Thursday, February 9, 2012

මරා


මරා යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවු විශිෂ්ඨතම දේශපාලකයාය.... ඒ ගැන මා තුල විවාදයක් නැත... විජය කුමාරණතුංගයන්ට වඩා වැඩියෙන් ජනතාව අතර ජනප්‍රිය, කිසිම දේශපාලණ දැක්මකින් තොරව ජනතාව ආදරය කරන චරිතය වුවා නම් ඒ මරා ය...ඒ තරමටම ඔහු ජනතාවට සමීපය.... මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහිවු දේශපාලකයින්ගෙන ආර්.ප්‍රේමදාසයන් හැරුනු කොට මරා තරම් ජනතාවට සමීප දේශපාලකයෙකු නොමැති තරම්ය... ඔහු ළමයි වඩා ගැනීමේ දක්ෂයෙකි.... මෑතකදී අනුරාධපුරයේ බසවක්කුලම වැව් තාවුල්ලේ ඇවිද යමින් මරා ජනතාවට තවත් සමීප විය... ජනතාව අතරට ගියේය..... මේ පලමු අවස්ථාව නොවේ... ඔහු නොදන්වා... හදිසියේ මෙවැනි විජ්ජා පෙන්වීමේ දක්ෂය.. තම ආරක්ෂකයිගේ අවවාද  පයිසයකට මායිම් නොකර කැඹිතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව බලන්නට ගියේය... ඔවුන්ගේ හිස අතගා වේදනාව සමනය කලේය.... කොටි සහමුලින්ම විනාශ කරන බවටද පොරොන්දු දුන්නේය... අවසානයේ ඔහු පොරොන්දුවු ආකාරයටම කොටියා විනාශ කලේය... කොටි කොඳු නාරටිද විනාශ කලේය....දැන් කොයිතරම් ඩයස්පෝරා කථා කීවද කොටින්ට නැවත නැගිටීමක් ගැන හිතන්නටද බැරිය... කොටි සංවිධානයේ මහ මොල එසේත් නැත්නම් අවියෙන් බලය පෙන්නූ බොහෝ දෙනා වලපල්ලට ගොස්ය...ඉතිරි කොටස ආණ්ඩුවත් සමගය...ඔවුන් නැවත කිසිදින අවියක් තියා ගිණිපෙට්ටියක් වත් අතට ගන්නේ නැත... ඒ තරමට ඔවුන් මරාට ආදරේය... මරා ගේ පරචිත්ත විඥාඥණ දේශපාලණය එසේය... 

තමන් වටේ සිටින්නන් පිළිබඳව නිරතුරැ අවධානයෙන් සිටියි... තමන්ට යම් අභියෝගයක් විය හැකි අයෙක් තමන් වසඟයට ගැනීමේ අපුරු දක්ෂතාවක මරා සතුය.... වසඟ නොවන්නා දමනය කිරී මට කිසිම අවස්ථාවක ඔහු පහු බට වන්නේ ද නැත. මැරවින් ගේ සිද්ධිය මිට හොදම උදාහරණයයි.. කාලයක් ඔහු මැරවින්ට ඇති තරම් නටන්නට ඉඩ දුන්නේය.... කුඩු නුවන් සමග ගොස් රූපවාහිනියට පහරදුන් අවස්ථාවේදී පවා ඔහු මර්වින් ආරක්ෂාකලේය...කොයි තරම් විනය පරික්ෂණ තිබ්බද ඔහු නිදහස් විය....භූමිකම්පාවකින් පසු ඇතිවන පසු කම්පන මෙන් ඒ සිද්ධියෙන් පසු ඇතිවු පරහරදීම්ද... දැලිපිහි පහරවල්ද....වෙඩි තැබීම්ද ඉදිරියේ නෑසු කන්ව සිටියේය.... ඕනෑම ගොන් මොට්ටයෙක්ට පේන පරිදි ඒ සිද්ධියේ දී විනය පරීක්ෂණයක් හෝ නොතබා මැරවින් වැරදිකරැ වීමේ හැකියාව තිබිනි.... පක්ෂයේ "විනය කතා" විනය පරීක්ෂණයක් පැවැත්වුනේය... තාවකාලික ඇමතිකම් අහිමි කිරීමකින් පසු නැවතත් මැරවින් තමනගේ සුපුරුදු ගොන්පාට් පටන් ගත්තේ  මරාගේ පුර්ණ ආශිර්වාදයෙනි... සාමාන්‍ය ජනතාව මෙවැනි වැරැද්දක් කලොත් ක්‍රියාත්මක වන නීතිය මැරවින් ඉදිරියේ නිහඬ විය... 

පසුව ඔහු සිරසට පහර දුන්නේය.... පැල් බැඳගෙන පහරදුන්නේය... මාධ්‍ය වේදීන්ට අමු අමුවේ අඩන්තේට්ටන්  කලේය.... මේ හැම දෙයක්ම පිටු පස ඔහුට තිබුනේ වෙන බලයක් නොව මරා ගේ හයියය... මරා ඔහුට විරුද්ධව  කට නොඅරින බව මැරවින් දැන සිටියේය... ඒ කුමන  හෝ මහා රහසක් මැරවින් වසන් කරගෙන සිටින නිසා යැයි මම නොසිතමි.... බොහෝ විට ඔහු තමනගේ ගමේ මනුස්සයා නිසා විය හැකිය... මරා මැරවින්ගේ මේ ක්‍රියාකලාපය ඉවසුවේය.... ඉවසුවේය... අවවාද කලේය... ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.... අවසානයේ ඌරාගේ මාලු උගේ ඇගේම තියා කැපීමේ තියරිය අනුගමනය කරන්නට මරා ට සිදුවිය.....ඒ ජනතාව ඇන්ඳවීමට ද ඇත්තටම මැරවින් දමණය කිරීමටදැයි කියන්නට තවමත් හැකියාවක් නොමැත.... විනය පරීක්ෂණයේ දී මැරවින් කිවේ තමා එහි පැමිණිළිකරැ බවයි... එසේ නම් විත්තිකාර පාර්ශවය වන්නේ කැළණියේ ඡන්දය දුන් ජනතාවදැයි සැකයක්ද ඇතිවේ.....

අනිත් කාරණය වන්නේ මරා ගේ දුර දක්නා නුවණ නොහොත් අනාගතය සැලසුම් කිරීමේ හැකියාවයි. මෙතෙක් බිහිවු කිසිම දේශපාලකයෙකුට දැකිය නොහැකි තරමේ දුරක් දැකීමට මරාට හැකිය....රටේ අනාගතය මෙන්ම තමන්ගෙ අනාගතයද ඉතා සුපරික්ෂාකාරී ලෙස මනා සැලැස්මකට අනුව ගොඩනැගෙමින් පවතින බව පෙනේ..කලින් කලට නායකයන් වෙනස්වීම රටක සංවර්ධනයට බාධාවක් වන බැවින් එකම පවුලක සහෝදර සහෝදරියන් අතරම නායකත්වයත්, පාලනයත් රඳවා ගැනීම රටට වඩාත් ඵලදායී වන හෙයින්ද ‍පසුපෙළ නායකත්වයද තම පරම්පරාව අතට බාරදී මේ වැඩපිළිවෙලද මනාව ක්‍රියාත්මක වෙමින් පවතියි.. 

අනිත් කාරණය නම් මරා අනිත් දේශපාලකයින්ට වඩා නිර්මාණශීලී විමයි.. ඕනෑම ගූ බෙට්ටක් වටිනා දවටනයකින් ඔතා පිළිගැන්වීම තුලින් ජනතාව එය සතුටින් බාරගන්නා බව මරා මැනවින් අවබෝධ කරගෙන ඇත. හිත ඇදගන්නා තේමාවන්ද.... ඇ‍ඟේ ‍ලේ රත් වෙන කථාවෙන් ද ජනතාව ඇන්ඳීමේ හැකියාව වෙන කිසිම දේශපාලකයෙකුට නැති තරම්ය.. ‍දැන් හැම ව්‍යාපෘතියක්ම එළියට එන්නේ කුමක් හෝ තේමාවක් සහිතවය.. මීට පෙරද මේ තේමා වැඩේ අනුගමනය කලද මරාට තරම් අපුරුවට මෙය කරන්නට තකිසිම දේශපාලකයෙකුට හැකියාවක් ‍නොමැත. මරා ට වැරදුනු එකම අවස්ථාව පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපයි... අච්චර හොඳ දෙයක් කරන්නට මේ කාළකණ්ණි අකමැති වීම නිසා ඒ පනත අකුලාගන්නට සිදුවිය...  


අවාසන වශයෙන් මෙසේ සටහන් කරමි.... මරා කිසි දින පරාජය කල නොහැක.... අදටත්... හෙටත්... මතුවටත් මේ රටට මරා ය....

10 comments:

  1. මර්වින්ට එතරම් පිස්සු කෙලීමට ඉඩ හැරීමෙන් එතුමාට සිදුවූ හානිය අති මහත්ය.ඒ තත්වය ඇතුළු බොහෝ පිස්සු කෙලිලි මුලදීම නවත්වා ගත්ත නම් එතුමාට දුරදිග දුටු නායකයෙක් වෙන්නට තිබුණි.රාජ්‍ය පාලකයා හැදින්වීමට ඔබ යොදාගන්නා කෙටි නම සුදුසු නැති බව කියමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ඔව් ඒක ඇත්ත.. මේ වටේ ඉන්න මැට්ටෝ කරන දේවල් නිසා තමයි එතුමාගේ ජනප්‍රියත්වයට හානියක් වෙන්නේ...ප්‍රශ්ණේ තියෙන්නේ ඒ ගොන් පාට් දිහා බලාගෙන රටේ මල් පුරවැසියාට නිහඬව ඉන්න පුලුවන්ද කියන එකයි.. ගෙදර ළමයෙක් වැරදි කරනවා නම් තාත්තාගේ ‍වගකීම වෙන්නේ ඒ ළමයාව හදාගන්න එක මිසක් මොනවා හරි දෙයක් කියලා වැරුද්ද වහන එක ‍නෙමෙයි...

      Delete
  2. පු_ තමා..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. ඔව් ඒකම තමා....

      Delete
  3. මරා ගැන ලොකු කියවීමක්.
    ඒක කොයි තරම් දුරට හරිද කියන්න නොදතත් මෙදා කාලයේ ලංකාවට මරා ගෙන් තොර රජෙක් නම් එනු නැත.
    ඒත් දැන් නම් පොදු ජනයාට මරා එපාවී කියලා බොහෝ අවශ්ථාවල වැටහුනා. අර රූප පෙට්ටිවලින් පත්තර වලින් රට හුණු ගාගත්තට මිනිසුන්ට දැවෙන ප්‍රශ්න තියෙනවා කියලා අවබෝධ වෙලා කියලා මට හිතුනා පසු ගිය දවස් වල ලංකාවේදි. කොටින්ම හිඟා නොකා හිඟා කන මිනිස්සු පිරිසක් ඉන්න රටක් කරන්න මරාගේ ලොකු කැපවීමක් තිබුනනේ. කඩේක ගිහින් බඩු ගනන් ඇහුව ගමන් දැන් ඕනෙම කෙනෙක් මරාගේ අම්මලා වුනත් මතක් කරන තරම්. අර යුද්දයක් දිනපු තනි මහ රජට වඩා දැන් බැහැගෙන යන කාලේ කියලයි මට නම් හිතුනේ. .

    ReplyDelete
    Replies
    1. ඔව් රටේ ජනතාවට ප්‍රශ්ණ තියනවා... නමුත් ප්‍රශ්ණේ කියන්නේ මොන තරම් ප්‍රශ්ණ තිබුනත් තියන තියන හැම ඡන්දයක්දිම මහජනතාව ඡන්දේ දෙන්නේ මේ ම්නිස්සුන්ටමනේ... ජනතාවට පිස්සුද අපිට පිස්සුද කියලා හිතාගන්න බැහැ... දැන් රටේ තියන ලොකුම ප්‍රශ්ණේ බඩගින්නවත්, බඩු මිලවත් නෙමෙයි බුරැ බබා... දකුණු ආසියාවේ උසම කුළුණ අපිට නැති එක... ඒකනේ මේ හදිසියේ කුළුණක් හදන්න යන්නේ.... බොහොම ස්තූතියි අදහස් වලට....

      Delete
  4. පාලනය හොදදැයි නොහොදැයි කියන්නට නොවැටහෙමි.හැමදාටම පාලකයා නොවන මුත් මේ ලංකාවේ දේශපාලනයේ සාර්ථකම පුද්ගලයා මමත් හිතන විදියට... මිනිස්සු මිත්‍රකරගන්න ඔහුට තියෙන්නෙ පුදුම හැකියාවක්..මේ අත්දැකීම් . .
    තවත් දෙයක් ඔහු මේ තැනට එන්න පවුල ලොකු දෙයක් කලා.ඒත් දවසක මේ විශේෂ පුද්ගලය අසාර්ථක වෙන්නෙත් පවුලෙම තවත් අයෙක් නිසා!

    sahoධ

    ReplyDelete