Thursday, February 16, 2012

ඹබ එනවා නම්.. හීනයක් වෙලාවත්.....



ආ... මහත්තයා බොමු ප්ලෙන්ට්යක්....

ඔහු මෙතෙක් බිමට බර වෙලා තිබුන මුණ උඩ ඔසවලා මගේ අතේ තිබුන අසෝක වීදුරැව අතට ගත්තා.

මීට අවුරුදු 17 කට පෙර මුල් වරට මට ඔහුව හමුවෙනකොට තිබුන තාරැණ්‍ය ඔහුගෙන් ඈත් වෙලා... දුර්වරණ වෙච්ච දත් පෙලත්... කළුපැහැ ගැන්වුන තොල් දෙකෙත්... බර වෙච්ච ඇස් දෙකත් ඔහුගේ වියපත් බව කියාපානවා...

හැම අවුරුද්දකම ඔහු අද වගේ දවසක මෙතනට එනවා.... හැමදාමත් වගේ මා එක්ක දොඩමළු වෙනවා...

 මේ කනත්තේ මගේ අවුරුදු 35 හේ සේවාකාලය තුල හමුවුන අපුරුම පුද්ගලයා ඔහු.... බොහොම සංවේදීම පුද්ගලයා..

හැම දාම වගේ ඔහුගේ ජීවිත කථාව මා ඉදිරියේ දිග හරිනවා..

වෘත්තියෙන් විධායක නිළධාරියෙක්....

ඇයි මහත්තයා දැන්වත් මේ වැඩේ අතඇරලා දාන්න බැරිද ?

බැහැ සිරිදාස අයියා... කවදාහරි එයා එනවා.....

ඉතිං මහත්තයා හොයලා බලන්න තිබුනානේ...

එහෙම උනොත් එයාට කරදරයක්... එයා හොඳින් ඉන්නවා නම්... හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා නම්... එකට බාධාවක් වෙනවා...

එහෙනම් ඇයි මේ තරම් බලාගෙන ඉන්නේ.... ඇයි මේ තරැණ ජීවීතේ විහින් නාස්ති කරගන්නේ...

ජීවිතේ..... කෝ සිරිදාස අයියා ජීවීතේ... කොහේද තියෙන්නේ....මම ජිවීතේ සැළසුම් කලේ එයත් එක්ක... හීන මැව්වේ එකත් එක්ක... ඒ හැම දෙයක්ම ද්වීපාර්ශවීය හීන.... කොහොමද මට විතරක් ජීවිතය ගැන හිතන්නේ...

ඔය මහාප්‍රාණ මට තේරෙන්නේ නැහැ මහත්තයා.... ඒත් මහත්තයා හොඳ පපුවක් තියන.. හොඳ මොලයක් තියන මනුස්සයෙක්... ඇයි මේ විහින් නාස්තිවෙන්න හදන්නේ....

එයාට මම පොරොන්දුවක් උනා... හරියටම මෙන්න මෙතනදි....

එදා අපි මිල්ටන් ගේ ස්මාරකේ තියන සිංදු කියව කියවා හිටියේ.....

“කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා.... මගේ මුවින් මම ලොවට කියා ඇත... ඔබ ගුනවත් කියලා..“

මට ඔයාව දාලා යන්න උනොත් ඔයත් මෙහෙම කියනවද ?

ඔයා මාව දාලා යන්නේ නැහැ නේ....?

නැහැ මම කියන්නේ ..... නිකමට හරි... එහෙම උනොත්....

ඔයාට බැහැ මාව දාලා යන්න....

මේ ලෝකේ අපිට ඕන දේම විතරක් වෙනවා නම් මේ ලෝකේ කොයි තරම්     සුන්දර ද ?

මම අහන්නේ එහෙම දෙයක් උනොත් ඔයා මට වෛරකරනවද ?

නැහැ... කවදාවත්ම නැහැ....

මම හැමදාමත් ඔයා එනකම් බලාගෙන ඉන්නවා... නැවතුන තැනම ඉඳගෙන....

එහෙම උනොත් ඔයා සතුටින් ඉන්න..... මම තරහා නැහැ.... ඒත් කවදා හරි දවසක ඔයා තනි උනොත්...  ඔයාට කරදරයක් උනොත්..... ඔයා එන්න.....

ඒත් එදාට... මට ඔයාව හොයාගන්න බැරි උනොත්...

ලෝකේ කොහේ හිටියත් මම අද වගේ දවසට මෙතනට එන්නම්... අන්න එදාට ඔයා මෙතන හිටියොත්.....
එදාටත් අපි අද වගේම මිල්ටන්ගේ සිංදු කියමු....

ඔය ඇත්තම ද ?

සත්තයි..... මම ඉන්නවා.... ඔයා එන්න....

මම මගේ පොරොන්දුව කරනවා සිරිදාස අයියා.....
එයා එන්නේ නැහැ කියලා කියන්නේ ඔයා හොඳින් කියන එක.... ඒක මගේ හිතට සතුටක්... ඒත් මට එයාව අමතක කරන්න බැහැ... එයා මගේ ජීවිතේ..... ඒ තරමට මම එයාට බැඳිලා.....

බීලා ඉවර උන සිගරට් කොට ගොඩ උඩට තවත් සිගරට්ටුවක් එකතු කරලා.. අලුත් ඒකක් මුවේ රඳවා ගත්ත ඔහු දිග සුසුමක් හෙළුවා.....

ඔහු ගේ මේ කථාව මට හොඳට හුරුයි..... පහුගිය අවුරුදු 17 පුරාවටම ඔහු මා එක්ක මේ කථාව කියලා තියනවා.... ඒ කථාව අහපු එකම කෙනාත් මම....

හවස පිච්චෙන්න දාපු මෘත ශරීරයෙන් නැගෙන හීන වීගෙන යන දුමාරයත් එක්ක බටහිර අහස කළු කරගෙන එනවා....

යන්නම් සිරිදාස අයියේ......

මහත්තයා හිත හදාගන්න.... ලබන අවුරුද්දේ දකින්න නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

කොහොමත් කවදාහරි දවසක අන්තිමට එන්න වෙන්නේ සිරිදාස අයියා ලඟට තමයි....

යන්නම්.....

පාළු මාවත දිගේ ඔහු හීන වී ගෙන ගියා... 
අනිවාර්යෙන්ම ඊලඟ අවුරුද්දෙත් ඔහු ඒවි......

26 comments:

  1. මේ විදිහට කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එකම එක්කෙනත් ඔයා නෙමේ අන්තිමයත් නෙමේ මෙච්චර ආදරේ කරලත් ඒ ආදරේ තේරුම් නොගන්න ගොඩක් අය මේ ලෝකේ ඉන්නවා අපි වගේ දුප්පත් හිත ඇත්තෝ කරන්නේ ඒ ගොල්ලෝ එනකම් බලන් ඉන්න එක විතරයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.....
      යමක් නොකියා ඉන්නම්.....

      Delete
  2. හීන බලනේ නැතුව,ඇත්තට මුහුණ දෙන එක නේද වටින්නේ,අඩුම ගානේ එක ආදර්ශයක් දෙන්න..තව ජීවිතයක් ආලෝකමත් කරලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....

      හීන නැත්නම් මේ ලොකේ පැවැත්මක් නැහැ.. අපි හැමෝගෙම හිත්වල හීන තියනවා... වීරයෝ වීරවරියෝ ඉන්නවා.... අපි ජීවිතේ හීනයක් දකිනවා..... යතාර්ථයට වඩා හීනෙට ආදරේ කරනවා..... එහෙම නැහැ කියන්නේ තමන්ගේ හිත රවට්ටගෙන.... මේ හැම දේම එත්කරා විදියක හීනයක් තමයි... අපි පිළිනොගත්තට.....

      ඔබ කියන දේ පැහැදිලි නැහැ මට හරියටම...... මොකක්ද දෙන්න ඕන ආදර්ශය...? කාගේ ජීවිතේච ආලෝකමත් කරන්න ඕනේ... මොකක්ද මුන දෙන්න තියන ඇත්ත....?

      Delete
    2. හීන තමයි ජීවිතේට බලාපොරොත්තු දෙන්නේ... හීන තමයි මේ ලෝකේ තියෙන හොඳම දේ... :)

      Delete
  3. ආයේ එන්නේ නෑ කියලා දැන දැනත් මාත් ඔහොම බලං හිටිය කාලයක් තිබුනා.. ඒත් පහු වෙද්දී ‍වෙද්දී තේරුනා ඒකෙන් වෙන්නේ හිත තවත් රිද්දවාගන්න එක කියලා.. ඒක නිසා අමාරුවෙන් හරි අමතක කරන්න උත්සාහා කරනවා....

    ReplyDelete
    Replies
    1. ඔව් සොරෝ... අපි හැමෝම එක කාලයක් මේ වගේ බලාගෙන ඉනනවා...බොහොම ස්තූතියි...!!

      Delete
  4. සංකල්පේ හරි සිරා.තව ටිකක් දිගට ලියන්න තිබ්බා හැබැයි.මරු.කොල්ලො ඔහොම උනාට කෙල්ලො එහෙම නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනුක.... මේකට අදාල කථාව ලියනවා.... කොටස් වශයෙන්....මේක බලන්න
      http://jbasnayaka.blogspot.com/2011_05_01_archive.html

      Delete
  5. හ්ම්ම්ම්ම්ම්ම්.......නෝ කමෙන්ට්ස්..
    සුපිරි පෝස්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පසන්....

      Delete
  6. ඔව්.. මටත් කියන්න තියෙන්නේ නෝ කමෙන්ට්ස් කියල තමයි. මොකද මේ වගේ දේකදී කියන්න දෙයක් මට හිතා ගන්න බැරි නිසා.. මොනවා වුනත් පෝස්ට් එක නම් සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රවීන්...

      Delete
  7. මේ කතාවම තියන සුපිරි ෆිල්ම් එකක් බැලුව... ඒත් දැන් නම මතක නෑ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෝඩා ගුනේ...මේ තියෙන්නේ මේ සිද්ධියට පාදක වෙන කථාව...

      http://jbasnayaka.blogspot.com/2011_05_01_archive.html

      Delete
  8. කොච්චර හිතට දැනුනත් අපේ ජීවිතෙන් ඈත් උන කෙනෙක් ආයෙම එන්නේ නෑ කියලා අපි ගොඩක් වෙලාවට මග බලාගෙන ඉන්නවා.. ඒ ඇයි කියන්න තමයි තේරෙන්නේ නැත්තේ..

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි බලාපොරොත්තුව කියන්නේ දිනේෂ්.. බොහොම ස්තූතියි....

      Delete
  9. හීන . .
    මොන තරං සුන්දරද
    හැබෑවෙනව නං
    ලස්සන හීන ????

    ReplyDelete
    Replies
    1. ඒත් අපි හීන වලට කොයි තරම් ආදරේද ?
      සැබෑ නොවෙන බව දැන දැනත් අපි තව තවත් හීන මවනවා...

      බොහොම ස්තූතියි....මචං....

      Delete
  10. හීන නම් අපිට කොච්චර තියනවද ? ඒත් ඔය හීන ගොන්නෙන් හීන කියද සැබෑවෙන්නේ.... සැබෑ නොවෙනවා කියලා දැන දැන හීන පස්සේ දුවනවට වඩා ඇත්ත තේරුම් ගන්න උත්සහ කරන එක හොඳයි කියලයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා විදියක හීනයක් තමයි.....බොහොම ස්තූතියි....

      Delete
  11. බලාපොරොත්තු ජීවත් කරවන අපුරුව

    “කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා.... මගේ මුවින් මම ලොවට කියා ඇත... ඔබ ගුනවත් කියලා..“

    ආසම සිංදුවක්.. මිල්ටන් නම් නියම ගීත එකතුවක් ඇති වාසනාවන්තයෙක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... සෑම්....

      Delete
  12. මගේත් එකම එක හීනයක් තියෙනවා කවදාවත් සැබෑවෙන්නෙ නැති.
    ලස්සන සිතුවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. හීනෙත් එක්කම ඉන්න.....සැබෑ වෙන දවස වැඩි ඈතක නොවෙන්න පුලුවන්...
      බොහොම ස්තූතියි....ගිම්හානී නංගි....

      Delete
  13. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ ..............................

    ReplyDelete