Thursday, December 29, 2011

තොපි වෙනුවෙන් අපි

(ඡායාරෑපය අන්තර්ජාලයෙනි)


අගාධය පෙනි පෙනි..
විනාශය දැනි දැනී..
අපි
මරණයට..
අතවනමු...

අපි මහා බොරැවක පැටලී සිටිමු..
ලෝකය රඟ මඩලකි
අපි එහි නළුවන් වෙමු
විටක දුකද
විටෙක සතුටද
විඳිමු
එහි නිමක් නැත..

දුක හංගගෙන 
හිනාවෙන අපි
සතුටට අඬමු
වෛරය පිරිමහන්නට
අතට අතදෙන
මිත්‍රත්වය වෛර කරන
මුනට හිනා වී
පිටට පිහියෙන් අනින
අරැම පුදුම 
සත්වයන් පිරිසකි...

ඇත්ත දැක දැක
බොරැවට ආවඩමු
සත්‍ය වනා හී 
මහා බොරැවකි
මං මුලා වූවන් සේ
සත්‍ය.. අසත්‍ය 
අතර අතරමං වී සිටිමු..

අපි එකම පන්තියට 
වෛර කරමු
අපි අපිම මරා ගන්නේමු
උන් කා බී ප්‍රීතී වන විට
අපි අපිට සුදු කොඩි 
ඔසවමු....

ලෝකය එකම රඟ මඩලකි
උන් රඟති
අපි හැමදාමත් ගැලරියේය...
අපේ උරැමය
උන්ට
අත්පුඩි ගැසීම
පමනමය.....

අවසානයේ
අපට ඉතිරිවන්නේ 
එක් දෙයකි
උන් හැමදාමත් දිනුම්ය
අපි හැමදාමත් පරාදය...

එදත්... අදත්.. හෙටත්..
අපි..
පරාජිතයන්ය
අපි හැමදා පරාදය..
උන් දිනුවත්...
පැරදුනත් දිනුම්ය...

4 comments:

  1. අපිටත් වැල යන පැත්තට මැස්ස ගහන්න වෙන්නේ..

    ReplyDelete
  2. නියමයි මචං බොක්කටම වදිනව...

    ReplyDelete
  3. අඩේ මේක මැක්ස් බන් . . .
    පපුවට පිහියෙන් අනිනව වගේ ලියලා තියෙන විදිහ.
    සිරාම සිරා
    ෆේස් බුක් එකේ ශෙයා කරනවා හොඳේ!!

    ReplyDelete
  4. නියමයි.. මේ කවියේ අදහස නම් නියමයි..

    ReplyDelete