Monday, December 10, 2012

හැට්ටේ අස්සේ දිවිය ලොකේ.....(අඳින්න කලින් කියවන්න)



නිවාඩු දවසේ හවස් වරුවේ එළියට බැසසේ සති දෙකක් තිස්සේ ගොඩ වෙලා තියන රෙදි ටික හෝදගන්න කියලා හිතාගෙන.. මේ රටවල් වල ඉතිං අපේ රටේ වගේ රෙදි ටික අරගෙන ලිඳට යන්න කියලැයි... රෙදි ටිකත් මල්ලක ඔබාගොන ගියා රෙදි හෝදන මැසින් තියන කඩේකට... රෙදි ටික හේදෙන්න දාලා වයර් කෑලි දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහගෙන ඉන්නකොට දැක්ක සිද්ධියෙන් ඇගේ මයිල් “ස්මයිල්“ උනා.... කොච්චර උනත් නාරි දේහයක හැඩ දකින කොට තව්සන්ගෙත දැහැන් බිඳෙනවාලුනේ... සිංදුව අහනවා වගේ මමත් ඔය පැත්තට ඇහැ තියාගෙන උන්න ඉතිං.. නොමිලේ බලන්න ලැබෙන දර්ශනේ නොබලා කොහොමද.... මේ නාරි දේහය ගැන නම් කොය් තරම් කථා කරන්න පුලුවන්ද....

ඉස්සර නම් අපේ ගම් වල නාරි දේහ ලක්ෂණ බලාගන්න ඔන් උනොත් කරන්න තියෙන් හවස් වරුවේ වැව පැත්තට යන එක විතරනේ... කුඹුක් ගහක් උඩ ඉඳගෙන ඔය ඔන කරන හැටියට ඕන කරන දේහ ලක්ෂණ බලාගනන එක ඒ හැටි අමාරුවක් නෙමෙයි... ඔය වගේ දෙයක් බලන්න ගිහින් අපේ ගමේ උක්කුංට වෙච්ච සිද්ධියත් මම මීට කලින් ලිව්වා කියනව ඔයාලට මතක ඇතිනේ.... එහෙම මතකයක් නැත්නම් මේන්න මේ ගෑණු නාන තොටුපල කියන පොස්ටුව බැළුවොත් ඒ අත්දැකීමක් විඳින්න පුලුවන් වේවි....

ඉස්සර එහෙම උනත් අද මේ ක්‍රෙමේ ටිකක් වෙනස් වෙලානේ.. දැන් ගෑණු නාන්නේ දිය රෙදි ඇඳගෙන නෙමෙයි නේ.... ඉස්සර නම් ඔය දිය රෙද්ද ඇඟට ඇළුනාම කොයි තරම් නම් සුන්දරද... හවස් වරුවක ඉර බැහැගෙන යන කොට දිය රෙද්ද ඇඳපු ගෑණු රැපයක්, එක්ක වැව කොනෙන් බහින ඉර කොච්චර ලස්සනද.... දැන් ගෑණු වැවක බැස්සත් බහින්නේ කොට කලිසමයි ටී ෂර්ට් එකයි පිටින්නේ.. ඒ මදිවට ඒක යටට තව බෙසියර් එකකුත් අඳිනවනේ.... මේ ලඟදිත් අපේ කට්ටියක් වැවක බැහැලා දියබුං ගැහැවේ ඔයාකාරෙන් කියලා තමයි ආරංචිය... කොහොම උනත් අද කාලේ කොල්ලන්ට නම් ඔය ගෑණු රෑපේ දේහ ලක්ෂණ බලන්න හම්බෙන ඉඩ ප්‍රස්ථාව බොහොම අඩු වෙලා.... අනිත් අතින් ගමේ ගෙවල් වලත් දැන් ලිං වල නාන්නෙත් නැහැ නෙවැ... ඒකත් නානකාමරේ අස්සට වැදිලා හෙළුවෙන් නාගන්නවා..... ඒ නිසාද මන්දා දැන් දැන් මේ බොහොමයක් ගෑණු උදවිය නාන්න අඳින ඇදුම් වගේ ඒවා ඇඳගෙන පාරවල් වල යන්නෙත්... එහෙම යන අවස්ථාවල දී ඒවාට ඇහැ ඇඳිලා යන එක නම් නවත්න්න පුලුවන් කමක් නැහැ.... අඳින්න හොඳ නම් බැළුවට මක් වෙනවද.....

කොහොම කොහොම උනත් ඔය නිරුවත කියන මාතෘකාව වගේම අඩනිරුවතත් බොහෝ දෙනෙක් දකින්න කැමතියි. අඩනිරුවත කියන එක බොහෝම ආශ්වාදජනක දෙයක් හැටියටයි මම දකින්නේ.... නමුත් මේ බැලීමේ හෝ පෙන්නීමේ සිමාවල් දැන ගැනීම බොහොම වැදගත්.... ජීවිත කාලේ, විශේෂයෙන්ම තරුණ කාලේ මේ අඩනිරුවත බොහොම ආදරෙයි... අපි උසස් පෙල කරන කාලේ ඔය පන්තිවල දී පේන කකුල්.. බස් එකේ යනකොට දකින බෝක්කු හිටගෙන යනකොට පේන කවුළු දිහා හොරැහින් බලලා තෘප්තියක් ලබනවා... මතකනේ අර බෝක්කු ගැන ලියපු පෝස්ටුව......

ඒ වගේම තමයි සාරියත්.... විශේෂ්යෙන්ම උසස් පෙළ කරන කාලේ තරැණ ඉස්කෝලේ ටීචලට ඇහැ දාන ශිෂ්‍යයෝ කොයි තරම් ඉන්නවද... මට මතක හැටියට අපේ පන්තියේ හිටපු 30 දෙනාම පන්ති කාමරේ ඉන්න එකම කාල පරිච්ඡේදය තමයි අර මම දවසල් ලියපු පට්ට ටීචර් වගේ වෙන ටීචර් කෙනෙක් උගන්නන්නන වෙලාව.... ඔය වගේ එක එක වයස් කාණ්ඩවලදී අපි නිරුවතට අඩ නිරුවතට ආදරේ කරනවා.....

නමුත් එය සමහර ගෑණු උදවිය අඳින ඇඳුම් එක්ක ගත්තාම දිය රෙද්දෙන් පේන නාරි දේහය කොයි තරම් ලස්සනද කියලා හිතෙනවා......සමහර බැංකුවල, කන්තෝරු වල ඇපි දැකලා තියනවා නේ ගෑණු උදවිය වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා බලන්නේ රෙද්ද හදාගන්න.. නැවෙන්නේ බෙල්ල අල්ලගෙන... කව්රුහරි ලඟින් ගියොත් බෙල්ල අල්ලගන්නවා... වාඩි වෙලා ඉන්නකොට එක්කෝ කොට්ටයක් තියාගන්නව.. එහෙම නැත්නම් බෑග් එකක් උන්ඩිකරගන්නවා කකුල් දෙක මැද්දට.... ඕක ඔච්චර කඔරන්න දෙයක් නැහැ නේ.. හරි ඇඳුමක් ඇඳගෙන ආවානම්.... නැවෙනකොට, වාඩි වෙනකොට ඔව්වා එළියට එනවා නම් මොන මගුලකට එහෙම ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ...?

මම දැකලා තියනවා සමහර බැංකුවල තරුණ ළමයිනට සල්ලි ගනන් කරන්න වත්... සල්ලි ටික ගන්න ලාච්චුව අරින්වත් විදියක් නැහැ.... දෙලොවක් අතර එළියට පනියි කියලා.... එහෙමත් නැත්නම්  “කැටේ“  එළියට එයි කියලා... එහෙම වෙලාවට එතන ඉන්න උදවියත් අපහුතාවට පත්වෙනවා කියලා මේ උදවියට හිතන්න තරම් මොලයක් නැද්ද කියලාත් හිතෙනවා.... තමුන් දන්නවා නම් තමන් ඇඳගෙන යන ඇඳුමෙන් තමන්ගේ විළි හරියට වැහෙන්නේ නැහැ මොන විලාසිතාව උනත් නොඇඳ ඉන්න එක තමයි හොඳ.... දැන් කියන්න එපා “ගෑණු මොනව ඇන්ඳත් මොකද, ඕක දිහා නොබලා හිටියානම් ඉවරයිනේ“ කියලා.... ඔය නොබලා ඉන්නවා කියන සංකල්පය ආවොත් මේ ලෝකේ පැවැත්ම එහෙම්පිටින්ම වෙනස් වෙනවා... දැනටත් පිරිමි පිරිමින්ටත්, ගැහැණු ගැහැණ කෙරෙහිත් ආකර්ෂණය වෙන්න පටන් අරගෙන තියෙන්නේ... ඔය විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය මත තමයි මේ ලෝකේ පැවැත්ම තීරණය වෙලා තියෙන්ත් ලොකේ මේ තරම් කාලයක් පැවතගෙන ආවෙත්.... ඔය නොබලා ඉන්න සංකල්පය තුල පිරිමි සහ ගෑණු ඔය නිරුවත සහ ආකර්ෂණය ගැන මම කාලෙකට කලින් ලිව්ව “නිරුවත සහ අහවල් එක“ කියන ලිපියෙනුත් කථා කලානේ.....

කොහොමෙන් කොහොමෙන් හරි වටේ ගියා ඇති දැන්.... මම දැක්ක ගෑණු මනුස්සා නම් ඔය කියන ජාතියේ කෙනෙක් නෙමෙයි... එයා ඇන්ඳ ඇදුම එයාටත් නොවටිනා ගානට තමයි එහා හැසුරුනේ.... මමත් ඉටිපන්දන් හඳුන්කූරූ කන එකෙක් නෙමෙයි නේ... ඒ දරුවා හැරෙන පෙරළෙන පැත්තට මටත් අපුරු සිතිවිලි පහලා වෙනවා....

ඇඳගෙන හැට්ටයක් ඇත් නැති සුදු පාට....
කපලා පපුව දෙලොවක් අතරට වන්ට....
නැවිලා දෙකට යනකොට රෙදි ටික ගන්ට....
පැනලා දෙකම එළියට ගැට පුපුරන්ට....

නොබලා අහකා බැළුවත් බැහැ ඉවසන්ට...
කැරකුනි බෙල්ල කුමකට ලැජ්ජා වන්ට....
නැවෙනවා වැනෙනවා තව බැහැ ඉවසන්ට...
අනේ දෙවියනේ රෙදි තව තව වැඩි වෙන්ට...

අරගෙන දෑත අතරට රෙදි ගසනයුරු....
වනන වනන තාලෙට හෙල්ලෙන අයුරූ...
හිතාගන්න බැරි තරමට එය සොඳුරූ....
හිතා ගනු කෙලස මෙය මැව්වේ කවුරූ....

කළු පටි තන පටය හිරගෙන සුදු ඇඟට....
උඩුකය වසා පැතිරුණු ඇඳුමෙන් හිරට...
කළු සුදු රටා මැවෙනා කල අපුරුවට....
ඇස් ගෙඩි කඩා වැටුනා දෑසින් බිමට...

නැවිලා ගත්ත රෙදි ටික ඇතුලට දාලා....
වාඩි උනා ඇය දණ දෙක බිම ඇනලා...
නොදැනිම ඇගේ ජ...ය එළියට පැනලා....
වට්ටක්කා ගෙඩිය මැද්දෙන් ඇත බෙදිලා....

හිරඋන කලිසමට තද උන මුට්ටුව....
මැද්දෙන බෙදුන ඇතුලට ගිය පුට්ටුව...
යන එන හැමගේ ඇස් ඒ ගැන විමසිලිව...
නොබලන බලන හැමටම රස ගෙනේ තව....

තව තව නැවෙනකොට ගුල එළියට එනවා...
හුඹහා හොය හොයා නාගයා දඟලනවා...
ඇස් දෙක වසා ගෙන හැම දේ ඉවසනවා...
හිටපන් ගෙදර ගිය හැටියෙම සලකනවා...

කවිහිත නිසා මේ හැම දේ ඉවසනවා...
මතුවෙන හැඟුම් කවි පද වල ගොනු වෙනවා...
දකුනත හුරුවේ වටිනාකම වැඩි වෙනවා
“අම්මපා නෝනේ“ නැත්තන් මම දැන් එනවා....

------------------------------------------------------------------------------------------------------------

ඔන්න කොහොමන් කොහොමෙන් හරි 150 වැනි පොස්ට් එකත් ලිව්වා..... ඇත්තටම මේක පටන් ගත්තේ මෙච්චර දුර යන්න නෙමෙයි.. නමුත් ඔයාලාගෙන් ලැබුන ශක්තිය..ධෛරය්‍ය නිසා තමයි මෙච්චර දුරක් ආවේ.... ඔයාලාගේ ඇගයීම අදහස් ගොඩක් වටිනවා.. යමක් ලියලා ඒ දේ මෙච්චර පිරිසක් කියනවා කියලා හිතන කොට ලැබෙන සතුට කියලා නිමකරන්න බැහැ....
පහුගිය දවස් වල ටිකක් ලිවිල්ල ටිකක් නතර වෙලා තිබුනත් විටෙන් විට ඇවිත් ලියපු පොස්ට් කියවලා.. ඒවා ගැන ඔයාලා දක්වලා තියන අදහස් කියවලා ලොකු සතුටක් ලබනවා.... කවදාක හරි බ්ලොග් ලිවිල්ල නතර උනත් යම් කාලෙක බලලා සතුටු වෙන්න දෙයක් ඉතිරි වෙලා තියනවා නේද කියලා ඒ වෙලාවට හිතෙනවා
මේ කාලේ ඇතුලත ගුණ දොස් හොඳ නරක වගේම විවිධ අවස්ථාවලදී මතවාදීව තර්ක කරපු ඒ වගේම ඇනෝලා වශයෙන් ඇවිත් ප්‍රහාර එල්ල කරපු හැමෝටම බොහොම ස්තූතියි.....
පාඨකයෝ තමයි බ්ලොග් රචකයන්ගේ ශක්තිය.... ඔවුන් නිසා තමයි ලියන්නෝ තව තවත් ලියන්න පෙළඹෙන්නේ.....
නැවතත් බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම.....

Tuesday, November 13, 2012

ඊරියක් සමග රැයක්.....



ජීවිතය යනු මහා ගැටළුවකි.. එහි හැලහැප්පීම්ද.. විවිධ මතිමතාන්තරද... සතුට ද.. අසතුටද... ආදී අටලෝ දහමේ විවිධ ආකාරයන් හමුවේ ජීවිතය ගෙවන්නට මිනිසුන් දරන්නේ මහා වෙහෙසකි...
විටෙක එක මුලු මහත් ලොවම කම්පා කරවන තරම් සුසුමකි...
අද දකින්නට අහන්නට ලැබෙන්නේද අමාරුවෙන් උපයාගත් ජීවිතය එපා කරවන්නා වු සිද්ධීන්ය...
ආසන්නතම සිද්ධිය වනාහී “වැළිකඩ“ බන්ධනාගාර ඛේදාවාචකයයි....
“සිරකරුවන් මනුෂ්‍යයන්ය“..
එය සැබෑ සත්‍යකි....
මනුෂ්‍යයන් තිරිසනුන් කරන්නේද.. තිරිසනුන් මනුෂ්‍යයන් කරන්නේ ද රට කරවන්නන් සහ එහි නීති පද්ධතියයි....
සිව්පාවෙකි කෙරෙහි බලපවත්නා වු සුළු කරුණක් උසෙදා නීතියේ ඇති මන්දාගාමීත්වය මනුෂ්‍යය ජීවිතයක් කෙරෙහි කෙසේ බලපානු ඇද්ද....
වරදක් සිදුව ඇත....
වරද කාගෙදැයි තවමත් හිස්තැනකි...
වරදට යුක්තිය දඬුවමය...
එය යම් තැනක නීතිප්‍රකාරව සිදුවිය යුතු කරුණකි...
නීතිය එකත්පස්ය...
එය වින්ඳිතයාට සහනය සැපයිමේ ක්‍රමවේදයකි....
චුදිතයාගේ නිර්දෝෂීභාවය හෝ පෙළඹවිමේ සාධක විග්‍රහ කෙරෙන්නේ නැත...
මනුෂ්‍යෙයෝ වරදට භය ය...
වරද සාමාන්‍යීකරණය වීම වැරදි ඉහලයාම කෙරෙහි බලපාන්නා වු බරපතල සාධකයකි...
කාට වැරදුනි දැයි කිව නොහැක්කා සේම වරද කාගෙදැයි තවමත් හඳුනාගත නොහැකි තත්වයක්...


--------------------------------------

මෙතැන් සිට නාටකය ආරම්භ වේ....
 
බස්සා මුල් පුටුවේය.....
 
සාක්ෂි සටහන ඇරඹේ....
 
පැමිණිල්ලේ සාක්ෂිය (නීතිඥ මහතා)

කුඩා කල සිට ඇති දැඩි කරන ලද පැමිණිළිකැරගේ ඊරිය විත්තිකාර පාර්ෂයව විසින් අයිතකරගෙන සිටී.. ඒ හේතුවෙන් මා හට ආර්ථික වශයෙන් මහත් අලාභයක් සිදුවන හෙයින් මා හට සාධාරණයක් ඉටුකරදෙන මෙන් මෙම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි...

විත්තියේ සාක්ෂිය (නීතිඥ මහතා)

ගරු ස්වාමිණි... පැමිණිලලේ සාක්ෂිය හුදෙක්ම ගෙතන ලද්දකි....  මෙම ඊරිය ගේ සැබෑ හිමිකරුවන් වන්නේ විත්ති පාර්ෂවයයි.... කුඩා කල සිට ඇති දැඩි කර ආහර සපයා දී ලෙඩට දුකට බෙහෙත් කර ඇති දැඩි කරන ලද විත්ති පාර්ෂවයට අයත් ඊරිය බලෙන් රඳවාගෙන පැමිනිලි පාර්ශවයේ පුද්ගලයින් මෙම ගොනු කරනු ලබන චෝදනවා හුදෙක්ම බොරැ චෝදනාවක් ගරු ස්වාමිණි....

මුල් පුටුව....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන දෙපාර්ශයට ප්‍රශ්ණයක් යොමුකරමි....

මෙම ඊරියට අයිතිවාසිකම් කියන ලබන්නේ කුමක් සඳහා ද...?
සුරතලයට ඇති කිරීම ටද...?
දරුකමට හදා වඩා ගැනිමටද....?
මස් පිණිසද...?

දෙපාර්ශවයම.....

මස් පිණිස ස්වාමීණි....

දැනට මේ ඊරියගේ වටිනාකම කුමක්ද...?

රුපියල් 8,000 යි ස්වාමීණි....

කවා පොවා ඇති දැඩි කලහොත් තව වසර 3 ක දී ඊරියගේ වටිනාකම කෙසේ විය හැකිද...?

රුපියල් 20,000 ක් පමන විය හැකියි ස්වාමිණි....

අවුරුදු 3 ක් නඩු කීමට නඩු ගාස්තු කොපමන විහ හැකිද...?

වසරකට 4 වරක් බැගින් වසර 3 ක් කල් ගියොත් දෙපාර්ශවයට 24 වතාවක් සඳහා වරකට රුපියල් 1000 බැගින් රුපියල් 24,000 ක් පමන වැය වනු ඇත ස්වාමිණි....

නඩුකාර බස්සා...

මොකද කියන්නේ....
සතා රුපියල් 8000 කට විකුණලා රුපියල් 4000 හා 4000 හා බෙදාගන්නවද...?

අවුරුදු තුනක් නඩු කියලා එක් පාර්ශවයක් සතාව අයිතිකර ගන්නවද....?

තීරණය ඔබට බාරය.....

නාටකය අවසන් වේ....

--------------------------------------------

ඔබ ඔය සිනාසෙන්නේ රටේ පවත්නා වු නීති පද්ධතියටය....දශක ගනනාවක් පැරණි වු නීති පද්ධයක තුල අනුගත වෙමින් සිදුකරන්නාවු ද සිදුවන්නාවු ද සිද්ධිදාමයකට... රටක් සංවර්ධනය යනු අහස උසට ඉදිවන ගොඩනැගිලි හෝ මංමාවත් නොවේ.. රටේ පවත්නා වු පාලන තන්ත්‍රෙය් සිදුවන සංවර්ධනයයි... අහසට ගොඩනැගිලි.. මාමාවත් යනු ඔනෑම රටක සිදුවන හුදු ගොඩ වැඩි වීම නොව රටේ සිදුවන ආධ්‍යාත්මික වෙනස් වීමයි.... 
රටේ ජනාතාවගේ මානසික සංවර්ධනයයි....
ලැබෙන වැටුපට සරිලන ජීවන රටාවක් ගතකිරීමට ඇති හැකියාවයි...
ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ඉහලා යාමයි....
දරිද්‍රතාවය අවමවීමයි....
සාක්ෂරතාවය ඉහලයාමයි....
අධ්‍යාපනයට ඇති ඉඩප්‍රස්ථා පුලුල් වීමයි....
බිළිඳු මරණ සංඛ්‍යාව පහල යාමයි...
සේවා වියුක්තිය අවම වීමයි...
කොටස් වෙළඳ පොලේ වර්ධනයයි...
සර්ව සාධාරණ වු නිති පද්ධතිය හා එයි ආධිප්‍යයයි...
 
මේසා වු මහත් දර්ශක හමුවේ අපේ රටේ සංවර්ධනය තීරණය වන්නේ මීට හාත්පසින්ම වෙනස් වු දර්ශක හා  මිනුම් දඬු හමුවේ අපේ රටේ සංවර්ධනය මනිනු බලන්නේ හුදෙක් ඉදිවන අධි වේගී මහා මාර්ග... කාපට් පාරවල්...ගුවන් තොටු පොල.... ක්‍රිකට් තරඟ.... කාර් රේස්.... ගුවන් පාලම් ආදී වු වැඩි වැඩි මිලක් ගෙවා සුළු කොටසකට සෙත සැලසීමේ දර්ශකයන් හමුවේ වීම කණගාටුවට කරුණකි...

අපිට සුභ අනාගතයක්.....

Saturday, November 3, 2012

ඇතුවත් බැරි.. නැතුවත් බැරි.. ගෑණු



මට අවුරුදු ගානතට කලින් අපි සමරැපොත් පාවිච්චි කරන කාලේ මගේ යාළුවෙක් මගේ සමරැ පොතේ ලියපු කවියක් මතක් උනා.... 

“ලෝකය උලා කා මුදෙන් දිප බීපු...
ගැහැණිය උගුලක්ය මහබඹු අටවාපු..“

ඇත්තටම ජීවිතේ වෙන.. වෙච්ච බොහෝ දේවල් දකින කොට තාමත් හිතෙන්නේ මේ කථාව පරම සත්‍යක් කියලා... මේ ලියන කිසිම දෙයන් සමික්ෂණයක් හෝ අන්තර්ජාතික ප්‍රමිතියකට කරමු සංඝණනයක දත්ත නෙමෙයි.. ඒක නිසා කිසි කෙනෙක් තර්ක කරන්න එපා මේ දේවල් ගැන නිශ්චිත නිගමනටන්ට ආවේ කොහොම ද කියන එක... ඒත් මේ මට හිතෙන හැටි....

අපි ලෝකෙට ඉපදුනේ ගැහැණියෙක් නිසා... හැබැයි අමතක කරන්න එපා ඒ ඉපදීමේ එක් කොටසක පිරිමියෙක් ඉන්නාව කියන එක.... අම්මා මම ඉපදෙන මොහොතේ වින්ඳ වේදනාව කිසිම දේකට සම කරන්න බැහැ වගේම මුලු ජීවිතේ කාලේ පුරාම මාව හදන්න වඩන්න උගන්නන්න මගේ තාත්තත් ඒ වගේම දුක් වින්ඳා.... 

නමුත් අම්මා ව දැක්ක පුතෙක් වගේම තාත්තට තේරුම් ගන්න බැරි උන අම්මාවත් මම දැක්කා... සමහර විට අද මේ මම දකින දේ එදා තාත්ත දැක්ක දේ වෙන්න පුලුවන්.... ජීවිතේ කාලයක් ලඟ හිටිය නංගිව තේරුම් ගන්න බැරි විම තුල.... අවුරුදු ගානක් එකට ඉන්න බිරිඳව තේරුම් ගන්න බැරි වීම තුල, ලොකේ කොයි තරම් දියුණ තාක්ෂණයයක් තිබුනත් තාමත් ගැහැණිය තේරුම් ගන්න පුලුවන් ක්‍රමයක් බිහිවෙලා නැද්දෝ කියලා හිත කියනවා...

ඒ තරමටම ගෑණු සංකීර්ණයි... 

ඉහේ තියන කෙස් ගානට ගෑණු ආශ්‍රය කරලා තිබුනත් කවදාවත් උන් බලාපොරොත්තු වෙන දේ, හිතන දේ තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ....කරැමෙට වගේ මම හැමදාම කරගැහැව්වේ ප්‍රශ්ණ... පලවෙනි ප්‍රථම ප්‍රේමය... පාසැල් කාලේ දී... කෙල්ලගේ තාත්තා දාලා ගිහින්.. අම්මා විතරයි... අම්මාගේ හිතවතෙක් ගෙදර යනවා එනවා...  පැහෙන්න කලින් ඉදිච්ච මේ කෙල්ලගේ තිබ්බේ මහ මෝරපු අදහස්.. අද කල්පනා කරනකොට ඒ කාලේ සිද්ධ දේ ගැන මටම ලැජ්ජයි.... මගේ හිතේ තිබ්බ දම්මි සුගත් ප්‍රේමයෙන් එහා ගිය ප්‍රේමයක් හොයාගෙන එයා ගියා.... හැබැයි අදටත් හිතලා විඳින්න පුලුවන් එක මතකයක් තියනවා... මේ දැරිවිගේ උපන් දිනේ දවසේ.. එදා දහම්පාසැල් ශාසනාරක්ෂක මණ්ඩල තරඟ... මට තාමත් මතකයි එදා දවසේ වියදමට අම්මා මගේ අතේ තියපු රුපියල් විස්සෙන් දාහතයි පනහක් වියදම් කරලා පුංචි මුද්දක් ගත්තා... තට්ටු තුනේ බුදු මැදුරේ උඩම තට්ටුවේ ගල් බැම්මට හේත්තු වෙලා සුභ උපන් දිනයක් කියලා මුද්ද ගල් බැම්ම උඩින් තිබ්බේ අතින් අල්ලලා මුද්ද දාන්න තියන ලැජ්ජාවටම එහෙමත් නැත්නම් නපුන්මක කමටද කියලා තාමත් හිතා ගන්න බැරි උනත් කෙල්ල හිතුවේ වෙන විදියකට... වැඩි කාලයක් නොහිට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගියා....

ඊට පස්සේ තනියට හිටියේ කෙල්ලගේ යාළුවා.... පණිවිඩ එහාට මෙහාට අරගෙන ගිහින්ම කෙල්ලට මගේ ගැන ආදරයක් ඇති වෙලා කියලා මුලින්ම කියන්න තරම් කෙල්ල එඩිතර උනා... නිකං හම්බෙන ආදරේ අහක දාන්නේ මොකටද.. මමත් ඔන්නොහේ කැමති උනා... හැබැයි කෙල්ලත් ප්‍රශ්ණ පත්තරයක්... තාත්තා නැතිවෙලා... අම්මා වෙන මගුලක පැටලිලා... හැබැයි බොහොම විවෘත කෙල්ල... කියන්න තියන දේ මුණට කියන ජාතියේ කෙල්ලෙක්.... කොහොමෙන් කොහොමන් හරි අවුරුදු දෙක තුනක් අදගෙන ගියත් හිරියට අහසයි පොළවයි වගේ... මම ප්‍රංශ කථා කරන කොට කෙල්ල කථා කරන්නේ ජර්මන්... ජපන් කථා කරනකොට කෙල්ල කථා කරන්නේ උර්දු... මෙලේ මගුලක් තෙරේන්නේ නැහැ.... ඒ කෙල්ලත් වැඩි කාලයක් හිටියේ නැතිවම නොකියමා සමුගත්තා...

ඔන්න ඔහොම පටන් ගත්ත මගේ ආදර කථා වස්තුව අවසානේ කසාදෙන් කෙලවර වෙයි කියලා හිතුවත් එතනිනැ නැවතුනෙත් නැහැ... මොන කරුමෙකට හෝ වාසනාවකට ඇති හැඩක් වැඩක් නැති මට කෙල්ලන්ගෙන් නම් ගැලවිල්ලක් තිබ්බේ නැහැ... හැබැයි හමුබඋන හැම කෙල්ලගෙම පොදු සාධකයක් තිබුනා... ඒ තාත්තා එක්කෝ මිය ගිහින්... එහෙමත් නැත්නම් දාලා ගිහින්.... ඒක හොඳට වගේම නොහොඳටත් බලපාපු සාධකයක් උනා....

කොහොම නමුත් මම කියගෙන ආපු කථාව දිගටම කිව්වොත් හිතෙන්නේ මම ජීවිතේ ලබපු අත්දැකීම් එක්ක මම හිතන්නේ ගෑණු කියන්නේ මහ සංකීර්ණ නොතේරෙන චරිත විදයට... මේක පොදු මතය නොවෙන්න පුලුවන් නමුත් මේ මට හිතෙන හැටි... කවදාවත් දෙය්ක ගැන කෙලින් කථා කරන්නේ නැහැ... පැහැදිලිව කියන්නේ නැහැ... සමහර දේවල් ගැන අහන කොට දැනෙන්නේ.. “මට ඒක ඕනේ... හැබැයි එපා“ කියන හැඟිමක්.. කොච්චර ආදරෙන් බැඳිලා හිටියත් හිතේ තියන දේ තේරුම් ගන්න පුලුවන් තරම් ශත්කියන අපි කාටවත් නැහැ... හැබැයි අපි සමහර වෙලාවට කාලයක් අශ්‍රය කරන කොට යම් යම් දේ තෙරුම් ගන්න පුලුවන් උනත් හැමදේම තේරුම් ගන්න හැකියාවක් නැහැ.... උදාහරණයක් විදියට කැමති පාට කැමති කෑම අඳින්න කැමති ඇඳුම් වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් උනට කෙලින් නොකිව්වෙත් සමහර දේවල් ගැන තේරුම් ගන්න අවුරුදු ගානක් ගියත් බැහැ.... උදාහරණයක් විදියට.....? අනේ මන්දා ඒවා උදාහරණ කියලා පැහැදිලි කරන්න තරම් වත් තේරුම් ගන්න බැහැ... නමුත් සමහර දේවල් වලදී නොකියන බොහෝ දේ හිතේ තියාගෙන ඉන්නවා..... 

ඇයි ගෑණු සංකීර්ණයි කියලා හිතෙන්නේ කියලා ලියන්න ගත්තට ලියන්නේ කොහොමද කියලා නොහිතෙන තරමටම සංකීර්ණයි...... හැබැයි ඒ සංකීර්ණතාවය ගැන බොහෝ පිරිමි දන්නවා.... මුල කාලේ ඒ ගැන ලොකුවට හිතුවට පසුකාලීනව ඔවුන් විවිධ ක්‍රම හොයාගනන්නවා ඒ සංකීර්ණ බව නැති කරගන්න....

එකක් තමයි නෑසු කන්ව විසීම....මගේ බිරිඳ ඇතුලු බොහෝ කාන්තා පාර්ශවය කියවන්න ගත්තාම කෙලවරක් නැහැ..... කියනවනවා කියනවා ඉවරයක් නැහැ.... ඔය කියවිල්ල අපි කියන ආදරේ කරන කලේ බොහොම සුන්දර උනාට කසාද බැඳලා ආදරේ කරන කාලෙදී නම් මහා වදයක් කියලා හිතෙනවා.... සමහර වෙලාවට අහගෙන ඉන්නවා වගේ ඉන්නවා....අන්තිමේ දෙන්න තියෙන්නේ එකම උත්තරයයි... ඒ “හා“ කියන එක විතරයි.... අර කියවපු ඔක්කොටම අවසානේ තියන එකම උත්තරේ “හා“.....

අනෙක් සිද්ධාන්තේ තමයි නිහඬව සිටීම.... මොන චෝදනාව ගෙනවත්... මොන ප්‍රශ්නේ කථා කලත් නිහඬව ඉන්නතාක් ගැහැණියක් එක්ක සතුටින් ඉන්න පුලුවන්... හැබැයි යමකට එරෙහි උනොත් ඒ මොහොතේ අඩලා දොඩලා ඇයි නිහඬ වෙන්න පුලුවන්... හැබැයි ජීවිතේ යම් දවසක ඒකට වන්දි ගෙවන්න වෙනවා.. එදාට ඒ සිද්ධිය මතක් කරලා දීලා තමයි ගෑණු කථා කරන්නේ.... ඒ නිසා හැකි තාක් දුරට නිහඬ වීම ගැහැණියක් තේරුම් ගැනීමේ එක් කාරණයක්....

අනෙක් කාරනේ තමයි නොදැක්කා වගේ ඉන්න එක....දකින සමහර දේවල් පෙන්නන් ගියෝත් කවදාවත් ගැහැණියක් සතුටු කරන්න ලැබෙන්නේ නැහැ... සමහර වෙලාවට අපි දකින දේ කෙලින් නොකියා ඇයි බලාපොරොත්තු වෙන උත්තර දෙන එක ඇඟට ගුණයි... සමහර වෙලාවට ගෑණු මෙලෝ රහක් නැති ඇඳුමක් එක්කෝ මේක්අප් එකක් දාගෙන ඇවිත් අහනවා මේක කොහොමද කියලා... හැබැයි වැරදිලාවත්. ඒ ගැන දැනෙන ඇතත් කිව්වොත් මුලු ජීවිත කාලේම ඒ ගැන මතක තියාගෙන ඉන්නවා... ඒ නිසා නොදැක්ක ගානට ඉන්න එකත් එක්තරා උපක්‍රමයක්....

තව එක එක ක්‍රමවේදයන් තියනවා.. ඒවා ඔක්කොම මෙතන කිව්වොත් මේවා බලන ගෑණු උදවියගේ පිරිමි උදවිය ගෙන ගැලවිල්ලක් ලැබෙන එකක් නැහැ ඔක්කොම රහස් එළි කලා කියලා....

හැබැයි මේ ලිව්වේ මට දැනෙන විදිය.. වෙනස් විදියට දැනෙන අයත් ඇති.... මොකද අපි කන්නේ එකම හැළියේ නෙමෙයි නේ....

කොච්චර සංකීර්ණද කියනවානම් ලියලා ඉවරවෙලා බලන කොට පොස්ට් එක පවා මහ අච්චාරු විදියටයි මටත් පේන්නේ... ඒත් ඒ ඇත්තම විදිය නිසා වෙනස් නොකර මෙහෙම්ම තියන්න හිතුවා....

අන්තිමේ කථාවක් කියන්නම්....

“ගෑණු කවදාවත් තමන්ගේ ජීවීතේට වෙන දෙයක් අමතක කරන්නේ නැහැ... කොච්චර ආදරේ කලත්... කොයිතරම් දේ කලත්.. ජීවිතේ එකමෙක දවසක් හරි ගෑණියෙක් රිද්දුවොත්... කවදා හරි දවසක ඒකට විඳවනන් වෙනවා.... මුලු ජීවිත කාලෙම ආදරේ කරත්... වරදිලාවත් ඇල්පෙනෙත්ති තුඩකින් ඇන්නොත්.... කවදා හරි ඇණයක් ඔබට වදිනවා.....“

~ සංවාදයට ඉඩ ~

Sunday, October 28, 2012

සුනකෝප්‍රාප්තිය සහ නීතිය....


අවසානයේ මේජර් වැරදිකරැවි විය... ඒ ගුටි කෑමට නොව.. රාජකාරියේ යෙදි සිටියදී පෞද්ලික ආරක්ෂයකු ලෙස සේවය කිරීම වෙනුවෙනි... රාජකාරී ගිණි අවිය පෞද්ගලික කටයුතු උදෙසා භාවිතය වෙනුවෙනි... ව්‍යාජ පැමිණිල්ලක් කර අධිකරණයට අපහාස කිරීම වෙනුවෙනි... දැන් මේජර් ගේ ඔළුව පැලුනේ කෙසේද යන්න හෝ ඒ අවස්ථාවේ සිද්ධ වුනු සිද්ධිය ගැන හාංකවියියක් වත් කිසිවෙකු දන්නේ නැති ගානය.... මේජර් වැරිදි කරු කොට මාලක සිල්වා නිදොස් කොට නිදහස් කිරීම තවත් නාටයක අවසාන ජවනිකාවයි....

මේ බල්ලාට යන්නේ රටේ නීතියයි... හෑල්ලුවට ලක් වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි.. පාගා දමනු බලන්නේ නිතියේ ස්වාධීන්ත්වයයි...අධිකරණ කොමිශන් සභාවේ ලේකම් වරයාට පහර දීම හේතුවෙන් මුලු රටේම විනිශ්චයකාරවරනු සහ නිතිඥයින් වර්ජනයක් ආරම්භ කර තිබේ..තමන්ගේ රැහේ එකෙක්ට කෙළවෙන විට විනිශ්චයකාරවරුද, නිතිඥයන්ද වර්ජනය කරන්නේ තමන්ගේ එකෙක්ට වෙන නස්පැත්තියන් උදෙසාය.. ඒ රටේ නීතිය බල්ලට යාම හෝ ප්‍රජාතන්තවාදයට කෙලවීම නිසා නොව... හුදෙක්ම තමන්ගේ සගයෙකු වෙනුවෙන් රටේ සාමාන්‍ය ජනයා උගසට තැබීමකි.. එසේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කථා කරනාවනම් රටේ ඔනෑ තරම් සිද්ධින් තිබේ... මේජර්වරයාට පහරදීමේ සිද්ධියේ දී අධිකරණය විසින් වීඩියෝ සාක්ෂිය අධ්‍යනය කලාදැයි මෙතෙක් කිසිම ප්‍රකාශයක් පලවී නැත. මේ නිහඬභාවය කියා පාන්නේ එසේ නොවුනු බව නොවේද....  

මෙය අපේ රටේ බොහෝ දෙනෙකුට “කැහැලා ගිල්ලා“ වැනි සරල දෙයකි.. .ඒ මේ සංසිද්ධිය අපට අමුත්තකේ නොවන නියාවෙනි.... නමුත් මෙය හුදෙක් කැහැලා ගිලිය යුතු කාරණාවක් නොවේ... මේ රජ වන්නේ අවනීතියයි... නිවරදිකරැ ට දඬුවම් නියම විමත්... වැරදිකරු නිදොස් වීමත් යනු නීතිය බල්ලාට යාමේ උදාහරණයක් නොව බල්ලෝ පාලනයට එක් වීමේ උදාහරණයකි.... මෙහි වඩාත් විචාරයට භාජනය විය යුතු කාරණය වන්නේ මේ සිද්ධයේ නරකාදර්ශයයි... අනාගතයේ දී ඕනෑම බලය ඇත්තෙකුට හුදෙක් මේ සංසිද්ධිය උදාහරණයට ගත හැකිය.... ඉතා සංවේදී කාරුණා වලදී පවා පසුගිය නඩු වාර්ථා හුවා දක්වන නීති විශාදරයින් හමුවේ මෙය පෙන්වා දෙන්නේ නරකාදර්ශයකි.. මෙයට ගොදුරු වන්නේ හුදෙක් ඇත්තන් නොවේ... බොහෝ දුක් ගැහැට සහිතව ජීවිතය ගොඩනගාගන්නට උත්සහා කරන්නනය....

ඉස්සර අපේ ගමේ සුනිල් අයියා සීල් අරක්කු හොරට විකුනන්නේ කෝටි 3 ක වාහනයක යන්නට නොවේ... ඒ ඔහුගෙන් ජාතක වු දරුවන් රැක බලාගන්නටය... ඒ තිප්පොලට පනින ට්‍රැෆික් රාලහාමී භාගයයි සෝඩා එකයි බයිට් එකයි නොදුනහොත් පසු දින රාත්‍රියේ සහචරයෝ සමග කඩා පනින්නේ සුනිල් අයියගේ තිප්පොල නිසා හුචු මහත් සාමාජයද.. එහි වැසින්යට වන මහා හාණිය හේතුවෙනු... නමුත් මගේ මතය අනුව සුනිල් අයියා කරන්නේ හුදු මහත් සේවකි.... රෑ එකොලහට වැඩ අවසන් කර ගෙදර එන්නෙකුට පොඩි අඩියක් ගසන්ට සුනිල් අයියාගේ සරණ ඇර වෙන සරණක් නැත.... නමුත් අපේ රටේ නීතිය අනුව සුනිල් අයියා වැරදි කරැවෙකි.... ඔහු සමාජය හමුවේ නිවැරදි කරුවෙක් උවද ඔහු නීතියේ වැරදි කරුවෙකි.. .

නමුත් අද නීතීය බෙදන්නේ වෙන වෙනමය...නීතියේ හැඳි වෙනස්ය.... එය තාරාතිරම අනුව වෙනස් වන සුළුය....  අද ප්‍රවෘතියක පලවු මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර විගනාකාධිපතිවරයාගේ සිද්ධිය උදාහණයට ගතහොත් එයට සම්බන්ධ සියළු පාර්ශවයන් සාමාන්‍ය ජනාතාවය.. එසේත් නැත්නම් නිළධාරීන්ය.. ඔවුනට එරෙහිව නීතියේ ආධිපත්‍ය නිසියාකාරව ක්‍රියාත්මක වේ.. වාසනාවකට මෙම සිද්ධිය පසුපස දේශපාළුවෙකු ගෑවී නොමැති හේතුවෙන් අදාල විනිශ්වයකාරවරැන්ට තම හෘද සාක්ෂයට එකඟව නීතිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබිණි.. නමුත් මෙහි යම් කොනක දේශපාලකයෙකු යම් පමනකින් හෝ ගෑවී තිබුනේ නම් අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ නැත...

මෙම කාරණය අපිට හුදෙක්ම අළුත් කාරණයක් නොවන්නා සේම මෙය කෙතරම් අපි සංවාද කලද අද ද.. හෙට ද... අනාගතයේ දී ... සිදුවන්නේ එකම සංසිද්ධයකි....

ඒ බලය ඇත්තාට නීතිය යනු මෝරැන් අල්ලන දැලක් සේම... 
නැත්තාට එය හාල්මැසි දැලක් වන බවය.....

Thursday, October 18, 2012

අක්කා පෙන්නා.. නංගීට වැරෙන් පහර දීම....



80 දශකයේ දී ලංකාවේ බොහෝ චිත්‍රපට බිහි උනේ එකම රෙසපියකට.. සිංදු පහයි ෆයිට් 3 යි අඬන කෑලි 3 යි වශයෙන්... අද අපේ බොහේ නාලිකා වල ප්‍රවෘත්ති බැළුවාම මතකෙට එන්නේ 80 දශකයේ චිත්‍රපටිය... ක්‍රයිම් කීපයක්...මිනිමැරිම් දෙකක්.... දේශපාලන කුණුහබ්බ ටිකක්... රජතුමාගේ සීන් දෙකක් තුනක් වගේ රෙසපියක් තමයි හැම නාලිකාවකම තියෙන්නේ....රජයේ වේවා...පෞද්ගලික වේවා මේ හැම නාලිකාවකම රෙසපිය එකක්....


හැබැයි ඊයේ ප්‍රවෘත්ති බලනකොට මම හිතුනේ මම මේ බලන්නේ වෙනත් ග්‍රහලෝකයක ප්‍රවෘත්තද කියලා... ඒ තරමට ඒවයේ කථා කරන දේවල් විකෘතියි... විශමයි... විපරීතයි.... මොනරා ඉන්න නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...


ආයුබෝවන්.. වෙලාව රාත්‍රි අටයි... මුලු රටේම අය ඇත්ත දැනගන්න තැන.. ලංකාවේ නිව්ස වලින් ෆස්ට් ලියිව් ඇට් එයිට්.... අරඹන්නටයි මේ සුදානම....අපි අදත් මුලින්ම බලමු සිරස්තල....

මෙහිදී ප්‍රධාන සිරස්තලයක් වන්නේ කේ.පි ගැනය... ඒ කේ.පී ට එරෙහිව කිසිම චෝදනාවක් ඉදිරිපත් වී නැත යන්නය.. මේය මහත් ගුජුප්සාජනක මෙන්ම කිසිම ශ්‍රී ලාංකීකයෙක් නොඅදහන තරමේ ප්‍රකාශයකි... නමුත් හාස්‍යට කරුණ වන් නේ මෙසේ ප්‍රකාශ කරන්නේ මාධ්‍ය නොව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වීමය.... නමුත් මාධ්‍ය ප්‍රවෘත්තිය ආරම්භ කරන්නේ මෙලෙසිනි...

“කේ.පී එහෙමත් නැත්නම් කුමරන් පද්මනාදන් කියන්නේ ප්‍රභාකරන්ගෙන් පස්සේ එල්ටීටී එකේ නායකයා කියලා කියපු කෙනා....ලකාවෙන් පිට ඉඳන් කොටි මෙහෙයවපු කේ.පී අපේ හමුදාවේ අය 2009 අල්ලගෙන අවේ තායිලන්තයේ ඉඳලා....එදා ඉඳලා සැරින් සැරේ එයා ගැන එක එක කථා අහන්න ලැබුනා.... කාලෙකට පස්සේ කේ.පී ගේ නම කරලියට අවේ අළුත් කෙනෙක් විදියට..“


එම ප්‍රවෘත්යට අනුව “කේ.පී යනු කොටි ජාත්‍යාන්තර ජාලය මෙහෙයවපු මොලකාරයාය....ප්‍රභකරන්ගේ මරණින් පස්සේ එයා කොටි සංවිධනයේ නායකයා කියලා අළුත් ගමනක් යන්නත් හැදුවා...ඒත් අපේ හමුදාවේ අය එයා තායිලන්තයේදී අල්ලගෙන ලංකාවට ගෙනාවා....පස්සේ කේ.පී ගොඩක් දේවල් හෙළිදරව් කලා....“ සහ තවත් බොහෝ දේ ගැන එම ප්‍රවෘත්ියේ සඳහන් වේ....

නමුත් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධස්ථානයේ ප්‍රකාශය වෙනම කථාවකි.. ඔවුන්ට අනුව කේ.පී යනු චෝදනා විරහිතව අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවෙකි ය..ඔවුන්ට අනුව මේ වන තෙක් කේ.පී ට විරුද්ධව කවුරුත් චෝදනා කර නැත.......මෙය මහත් තර්කයට තුඩු දෙන මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමුවිය හැකි ප්‍රකාශයකි.. ඔවුන්ට අනුව කේ.පී චෝදනා විරහිත පුද්ගලයෙකි.. එහිදී ජාත්‍යන්තර මාධ්‍යෙව්දියෙකු මෙසේ ප්‍රශ්ණ කරයි....

“අනෙකුත් කොටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටයදී කේ.පි එළියේ ඉන්නේ කෙසේද...?“


මෙහිදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ උත්තර වන්නේ..

“ඔහුව අත්අඩංගුවට ගන්න පැමිණිල්ලක් ලැබිය යුතුයි.... සාක්ෂි තිබිය යුතුයි“ යන්නය..

මෙවැනි ප්‍රකාශ හමුවේ අඬන්ට ද... හිනාසෙන්නටද නොතේරනෙ වාතාරණයක් හමුවේ ගැටළු කිපයක් සඳහා විසඳුම් සොයන්නට වෙහෙසෙමි...

1. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයේ ප්‍රකාශයට අනුව කේ.පිට විරුද්ධව චෝදනාවක් නැතිනම් ඔහුව අත්අඩංගුවට ගත්තේ කිනම් චෝදනාවක් යටතේද....?

2. ඔහුට විරැද්ධව කිසිම චෝදනාවක් නැත්නම් ජාත්‍යන්තර නිතී රීති යටතේ මෙරට සිට තායිලන්තයට ගොස් කේ.පී අත්ඩංවට ගන්නේ කෙසේද..?

3. ඔහු එල්ටීටිඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ මහමොළකරු බව රජය පිළිනොගන්නේද..?

4. එල්ටීටිය ට අවශ්‍ය ආයුධ සපයාගැනීමේ මැදිහත්කරු ඔහු බව රජයේ බුද්ධි අංශ දැනුවත් නැත්ද..?

5. කුමරන් පද්මානාදන් විසින් එල්ටීටිය සඳහා අරමුදල් රැස්කිරීම... ප්‍රචාරය සහ එම අරමුදල් භාකාරයා ලෙස කටයුතු කර නැද්ද...?

6. කේ.පි අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ යටත් එල්ටීටීයේ ජාත්‍යන්තර මුල්‍ය වත්කම් ගිණුම් පැවතුනාද..?

7. එසේ පැවතුනා නම් එම ගිණුම වල වටිනාකම් කෙසේද..?

8. යුද්ධය අවසාන කාලයේ ප්‍රකාශ කල අන්දමට එම මුදල් කෝටි ප්‍රෙකෝටි ගනනින් නම්, එම මුදල් වලට සිදු වුයේ කුමක්ද..?

9. ලංකාවේ නීතිය අනුව මිනිමැරීම, මිනීමැරිමට තැත් කිරීම, සැලසුම් කිරීම සහ ඊට අනුබල දීම දණ්ඩනීති සංග්‍රහය අනුව වරදක් නම් කේ.පී නිරදෝෂි වන්නේ කුමන පදනම යටතේද..?

10.රජයේ මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙන ආකාරයට කේ.පී ට විරැද්ධව චොදනා කල යුත්තේ කුමන පාර්ශවයක්ද...., අරන්තලාවේ භික්ෂුන්ගේ දෙමාපියන් ද... මහ බැංකු බෝම්බයේ වින්දිතයින්ද.... පිටකොටුව බෝම්බයේ වින්දිතයින්ද... ජේඕසී බොම්බයේ වින්දිතයින් ද.... ගලධාරී බොම්බයේ වින්දිතයින්ද... කැබිතිගොල්ලෑව බොම්බයේ වින්දිතයින්ද... එසේත් නැතිනම් වසර 30 යුද්ධයේ දී මිය ගිය කුමන පාර්ශවක්ද..?

මේවා ප්‍රශ්ණය... ලංකාවේ පවත්වන බලන මාධ්‍ය සාකච්ඡා හමුවේ මෙවැනි දේ ගැන ප්‍රශ්ණ නොකරනවාදැයි සැකයක් පවතී... විදේශීය මාධ්‍යකරුවෙකු හමුවේ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශතේ පිලිතුර මුළු මහත් ජාතිය පාවාදීමක් මෙන්ම...යුධ ජයග්‍රහණය උදෙසා ජීවිත කැප කල යුධ විරුවන් හමුවේද....එල්ටීටීයේ ප්‍රහාර හමුවේ මියගිය සියළු සාමාන්‍ය ජනතාවගේද මිනීවලවල් වලවල්වලටද කරන අගෟරවයකි.....

එල්ටීටීය ටී 56 සිට රොකට් ලොන්චරයේද... සෑම් මිසයිලසේ සිට සබ්මැරීනය දක්වාම අයුධ.. සහ යුද්ධෝපකරණ මිලදී ගත්තේ එල්ටීටීයේ ජාත්‍යන්තර අවිගණුදෙනු කරු වන කේ.පී හරහාය....එල්ටීටීමයට ජාත්‍යතන්තර වශයෙන් අරමුදල් රැස්කරනු ලැබුවේද ඔහු මුලික කරගත් ජාත්‍යාන්තර ජාලයයි... මෙය අප සැම හුදෙක් පිළිගන්නා මෙන්ම වරනි වර රජයේ මාධ්‍යද රජයේ මාධ්‍ය ප්‍රකාශකද මතු කරනු ලැබු කාරණයකි....රජයේ මාධ්‍ය ප්‍රකාකශ කෙහෙලිය රඹුක්වැල්ල මහතාට, ඔස්ට්‍රෙලියාවේදී හෝටලයෙන් බිමට වැටීමෙන් පසු “මට කිසි දෙයක් මතක නැතිවී“ නැතනම්, කේ.පී අත්අඩංගුවට ගැනීම හමුවේ ඔහුගේ උදම් ඇනීම නැවතත් ජනාතාවට මතක කර දිය හැකිය....

මෙවැනි දේ හමුවේ හුදුමහත් දේශමාක ජනාවටද කල හැක්කේ එකම දෙයකි....

අතට අසුවන ඕනැම බර දෙයක් ගෙන.... හිස් මුදුනට හත් අට වතාවක් වැරෙන් පහර දි....

“අපිට මුකුත් මතක නැහැ“

කීම පමනකි....

අපි හැමෝමට සුභ අනාගතයක්......