Wednesday, April 4, 2012
මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)
අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ.....
එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්......
උදේ හතට බස් නැවතුම වෙත අවේ
කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ
සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ
සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ
එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා
නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා
පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා
මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා
සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ
නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේෙ
ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ
කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ
එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ
මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ
දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ
මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ
ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ
මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ
කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ
සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ
පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා
මගේ පන්තියට යන්නට බැරි වන සැටියා
ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා
ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා
පන්තිය අහවරව ඈ එන බව පෙනුනා
පාවෙන ගමන දක් මා සිත සළිත උනා
අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා
ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා
මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ
ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ
පොත් මිටියට තනි අතට හිරකරගත්තේ
ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ
ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල
දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල
ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල
නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල
ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ
හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ
කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ
ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ
නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත
බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත
එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත
විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත
මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....?
අතපය පන නැද්ද...?
(අහපු කැත)
මුලු බස් එකම මගේ දිහා බැලුවා...
කිසි හිතක් පපුවක් නැහැ...
(මගේ හිත මිමිනුවා)
මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද....
ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා.....
හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං....
මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා.....
එච්චරයි..... ඉවරයි.....
(පිංතූර අනුග්රහය - අන්තර් ජංජාලේ ඇසුරින්)
Labels:
අත්දැකීම් සහ හීන,
කවි,
කවි කථා,
කවි නොවන කවි
Subscribe to:
Post Comments (Atom)
බොරැල්ලේ මගී පාලම යටදි කිසිම හේතුවක් නැතුව මට රවපු ආඩම්බර කෙල්ලෙකුට මම කීවා ඔන්න නංගි ඩෙනිමේ සිප් එක ඇරිලා කියලා.... කෙල්ල අත් දෙකින් වහගෙන බිම ඉඳගත්තා.... මමයි මගේ යාලුවෙකුයි හිටියේ.. අපි දෙන්නා මාරු වුනේ විදුලි වේගෙන්.....
ReplyDeleteමේක කියෝපු ගමන් මට ඒක මතක් උනේ....
හොද වැඩෙ සාධු බස්සා ගුටි කාපු හැටි
ReplyDeleteකියලා නැත්තෙ ඇයි දෝ පලි කොටස නැතී
පොත්තට සුදට හිත බැදි දුක් විදින හැටී
කොල්ලනි පපුව නොව බලපන් හදවතේ හැටී
ආදරේ සුන්... නොදැනිම කට ඉස්සර වෙන වෙලාවට තමා ඇත්ත කියවෙන්නෙ :)
ReplyDeleteපින්තුරේ වගේ එකක් නම් බස්සට හිතගිය එක පුදුමයක් නෑ. පැත්තක් ගියත් ඇත්ත කියපු බස්සට මගේ ප්රණාමය ;
ReplyDeleteගුටි කෑව්ත් ඇත්ත කියනවා.......
ReplyDeleteමමනම් කාසියක් දාලා ප්රායෝගිකව ඔප්පුකරලම පෙන්නනවා!
ReplyDeleteහිකිස් ලැජ්ජයි අෆ්ෆා සමහර කෙල්ලෝ ගැන.
ReplyDeleteක්ලාස් යන කොල්ල කාලේ ඔය ෆොටෝ එකේ තියෙන සීන් එක දැක්ක නං පොත් නෙමේ මායි වැටෙන්නේ.
ReplyDeleteදැන් ඒක බලන එකාගෙ තමා වැරැද්ද.......අයියෝ පව් ඉතින්......
ReplyDeleteබස්ස උඹ නම් මාර පොරක් බං. මම ලන්කාදීප සයිට් එක හැමදාම බලනව වගේ උඹ පෝස්ට් එකක් දාලද කියල බලන ගානටම මාව අල්ලගත්ත නේද?
ReplyDeleteහෆොයි අපරාදෙ පොත් ටික, අහුල ගත්තෙ නැද්ද?
ReplyDeleteඅපාරාදේ අච්චර කාපු කටු.. එක වචෙනෙකින් ඔක්කොම නැති වෙලා ගියානේ..
ReplyDeleteපංඩිත කෙල්ලන්ට ඕම කරලා මදි.. :D
ReplyDeleteකතාව ඇත්ත බන්.., උන් නිකම් පුම්බපු බැලුං වගේ.., අපි පුපුරයි කියලා බයේ ඉන්නවා.., ඒත් අපේ එක වචන කටුවක් ඇනුන ගමන් උන් ලොවෙත් නෑ..!
ReplyDeleteෂික් ඇගේ උකුලට වැටුන පොත් මිටිය මං උනා නම් :P
ReplyDeleteඅහා.... හොඳ වැඩේ.... ඉතින් ඊට පස්සේ බස්සට මොකෝ උණේ.... ??? :D
ReplyDeleteපාසැල් පංති ගිය කාලේ සිහි වූවා
ReplyDeleteකොල්ලෝ අපිත් ඔය විදිහට කටු කෑවා
ඇත්තයි සමහරුන් ලොකු එක ගෙන පෑවා
අම්මල' වුණොත් කොයි එකෙනුත් කිරි ආවා
අනේමන්ද බස්සට වී ඇති ඒවා
ReplyDeleteඊට පස්සෙ වුණු දේ මැවිලා පෑවා
කට ඇති පුතුට පපු ඇති දුව කිච වූවා
රූපය කැපූ බලධරයට කෙල වේවා
ekenma රූපය කැපූ බලධරයට කෙල වේවා.....!
Deleteහරි සෝක් කවි පෙලකි මරුය...
ReplyDeleteමුල.........විශිස්ටයි මැද.........අති විශිස්ටයි අග..........කුජීතයි
ReplyDeleteහුරේ වේවා.ඔහොම පඩත්තර කෙල්ලන්ට ඔය වගේ දහිරියවන්ත කතාවක් කියන්ඩ හැකි කොල්ලන්ට ජය වේවා.
ReplyDeleteඅප්පද බොල පුදනකොටම කාපි කෙල්ල කිව්වලු..
ReplyDeleteඇත්ත මචං අද කාලෙ වගේ නෙවේ ඒ කාලේ ට්රයි කිරිල්ල අමාරුයි. දැන් නම් සරලයි පුදුමයි !
බුදු අම්මේ ට්රයිකිරිල්ල ගැන මතක්වෙනකොට ඇඟේ හිටිගඩු පිපෙනව. මාරක කොච්චර නං පහුකරාද ඔය අතර මඟ. එක පාරක් ගාල්ලෙ සදර්න් එකේ ඉඳල කෝච්චිපාරෙ කෙල්ලෙක් දිහා බල බල ගිහිල්ල තව නුලෙන් අඩයක් තියනව පිටිපස්සෙන් ආපු පවර්සෙට් එකකට. අම්මප ආලය අන්ධයි විතරක් නෙමෙයි බීරියි. නැත්නං කෝච්චියක සද්දයක් නෑහෙන්නෙ..
ReplyDeleteසෑම කිව්ව වගේ දැං ට්රයි කරන්න කිසිම අමාරුවක් නෑනෙ. කැමති නම් කැමතියි කිව්ව නැත්නං නෑයි කිව්ව. සතිගනං මාසගනං පස්සෙන් යන්න ඕනෙ නෑ. හරිම සිම්පල් ප්ලෑන් එකක්
පිම්බුන දෙතන ඇති අඟනෝ වැඩි හරියක්
ReplyDeleteයන්නේ උඩින් නොගැටී පොලවට අඩියක්
නොදන්නා නිසයි නැත්තේ තෙතමනයක්
දිනකදි ඕව වෙනවා වගෙ වැල ගෙඩියක්
තමන්ට උවමනා දේ නොවුනාම,, කොයි පිරිමියත් අන්තිමට හිත හදා ගන්නේ ගැහැනිය පහත් කරලා වචන පාවිච්චි කරලා...
ReplyDelete