Tuesday, November 8, 2011

අපි මෙහෙම ඉමු...

 මට කොයි තරම් ඕනේ උනත්...
මේ තරම්  ලඟ හිටියත්..
ලංවෙන්න ඔයාට..
බැහැ මට...

‍කොයි තරම් ආදරෙන්..
මග බලන් හිටියත්..
ඔයාට බැහැ මට ලංවෙන්න...
‍ඔයා විනාස වෙයි...

දුක තමයි...
අපි මෙහෙම ඉමු.. 
මේ දුර හොඳයි...
අපි මෙහෙම ඉමු..

Saturday, November 5, 2011

කිචිය...කුචිය සහ ආතල්.... 18+

‍මේ මාසේ දවස් 5 ක්ම ගියා.. දන්නේම නැතුව..ලියන්න ගත්ත පෝස්ට් කීපයක්ම තාමත් ඉවරකරන්න බැරි උනා.. ඔය අතරේ තමයි අද දැක්ක සිද්ධියක් නිසා හදිසියේම මේ කථා ටික මතක් උනේ...කෝච්චි කථා කීපයක්.. මීට අවුරැදු 10 කට විතර කලින් මම රැකියාවට ගියේ දුම්රියේ...(ඒ කිව්වට තාමත් දුම්රියේ තමයි යන්නේ) මේ කියන්නේ ලංකාවේ දුම්රිය ගැන... ‍ඔය කාර්යාල දුම්රිය බොහොමයක් "කුමරි"ලානේ.. මේවත් මේ එක "කුමාරි" කෙනෙක්ගේ හතරවැනි පෙට්ටියේ ඉස්සරහා දොරේ ‍පලවැනි සීට් එකේදී අත්දැකපු... අහපු කථා කීපයක්..

කුචිය....එහෙමත් නැත්නම් කිචිය... කියන්නේ බොහොම බරපතල දෙයක්...මේකට ලොකු අතීතයකුත් තියනවා.. අපි පොඩි කාලේ අම්මලා කියන්නේ "මේකා බඩගිනි බඩගිනි කියනවා" කියලා කරන සෙල්ලමේ අවසාන බලාපොරොත්තුව තමයි මේ කුචිය කියන එක අඩුකිරීම කියලා දැන් මට හිතෙනවා... මොකද කුචිය නොහොත් කිචිය ඒ තරමටද ජීවිතේට බලපාන නිසා.. දැන් බලන්න එපා කොච්චි ගැන කථා කරලා ඇයි මේ කුචියක් ගැන කියන්නේ කියලා..

මේ කථාවේ කථානායකයා අපේ කොච්චි සගයෙක්...හැබැයි අර මං කලින් කිව්ව කුචිය නොහොත් කුචියේ "ජෙනුයින්" එක තමයි මෙයාට තියෙන්නේ... ඒ ‍"පෙරේරා' අන්කල්... ටිකක් වයසක උනාට ජොලි පොර... කොහේ ගියත් එන්නේ අපි කොල්ලෝ සෙට් එක ඉන්න තැනට තමයි... සමහර වෙලාවට බයිට් එක වෙන්නෙත් මෙයාම තමයි..පෙරේරා අන්කල් බොහොම දරැණු කුචියක් තිබ්බ තිබ්බ කෙනෙක්.. යන්තං හරි අඟිල්ලක් බඩට.. කිහිල්ලට වැදුනොත් කෙලින්ම එළියට එන්නේ අර ස්ත්‍රී ලිංගයට කියන ශුද්ධ සිංහල වචනේ... ඒකට තැනක් නොතැනක් වෙලාවක් කලාවක් නැහැ... ඕනෑම තැනක දෙයියනේ කියලා ඕක අහගන්න පුලුවන්  යන්තං පෙරේරා අන්කල්ට "ටච්" එකක් දුන්නොත්..

ඔන්න දවසක් අපි සෙට් එක යන අතරේ සුන්දර, පැහැපත්, සුකුමාළ (වෙන මොනාද තියන වචන) ගෑණූ ළමයෙක් නැග්ගා ‍අපේ පෙට්ටියට... සාමාන්‍යයෙන් අපේ සෙට් එක ගැන දන්න කිසිම ගෑණුළමේක් අපි ඉන්න පලාතටවත් එන්නේ නැහැ.....ඒත් කරැමෙට මේ ළමයා ඇවිත් නතර උනේ අපි ලඟම... අපේ එවුන් වැඩ පෙන්නන පටන් ගත්තා.... අපි ඒ ටික දෙබස් විදියට අහමු..

පෙරේරා අන්කල්...

අන්කල් හිතන විදියට මෙයාගේ ලස්සනම මොකක්ද ?

(වනචර කො‍ල්ලෙක් ඇන්නේ නැද්ද අන්කල්ගේ කිහිල්ලට)

%*%&$*#(*#(@@@@@

අර ගෑණු ළමයා අඬාගෙන අතුරැදහන් උනා....

ඒ එක සිද්ධියක්... 

-------------------------------------------------

අනිත් එක කිරිගොට්ට සම්බන්ධ එකක්....? කොච්චිවල යන උන් නම් මේක දන්නවා ඇති... විශේෂයෙන්ම සෙනග පිරිලා යන කෝච්චි වල මේක නිතරම සිද්ධවෙන දෙයක්... දන්නවනේ කොච්චියේ හිටගෙන යන්නේ පේළි 3 කටනේ... කිරිගොට්ට උලනවා/ අතුල්ලනවා කියන්නේ මේ පේලියේ මැදට ගෑණු කෙනෙක් සෙට් උනාම සිද්ධවෙන දෙයක්... මේවගේ සිද්ධියක් උනා අපි සෙට් එක ඉන්න තැන... දවසක් ටිකක් වයස කන්තෝරැ අනකල් කෙනෙක්ගේ පිටිපස්සට සෙට් උනා තරැණ ගෑණු ළමේක්.... ටික වෙලාවක් යනකොට අන්කල් පටන් ගත්තා වැ‍ඩේ... කිරිගොට්ට උලන්න... දැන් අර ගෑණු ළමයි ඇඹරෙනවා... හෙල්ලෙන්නවත් බැරි තරමට කෝච්චිය පැක්.... මේක දැකපු අපේ එකෙක් අන්කල්ට මෙහෙම කිව්වා විතරයි අන්කල් භූ‍මිතෙල් ගාපු ගැරඬියා වගේ අතුරැදහන් උනා...

අන්කල්... ඔහොම ගියොත් කොටුවට යන්න කලින් අන්කල්ගේ පිටේ "‍බ්‍රෙස්ට් කැන්සර්" හැදෙයි.....

-------------------------------------------------

මේ තුන්වෙනි කථාව.... ඔය පවර්සෙට් වල යන අයට වෙන දෙයක් තමයි කෝච්චි පැද්දෙන විදියට පැද්දෙන එක... මේකත් කිරි ගොට්ට ඇතිල්ලීමේ තවත් එක් ක්‍රමයක්.... වැලමිට වද්දමින් පැද්දෙන එක...දවසක් කොටුවෙන් පිටත් වෙච්ච කෝච්චයක මනුස්සයෙක් ලඟ හිටිය ගෑණු දරැවාගේ පපුවේ මේ වැලමිට අතුල්ලන වැඩේ පටන් ගත්තලු... මේ ළමයත් ඉවසගෙන හිටිය.... (කැමති නිසාද දන්නේ නැහැ) මරදානට ආවා... දැන් මේ මනුස්සයා කොච්චිය පැද්දෙන රිද්මෙට අත පද්දනවා... කොච්චිය නැවැත්තුවාම වැඩේ නවත්තනවා....කෝච්චිය යන්න පටන් ගත්තාම ආයිත් පටන් ගන්නවා... මරදානට ආවා.... කෝච්චය නැවැත්තුවා... ‍යන්න පටන් ගත්තාම මනුස්සයා වැඩේ පටන් ගත්තා.... අර ගෑණු ළමයා අර මනුස්සයාගේ පැත්තට බර වෙලා‍‍ මෙහෙම කිව්වලු...

"අයියේ ඒ යන්නේ අනිත් පැත්තේ කෝච්චිය....."

-------------------------------------------------

දැන් "ආතල්" කථා ටික බැලුවනේ.... හැබැයි මේ බොහොම සරළ "ආතල්" කථාවලින් මට කියන්න් ඕනේ උනේ වෙන දෙයක්... මොකද මෑතකදී මගේ හිතවතියක් මට කිව්වා මේ මානව හිමිකම් ගැන ලියන ලිපි පෙල තේරෙන්නේ නැහැ කියලා... මේ වඩාත් සරළව නීති ගැන හඳුනවලා දෙන්න ගත්ත තවත් උත්සහයක්.. මේ හැම සිද්ධියක්ම ශ්‍රී ලංකාවේ නිති පද්ධතියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගතහැකි.... වසර 7 ක් දක්වා සිරදඬුවම් ලබාදිය හැකි වැරදි.....ශ්‍රී ලංකා වේ දණ්ඩ නීති සංග්‍රහයේ 1983 අංක 12 පනත, 1995 අංක 22 සහ 1998 අංක 29 දරණ සංශෝධන පනත් වලට අදාලව "කාන්තාවකගේ හිරිඔතප් බිඳීමට තැත්කිරීම" යටතේ අත්අඩංගුවට ගෙන වැරදිකරැ වුවහොත් උපරිමය වසර 7 දක්වා සිරදඬුවම්ද වන්දි ද නියම කල හැකි වැරදි... ලංකාව තුල කාන්තාවන් ගේ ආරක්ෂාව සඳහා මනා නීතිපද්ධතියක් ඇතත් එය නිසිලෙස ක්‍රියාත්මක නොවීමත් තුල එදත් අදත් හෙටත් කාන්තාව මෙවැනි අතරවරයන්ට මුහුන දෙනු ඇත....

Friday, October 28, 2011

නොදනී.....


"නොදනී"...... මේ තමයි පොඩි කාලේ ඉඳන් බොහෝ දෙනා මට කථා කරපු නම... පොඩි දවස්වල නම් මට ඒ හැටි ගානක් නැහැ... ඒත් ටික ටික ලොකු වෙනකොට මට තේරැනා ඒ නමේ තේරැම... මම ඒදා ඉඳලා මාව මේ ලෝකෙට ජාතක කරපු තාත්තා කියන පාදඩයට වෛර කරන්න ගත්තා..අම්මට වෛර කරන්න මට හිත දුන්නේ නැහැ. අම්මා බඩ උනේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා කියන්න මම දන්නේ නැහැ. මට අහන්න තරම් කාලයක් උන්දෑ ජීවත් උනෙත් නැහැ. අම්මා ගැන තියෙන්නේ බොහොම පොඩි මතකයක්.. මම චුටි කාලේ උන්දෑ මාව ලොකු ගලක් උඩ තියන පංසලක් ලඟ පොඩි අගුවක තියාගෙන රටකජු වික්කා කියලා මතකයක් කියනවා... ලො‍කු බස් ආවාම මාවත් උස්සගෙන බස් එක වටේ කැරකෙනවා... මට හිතුනේ මට බස් එක පෙන්නවා කියලා.. ඒත් පස්සේ ඒ මතකයන් අවදිකරනකොට මම කොහොමද ඒ අම්මා කරපු දේ විග්‍රහ කරන්නේ.... අම්මා මාව විකුනගෙන කෑවා කියලද ? ඒත් මට එහෙම හිතන්න හිත ඉඩ දෙන්නේ නැහැ.. 

මගේ අම්මා අසරණ වෙච්ච ගැහැනියක්... අම්මත් මම වගේ ම "නොදනී" ගනයේ... අම්මා මට වැඩිය මේ සමාජෙන් බැට කන්න ඇති කියලා මට අද හිතෙනවා... අඩු ගානේ මගේ උප්පැන්නේ අම්මගේ නම තියනවා... ඒත් අම්මගේ උප්පැන්නේ අම්මා, තාත්තා දෙන්නගෙම නමට ඉස්සරහට තියෙන්න ඇත්තේ "නොදනී" කියලා වෙන්න ඇති.. ඒත් කවදාවත්ම මම අම්මගේ උප්පැන්නයක් දැකලා නැහැ... උප්පැන්න සහතිකේ කියන්නේ ඉපදුනු බවට දෙන සහතිකේට කියලයි මම අහලා තියෙන්නේ... අම්මා ඉපදිලා තියෙන්නේ කොහේද කියලාවත් අම්මා දැනගෙන ඉන්න නැතුව ඇති.. මගේ අම්මව එයාගේ අම්මා පාරේ දාලා ගිහිල්ලා.... පස්සේ අම්මා හැදිලා තියෙන්නේ ළමා නිවාසෙකලු... ටිකක් ලොකු වෙනකොට අම්මා එතනින් පැනලා ඇවිත් බදුල්ල පැත්තේ දී ගෑණු කෙනෙක් හම්බුවෙලා එයාගේ ගෙදර නැවතිලා... පස්සේ එයා අම්මව එක එකාට විකුනලා... කීදෙනෙක්ද කියන්න දන්නේ නැහැ... ඒත් උන්ගෙන් එකෙක් තමයි මගේ තාත්තා වෙන්න ඇත්තෙත්. ඊට පස්සේ තමයි අම්මා දඹුල්ලට පැනලා ගිහින් තියෙන්නේ...අම්මා බොහොම දුක් විඳලා තියනවා... බඩත් උස්සගෙන... අම්මට ඕනෙනම් මාව නැති කරලා දාන්නත් තිබුනා... ඒත් අම්මා එහෙම කලේ නැහැ. මට තියෙන ආදරේ හින්දද දන්නේ නැහැ. ඒත් එහෙම කලේ නැහැ...දඹුල්ලේ පොලීසියේ මහත්තුරැ අම්මට ගොඩක් උදව් කරලා තියනවා.... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා ජීවිතේ ජයගන්න... ඒත් උන් අම්මට ඉන්නම දීලා නැහැ.. තනිවෙච්ච ගෑනියෙක් ගෙන් හැම එකාම ප්‍රයෝජනය ගන්න හදලා... අම්මා ගොඩක් උත්සහ කරලා තියනවා.. ඒත් දවසක් එක පාදඩයෙක් මගේ අසරණ අම්මව බෙල්ල කපලා මරලා... මට තේරැමක් නැහැ.... මම දැක්කා අම්මා වැටිලා ඉන්නවා... රතු පාට වතුර ගොඩක් උඩ... අම්මා ඉඳලා තියෙන්නේ ලේ ගොඩක් උඩ.. මම හිතුවා අම්මා තනියම නිදි කියලා... මම කොච්චර කථා කලත් අම්මා නැගිට්ටේ නැහැ....

පොලිසියේ මාමලා මාව අනාථ නිවාසෙට ගෙනාවා.... මගේ පොඩිකාලේ ගෙවුනේ අනාථ නිවාසේ.... එතන ලොකු අයියලා මට එක එක් දේවල් කියලා දුන්නා... රෑට මාව අයියලා මාව තුරැල් කරගෙන නිදයනවා.... අම්මගේ උණුහුම නැති මම තවත් ඒ උණුහුමට ගුලි වුනා...සැරින් සරේ එක එක අයියලා.. .ඒත් මට ඒ උණුහුමට නින්ද යනවා... ඒත් දවසක් මට හරියට රිදුනා.... උදේ උණ ගත්තත් එක්ක...ඊට පස්සේ මාව ඉස්පිරිතාලේ නැවැත්තුවා..මම ගෙදර එනකොට අර අයියලා එතන හිටියේ නැහැ... මට පුදුමාකාර පාළුවක් දැනුනා... මට ආයිත් සැරයක් අම්මගේ උණුහුම නැති උනාවගේ දැනුනා.. අලුත් නැන්දා කෙනෙකුත් හිටියා... එත් එයා හරි වසයි... මම නිසාලු එයාට මෙහෙට එන්න සිද්ධ උනේ කියලා හැම තිස්සේම මට ගැහැව්වා.. ඇයි කියන්න මම දැනේ නැහැ.. හැම තිසසේම මට වද දුන්නා... ඒ නැන්දා තමයි ඉස්ඉස්සල්ලම මට‍ ‍මගේ නම කියලා කථා කලේ..

ඒයි..."නොදනී" මෙහෙ වරෙන්...

මම ඉස්කො‍්ලේ යන්න ගත්තා...ළමා නිවසේ අනිත් අයියලා අක්කලා වගේ... ටීචර් මට වෙනම පුටුවක් මේසයක් දුන්නා වාඩිවෙන්න....මම හිතුවේ මට ආදරේ හින්දා කියලා... පස්සේ තමයි තේරැනේ පන්තියේ ළමයි මගේත් එක්ක වාඩි වෙන්න කැමති නැති නිසා තමයි එහෙම කලේ කියලා.. ළමා නිවාසේ ළමයි මට කථා කලේ "නොදනී" කියලා... ඒක නිසා ඉස්කොලෙත් ම‍ට කථා කලේ ඒ නමින්ම තමයි.... මට ඒක ලොකු වෙනසක් තිබුනේ නැහැ... දෙමව්පිය රැස්වීම වලදී අනිත් අම්මලා තාත්තලා ඒ ළමයි එක්ක ඉන්නවා දැක්කාම මට අම්මව මතක් වෙනවා... එ දවසට මම මුලු දවසම පිට්ටනියට වෙලා ඉන්නවා.... අපේ ඉස්කෝලේ පිට්ටනිය පිටිපස්සේ කැළෑව... මම ඒ කැළෑවට පුරැදු උනා.... උදේම ගිහින් කුරැල්ලන්ගේ "කිචි බිචි" සද්දේ අහන්න...ලේන්නු දිහා බලන්න.. මම පුරුදු වුනා.... මම අනිත් ළමයින්ගෙන් අයින්වෙලා හිටියේ... එයාලා මාව කවදාවත් සෙල්ලම් කරන්න ගත්තේ නැහැ... මම එයාලත් එක්ක හිනා උනොත් එයාලා මට රවනවා... මම එයාලගේ ඉස්සරහින් ගියොත් මට "නොදනී" කියලා හිනා වෙනවා...  මට මේ දේවල් හුරැ වුනත් ටික ටික ලොකු වෙනකොට මම උන්ට වෛර කරන්න පටන් ගත්තා... උන් මට රැව්වොත් මමත් රවනවා... මට ගැහැව්වොත් මමත් ගැහැව්වා.... මම ඉස්කෝලෙ යන එක අතැරියා.... මම මුලු දවසම හිටියේ කැළෑවේ.... මම සත්තුන්ට ආදරේ කලා... උන් අහිංසකයි.... උන්ගෙන් මට කරදරයක් තිබුනේ නැහැ..මම ඉස්කෝලේ යෑම අතැරියා.... මම පාරට බැස්සා....පාදඩයෙක් උනා...රස්තියාදුකාරයෙක්.. පොකට්කාරයෙක්...ගංජාකරෙයෙක්... කුඩුකාරයෙක්...පස්සේ මංකොල්ලකාරයෙක්......ඒත් අද මම හිරකාරයෙක් වෙලා ජීවිතේ මෙනෙහි කරනවා....

මම මේ මුලු සමාජෙටම වෛර කරනවා... මේ මුලු සමාජ ක්‍රමයටම... හිරේ දී මම ජිවිතේ ඉගෙනගත්තා... ඇයි මට මෙහෙට උනේ...කොතනද මට වැරදුනේ කියලා...කව්ද වැරදි කියලා... ඔබම කියන්න... මම වැරදිදි... මගේ අම්මා... පාදඩ තාත්තා...මට කියලා දෙන්න...

(මේ ලියවිල්ලට මුලික උන පහත ලිංකුවට අදාල සිද්ධිය ඔබගේ අවධානයට යොමුකරමි, මෙහි තෙවැනි ප්‍රවෘත්තිය මෙම ලිපිය හා බැ‍ඳේ)

http://www.col3negoriginal.org/watch.php?id=13841

Sunday, October 23, 2011

ඔබේ අයිතිය සහ වගකීම - 7 (අත්අඩංගුවට පත්වෙන්නට පෙර කියවන්න)

ටික දවසක් මානව හිමිකම් ගැන කථා නොකරපු හින්දා අමතක වෙලාද මන්දා... ඔන්න අපි ආයිත් කථාකරනවා මානව හිමිකම් ගැන... අද කථා කරන්න යන්නේ අපිට ඉතාමත් වැදගත් වෙන තවත් අයිතිවාසිකමක් ගැන.. මේක හුඟක් වෙලාවට අපේ ජිවිත වලට සම්බන්ධයි.. අපිට අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවේ, 3 වැනි පරිඡ්චේදයේ දැක්වෙන 13 වන වගන්තිය ගැන අපි අද කථාකරමු.. 13 වැනි වගන්තිය උප වගන්තීන් 7 කින් සමන්විතවේ.. එයින් පලමු වගන්තිය ‍මෙයාකාරයෙන් දැක්වේ. 

1) නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටියකට අනුව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකල යුත්තේය, යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද, එම හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.

මෙය වචන කීපයක උප වගන්තියක් වුවද මෙම 13 වැන් වගන්තිය මුලික හරය රැඳී පවතින්නේ මෙම උප වගන්තිය තුලයි. මෙහිදී අපට රමේ පවතින නීතිමය තත්වයන් ගැන දැනීමක් තිබීම වැදගත්වේ. අපි මුලින්ම  බලමු මේ වගන්තියෙන් කියැවෙන "නීතියෙන් නියමකරනු ලැබු කාර්ය පටිපාටිය" කුමක්ද යන්න අපි දැන විමසා බලමු. 

* අත්අඩංගුවට ගැනීමක් යනු කුමක්ද ?  පුද්ගලයෙකුගේ යාම් ඊම් සීමාකිරීමක් හෝ යාම් ඊම් සීමාකර ඇති බව හැඟවීම අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.. මෙහිදී පුද‍්ගලයාට නොදන්වා යාම් ඊම් සීමාකරන්නේද එයද අත්අඩංගුවට ගැනීමක් ලෙස දැක්විය හැකිය.
 
 අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය විධිවිධාන මෙසේය..

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය 

23 වැනි වගන්තිය 
මෙහි සඳහන් වන්නේ වරෙන්තුවක් සහිතව (සංඥය නොවන වැරදි සඳහා)  කරනු ලබන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගතයුත් ආකාරය මෙසේය.
1. අත්අඩංගුවට ගැනීමට එකඟ වුවහොත් ශරීරය සැබැවින්ම ස්පර්ශ කර, වරද පහදා දී අත්අඩංගුවට ගතයුතුය. 
2. අත්අඩංගුවට ගැනීමට ප්‍රතිරෝධය පෑමකදී සාධාරණ ලෙස අවශ්‍ය උපක්‍රම (අවම බලය) යෙදිය යුතුය.  
3. මරණිය දඬුවම දිය නොහැකි වරදකට අත්අඩංගුවට ගැනීමේදී අදාල පුද්ගලයාගේ මරණය සිදුකිරීමේ අයිතිවාසිකම මෙම උපවගන්තියෙන් නොලැබේ. 

28 වැනි වගන්තිය
- අත්අඩංගුවට ගනු ලැබු තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහි ලා අනවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි මැඩපැවැත්වීමක් නොකල යුතුය.

32 වැනි වගන්තිය
මෙහි සඳහන්වන්නේ මහේස්ත්‍රාත්වරයෙකුගේ ආඥාවක් නොමැතිව සහ වරෙන්තුවක් නොමැතිව සිදුකරනු ලබන අත්අඩංගුවට ගැනීම් (සංඥය වැරදි සඳහා) සම්බන්ධයෙනි. මෙහි සඳහන් උපවගන්තීන් මෙසේය..
අ.  තමා ඉදිරිපිට සාමය කඩකිරීමක යෙදෙන විට.
ආ.  සාධාරණ පැමිණිල්ලක්, විශ්වසදායී තොරතුරක් හෝ සාධාරණ සැකයක් මත.
ඇ. නීත්‍යානුකූල හේතුවක් නොමැතිව ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබාගැනීම.
ඈ. වරද කරන්නෙකු ලෙස ප්‍රකාශකොට ඇති යම් තැනැත්තෙක්.
ඉ. සොරකම් කරන ලද හෝ වංචනික ලෙස ලබාගන්නා ලදැයි සැක කල හැකි යමක් තමා සන්තකයෙහි තබාගන්නා තැනැත්තෙක්.
ඊ. රාජකාරියෙහි යෙදී සිටින යම් සාම නිළධාරියෙකුට බාධාකරන හෝ නීත්‍යානුකූල අත්අඩංගුවෙන් පැනගිය හෝ පැනයාමට තැත්කරන පුද්ගලයෙක්.
උ. ත්‍රිවිධ හමුදාවෙන් පලා ආ පුද්ගලයන්.
ඌ. තමා සංඥය වරදක් කිරීමේ අදහසින්සිටින බව සැඟවීමට පුර්වෝපාය යොදමින් සිටී යැයි වීශ්වාස කිරීමට හේතු කරවන අවස්ථා යටතේ සැඟවීසිටීමට පුර්වෝපාය යොදමින් සිට අසුවු යම් තැනැත්තෙකු.
එ. ශ්‍රී ලංකාවේදී කරනු ලැබුවහොත් වරදක් වන ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත දී කරන ලද බවට සාධාරණ සැකයක් හෝ පැමිණිල්ලක් ලැබී ඇති තැනැත්තෙක්.
   
තව ඉවර නැහැ.. ඒත් නීතිමය තත්වයන් ගැන කථා කිරීම අදට ‍‍‍අවසන්කරලා අපි බලමු මේ මේ සම්බන්ධයෙන් ප්‍රායොගික තත්වයන් කොහොමද කියලා.


මං අපුරැ කථාවක් කියන්නම්... මේ අපි උඩදී කථා කරපු 32 වැනි වගන්‍තියේ (ඇ) උපවගන්තිය සම්බන්ධ සිද්ධියක්...කථාව මෙහෙමයි... මගේ රාජකාරී කාලයේදී හමුවෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් පිටවුන බොහොම තරුණ නිළධාරීන් ඉන්නවා බොහොම දක්ෂයි... දණ්ඩ නිතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය...කට පාඩම්... ඔන්න මේ වගේ එස්අයි මහත්තයෙක් වැටුනා රාත්‍රී මුර සංචාරය වලට, ඉතිං මේ මහත්තයයි.. තව රාළහාමි කෙනෙකුයි පාන්දරජාමේ අවිදගෙන යනකොට දුරට දැක්කලු මනුස්සයෙක් බර යමක් උස්සගෙන ඒ පැත්තට එනවා... මේ එස්අයි මහත්තයා විගහට මුවා උනා කණුවකට... ලඟට එනකොටම ඉස්සහරට පැනලා අල්ලගත්තා... මෙහෙමයි දෙබස..


අද අහුවුනා... තෝ තමයි මෙච්චර දවසක් හොය හොය හිටියේ..


අ..අ...ඇ...ඇයි මහත්‍තයෝ.. .මොකද...


මොකද...තෝ හිතන්නේ අපි දන්නේ නැහැ කියලද ? තෝ මේ මහ රෑ අලවංගුවකුත් අරගෙන යන්නේ හොරකමේ කියලා අපි දන්නේ නැහැ කියලද තෝ හිතන්නේ..


අනේ මහත්තයො අද පාන්දර ගෙපැල කපන්න තියන නිසා මස්සිනාගෙන් මේක අරගෙන යන්නේ...


තෝ හිතුවා මදි මාව තම්බන්න... යමන් පොලිසියට...


දැන් මහත්තයා මොනාටද මාව පොලිසියට අර‍ගෙන යන්නේ...


ඇයි උඹ දන්නේ නැද්ද.... රාත්‍රී කාලයේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තබා ගැනීම අත්අඩංගුවට ගත හැකි වරදක්...

දැන් එතකොට මාව පොලිසියට ගෙනියන්නේ ගෙවල් බිඳින උපකරණයක් ලඟ තියාගත්තටද ?

ඔව්.... ඇයි තෝ මොනා කරන්නද ?

එහෙනම් මහත්තයෝ මං ස්ත්‍රී දුෂණයකට තැත් කරා කියලත් ලියන්න...

හෑ...  තෝ හිතාගෙන හිටියේ ගේකුත් බිඳලා, ස්ත්‍රි දුෂණයකුත් කරන්නද ?

නැහැ මහත්තයෝ ඒ උපකරණයත් මගේ ලඟ තියනවා...

Monday, October 17, 2011

ලැජ්ජයි වගේ නම්... කියවන්න එපා......

පොඩ්ඩක් රාමුවෙන් එහාට ගිහින්‍ පොඩි ආතල් කථාවකුත් දාන්න කියලා හිතුවා... මේක අහලා තියනවත් ඇති.. අහලා තියන ආය ආයිත් අහන්න... අහලා නැති අය අහලා තියන අයගෙන් අහගන්න... කථාව මේකයි...

සිරිපාල මුදලාලි කඩේ කැෂියර් එකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්න කොට තරැණ ගෑණු ළමයෙක් හදිසියේ වගේ ඇවිල්ලා මෙහෙම අහැව්වා...

"මුදලාලි මට "ඊවා" පැකට් එකක් ‍දෙනවද.....?"

අයියෝ නෝනා "ඊවා" ඉවරයිනේ....

එහෙමද ? (ටිකක් වෙලා කල්පනා කරපු ගෑණු ළමයා...)

එහෙනම් මට පාන් භාගයක් දෙන්නකෝ... කිව්වලු..

(පාන් භාගේ දුන්න මුදලාලි... ලොකු කල්පනාවක....)

පැයකට පසු....

ටිකක් මැදිවියේ නෝනා කෙනෙක් කඩේට ඇවිත්...

මුදලාලි.... මට "ඊවා" පැකට් එකක් දෙනවද ?

අයියෝ.... "ඊවා" නම් ඉවරයි නෝනා....

ඕනෙනම් පාන් භාගයක් තියනවා දෙන්නම්...  මුදලාලි කිව්වලු....