Wednesday, July 25, 2012

ෆයිව් ඉන් වන්......



දෙකක් දාගත්තා රෑක......බුකියේ දැක්ක පිංතූරු සැට් එකකට මැවුනු කවි පෙලක්...... එන්නෙම මහ වලත්ත සිතුවිලි........උපරිම සංස්කරණයෙන් යුතුව වගකිමෙන් ලිව්වේ.... අහිතක් හිතන්න නෙමෙයි... දැක්ක දේ දැනුන විදිය කිව්වා කියලා හිතාගමු.... 
මඩ නෙමෙයි.....
විඳින්න.....

පොලොස් ගැට දැක...
නටයි දෙක තෙයි තක....
වනන විට රිය සක...
දණ්ඩ උල්වෙනවාට නොම සැක...

නෙක නෙක පෙනෙන තන....
පුම්බා දැනෙන අයුරින....
පොලොවට වැටෙන නොවැටෙන....
ගැට දෙල් ගෙඩි දෙකක් විලසින...

උස්සා ගෙල බඳින....
වැටකොළු නොවේ කිසිදින....
උස්සා ගසන තැන....
එල්ලේ උරහිසේ විගසින....

ගැට තන එකට ගැටී...
පෙන්නනා රැඟුම් හරි වටී....
කෝලකම් වලට රැවටී...
හිත නැහැ එක තැනක දැවටි..

කොත්තු රස ගෙනේයා...
තොත්තුවට හිත ගියේයා...
තනිව රස විඳියා...
කොල්ලා ගැන හිත ඊරිසියා....

සුසුදු දසන් පෙන්නායා...
අවර්ණා හිත පිනයා..
වහසි බස් නොදොඩායා...
ඇත්තමට ඇය හරි අගේයා...

නෙක නෙක රස ගෙනෙන....
රසමසවුළු ඇතත් හැම තැන...
හැටිටයට හිර උන...
තිසරු තරමට නැතේ රස වෙන....

නෙක නෙක පාට....
ඇඳුම් ඇඳ එක රෑට....
ගෙනන රස ඇහැට....
මලත් වෙන සැප කුමට....

දිව නහර පිනවන...
දෙතොල් පෙති මන කළඹන....
නොදකින මිස කුමන....
සැප ය සියෝලඟ නලියන...

නෙක නෙක බස තෙපලන...
හිනැහෙන කෝල අයුරින....
දන මන පුබුදු වන....
බිඳුනා දැහැන විගසින.....

ගැට පහකට හිරව....
මැදට වන්නනට මැදිව....
කෙලෙස් නැහැ මෙල්ලව....
කෙසේ මැඩ ඉනු මුල්ළුව...

තුම්මුල්ල හිර කොට....
අඳින ලද ඩෙනිමට....
හිර උනු දහංගැට....
අමතක කරනු කෙලෙසට....

ලියනු ඇති මනා....
තව තව දේද හිතෙනා....
කරමින් සංස්කරනා....
දැන් මෙය නවතන්න හිතුනා....

ලිව්වොත් තව තවත්....
වෙන්නේ මහ විපතක්.....
ඒ නිසා වී නොම දුක්ක....
නවතිමි මෙයින අඩසක්....

දන්නෝ දනිත්වා... නොදන්නේ උඩ බලා සිටිත්වා.....

17 comments:

  1. //දෙකක් දාගත්තා රෑක......//

    හික්ස්..
    කොහොමද දා ගත්ත දෙකේ පවර් එක...!!

    ReplyDelete
  2. හොදම ඒවා එලියට එන්න දෙකක් දාගන්නම වෙනවා වගේ ....

    ReplyDelete
  3. මෙයින් නවතිනු යෙහෙකි.නැත්තං මොනවා කියවෙයිද කව්දෑ දන්නේ.....හික් හික්

    ReplyDelete
  4. මාත් දාං බලන්න ඕනා දෙකක්..

    ReplyDelete
  5. කවිය නම් වෙනද වගේම නියමයි.

    කවිය කියවද්දි සමහර දේ නම් තේරුනා මදි. හොඳට තේරුම් ගන්න තිබ්බා අර බස්ස දැක්කැයි කීව පින්තූරු සෙට් එකත් තිබ්බ නම්.

    ReplyDelete
  6. අෆ්ෆා,
    බස්සා බ්ලූ වෙලා වගේ

    ReplyDelete
  7. චැහ් එන්නෙමෙ වලත්ත සිතුවිලි

    ReplyDelete
  8. වල් වෙලා.. හිකිස් !

    ReplyDelete
  9. බැරි වෙලාවත් තුනක් දාගෙන ලියන්න එපා...!!!

    ReplyDelete
  10. දෙකක් දාගෙන මෙහෙම නම්.. තුනක් දාගත්ත දාට ... අපේ අප්පෝ.... :)

    ReplyDelete
  11. භාගයක් හෙම අනුමත වෙච්චි දවස් වලට කොහොමට තියෙයිද...?

    ReplyDelete
    Replies
    1. කියන්ට බැරි උනා...
      පොස්ට් එක එල ඈ...

      Delete
  12. ආයෙ බීලා ෆොටො දිහා බලන්න එපා අයියේ... :)

    ReplyDelete
  13. පට්ට ඈ....සංස්කරනය නොකලනම්................පට්ට පට පට

    ReplyDelete
  14. වෙලාවට කවි පන්තිය නතර වුනේ නැත්නම් තව මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ. පටිට :D

    ReplyDelete