Saturday, December 3, 2011

"ඔන්ලයින්" ප්‍රේමය.....



හොරෙන් ඇවිත් මුකුළු කරලා නිකං හිටපු මට
කථා නොකර ඉන්නේ මොකද දුකක් නැද්ද තොට

කතා කරල පාරගන්නෙ මොකටද මගේ හිත
කතා නොකර බලා සිටිමි ඒත් ඇති,ය මට

බලං ඉන්න කැමති උනත් හිත දෙන්නෑ මට
ලඟට ගන්නමයි හිතෙන්නේ නුඹ මගේ තුරැලට

ළඟට අරන් ආල වදන් පවසන විට මට
නුඹ හැර මා මතු දවසක යන්නේ කෙලෙස ද

ඒකයි මම යන්න හැදුවේ අතහැර මේ හැම
යන්න දෙන්න නුඹ අතහැර ආයේ නේන්නම

පැනල යන්න එපා ඉතින් මගෙන් ගොඩක් දුර
මේ දෑසට ඔයා නැතිව නැහැ වෙන රසඳුන

මෙතන ඇවිත් හිත හදාන ඉන්නට බැහැ මට
අතිතෙටම දුවන් යනවා අකීකරැයි හිත

බලෙන් අරන් බැඳ තියන්න බැහැ කාගෙත් හිත
යනවා නම් ඉතින් යන්න අතහැර මයෙ සිත

බිඳුනු සිතක් තනිව ඉදපු කාලය මඟ ඇර
නුඹ මැවු ඒ සිහින ලොවත් අමතක නැහැ මට

හිත හදාන බොට පේන්න ඉන්නට හැදුවට
හොරෙන් ඇවිත් "හායි" කියලා අවුස්නව නුඹ

වරද මගෙයි හායි බායි හැවෙලේම මම
පටන් අරන් යන්නෙ මම අවසන් නොකරම
 
මටත් දැනේ නුඹේ හිතේ තියනා තනිකම
කථා නොකර ඉන්නට බැහැ නුඹ වගේම මට

එයින් රිදෙන සුමුදු හිතක් ඇති බැව් දැන දැනැ
නුඹට කුමට මුණගැහුන ද "කාලකන්නි" මම

ජිවිතේ හැටි ඔහොම තමයි ඇතිවුන තනිකම
මරණය සහ ආදරයේ ඇති නොවෙනස්කම

11 comments:

  1. මේකනම් ලියල තියෙන්නේ අපිටමද මන්ද..
    අගේ ඇති කවි ටික

    ReplyDelete
  2. හරියට ඇනුනාම රිදෙන බව දැන දැන රෝස මල් නටුත් එක්කම කඩන්න හදනව වගේ වැඩක්නේ මචං . . . බලලා විතරක් සුන්දරත්වය විඳලා මදි මදි වගේ . . කඩා ගන්නම ඕන . . ඒත් කටු තියෙන බව දැන දැන උනත් උන්න ඔහේ ඇනෙනවනම් ඇනිච්චාවේ කියලා රිස්ක් එක ගන්නවා . . . හ්හ්ම්ම් දුක තමා රංජනී

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..නියම කවි ටික...

    ReplyDelete
  4. අපූරු කවි පෙල... අපිට හරියටම හරි යනවා..

    ReplyDelete
  5. බස්සා ‍මේව ලී‍වේ කා‍ටෙයි බස් ‍සෝ

    ReplyDelete
  6. මේක නම් කියවලා සද්ද නොකර යන්න හිතුනෙම නෑ මට

    ReplyDelete
  7. බස්සාගේ 'ඔන් ලයින් ප්‍රේමය' නියමයි.හැබැයි මටනම් හිතෙන්නේ. හරිම සුන්දරයි.කොතනක, කොහොම,කා වෙනුවෙන් ඇති උනත්...වැරදි විදිහට පරිහරණය නොකරනවනම්,(ප්‍රේමය හැමදාමත් සුන්දරයි )

    ReplyDelete
  8. බස්සෝ...... මේක නම් වැදුනා බොක්කටම...........

    ReplyDelete
  9. බස්සො අපි හම්බෞනෙත් ඔය ඔන්ලයින් හින්දනේ

    ReplyDelete
  10. හුට්ටප්පරයයි... මයේ කතාවමයි ලොල්ස්. :D

    ReplyDelete