Friday, December 30, 2011

අපි මැරෙමු...ද ?


මැරෙනවා කියන්නේ
මහ අමාරැ වැඩක්
බෙල්ල හිර වෙනකොට
ඇස් දෙක එළියට පනින්න
හදනකොට
ඇතිවෙන අමාරැව
මතක් වෙනකොට
උඹ නිසා මැරෙනවා කියන්නේ
ඊටත් වඩා මහා 
මෝඩ කමක්
මං හැම එකියක් වෙනුවෙන්ම
මැරෙන්න ගියා
එකතුවෙන්න බැරිනම්
දෙන්නම මැරෙමු
හුඟක් උන්
වහ බෝතලේ මගේ අතට දීලා
බලාගෙන හිටියා මම බොනකං
මම අහුවෙයි ඕවට
මම බිව්වේ නැහැ
ඔයාව විශ්වාස නැහැ
මහ නපුරැයි
චෝදනා ගොඩයි
යකෝ එකට මැරෙන්න
මම මුලින්
බොන්නම ඕනෙද
උඹ බීපන්කෝ

8 comments:

  1. කලින් මැරිලා තියනවා වගෙයි බස්සා...මැරෙන එක කොහොමත් පනයන වැඩක්ය කියලා මමත් අහලා තියනවා.......අදහස, කථාව ගෙතීම .අනර්ගයි. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. දෙන්නම වහ කුප්පි දෙකක් අරන් එකට බොන්න.... මැරෙනඑක මහ අමාරු වැඩක් නෙමෙයි.මට නම් තියෙන ලොකුම ප්‍රශ්ණෙ තමයි , මම මැරුණම මගේ ෆේස් බුක් එකවුන්ට් එකටයි.බ්ලොග් එකටයි මොකද වෙන්නෙ කියල. ආහ් ඇයි ලැප් එක.
    හිකිස්

    ReplyDelete
  3. මට නම් මාතෘකාව දැක්ක හැටියේ හිතුනේ අනේ දැන්ම බෑ කියලා. ආදරේ කරන කෙනෙක් එක්ක එකට නම් සමහර විට පුලුවන් වේවි. :D

    ReplyDelete
  4. මැරෙන එක ප්‍රශ්නයක් නෙමේ තමා,ජීවත් වෙන එකනේ ප්‍රශ්නෙ....බස්සගේ පද වැල අලුත් අර්තකථනක් එකතු කරලා තියෙනවා...

    ReplyDelete
  5. මේක බැලුවාම මට මතක් වෙන්නේ ලේඩීස් ෆස්ට් හැදිච්ච කථාව :) දෙන්නම එකට මැරෙන්න. මැරෙන්න ඔය හිතනවාට වඩා අමාරුයි

    ReplyDelete
  6. එකතුවෙන්න බැරිනම්
    දෙන්නම මැරෙමු
    හුඟක් උන්
    වහ බෝතලේ මගේ අතට දීලා
    බලාගෙන හිටියා මම බොනකං
    මම අහුවෙයි ඕවට

    ReplyDelete