Tuesday, December 27, 2011

අපි යන්නේ කොයි පාරේ.....



අද හැමදේම ක්ෂණිකය... ක්ෂණික ආප්ප.. ක්ෂණික නුඩ්ල්ස්.. වගේම ක්ෂණික පාරවල්.. ක්ෂණික වාරායවල්.. ක්ෂණික කූඩ, වගේම අධ්‍යාපනයද ක්ෂණිකය....ක්ෂණික වීම හොඳය..... එවිට කාලය අපතේ නොයයි... නමුත් ප්‍රශ්ණය ඇත්තේ ක්ෂණික හැමදේම මග පුස්ය.... පාරවල් හදන්නේ පේන වංගුවටය..... වරාය හදන්නේ නැව් නොඑන්නය... විවෘත කරන වතුර පයිප්යයෙන් වතුර එන්නේ නැත.... විවෘත කරන්නේ ලයිට් කණුය.. විදුලිය නැත..... කූඩය අන්තිමේ ගහන්නේ ජනතාවගේ බඩටය.... විභාග ප්‍රථිපල නිකුත් කරන්නේ ළමයි අන්දුන් කුන්දුන් වෙන්නය... බස් වර්ජනය... තෙල් බාලය... පොල් ගෙනාවොත්.. ඒ බාල පොල්ය....ඒවා බාර කථරගම දෙයියන්ටය.. බිත්තර කියා ගෙන්නේ හුණු බිජුය... හාල් කන්නට පෙර රසායනාගාර පරීක්ෂා කල යුතුය.... 

මේ එකී නොකී සියලු දේ අවුල්ය... වියවුල්ය... හැබැයි ප්‍රශ්ණය ඇත්තේ මේ හැමදේකින්ම කෙළවෙන් නේ ජනතාවටය... ගල් තිබේ නම් ඒවා කඩන්නට ඇමතිවරැ උදම් අනති.... මලත් කූඩා නැතිව එළවළු පලතුරැ ගේන්නට ඇමතිවරැ උදම් අනති... ප්‍රථිපල අවුල් නම් නැවත සකස් කරන්නට ඇමතිවරැ උදම් අනති.... ඔවුන් බොහොම ලේසියෙන් ඒ ප්‍රකාශ කරන්නේ ඒවාට වියදම් කරන්නේ ඔවුන්ගේ ගෙදරින් ගේන මුදල් වගේය... මේ හැම කෙලියකටම වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්ය.... මේවා සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලබාගන්නා ණය ගෙවන්නේ අප නොව අපගේ මතු පරම්පරාවය.... යම් දිනෙක ඔවුන් අපටද අපගේ වලටද සාප කරනු ඇත....

අධ්‍යාපනය අවුල්ය... පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම අවුල්ය.... ගුරැවරැ මහපාරේ සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගති.... මැරයෝ පාසැල් පාලනයේය.... අධ්‍යාපන ඇමතිවරැ රොත්තක් සිටියද ප්‍රථිපල අවුල්ය.... විභාග කොමසාරිස් පිස්සු කෙලිති....  ප්‍රශ්ණකට දෙන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් උත්තරය... දෙමව්පියන් බඩට නොකා හෝ තමන්ගේ දරැවාගේ අධ්‍යාපනයට විදයම් කරන්නේ ඔවුන රටේ උගතුන් වනු දැකීම පරමාරථයෙනි.... දරැවෙකු පාසැලට ඇතුලත් කිරීමේ සිට හැම දේම මුදල්ය.... ඩෙස් බංකු හදන්නට.... තීන්ත ගාන්නට... බුදු පිළිම හදන්නට.. ආරක්ෂාවට... පිට්ටනියට.... මේ හැම දේකටම මුදල්ය.... එතකොට ආණුඩුවෙන් දෙන්නේ පඩි විතරදැයි ප්‍රශ්ණයක් පැන නගී... ඒත් මුන්ට ඒවා හරි ආතල්ය... 

කූඩා කෙළියෙන් අවසානයේ බැට කෑවේ ජනතාවය...උත්සව සමය කටේ එළවළු පළතුරැ මිල ඉහල ගියේය ... ජොනී ඇමතිතුමා ප්ලාස්ටික් බඩු කාරයන්නගේ කොන්ත්‍රාත්කාරයෙකු යැයි මම චෝදනා නොකරමි... ජනතාවට පිරිසිඳු... ගුණාත්මක.. පෝෂ්‍යදායි එළවළු පලතුරැ ආහාරයට ගැනීමේ අයිතියක් ඇත... නමුත් ප්‍රධාන කාරණය වන්නේ ඒවා මිලදී ගැනීමට ජනතාවට හැකියාවක් තිබිය යුතුය යුතු වීමය... 

අපේ රටේ ජනතාවද අඳින්නට දක්ෂය...අන්ඳන්ට දෙයක් නැත.. අවශ්‍ය ආයිත්තම් දුන් පමනින්ම ඔවුන් ඇඳගනිති....මුණ ලස්සනයි නම් මොන වේසියෙක් උනත් කම් නැත.... වෙන මගුලක් වෙන්නේ කසාදයෙන් පස්සේ නේ යැයි සිතා නිහඬවම ආතල් ගනිති.... අධි වේගයෙන් යනකොට ජනතාවට මාර ආතල්ය... එක් පැත්තකින් අධිවේගී පාර විවෘත කර අනිත් පැත්තෙන් දුප්පත් මිනිහෙක්ට වාහනයක් ගන්නත තියන අවස්ථාවට කෙළියේ නැවතත් වාහන රේගු බද්ද වැඩි කරමිනි.. (සමාවෙන්න පොසත් මිනිහෙක්ට... දුප්පත් මිනිහාගේ වාහන ඔය අධි වේගී පාරවල් වල යන්නට වලංගු නැත) 

දියුණුව හොඳය.... නමුත් සමානුපාතික විය යුතුය.... පාරවල් කොන්ක්‍රීට් කල යුතුය... අධි වේගයෙන් යා යුතිය..... වරායන් අවශ්‍යය... බස් හෝල්ට් නැතත්.... ගුවන් තොටු පලවල් ඉදිකල යුතුය..... ඒ ගැන මගේ තර්කයක් නැත.... නමුත් ඒ හැමදේම සාධාරණ විය යුතුය.... මේ හැම දෙනාම පිස්සු කෙළින්නෙ මේ රටේ වැඩකරන ජනාතාවගේ මුදලින් බව සිහිතබා ගත යුතුය...


තෙල් සංස්ථාව ඇනගෙනය... බාල තෙල්.... ගැන වග කියන්නට එකෙක් වත්ම නැත.....යම් වැරැද්දකි සිදුවුවා නම් එය නිවැරදි කරන්නේ වින්ඳිතයන්ට වන්දි ලබා දීමෙනි.... වැරැද්ද කල උන්ට ලැබෙන්නේ උසස්වීම්ය... යම් පාඩුවක් වෙලා නම් අපි ඒ අයට වන්දි ගෙවනවා..ඇමති තුමා කිවේය.... ඒ ගෙනාවේ එතුමගේ ගෙදර සේප්පුවේ තිබුන මුදල් නිසා එතුමාට ගෞරව කල යුතුය....

අද ආණ්ඩුව හැම ප්‍රශ්ණයකයම මුලට දාන්නේ තිස්වසරක යුද්ධය අවසාන කල පාරට්ටුවයි... ඒකේ ආයිත් හෝදන්න දෙයක් නැත... සම්පුර්ණ ගෞරවය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමිය.... නමුත් දැන් ඒ කොටස අවසානය... යුද්ධය දිනු පලියට මහජනාතාවගේ මුදලින් පිස්සු කෙළින්නට ඉඩ දිය යුතු නැත.... අපේ ජනාතාවද ඇන්ඳීමේ ලා මහත් දක්ෂයෝය... පපවට ගහගැනීමද... බොහොමත්ම ආවේගශීලීව කථා කිරීමෙන්ද.... ඇස්දෙකට උනන කඳුලු පිසදැමීමෙන්ද... ළමයි වඩාගැනීමෙන්ද... සහ තවත් මේ වගේ බාහිර සාධක වලින්ද ඇන්ඳිය හැක....

බේබිලා පාරට බැස ජනතාව සමග පිස්සු කෙළීමෙන් ද... පාරවල් පුරා මල් බයිසිකල්ද.. සංගීත සංදර්ශණද... කාර් රේස්ද.... පැවැත්වීමෙන් රටේ ජනතාවගේ ප්‍රශ්ණ විසදෙන්නේ නැත..... ජනාතාව සිනි වී සිටීම ද.. පවත්නව හැම ඡන්දයක්ම තමන්ට ඡන්දය දීමද.. හේතුකොට තමන් කරන්නා වු සියලුම දේ ජනාතාව අනුමත කරනවා යැයි සිතා ඔලමොට්ටල ආතල් ගන්නා සියළු දේශපාළුවන්ට මෙසේ කියමි..... 

බොරැවද ඇන්දීමද කිසිදින සදාකාලික නොවේ... එය අතීතයේත්, වර්ථමානයේත්.. අනාගතයේති පවතින සත්‍යථාවයකි.... නිශ්චල මුහුද සුනාමියක් වන්නට මහා බලයක් අවශ්‍ය වන්නේ නැත... සුළු තෙරපුමක් කාලය සමග බාධක සියල්ල මුලිනුපුටා දමා අසුවන සියළු දේම විනාශකර නැතිකර දමන බව සිහිතබා ගැනීම වටී.....

6 comments:

  1. hondata liyala thiyanawa thank U

    ReplyDelete
  2. පික්ෂු කියන්න එපා බන්, මේක අද මෙහෙම උනාට හෙට එකම සුර පුරයක් වෙනවා ලු .

    ReplyDelete
  3. IF YOU ARE A CRIMINAL, GO TO JANASANSADA THEY WILL FREE YOU.

    ReplyDelete
  4. බස්සා කියන මේ හැබෑව දැනෙන්නේ කීයන් කීදෙනාටද කියන එක ලොකුම ප්‍රශ්නයය . . .

    දැනිලා නොදැනෙනවා වගේ ඉන්නවාද . . නැතිනම් හැඟීම දැනීම් නැද්ද කියා සිතෙනවාය.

    පෝස්ට් වලින් මිසක් හැබැයින් මහජනයා එක්ක මේ ගැන කතා කරන්න ගියොත් අම්බානක කන්න වෙනවාය.

    අපිට නැති අමාරුවක් තොට කොයින්දැයි අසනවාය.

    එතකොට පුක විකාගෙන මැරෙන්න හිතෙනවාය.

    ReplyDelete
  5. බස්සා කියන මේ හැබෑව දැනෙන්නේ කීයන් කීදෙනාටද කියන එක ලොකුම ප්‍රශ්නයය . . .

    දැනිලා නොදැනෙනවා වගේ ඉන්නවාද . . නැතිනම් හැඟීම දැනීම් නැද්ද කියා සිතෙනවාය.

    පෝස්ට් වලින් මිසක් හැබැයින් මහජනයා එක්ක මේ ගැන කතා කරන්න ගියොත් අම්බානක කන්න වෙනවාය.

    අපිට නැති අමාරුවක් තොට කොයින්දැයි අසනවාය.

    එතකොට පුක විකාගෙන මැරෙන්න හිතෙනවාය.

    ReplyDelete
  6. අය්යෝ තාම ආදී වේගේ යන්න හම්ම්බ වුනේ නැතෙයි ?

    හා හා නාඩ ඉදින්, පල වෙනිදට අපි උබලට යන්න පුළුවන් වෙන විදිහට bus සේවාවක් දානවලු. අපි එකේ ගිහින් ඔය තියන ඉරිසියාවි කුහක කම නැති කරගමු. හැබැයි ඕන් ගාණ වැඩි කියල තව බ්ලොග් පිටු නාස්ති කරනවා හෙම නොවෙයි ....

    ReplyDelete