Monday, April 2, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර (එහෙම වෙන්න පුලුවන්ද...?)



ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්...ආදරේ කියන්නේ ඊටත් වඩා පුදුම දෙයක්...... ඇත්තමට ආදරේ කියනනේ මොකක්ද...?
අපි ජිවිතේ බොහෝ දේවල් වලට අර්ථකතන හොයනවා.... කාටද පුලුවන් ආදරේට අර්ථකතනයක් දෙන්න.....
ආදරේ කියන දේ වෙනමම අරගෙන.... මම හිතන්නෑ එහෙම හැකියාවක් තියෙයි කියලා... මොකද ආදරේ තනියම අර්ථකතනය කරන්න බැහැ... 

මම දැක්කේ බොහෝ දෙනා ආදරේ කියලා වරදවා වටහාගන්නේ ආකර්ෂණය...... සමහර විට අපි අහලා තියනවා වගේම කියලා තියනවා... අපි එකිනෙකා පතාගෙන ආවා කියලා.... පට්ට බොරුනේ...... 
සැබෑ ජිවිතයේ දී එහෙම වෙන්න පුලුවන්ද ? අපි කරන්නේ ආකර්ශණය සාධාරණිකරණය කරන්න වෙන වෙන ලේබල් අලෝගන්නවා...... 

බෙහෝ දේ නිසා ආකර්ශණය ඇතිවෙන්න පුලුවන්..... 
සලමන් ඛාන්ට ඇයි ගෑණු ළමයි ආදරේ කියන්නේ...... ඒ ආදරේ නිසාද... නැහැ ආකර්ශණය..... එක්කෝ රූපෙට... නැත්නම් සල්ලි වලට......
මම ගෑනු ළමයින්ගෙන් ප්‍රශ්ණයක් අහන්න කැමතියි...
කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
කැමති වෙනවද...... ?
හිතට එකඟව පිලිතුරැ දෙන්න......

හැබැයි මේ පුද්ගලයා ලෝක පුජිත නම්..... පුපුරන්න සල්ලි තියනවා නම්..... අකැමැති නොවී ඉන්නවද....? ඒ විවාහ වෙන්නේ ආදරය නිසාමද......

දැන් හිතන්න එපා මම ආදරේ හෑල්ලුවට ලක් කරනවා කියලා.....

නැහැ මම ආදරේ හොඳට දන්නවා... හඳුනනවා.....මම දකින්නේ ආදරේ කියන්නෙ සමීකරණයක්....

බොහෝ අයට අරියට විසඳගන්න බැරි උන....

(කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය  = ආදරය

කැපවීම සහ විශ්වාසය තමයි ආදරෙයේ මුලික අඩිතාලම්.....

අපිට අපි අපි වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න පුලුවන්ද....මොකක්ද මේ කියන කැපවීම.....එකිනෙකාගේ අවශ්‍යතා වෙනුවෙන් කරන්න පුලුවන් කැපවීම....මානසික වගේම කායික වශයෙන්...... සරළව කිව්වොත් එක්නෙකා කොයි තරම් දුරට ඉවසන්න පුලුවන්ද...... එහෙම නැත්නම් එකිනෙකාගේ කැමැති අකැමැති දේ අපිට කොයි තරම් දුරට දන්නවද.... ඒ අනුව අපි වෙනස් වෙනවද කියන එක.....  මේ ගැන මම මීට කලින් ලියපු නිදියනනේ නැහැ සහනේ... කියන පොස්ට් එකෙනුත් කථා කලා... ඒකට ලැබුනු ප්‍රතිචාර අනුව මට හැඟුන දෙයක් තමයි බොහෝ දෙනෙක් එකිනෙකාගේ ඉතාමත් සරල අවශ්‍යතා හඳුනාගෙන නැහැ කියන එක....එහෙම නම් කොහොමද ජිවිත කාලයක් පුරා එකට ජීවත් වෙන්නේ....

අනිත් කාරනේ විශ්වාසය.... අපි එකිනෙකා කොයි තරම් විශ්වාස කරනවද...? කියන කාරණය..... විශ්වාසය කියන දේ අර්ථ දැක්වීම හරිම අමාරැයි..... අපි එකිනෙකාගේ වචන කොයි තරම් විශ්වාස කරනවද...?
ක්‍රියාකාරම් කොයි තරම් විශ්වාස කරනවද...?
හැබැයි විශ්වාසය මේ පදනම තමයි එකිනෙකා පිළිබඳ දැනීම.... ඒ කියන්නේ නැවතත් අපි එන්නේ මුලටම..... අපි එකිනෙකා ගේ ගැන කොයි තරම් දුරට දන්නවද කියන දේ....

මේ කියන පදනම් ශක්තිමත් වෙන්නේ කායික වශයෙන් තියන බැඳීම.... එහෙමත් නැත්නම් ලිංගිකත්වය.... එහෙමත් නැත්නම් ශාරීරික වශයෙන් තියන බැඳීම...... අපි කොයි තරම් පිළිගන්න අකැමැති උනත් ලිංගිකත්වය මත් තියන බැඳීම විවාහයට  ගොඩක් වැදගත්... අපි හැඟීම් දැනීම් තියන මනුස්සයෝ..... තමන්ගේ ලිංගික ජීවිතය තෘප්තිමත් නැත්නම් අපිට නොදැනීම අපි ඒ තෘප්තිය හොයාගෙන යනවා.... ආදරය මත පදනම් වෙලා විතරක් විවාහ ජීවිතය පවතිනවානම් අද මේ තරම් අපිට ගෑණු පිරිම භාහිර ඇසුරු හොයගෙන යන්නේ නැහැ නේද....? ආදරයි කියලා වරදාව වටහාගෙන මේ ලිංගිකත්වය මත පදනම් වෙච්ච ආකර්ශණය සම්බන්ධයෙන් මම උස්සන්න කලින් මේ ගැන හිතන්න කියන පොස්ට් එකේදිත් කථා කලා..

තරුණ කාලේ ආදරය බොහොම සුන්දරයි.... ආදරය වගේම විරහවත් බොහොම සුන්දරයි.....තරුණ කාලේ අපි එකිනෙකා කෙරෙහි ආකර්ශණය වෙනවා....හැඟීම් සහ ආකර්ශණයට අපි ආදරේ කියලා කියනවා.... 
තරුණ කාලේ විරහව හරිම සුන්දරයි.... ඒ දැනෙන හැඟීම දැනටත් විඳින්න තියනවා හිත ප්‍රිය කරනවා.... සමහර වෙලාවට අපි අපිට නොදැන්වත්වම ඒ විරහාවේ සුන්දරත්වය විඳින්න උත්සහා කරනවා..... 

තවමත් තේරුම් නොගිය ආදරය තේරුම් ගන්න උත්සහා කරන මම

~ බස්සා ~

43 comments:

  1. අනේ මන්ද මේවට මොනා කියන්නද කියල :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්...
      හ්ම්.... මුකුත්ම හිතෙන්නේ නැද්ද ගිම්.....

      Delete
  2. සිරාවට මොනව කියන්නද මන්දා ..!! කියන්න ඕනේ ඔක්කම එකපාර කියලා තිබ්බ වගේ හිතුනා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩ්ඩා..... ඔව් නොකියා කොහොමද ?

      Delete
  3. බස්සාගේ සමීකරණය නම් හරියටම හරි...:D
    අර පින්තූරේ තියෙන්නේ කැපවීමද...:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රියන්ත....
      ඔව් මේක බොහොම අමාරුවෙන් හොයාගත්ත දෙයක්....
      බස්සාගෙන්ම විතරයි....

      Delete
  4. නෝ අයිඩියා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අඩවි රාජා.....
      හ්ම්....

      Delete
  5. අවිවාදයෙන්ම, මාත් මේ කතාවට එකඟයි බස්සෝ,ආදරේ කියන්නේ ඔබ ඔය කියූ දේ වල එකතුවක් තමා.. තවත් වෙලාවකට ආදරේ කියන්නේ සොබා දහම මිනිසා කියන සත්ව විශේෂය වඳ නොවී පවත්වාගෙන යාමට,ජීවින් මුලා කර එම කාර්යය සිදු කරවා ගැනීමට කල මහා... ප්‍රෝඩාවක් කියලත් මට නම් හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු සිතැති මිනිසා....
      වෙලාවකට ප්‍රෝඩාවත් වගෙත් වෙනවා තමයි...හැකස්....

      Delete
  6. මේක තේරුම් ගන්න උත්සහා කරන්න එපා බස්සා... මේක තේරුම් ගන්නත් බෑ... තේරුම් අරගෙන වැඩකුත් නෑ.... ඒ නිසා කාලය අපතේ යවන එක වැඩක් නෑ...

    කවුරු හෝ කෙනෙක් කරන ආදරය තමයි ඒ කෙනාට මේ ලෝකේ තියෙන පරම පිවිතුරු ආදරය.. ප්‍රශ්ණේ තියෙන්නේ මේ කරන සිස්ටම් එක එකිනෙකාට වෙනස්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අභිත.....

      වසයත් එක්ක ජීවිතේ ලබන අත්දැකීම් තුලින් මිනිස්සු ජීවිතේ තේරුම් ගන්නවා.....

      Delete
  7. ආදරය යනු ගනුදෙනුවක්,දෙන තරමටයි ආපසු ලැබෙන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ....
      ඔව් ඒක ඇත්ත තමයි..... අපි නොදැනුවත්වම අපිත් ඒකේ පැ‍ටලෙනවා...

      Delete
  8. ලිංගිකත්වය හරහා බැඳෙන ආදරය දිගුකාලීනව රැකෙන්නක් වෙන්ට බෑ. ආකර්ෂයනය කියන්නේ කාලයත් එක්ක නැතිවෙලා යනදෙයක්.

    රාගයෙන් තොර ආදරයක් තියනවානම් එය සදාකාලිකයි. එහෙම ආදරයක් නැතිවෙන්ට බෑ. අනිවාර්යයෙන්ම තියෙන්ට ඕනි.

    ReplyDelete
    Replies
    1. රාගයෙන් තොර ආදරය පරිප්පු නැති පරිප්පු හොද්ද වගේ...

      රාගයෙන් තොර ආලයක් හොයාගන්න ඕනේ නම් පොකු අක්කා රාගයෙන් තොරව ආලය කරන්නකෝ දෙන තරමට ලැබෙන්නේ කියලා කියනවනේ

      Delete
    2. බොහොම ස්තූතියි ප්‍රවීනා...... රාගෙයන් තොර ආදාරයක් හොයන්නම් ..... ටිකක්අමාරැවෙයි... හැබැයි නැත්තේ නැහැ......

      Delete
  9. // කට්ට කළු..... ෆුල් තට්ට..... දික්කසාද චෙව්ව මනුස්සයෙක් කසාද බඳින්න කිව්වොත් මොකද කියන්නේ ....?
    කැමති වෙනවද...... ?
    හිතට එකඟව පිලිතුරැ දෙන්න...... //

    බස්සට බඳින්න වෙන්නේ නෑ වගේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කකා....
      අම්මපා ආය නම් බඳින්නේ නැහැ....

      Delete
  10. මේ ගැනනම් අයියේ කියන්න නෝ අයිඩියා.. ඒත් එකක් නම් දන්නවා.. කෙනෙක් මුලින්ම දකිද්දි ඇතිවෙන්නේ ආදරයක් නෙමෙයි ආකර්ශණයක් කියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේෂ්...

      ඔව් ඒත් බොහෝ දෙනෙක් කියන්‍නේ වෙනම කථාවක්නේ....

      Delete
  11. ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමු වෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනා ගත් කිසිකෙනෙක් නැතී

    සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
    ප්‍රේමය මුල් පස යට සැගවී
    නං පල මල් දළු පුබුදනමුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

    විල්තෙර දියයට දියඹුන් නගනා
    ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
    සියපත විල මත පිබිදෙන මුත් යස
    උල්පත හැමදාමත් නිසලයි
    ප්‍රේමය හැමදාමත් නිසලයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු...
      ලස්සන සිංදුව.....

      Delete
  12. දැන ගත යුතු , කතා කළ යුතු මාතෘකාවක් ....මා දන්නා සහ විශ්වාස කරන විදියට නම් “දැඩි මිත්‍රත්වය Intimacy , Lust රාගය මිශ්‍රිත හැගීම් , සහ Commitment බැඳීමක් ..ආදරයක් නියම විදියේ ආදරයක් වන්නට නම් මේ කොටස් තුන සම සමව ගන්නට ඕන“ ....මේ ගැන මා කළ සටහනක් http://nursinglanka.blogspot.ca/2011/07/31-love-lust-lost.html
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ් මහත්මයාට.....

      බොහොම පැහැදිලියි...... මමත් එකඟයි ඔබතුමා එක්ක...

      Delete
  13. හැම පැත්තක් ගැනම විස්තර කරලනෙ....මේ පෝස්ට් එක මරු.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හි.හො.පි....

      Delete
  14. ආදරය ලිංගිකත්වය කතා කරලා ඉවරයක්‌ වෙන්නේ නැති මාතෘකා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි වර්ණා...
      ඒත් හැමදාමක් කථා කලත් තව තව කරන්න‍ දේ ඉතිරි කරන මාතෘකාවක්....

      Delete
  15. මේ සමීකරණේ හැටියට වයසට යද්දී ආදරේ අඩුවෙලා පට්ට නාකි වුණාම ආදරේ බිංදුව වෙන්න ඕනේ... ‍‍‍

    x (වැඩිකීරීම) ලිංගිකත්වය කියන එක + (එකතුකිරීමකට) දාන්න වෙයි... :)

    ReplyDelete
    Replies
    1. (කැපවීම + විශ්වාසය) x ලිංගිකත්වය = ආදරය
      ලිංගිකත්වය බින්දුවටම බහින්නෙ නැතුව ඇති. ටික ටික අඩු වෙලා ගිහින් ආදරයත් අඩුම වෙලා යනව ඇති.හැබැයි බින්දුව වෙන්නෙ නැතිව ඇති.

      Delete
    2. බොහොම ස්තූතියි බීට්ල්....

      ඇයි ලිංගිකත්වය කියන කෑල්ල විතරක් අල්ලගෙන ඉන්නේ.... පට්ට නාකි උනාම ලිංගිතක්වය අඩු වෙනවාමයි කියමුකෝ.... ඒත් කැපවීමයි විශ්වාසයයි පවතිනවා නම් කොහොමද එහෙම වෙන්නේ....

      උදාහරණයක් විදියට.... අපි හිතමු වයස 30 දි
      කැපවීම - 25 (මොකද මේ වසසෙදී කාර්යභහුලයි)
      විශ්වාසය - 75
      ලිංගිකත්වය - 50 කියලා (මේවා මනින්නේ මොනවැයිනද කියලා අහන්න එපා දැන්)

      මේ සමීකරනේ අනුව මේ ගනන් දැම්මොත්....
      (25+75) x 50 = 5000

      ඔය වගේ උත්තරයක්...

      හිතන්න වයස 50 දී
      කැපවීම - 85 (මොකද මේ වසසෙදී කාර්යභහුල නැහැ වෙලාව තියනවා)
      විශ්වාසය - 90
      ලිංගිකත්වය - 25 කියලා

      මේ සමීකරනේ අනුව මේ ගනන් දැම්මොත්....
      (85+90) x 25 = 4375

      මේ විදියට ලිංගිකත්වය 0 උනත් ආදරේ ද වෙන්නේ නැහැ....

      Delete
  16. දෙකම එකට තියෙන්න ඕනේ. ආදරය නැති කාමය වැඩක් නැත. කාමය නැති ආලය වැඩක් නැත.

    ReplyDelete
  17. මම දන්නා අත්දැකීමක් බෙදා ගන්නම්..
    එක පිරිමි ළමයෙක් එයාගේ ගැණු ළමයාගෙන් ආදරය කරන කාලේ ලිංගික ඇසුරක් ඉල්ලනවා.ගැණු ළමයා අකමැති උනාම පිරිමි ළමයා ගිහින් මුදලට කාන්තාවක් සමග එකතු වීමක් වෙනවා .මේක ඒ පිරිමි ළමයාගෙන් ඇහැව්වම ඇයි එහෙම දෙයක් කෙරුවේ කියල එයා කියන්නේ මට ඒ දේවල් දුන්නේ නැති නිසයි මම එහෙම කෙරුවේ කියලා.. එත් ආදරය කරන්නේ මේ ගැණු ලමයටලු.මේ පිරිමි ළමයා සාධාරනද?

    ReplyDelete
    Replies
    1. ඕකම කෙල්ලෙක් කලොත්......

      කොල්ලා රට ගියාම කොල්ලගෙන් නොලැබෙන පහස ලබාගන්න කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ඇසුරු කරනවා.. හැබැයි කෙල්ල කියනවා මම ආදරේ රට ඉන්න කොල්ලට විතරයි කියලා.ඒක සාධාරණද??

      Delete
    2. කසාද බැඳපු මනුස්සයෙක්/ගැහැණියකට වෙනත් ගැහැණියකට /පිරිමියෙකුට ආදරය කිරීම තහනම් ද? අශිලාචාර ද? අවිනීත ද?

      Delete
  18. ඇයි හත්දෙයියනේ සරළව හිතන්න බැරි.ඔය උලව්ව ගැන වෙන කොහෙද පොස්ට් එකකත් කොමෙන්ට කළා මතකයි.ඔය කියන රාගයෙන් තොර පවිත්‍ර ආදරයක් ඇත්තං මොන කෙං ගෙඩියකටද කොල්ලො දෙන්නෙක් හරි කෙල්ලො දෙන්නෙක් හරි බඳින්න හැදුවොත් ඔක්කොම කුලප්පු වෙන්නෙ.පවිත්‍ර ප්‍රේමයක් වෙන්ඩැති කියලා අගේ කොරන්නනෙ තියෙන්නෙ.අනික ඔය කියන්නා වගේ තට්ටෙ තියෙන කලු කොල්ලන්ටත් ඒ වගේම කෙල්ලෙක් කැමති උනා කියමුකො.ඒත් නිකමට හිතන්න පුරුෂ ලිංගයක් නැති කොල්ලෙක්ට (උපතින්ම නෙමෙයි කියමුකො.ඔන්න පස්සෙ කාලෙක අනතුරක් වෙලා මෙව්වා එක කපලා දාලා ) ඔය කියන සත්‍ය පවිත්‍ර ප්‍රේමවන්තියෙක් සෙට් වෙයිද දැන දැනම.ඕකෙ අනිත් පැත්තත් ඒකම තමයි.අනික කොල්ලංව තේරුම්ගන්න කෙල්ලො උත්සාහ කළ යුතු වගේම කෙල්ලන්ව තේරුම්ගන්න කොල්ලොත් උත්සාහ කළ යුතුයි.සංසර්ගය කියන්නේ අපරාධයක්වත් භයානක දෙයක්වත් නෙමෙයිනෙ.

    ReplyDelete
  19. ආදරේ හරියට කිරි හොද්දක් වගේ ලු නේ.. අනේ මම නම් දන්නෑ.. ඕන **ක් ප්‍රීති වෙසක්.. :ඩී

    ReplyDelete
  20. aadaray kiyaa me loke deyak naha mama dakina widiyata api hungak dennek athara aadaraya kiyala kiyanne srungaaraya kiyana ekai.(sinhalen font sup wena widiyata sungaraya type karana amaarui. eakai mehema type kale) me loke bandim haa andunaaganim harenna love or freindship kiyala deyak naha. eakai mage adahasa

    ReplyDelete
  21. මං දන්නෙ නෑ බස්සා. නොදන්න දේට නොදන්නව කියන්න එපැයි.

    ReplyDelete
  22. even u accept that sex cms into the equation of love....
    I hope that u run into a new topic with this idea..
    "Do girl have to be a virgin before get married" (I mean people jus do care about virginity of the girl, I just hv to say they are kinda fools n that's pure stupidity :( )
    then it'll become like in arrange marriages did they found love?
    or when u a virgin couple get married do they found love????

    ReplyDelete
  23. sanda eliyase achintyai.permaya nam,hariyata isurumuni(shell craving)pem yuwala wagema inna one.habai podakwath ehemehe wunonth be.kantha saha pirimi athara pvt premayta wada,(sathya) premaya is the first.

    ReplyDelete
  24. මට මතකයි මම බැලුව prestige කියල movie එකක් ඒක magic tricks ගැන හැදුනු කතාවක්. කෙනෙක් ඒ වගේ ඒක trick එකක් හොයාගන්න ජීවිතකලයක් කැපකරනව. ඒක මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරපු වෙලාවේ ඉඳං මිනිස්සු ඒක සිද්දධ වෙන්නේ කොහොමද කියල හොයනවා. එකේ ඒක තැනක තියනවා මේකේ කතා නායකයන් දෙන්නගෙන් එක්කෙනෙක් විශේෂ කාසියක් ළමයෙකුගේ අතට දීල කියනවා කවදාවත් තමන්ගේ trick ඒක හෙළි කරන්න එපා! ඒ දේ නොකරනකන් ඒ මිනිස්සු ඔයාගේ පස්සෙන් එයි, ඔයාව අදහයි. එත් ඒක එලි කරපු දවසට ඔයාගෙන් වැඩක් නෑ.

    ඒ වගේ තමයි ජීවිතය හා ආදරය කියන්නේ මේකේ රහස හොයාගන්නකන් මේකේ තේරුම හොයාගන්නකන් අපි ඒක ගැනම හිතනවා එත් කවදාහරි මේවගේ තේරුම දැනගත්ත දවසට! ජීවිතය ආදරය ගැන තියන උවමනාව මිනිස්සුන්ට අඩුවෙලා යයි. ස්වභාවධර්මය කියන්නේ අපිට තාමත් හොයා ගන්න නොහැකි උන හුඟක් දේවල් නිර්මාණය කල දෙයක්.

    ReplyDelete