Saturday, February 11, 2012

බිත්තරයක් සහ තවත් වාර්ථාවක්....





එක්තරා රටක ජනතාවට ලොකු ප්‍රශ්ණයක් උනා කුකුලන්ගෙන්.. (නෑ නෑ... කුරැළු උණ නෙමෙයි).. මොකක්ද කියනවා නම් බිත්තර වල තැවරිලා තියන කුකුලන්ගේ (ඇත්තමට කිකිලියන්ගේ) මලපහ නිසා බිත්තර ආහාරයට ගන්න ජනතාව ලෙඩ වෙන්නත්... විවිධ ශාරීරික අපහසුතා ඇති‍ වෙන්නත් පටන් ගත්තා..  මේක ඒ රටේ රජයට ලොකුම ලොකු ප්‍රශ්ණයක් උනේ ඒ රටේ ජනතාවට වෙන කිසිම ප්‍රශ්ණයක් නොතිබුන නිසා... ඒ නිසා මේ සම්බන්ධයෙන් ක්ෂණික පියවරක් ගන්න කියලා ඒ රටේ ජනාධිපතිතුමා කුකුල්ලු බාර ඇමතිවරයාට නියෝගයක් නිකුත් කලා.... මේ ඇමතිවරයාට නියෝගය ලැබුනාම ඔහු නැවතත් ජනාධිපතිතුමාට කථා කරලා කිව්වා මේ ප්‍රශ්ණේ වඩාත් සම්බන්ධ වෙන්නේ කිකිළියන්ට... ඒ නිසා කිකිළියෝ භාර ඇමතිවරියට මේක යොමුකරන්න කියලා... ඒ වෙලාවේ නම් ජනාධිපතිතුමාට මල පැන්නලු..

"දෙන්නාගෙන මොකා හරි මට කමක් නැහැ"... වහාම මේ ගැන හොයලා වාර්ථාවක් ලබාදෙන්න... කියලා.......නියෝගයක් දුන්නලු... ඒ විතරක් නෙමෙයි ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට මහා බාණ්ඩාගාරේටත් නියෝග කලාලු....

ටික දවසකින් වාර්ථාව මෙන්න මේ විදියට ජනාධිපතිවරයාට බාරදුන්නා....


බිත්තර පරිභෝජනය තුලින් ජනතාවට විය හැකි අනතුරැ අවම කරගැනීමේ උපාය මාර්ගික සැලැස්ම සහ සංක්ෂිප්ත වාර්ථාව


ක්‍රමවේදය 
කුකුළු මළ සහ අපද්‍රව්‍ය අඩංගු බිත්තර පරිභෝජනය තුලින් මහජනතාවට විවිධාකරයේ ගැටළු මතුවීම හේතුවෙන් ඒ පිළබඳව තත්ත්ව පරීක්ෂණයක් සිදුකිරීම සඳහා සිව්පුද්ගල කමිටුවක් පත්කල අතර ඒ සඳහා මහාචාර්යවරයෙක්, විශේෂඥණ වෛද්‍යයවරයෙක්, සනිපාරක්ෂක තුවා නිෂ්පාදකවරයෙක් සහ කුකුළු ගොවිපොල කළමණාකාරවයෙක් ඇතුලත් විය. මේ පිරිස පුරා මාසයක කාලයක් රට පුරා කුකුළු ලොවිපල 60 ක නියැධියක් ගෙන ඒ එක් එක් කුකුළු ගොවි පොලයන්හී පවතින තත්වයන්ද, කුකුළු කූඩුද පරීක්ෂා කර බලා ඒ ‍ඒ ගොවිපොලයන්හී පොදු කරැණු සැළකිල්ලට ගෙන මෙම වාර්ථාව සකස් කෙරිනි.

නිරීක්ෂණ
1. බොහෝ ගොවිපොල හී කුකුළු කූඩු නිසිපරිද නඩත්තු ‍නොවේ.
2. කිකිළියන් සහ කුකුලන් එකම කුඩුවක වෙසෙයි. 
3. කිකිළියන් බිත්තර දමන අතර කුකුලන් ඒ සඳහා සහායක් නොදක්වයි.
4. ගොවිපොල හිමිකරැවන් කුකුලන්ට සහ කිකිළියන්ට ආහාර සඳහා දෙනු ලබන්නේ සත්ව ආහාර පමනකි.
5. කුකුලන් හෝ කිකිළියන් මළපහ කරන විට කිසිදු සනීපාරක්ෂක කරැණු පිළි නොපදියි.
6. කුකුළු කුඩු වල පොලොව කිසිම ආකාරයක ආවරණයක් කර නොමැත.

පිරිවැය
- ගමන් වියදම්                  - රු. 165,000.00
- සංග්‍රහ වියදම්                 - රු   395,000.00
- ලිපි ද්‍රව්‍ය වියදම්             - රු     95,000.00
- වැටුප් සඳහා වියදම්       - රු    865,000.00
- මුද්‍රණ වියදම්                 - රු    123,500.00
- වෙනත් වියදම්              - රු      35,760.00
                   එකතුව        - රු 1,679,260.00

නිර්දේශ
1. කිකිළියන් සඳහා සනීපාරක්ෂක ක්‍රම හඳුන්වාදීම හා පුහුණුකිරීම.
2. බිත්තර දැමීම සඳහා අදාල ස්ථානයට යාම පෙර කකුල් සෝදා ගැනීම සඳහා වතුර පිරවු භාජන අදාල ස්ථාන  වල ස්ථාපනය කිරීම..
3. කුකුලන් සඳහා පාවහන් (මේස්) වර්ගයක් භාවිතා කිරීම.
4. කුකුළු කූඩු වල බිමට ටයිල් ඇල්ලීම.
5. බිත්තර ප්‍රවාහනය සඳහා  සුදානම් කිරීමට පෙර සේදීම සඳහා ගොවිපල හිමියන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම.
-----------------------------------------

ඉහත සියළු කරුණු කෙරෙහි අවධානය යොමුකල ජනාධිපතිවරයා ඒ සම්බන්ධියන් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම සඳහා නියෝගයනක් ලබාදුන් අතර අදාල වාර්ථාවද නිර්දේශයන්ද, සිව්පුද්ගල කමිටුවද එතුමාගේ මහත් ප්‍රශංසාවට ලක්විය..

22 comments:

  1. බැලුහම කොහෙත් එකම තත්ත්වෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සොඳුරු සිත..... ඒහෙත් ‍එහෙමද....මෙහෙත් එහෙමනේ....

      Delete
  2. බිත්තරය එලියට එන තැන වෙනස් කරන්න නිර්දේශ කලානම් වැඩියම හොඳයි

    ReplyDelete
    Replies
    1. ඒකත් කරන්න පුලුවන් කීව්වා....

      Delete
  3. මේක නම් අර ඉන්දියන් සාගරේ අමුතු ඇටේ කියන රටේ සිද්ද වෙන ජාතියේ සීන් එකක් වගේ . . හික්ස්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං... ඔව් ඒත් දැන් මුතු නැහැනේ මචං... මුන් ඔක්කොම විකුනගෙන කාලා.. ඇටේ විතරක් තියනවලු....

      Delete
  4. "ඒ විතරක් නෙමෙයි ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙසට මහා බාණ්ඩාගාරේටත් නියෝග කලාලු...." අන්න ඒ වෙලාවෙදි කුකුළන් භාර ඇමතිවරයත්, කිකිළියන් භාර ඇමතිවරියත් මේ ගැන සොයා බලන්නට පොර කන්නට වුණාලු. :D

    නියම කතන්දරේ. එහෙමයි අන්තිමට සිද්ද වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාව දොස්තර නෝනා... එහෙම තමයිලු ඒකත් උනේ... බොහොම ස්තූතියි ඌණපූර්ණයට...

      Delete
  5. හොඳ වෙලාවට බිත්තර දාන තැන වෙනස් කරන්න කියල නිර්දේශයක් ආවෙ නැත්තෙ

    ප.ලි.
    මේ ලංකාවෙද බං ???

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක් ආවා මචං.... තාම ට්‍රයි කරනවාලු... හ්ම්... එහෙම එව්වානේ මේ රටේ වැඩිපුර වෙන්නේ...

      බොහොම ස්තූතියි මචං ඕනයා...

      Delete
  6. මේක නම් ලංකාවෙ උන දෙයක් ශුවර්.............

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ලංකාව ගැනම කියන්නේ.... අර සුනිල් ගේ සිංදු වේ කියන් නේ ඇත්තද එහෙනම්....

      බොහොම ස්තූතියි වින්චැට් කිරිල්ලී... ටික දවසකින් මේ පැත්තේ දැක්කේ...

      Delete
  7. ඕකට බිත්තරේ පිරිසිදු කරලා වෙළද පොලට එවන්න කියලා නිර්දේශකරන්න කවුරුත් ඉදල නැති හැටි ඇත්තටම.. මේ නම් ආශ්චර්යා ඉන්න රට වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ‍දිනේෂ්.... එහෙම දේවල් නොවෙන එකනේ ප්‍රශ්‍‍ණේ....

      Delete
  8. "මේ පිරිස පුරා මාසයක කාලයක් ලංකාව පුරා..."
    මෙතන රට කියල දැම්මනම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලකී... ඒක හැදුවා.... ඒක දැක්කේ නැහැනේ.... හැකස්...

      Delete
  9. හිනා වෙලත් බෑ හිනා නොවීත් බෑ...

    ReplyDelete
  10. මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි. කතන්දරය මතක් උනා.අසිරිමත් සිරි ලන්කාවේනම උන දෙයක් වෙන්න බෑ.......

    ReplyDelete
  11. ඔන ඕකනෙ කියන්නෙ කිකිළීයන්ට ජංගි ඇන්දුවනම් ඕක වෙන්නෙ නෑ... .. ජංගිය අස්සට අත දාල බිත්තරේ ගන්නකං බිම වැරෙන්නෙ නෑ එල්ලි එල්ලි තියෙනවා.

    ReplyDelete
  12. පික්සුද? මේ ලංකාවෙ වෙන්න බෑ. ලංකාවෙ කිකිලි බිත්තර ගන්නෙ සිසේරියන් ඔපරේෂන් එක කරලනේ...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete