Wednesday, April 4, 2012

මාගේ මතකේ ඔබේ රුව ඇඳේ....... (ඇත්තමයි... සත්තයි...)


අද කාලේ වගේ නෙමෙයි අපේ කාලේ.. .කෙල්ලෙක්ට ට්‍රයි කරනවා කියන්නේ දෙවන ලෝක යුද්දේ වගේ.... දැන් වගේ ෆේස්බුක්... ජීටෝක්.... ටුවිටර් තියා හෑන්ඩ්පෝන්වත් නැහැ.....

එහෙම තියෙද්දී තමන් ආදරේ කරපු කෙල්ලව බලන්න කොයි තරම් කට්ටක් කන්න ඕනේද කියලා මේ මම වගේම අපේ වසයක බ්ලොග් කාරයොත් දන්නවා ඇතිනේ..... මේ ඒ වගේ සිද්ධියක්......

උදේ හතට බස් නැවතුම වෙත අවේ
කොච්චර බලා සිටියත් ඈ ඇයි නාවේ
සිතතුල නලියනා පැතුමන් නම් බෝ වේ
සොඳුරිය ඔබව දුටු විට ගත සිත පා වේ

එනතුරු ගත සලා ඈ මුදු බඳ නලවා
නිරතුරු බලා සිටියෙම් මා ඇස් හරවා
පුළුකුලු උකුල රිය සක එහෙ මෙහේ ළෙලවා
මා පසුකර ගියා ඈ මගේ ගත සිත සොලවා

සති දෙක තුනක් සිට මා ඈ පසු පස යන්නේ
නැහැ කිසි දිනක ඈ මට ඉඟියක් දෙන්නේ‍ෙ
ආලය දිනෙන් දින හද තුල මෝඅරන්නේ
කොහොමද කෙලෙස ඈ හට මෙය පවසන්නේ

එනවිට දිනක් මා තෙමි තෙමි මහා වැස්සේ
මා පසු කරපු බස් රියකින් ඇය බැස්සේ
දුවලා ගිහින් නැවතුනි ඇගේ කුඩේ අස්සේ
මා හට කුඩේ දී ඇය තෙමුනා වැස්සේ

ඇයි මේ තරම් ඇය මා හද රිදවන්නේ
මහිතේ කැටිව තිබු පෙම නැහැ ඇය හඳුනන්නේ
කොහොමද මේක ඈ හට තේරැම් කර දෙන්නේ
සිහිවන හැම විටම මා සිත ලතැවෙන්නේ

පන්තිය අවසන්ව ඈ එනතුරු සිටියා
මගේ පන්තියට යන්නට බැරි වන සැටියා
ඇස් රිදෙනකම් මම මග බල බල සිටියා
ගොදුරක් එනතුරා රැක සිටි මෙන් කොටියා

පන්තිය අහවරව ඈ එන බව පෙනුනා
පාවෙන ගමන දක් මා සිත සළිත උනා
අද නම් මොනවා හරි කරනවා හිත හැදුනා
ඉස්සර වෙන්න දී මා ඈ පසු පස ඇදුනා

මැද පේ ලියේ අසුනක ඈ ඉඳගත්තේ
ඈ කිට්ටුවට වෙන්නට මා හිටගත්තේ
පොත් මිටියට තනි අතට හිරකරගත්තේ
ඒ දැක දැකම ඈ ඇස් අහකට ගත්තේ

ඇස් ඉදිරියේ උස් උන ඇගේ ළය මඩල
දිස්වෙනවා හොඳින් පිම්බුනු තන යුගල
ඇස් දෙක අහක ගන්නට සිතුවත් නොබල
නොබලා ඉන්නේ කොහොමද මේ රඟ මඩල

ගැස්සෙන වාරයක් පාසා ඉස්සෙන්නේ
හිතලාමදෝ ඈ මේ හැටි ගස්සන්නේ
කුණු කය කිමද මේ හැටියට වෙහෙසන්නේ
ආදර හිත නැහැනේ දැන් අහලක එන්නේ

නොහිතා වැටුනා පොත් මිටියම උකුල මත
බැළුවා මුණ රතු කර ඔරවා දෙනෙත
එක්කර වැටුනු පොත් මිටියම ඈ සුරත
විසිකෙරුවා බිමට නැහැ කිසි සිතෙහි තෙත

මොකද මනුස්සයෝ වෙලා තියෙනනේ....?
අතපය පන නැද්ද...?
(අහපු කැත)
මුලු බස් එකම මගේ දිහා බැලුවා...

කිසි හිතක් පපුවක් නැහැ...
(මගේ හිත මිමිනුවා)

මොකද නංගි කිසි හිතක් පපුවක් නැද්ද....
ලඟ හිටිය මගේ යාළුවා ඇහැව්වා.....

හිතක් නැති උනාට ලොකු පපුවක් නම් තියනවා....මචං....
මටත් නොදැනීම මගේ කට ඉස්සර උනා.....

එච්චරයි..... ඉවරයි.....

(පිංතූර අනුග්‍රහය - අන්තර් ජංජාලේ ඇසුරින්)

26 comments:

  1. බොරැල්ලේ මගී පාලම යටදි කිසිම හේතුවක් නැතුව මට රවපු ආඩම්බර කෙල්ලෙකුට මම කීවා ඔන්න නංගි ඩෙනිමේ සිප් එක ඇරිලා කියලා.... කෙල්ල අත් දෙකින් වහගෙන බිම ඉඳගත්තා.... මමයි මගේ යාලුවෙකුයි හිටියේ.. අපි දෙන්නා මාරු වුනේ විදුලි වේගෙන්.....

    මේක කියෝපු ගමන් මට ඒක මතක් උනේ....

    ReplyDelete
  2. හොද වැඩෙ සාධු බස්සා ගුටි කාපු හැටි
    කියලා නැත්තෙ ඇයි දෝ පලි කොටස නැතී
    පොත්තට සුදට හිත බැදි දුක් විදින හැටී
    කොල්ලනි පපුව නොව බලපන් හදවතේ හැටී

    ReplyDelete
  3. ආදරේ සුන්... නොදැනිම කට ඉස්සර වෙන වෙලාවට තමා ඇත්ත කියවෙන්නෙ :)

    ReplyDelete
  4. පින්තුරේ වගේ එකක් නම් බස්සට හිතගිය එක පුදුමයක් නෑ. පැත්තක් ගියත් ඇත්ත කියපු බස්සට මගේ ප්‍රණාමය ;

    ReplyDelete
  5. ගුටි කෑව්‍ත් ඇත්ත කියනවා.......

    ReplyDelete
  6. මමනම් කාසියක් දාලා ප්‍රායෝගිකව ඔප්පුකරලම පෙන්නනවා!

    ReplyDelete
  7. හිකිස්‌ ලැජ්ජයි අෆ්ෆා සමහර කෙල්ලෝ ගැන.

    ReplyDelete
  8. ක්ලාස් යන කොල්ල කාලේ ඔය ෆොටෝ එකේ තියෙන සීන් එක දැක්ක නං පොත් නෙමේ මායි වැටෙන්නේ.

    ReplyDelete
  9. දැන් ඒක බලන එකාගෙ තමා වැරැද්ද.......අයියෝ පව් ඉතින්......

    ReplyDelete
  10. බස්ස උඹ නම් මාර පොරක් බං. මම ලන්කාදීප සයිට් එක හැමදාම බලනව වගේ උඹ පෝස්ට් එකක් දාලද කියල බලන ගානටම මාව අල්ලගත්ත නේද?

    ReplyDelete
  11. හෆොයි අපරාදෙ පොත් ටික, අහුල ගත්තෙ නැද්ද?

    ReplyDelete
  12. අපාරාදේ අච්චර කාපු කටු.. එක වචෙනෙකින් ඔක්කොම නැති වෙලා ගියානේ..

    ReplyDelete
  13. පංඩිත කෙල්ලන්ට ඕම කරලා මදි.. :D

    ReplyDelete
  14. කතාව ඇත්ත බන්.., උන් නිකම් පුම්බපු බැලුං වගේ.., අපි පුපුරයි කියලා බයේ ඉන්නවා.., ඒත් අපේ එක වචන කටුවක් ඇනුන ගමන් උන් ලොවෙත් නෑ..!

    ReplyDelete
  15. ෂික් ඇගේ උකුලට වැටුන පොත් මිටිය මං උනා නම් :P

    ReplyDelete
  16. අහා.... හොඳ වැඩේ.... ඉතින් ඊට පස්සේ බස්සට මොකෝ උණේ.... ??? :D

    ReplyDelete
  17. පාසැල් පංති ගිය කාලේ සිහි වූවා
    කොල්ලෝ අපිත් ඔය විදිහට කටු කෑවා
    ඇත්තයි සමහරුන් ලොකු එක ගෙන පෑවා
    අම්මල' වුණොත් කොයි එකෙනුත් කිරි ආවා

    ReplyDelete
  18. අනේමන්ද බස්සට වී ඇති ඒවා
    ඊට පස්සෙ වුණු දේ මැවිලා පෑවා
    කට ඇති පුතුට පපු ඇති දුව කිච වූවා
    රූපය කැපූ බලධරයට කෙල වේවා

    ReplyDelete
    Replies
    1. ekenma රූපය කැපූ බලධරයට කෙල වේවා.....!

      Delete
  19. හරි සෝක් කවි පෙලකි මරුය...

    ReplyDelete
  20. මුල.........විශිස්ටයි මැද.........අති විශිස්ටයි අග..........කුජීතයි

    ReplyDelete
  21. හුරේ වේවා.ඔහොම පඩත්තර කෙල්ලන්ට ඔය වගේ දහිරියවන්ත කතාවක් කියන්ඩ හැකි කොල්ලන්ට ජය වේවා.

    ReplyDelete
  22. අප්පද බොල පුදනකොටම කාපි කෙල්ල කිව්වලු..

    ඇත්ත මචං අද කාලෙ වගේ නෙවේ ඒ කාලේ ට්‍රයි කිරිල්ල අමාරුයි. දැන් නම් සරලයි පුදුමයි !

    ReplyDelete
  23. බුදු අම්මේ ට්‍රයිකිරිල්ල ගැන මතක්වෙනකොට ඇ‍ඟේ හිටිගඩු පිපෙනව. මාරක කොච්චර නං පහුකරාද ඔය අතර මඟ. එක පාරක් ගාල්ලෙ සදර්න් එකේ ඉඳල කෝච්චිපාරෙ කෙල්ලෙක් දිහා බල බල ගිහිල්ල තව නුලෙන් අඩයක් තියනව පිටිපස්සෙන් ආපු පවර්සෙට් එකකට. අම්මප ආලය අන්ධයි විතරක් නෙමෙයි බීරියි. නැත්නං කෝච්චියක සද්දයක් නෑහෙන්නෙ..


    සෑම කිව්ව වගේ දැං ට්‍රයි කරන්න කිසිම අමාරුවක් නෑනෙ. කැමති නම් කැමතියි කිව්ව නැත්නං නෑයි කිව්ව. සතිගනං මාසගනං පස්සෙන් යන්න ඕනෙ නෑ. හරිම සිම්පල් ප්ලෑන් එකක්

    ReplyDelete
  24. පිම්බුන දෙතන ඇති අඟනෝ වැඩි හරියක්
    යන්නේ උඩින් නොගැටී පොලවට අඩියක්
    නොදන්නා නිසයි නැත්තේ තෙතමනයක්
    දිනකදි ඕව වෙනවා වගෙ වැල ගෙඩියක්

    ReplyDelete
  25. තමන්ට උවමනා දේ නොවුනාම,, කොයි පිරිමියත් අන්තිමට හිත හදා ගන්නේ ගැහැනිය පහත් කරලා වචන පාවිච්චි කරලා...

    ReplyDelete