතිඥයෙකු විය... වැරදිලාත් ගණිත අංශයෙන් ඉහලට ගියානම් "පයිතගර්ස්ට" වඩා වැඩ්ඩෙක් වෙනවාට කිසිම සැකයක් නැත.. ඒ තරමටම මහරජ ගණිතයට දක්ෂය... විශේෂයෙන්ම බෙදීමට ද බොහොම සුක්ෂමව බෙදාගැනීමටව දක්ෂය...

ඔහුගේ ප්‍රධාන බෙදීමට ලක්වන්නෙ දේශපාලන පක්ෂය... මුලින්ම සිහළ උරැමය බෙදුවේය... පසුව එල්ටීටිය බෙදුවේය...පසුව කරැණා පිල ‍නැවත දෙකට කැඩුවේය... එල් ටී ටි නන්නත්තාර විය....පස්සේ යු ඇන් පී යට අතගැසුවේය.... කරූ කණ්ඩායමක් අරගෙන පොදු පෙරමුනට ආවේය.... යු ඇන් පි ය දේශපාලන ආනාථයින් බවට පත්විය... පසුකාලීනව කරූ පන්නගෙන ආ කණ්ඩායම පෙරමුනේම තැන්පත්කර නැවත යු ඇන් පී යට ‍එක් විය....


මහරජ යු එන් එකද බෙදුවේ ය....ආරක්ෂක මණ්ඩලයේ රටවල් දෙකට කැඩුවේය... දැන් නැවතත් යු ඇන් පී, ය බෙදීම පටන් ගෙන ඇත... දැන් උන් උන් මරා ‍ගනිති.... කාලයක් ලංකාවේ ප්‍රභලතම සංවිධාන ශත්තියක් පවත්වාගෙන සිටි ජේ වී පී යද මහරජුට ගොදුරැ විය...එක් රැයකදී එකම පෝස්ටරය මුලු ලංකාව පුරා තාප්ප වැහෙන්න ගහන්න ජේ වී පි යට එක සතයක් වියදම් කරන්න අවශ්‍ය උනේ නැත... පෝස්ටර් ගහන්නට අරක්කු ද .. කෑමද දෙන්න සිදු උනේ නැත..... ඒ සියලු බලයන් පයිසයකට මායිම් නොකර මහරජ ජෙප්පන්ටද වැ‍ඩේ දුන්නේය... එය ‍88/ 89 ප්‍රේමදාස යුගයේ සිදුවු ඝාතනයන්ට වඩා බෙහෙවින් බැරෑරුම් තත්වයකි... එදා පක්ෂයේ මුල් සියල්ල උදුරා ගියද දළු ලෑමට වැඩිකලක් ගත නොවීය...නමුත් තත්වය තුල නැවත ජෙප්පන්ට නැගිටින්ටවත් බැරිය... ඉතිහාසයේ පලමු වරට ඉල් මහ විරැ සමරු වැඩසටහන් දෙකක් පැවැතිවීමට ජෙප්පන්ට සිදුවීමෙන් මෙය මොනවට පැහැදිලි වේ... 88/89 දී නියපොත්තෙන් පටන් අරන් ඇස් දෙක දක්වා දන් දුන්... අළු ටික පවා සොයගෙන්න බැරි වන තරමට ටයර් සෑ වල කරකුට්ටන් වු සහෝදරයින් නැවතත් නැගිට මුන්ට සාපකරනවාට සැකයක් නැත...


දැන් නැවතත් යු ඇන් පී ය බෙදෙන්නට පටන් අරගෙනය... එහි කොන්තරාත්තුවද පැවරී ඇත්තේ කරූ ටමය...දැන් කැඩෙන්නට කෑලිද නැත... රටේ වැඩිම ජනතා කැමැත්ත ඇති තනි පක්ෂය යැයි උදම් ඇනු යු අන් පි ය.. අද දෙතුන් දෙනාගේ කණ්ඩායම් වැඩිම පක්ෂය ලෙස වාර්ථා ගත වන්නට බැරි නැත. 


මහරජ පවුල් ද කැඩුවේය.. රනතුංගලා සීසීකඩය.... සිරස ද දෙකට කැඩුවේය... දැන් බුද්ධිකගේ පිලක්ද.... මනුෂගේ පිලක්ද බිහිවී ඇත.... දෙමළ දේශපාලන පක්ෂ තනි පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්නට සිදුවිය... මුස්ලිම් පක්ෂවලටද අත් උනේ ඒ හා සමාන ඉරණමකි.... දැන් ප්‍රභල හඬක් නැගිය හැකි විපක්ෂයක් නැත... විවාදයකට.... උද්ඝෝශණයකට විපක්ෂ සාමාජිකයින් සොයාගැනීම “ලාහාට ගෙම්බෝ එකතු කරනවාට“ වඩා අමාරැය.... දැනට පවතින තුනෙන් දෙකේ බලය තව නොබෝ කාලයකදී හයෙන් පයක් වීමද නොවැලැක්විය හැක්කකි...


මා විසින් ටීක ටික කාලයකට උඩදී ලියන ලද 2030 දී ලංකාව.....(විමලේ ගේ හීනේ මගේ වර්ෂන් එක.....) මා විසින් දක්වන ලද පරිසරය දැන් සකස් වෙමින් පවතින බව පෙනේ... අඩුවක්ව පැවතුනු නීතිය ද දැන් අතට ගන්නට පොට පෑදී ඇත.... ලොකු බබා නීතිපති පුහුනුව පටන් ගත්තේ හැමෝගෙම සුභ පැතුම් මැදය.... මේවා බලාගෙන හුල්ලනවා හැරෙන්නට කටක් අරින්නට කිසිවෙකු ද කිසිම බලවේගයක් ද නැත...


එහෙම සිටිනවා නම් ඒවාට වන්නේ ආචාර්යවරයෙකු ලවා ........ ඇරගන්නටය.... දැන් ඒවාට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත... ආචාර්ය පට්ටම බල්ලාට ගිහින් යැයි මම නොකියමි.... නමුත් බල්ලන්ට ආචාර්ය උපාධි ලබාදෙන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.... 


බේබිලාට විරුද්ධව එක් වචනයක් කථා කරන අයෙකුට විරුද්ධව මහා හඬක් නගමින් නැගී සිටින උන්ට මේ රටේ ප්‍රධානම ප්‍රශ්ණය වී ඇත්තේ ද නාස්තිය වී ඇත්තේද මේ රටට හෙන ගසා ඇත්තේද... එන්න එන්නම බඩු මිල වැඩිවන්නේද.... රාජ්‍ය ආයතන පාඩු ලබන්නේද... නීතිය බලු වී ඇත්තේද... එළවලු පලතුරු කුඩා වල නොදා ප්‍රවාහනය කිරීම හේතුවෙනි..... 


මොනවා උනත් ජනතාවට කම් නැත.. මොකද ඒ අපි එකම පවුලකට අයිති එකම රටක් හෙයිනි....


රටටද ජනතාවටද දෙයියන්ගේම පිහිටය....!!!!

7 comments:

  1. දිනක කෙසෙල් ගසට කෙටු කොට්ටෝරුවට වුදේම අනුන් බේද කරන්නාටද සිදුවීමට ඉඩ ඇත.

    ReplyDelete
  2. අල් ජසීරා එකෙන් කරපු interview එකකදී මහින්ද් කිව්වා මුළු රටම එයාගේ නෑදෑයෝ කියලා :))

    http://www.youtube.com/watch?v=YGQqwcxA6cg

    ReplyDelete
  3. //Anonymous said...
    දිනක කෙසෙල් ගසට කෙටු කොට්ටෝරුවට වුදේම අනුන් බේද කරන්නාටද සිදුවීමට ඉඩ ඇත.
    December 17, 2011 10:28 PM//

    පෙරහැර ගිහිල්ල දියකපලත් ඉවරවෙලා තියෙයිද ???

    ReplyDelete
  4. හොඳ විග්‍රගයක්......

    ReplyDelete
  5. තව ටිකක් නටලා මෙයලා යයි..අනිත් අය එයි,පාට විතරක් වෙනස් වෙයි,හැමදාම උනෙත් වෙන්නෙත් ඔය ටිකම තමයි.අසිරිමත් සිරි ලන්කාවේ (ජහමනයා)හැමදාමත් අසිරියෙන් මන්මත් වෙලා දෙනදේ කාලා කොන්දු ඇටපෙල නැති උරගයින් වගේ ඔහේ ඉන්දියි, නියමයි බස්සෝ, ඇන්ගට දැනෙන්න ලියනවා,

    ReplyDelete
  6. බස්සා නිශාචරෙයක් වුවත් 24/7 නිවැරදිව දකින්නෙකි.. කතාව සහතික ඇත්තය..

    ReplyDelete