Tuesday, December 20, 2011

දේශද්‍රෝහියෙකු ගේ අඬහැරය...


මේ රට මගේය එය මගේ මව් වැන්නේය
දිවි ඇති තුරා මගේ මව් සුරකින්නේය
යහපත සහ සතුට සැලසිය යුත්තේය
එය මගේ වගකීම එය ඉටුකල යුත්තේය

කියමින් එලෙස බැහැ නිහඩව සිටින්නට
හදවත දෙන්නේ නැහැ ඉඩ මට එය කරන්නට
අවැඩක් වෙතොත් ඒ ගැන හෙළිකරන්නට
කවි කම යොදාගමි ඒ ගැන කියන්නට

ලොකු බේබිලා හට ඇස්ටන් මාටින්ය
නොනට දුවලා හට බී ඇම් ඩබලියු ය
චුටි බේබිලට වෙන සැප වාහනය
බදු බර දරන මහජනයා මහ මගය

රජයට අයිති දේපල විකුනා ගෙන කෑම
වටිනා ඉඩම් නෑදෑයන් හට දීම
තනතුරු තානාන්තර පවුලක විසිරීම
ඉනනට හැකි ද ඇස් කන් පියවා මේම

වංචාවට හා බොරුවට මුල් තැන දීම
ගසා කෑම සහ මංකොල්ලා කෑම
මහජනතාව ගොන් ගානට ඇන්දීම
තේරෙන විටදි එය ඉවසන් ඉනු කෝම

අධිවේගී පාර ගානට අඹරවලා
වරාය කෑලි කර ලුණුමිරිසක් කොටලා
තාප බලාගරෙන් ලිප මොලවාලා
රොටියක් හදාගෙන අපි ඉමු කාලා

අධ්‍යාපනේ වලපල්ලට වැටෙන්නට
ප්‍රතිපත්තියක් නැති කටයුතු කරන්නට
හේතුව කුමක්දැයි විමසා බලන්නට
නැහැ කිසි එකෙක් ඒ ගැන වග කියන්නට

වසංගත රෝග රට වට පැතිරෙන්නේ
මර්ධනයට හැකියාවක් නැති වැන්නේ
ජනයා බෙහෙත් නොමැතිව නිති මියයන්නේ
ඒ වැනි රටක් කෙලෙසද මේ ලොව ජය ගන්නේ

දුම්රිය පමාවෙනවට තිත තියන්නට
බස් ටික වෙලාවට ගානට දුවන්නට
කාලය කා දමන වැඩ මග හරින්නට
නොහැකිව කෙලෙස සංවර්ධන කරන්නට

බොරුවට ආටෝපයට එරෙහිව නැගිටීම
දේශද්‍රෝහි නම් ගුන දොස් පෙන්වීම
එල්ලා මරන්නට ඕනෑ නම් මාව
තොණ්ඩුව මෙන්න එල්ලනු මා නොපමාව

8 comments:

  1. කවි ටිකනම් ලස්සනට තාලෙට ලියල තියනවා .. නමුත් අන්තර්ගතය තමයි පල් හැලි. ඇස්ටන් මාටින් දෙකයි ලංකාවේ තියෙන්නේ. ඒ දෙකම ගෙන්නලා තියෙන්නේ වියපරිකයෝ. ඔය කියන බේබිල ඔය දෙකෙන් එක්කක් එක්ක ඉන්න ෆොටෝ එකක් හරි දැම්මොත් මිනිස්සු ඔය ගහන මඩ විස්වාස කරයි

    ReplyDelete
  2. @ ඇනෝ 2... මම සාමාන්‍යෙයන් ලැබෙන ප්‍රති උත්තර වලට පිලිතුරැ දෙන්නේ නැහැ හස ඒ වා ප්‍රශ්ණ කරන්නේ නැහැ.. ඒත් ඹබ ඇස්ටන් මාටින් ගැන විතරක් කථා කිරීමෙන් තේරෙන්නේ අනිත් සියලු දේ ඇත්ත බව සහ ඔබ පිළිගන්නා බවද කියලා විතරක් දැන ගන්න කැමතියි.....

    ReplyDelete
  3. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  4. astin martin ekka baby la inna photo umbalata apata penwnne nehe modayo

    ReplyDelete
  5. සුදු වෑන් එකක් කැරකෙනවලු අන්න ගෙවල් පැත්තේ!

    ReplyDelete
  6. @බස්සා.

    // අවැඩක් වෙතොත් ඒ ගැන හෙළිකරන්නට
    කවි කම යොදාගමි ඒ ගැන කියන්නට//

    දෙවැනි කවියෙන් එසේ කිවත් කිසිම අවැඩක් ඉතිරි කවි වලින් හෙළි කර නැත. කවි කම යොදාගන ඇත්තේ කව්රුත් දන්නා කටකතා ටිකක් කවි කර කීමටයි.

    පිළිගන්නා නොගන්නා බව රදා පවතින්නේ ඔබ ලියන ආකාරය අනුව නොව ඔබ ලියන දේ අනුවයි. ලිද ලග කතාවෙන ඔප දුප කතා වගේ රට ගැන බ්ලොග් එකක කවි ලියා කියවන්නන් ගෙන් පිලිගන්නවදි ඇසීම විහිළුවකි. කවි ලිවීමට හැකියාවක් ඇති නිසා අර සදරුව වගේ ලව් ඉලව් ගැන කවි ලීවට කම් නැත. නමුත් මෙවැනි දේවල් ගැන හිතට එන්නන් වලේ හෝ වෙනත් කෙනෙක් කියූ දෙයක් ඇත්ත නැත්ත නොදැන කීමෙන් වෙන්නේ අර කනවෝ කනවෝ කියා හැමදාම බොරුවට කෑ ගැසූ විට ඇත්තටම කන විටත් කව්රුත් පිලිනොගනිමයි.

    @ ලාස්ට් ඇනෝ.
    ෆොටෝ දැකීමට අවශ්‍ය නැත. පළමු ඇස්ටින් මාර්ටින් රථය කීප විටක්ම ගාලු පාරේ නවතා ඇති විට දැක ඇත. සහ එහි අයිති කරුද කුරුන්දි කියා දනී.

    ..ඇනෝ 2..

    ReplyDelete
  7. @ ඇනෝ 2 ... මම ඇනෝලාට පිලිතුරැ දෙන්නේ නැත... තමන් කැමති මතයක් දැරීමට ඔබට ඇති අයිතියට මම ගරැ කරමි... නොක්ද කෙලින් තියාගෙන වරැද්දක් පෙන්වා දීමට මට ඇති හැකියාව... ප්‍රසංශා කිරීම උදෙසා ඔබට නැතිවීම ගැන මම පුදුමයට පත්වෙමි......

    ReplyDelete