Sunday, December 25, 2011

ආත්මාර්ථකාමියෙකුගේ ප්‍රේමය...


                

මෙතෙක් කලක් දමා නොගිය... මහ මුසල මේ තනිකම.. හෙට දවසෙත් ලඟින් ඉදින්...ඈ මනමාලිය වෙනකම්.... හැබැයි මාව දාලා ගියොත්... අම්මපා.... මිරිකනවා බෙල්ල..

  රෑට ඇවිත්..බය කරනවා උළු අස්සෙන් එබිලා බලලා....
  දෙන්නෙම නැහැ.. නිදියගන්න..හුල්ලනව මහ සැරේට..මුසලකම ඉහවහන්න.. මහ රෑ ඝන කළුවර මැද..
  මගේ ඇස්දෙක ලොකු කරාන... මරහඬ දී කෑගහනවා..ගියොත් එහෙම මාව දාලා... නැති කරනවා උඹේ නින්ද...
 දෙන්නෙම නැහැ..ලඟට එන්න...උඹේ කෙට්ටු සුදු එකාට..අත තියන්න උඹේ ඇඟට...ඌට දුන්නේ පොතේ ලියලා..මට හම්බුනේ හිතේ ලියලා..ඉතිං උඹගේ වැඩි අයිතිය...කොහොම ද  උඹ ඌට දුන්නේ...  උඹව ගන්න බැරි උනාට..මගේ ලඟට.. ලඟින් ඉන්න..දෙන්නේත් නැහැ..වෙන එකෙක්ට..උඹේ ලඟට කිට්ටු වෙන්න..උඹව අයිති මට විතරයි..අයිති නැතත්..මාව උඹට...

4 comments:

  1. ආයේ දෙකක් නෑ... උස්සගෙන යනවා...

    ReplyDelete
  2. තනිකරම ඉස්සිල්ලක් තියෙන්නෙ

    ReplyDelete
  3. අයියේ ........ උස්සමු .... අපි හෙල්ප් .........

    ReplyDelete
  4. අය්යේ...අපි හෙල්ප් ..

    ReplyDelete