Friday, March 23, 2012

ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?


ආදරයක් නැතිව ළමයි හම්බෙන්න පුලුවන්ද ?

මේක ටික දවසකට කලින් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක්.....

මගේ උත්තරේ උනේ “ඇයි බැරි“... කියන එකයි...

ඇත්තටම එහෙම පුලුවන්ද ?

ඇය නැවතත් ඇහැව්වා....

එහෙම නැත්නම් ලංකාවේ දුෂණයි වෙන කාන්තාවන්ට ළමයි හම්බෙන්න හිටින්නේ නැද්ද... ?

එහෙමත් නැත්නම් යෝජිත විවාහන් වලදී පලමු එක්වීමෙන්ම ළමයි හම්බෙන්නේ නැද්ද..?

ඇත්තටම අපි මේ කියන ආදරය එතන තියනවද...?

මේවා ඇත්තටම ප්‍රශ්ණ, ළමයෙක් හම්බෙන්න ඇත්ත වශයෙන්ම අවශ්‍ය මොනවද...?  පිරිම ශුක්‍රාණුවක්.. ගැහැණු ඩිම්බයක් සමග සංකෝචනය වීම තුලින් දරුවෙක් හටන්නවා කියන එක සාපේ දී මම ඉගෙන ගත්ත දෙයක්....

එතනදි කිසිම අවස්ථාවක ආදරයක් කියන දේ ගැන කථා කරලා නැහැ.... ඇත්තටම මේ සංසිද්ධිය වෙන්න ආදරයක් අවශ්‍යද..?

සාමාන්‍යෙයන් පුරුෂ ලිංගයක් මොහොතකින් ප්‍රානවත් වෙන් පුලුවන්... ඒ වලේම ස්ත්‍රී යෝණියක් ඒ සඳහා සුදානම් වෙන්න පුලුවන්...... ඒ ඒ අවස්ථාවේ දී උද්දීපනය වන් හැඟීමත් එක්ක.. එතන ආදරයවත්......ගෞරවයවත් ඇතිවෙන්නේ නැහැ... එහෙම වෙනවා නම් අද අපේ රටේ මේ තරම් තාත්තලා නැති දරැවන් බිහිවෙන්නෙත් නැහැ....

එහෙම නම් කෝ ආදරය.....

ඇත්තටම කෝ ආදරය....... ඒක හොයන්න තමයි අමාරැ.... අපි බොහෝ විට මේ දෙක පටල ගන්නවා..... අවශ්‍යතාවය සහ ආදරය.... සාමාන්‍යෙයන් වයස අවුරුදු 16 ක් විතර වෙනකොට ඕනෑම වැඩුනු ගෑණු දරුවෙකුටත් පිරිමි දරුවෙකුටත් ලිංගික හැඟීම පහල වෙනවා... ඒ ඒ අය ජීවත් වෙන පරිසරය අනුව මේ තත්වය එහේ මෙහේ වෙන්න පුලුවන්....

මේකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය.. මේ සංසිද්ධිය බොහොම පරණයි...ආදම් සහ ඒව දක්වා අතීතයක් තියනවා.... අනිත් අතින් විජය කුවේණි දක්වා අතීතයක් තියනවා......ආදම් සහ ඒව සම්බන්ධතාවයේදී අපිට තහනම් ගහේ ගෙඩි කෑවා කියලා නොකියා කියන්නේ දෙන්නා ලිංගික වශයෙන් එකතු උනා තියන එකයි.. .එහෙමත් නැත්නම් සංසර්ගයේ යෙදුනා කියන එකයි....හැබැයි එතනදී කිසිම අවස්ථාවක කථා වෙන්නේ නැහැ ආදම් ඒ වා සමග පෙමින් වෙළුනා කියලා.. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද... ආකර්ෂණය.... විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය....

ඒ වගේම විජය කුවේණි කථා වෙදී... කුවේණියව දැක්ක ගමන් විජයට ආදරයක් ඇති උනාද.... සරළවම එහෙම ආදරයක් ඇත් වෙන්න පුලුවන්ද...?... කුවේණි ගැබිනියක් උනේ ආදරය හින්දා නෙමෙයි.. .ආකර්ශණය හින්දා.....

අනිත් අතින් ගත්තොත්...ඇයි මේ ජීවයේ පැවැත්මේ මුලිකම අංගය වන සංසර්ගය හැම තිස්සේම වහලා ගහන්න හදන්නේ....

බුද්ධ චරිතයේ ගත්තොත්.... අපි පොඩි කාලේ අහලා තියෙන්නේ සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යමහමායා දේවියගේ කුසයට ඇතුල් උනා කියලා... ඒත් සත්‍ය වශයෙන්ම සුද්ධොදන රජතුමා කියන්නේ මනුස්සයෙක් නම්.... මහමායා දේවිය කියන්නේ මනුස්ස දුවක් නම් සරළම සත්‍ය තමයි සුදු ඇත් පැටියෙක් කුසට ඇතුල් උනා කියන හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව... මේ වහලා කියන්නේ සුද්ධෝදණ රජතුමා මහමායා දේවිය එක්ක සංසර්ගයේ යෙදුනා කියන එක නෙමෙයිද...?

ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?

පොඩි කාලෙදී අපි මේ දෙවල් විශ්වාස කලාට කාලයත් එක්ක වැඩන කොට මේ වගේ දේවල් ගැන තර්ක කරන්න හිතෙනවා....

ඇත්තමට සංසර්ගයට ආදරය අවශ්‍යද..?...සංසර්ගය කියන්නේ මහා පාපයක්ද ?... ජීවීයේ පැවැත්මේ මුලිකම අංගය වෙන සංසර්ගය ඇයි අපි වහලා ගහන්නේ.... මේවා ප්‍රශ්න මට නම්...... මේ කියපු දේ ගැන ආගම්වාදීව නොහිතයි කියලා බලාපොරොත්තු වෙනවා......

සරළ වශයෙන්ම ගත්තොත් මේ තියෙන්නේ පහුගිය අවුරුදු හත තුල ලංකාවේ වෙච්ච ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව... මේ හැම එකකම ආදරය තිබුනද...? එහෙම නම් ඇයි මේවා ස්ත්‍රී දුෂණ වෙන්නේ....

2005 දී - 1540 
2006 දී - 1463
2007 දී - 1397
2008 දී - 1582
2009 දී - 1624
2010 දී - 1854
2011 මුල් මාස 3 තුල දී - 471

(මුලාශ්‍ර - ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය)

මේ සංඛ්‍යා ගැන අවධානය යොමු කලොත් අපිට බොහොම පැහැදිලියි දරු ගැබක් හටගන්න හෝ සංසර්ගයේ යෙදෙන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක... 

කථාවට නම් අපි තරම් ආගම අදහන... ආගමට ලැදි ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැහැ..... ඒත් අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් 1000 කට වැඩි ගනනක් දුෂණයට ලක්වීම් වාර්ථා වෙනවා...( වාර්ථා නොවෙන් සිද්ධින් කොපමනද ?) 

මෙවගේ තත්වයක් තුලත් අපි බොහොම අපුරුවට කාන්තා දින සමරනවා.....

කාට හිනා වෙන්නද මන්දා...?

හිතන්න.......

43 comments:

  1. සහතික ඇත්ත! මම නම් ඕවාට මූලිකම හේතුවක් විදිහට දකින්නේ ලංකාවේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති කම. පොඩිම පොඩි දැනුමක්වත් ගන්න අපිට ඉස්සර තිබ්බේ ඉස්කෝලේ සෞඛ්‍ය පොත් ඒකෙත් අදාල පාඩම අතෑරලා උගන්නන අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ තියෙන්නේ!

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.
    "සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යශෝසරාවගේ කුසයට ඇතුල් උනා" ඔය හීනේ දැක්කයි කියන්නේ යශෝධරාව නෙමෙයි මහාමායා දේවිය!

    ReplyDelete
    Replies
    1. පුසාගේ කථාවට මමත් එකඟයි....
      පොඩි කාලේ ඉඳලම අපිට ඇතිකන්නේ ලිංගිකත්වය කියන දේ මහා වැරැද්දක් විදියට....
      සාමාන්‍යෙයන් මිනිස්සු වැරදි දේ අතහදා බලන්න කැමැත්තක් දක්වනවා.....

      ඔන්න ඒක හැදුවා..... බොහොම ස්තූතියි...

      Delete
  2. සිරා කතාව
    ලයික් ලයික්....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ.....

      Delete
  3. මගේ ප්‍රශ්ණය වෙනස්... මම අහන්නේ...
    කසාඳ බැදල ඉන්න ජෝඩුවක් හිතින් මනසින් දුරස් වෙද්දි. ආදරය ටික ටික අඩු වෙද්දි. එයාලට පුලුවන් ද ආදරය නැතිය යාන්ත්‍රිකව එකතු වෙලා දරුවෙක් හදන්න.අනේ මන්දා. පිස්සු .

    එතකොට ලෝකෙ ආදරයක් ඇත්තෙම නැද්ද. ආකර්ශණය සහ සංසර්ගය විතරද තියෙන්නේ.

    එතකොට... ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න බැරි ද? (හරියට අර ජැපනීස් වයිෆ් ෆිල්ම් එකේ වගේ)

    මම නම් හිතන විදිහට මේ ලිපිය කියෙව්වම මට දැනෙන්නෙ සැබෑ ආදරය තියෙන්නේ පොත් වල සහ චිත්‍රපට වල විතරයි.

    ඇත්ත ලෝකේ ආදරය කියන්නේ පාට තවරපු සීනි බෝලයක්. ළමයි හදන්න. ජීවය ඉදිරියට ගෙනියන්න දාපු ඇමක්...

    දැන් දුන්නනම් මේවට උත්තර.

    ReplyDelete
    Replies
    1. //කසාඳ බැදල ඉන්න ජෝඩුවක් හිතින් මනසින් දුරස් වෙද්දි. ආදරය ටික ටික අඩු වෙද්දි. එයාලට පුලුවන් ද ආදරය නැතිය යාන්ත්‍රිකව එකතු වෙලා දරුවෙක් හදන්න//

      ලිංගිකව එකතුවෙන්න කිසිම බාධාවක් නෑ අනෙකාගේ ලිංගික ඇසුරට තවමත් තමන් කැමතියි නම්. හදන්න පුළුවන්, මොකද ගැබ් ගන්න ආදරය අවශ්‍යම නැති නිසා. ඒත් එහෙම සිද්ධවෙන්න තියන ඉඩ කඩ අඩුයි. මොකද දරුවෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නෙ අනාගතයක්. ලිංගිකව එකතුවීමේ එකම පරමාර්ථය දරුවෙක් හදන එකමයි කියල දැන් කියන්න බෑ.

      //ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න බැරි ද?//

      මට නම් මේ වෙනකල් එහෙම එකක් ඇතිවෙලා නෑ ලිංගික ආකර්ෂණයක් මිසක්. සාහිත්‍යෙන් පිට ප්‍රායෝගිකව උනා කියල පිළිගන්න කෙනෙක් ඉන්නවද ? මනංකල්පිත චරිතයක් හිතේ මවාගෙන ස්වයංවින්දනයේ යෙදන්නන් හැර ?

      //මම නම් හිතන විදිහට මේ ලිපිය කියෙව්වම මට දැනෙන්නෙ සැබෑ ආදරය තියෙන්නේ පොත් වල සහ චිත්‍රපට වල විතරයි//

      මොකක්ද ඔය කියන "සැබෑ ආදරය" ? ඡායාවක් මිසක් හැබෑවටම ස්පර්ෂ කරල තියනවද, ඇතැයි කියල විස්වාස කරන සිතුවිල්ලකට ලොබ බැඳීමක් ඇරෙන්න ?

      //ඇත්ත ලෝකේ ආදරය කියන්නේ පාට තවරපු සීනි බෝලයක්. ළමයි හදන්න. ජීවය ඉදිරියට ගෙනියන්න දාපු ඇමක්...//

      මේකට මගේ මතය මම ලියල ඇති.

      Delete
    2. @සොඳුරු සිත: පළවෙනි එකට නවම් අයිය උත්තර දීලනෙ

      2) ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න පුළුවන් මම හිතන්නෙ... මොකද නොදැක්කට අදහස් හුවමාරු කරන් තියෙන්න පුළුවන්නෙ... හැබැයි, අපි හිතමුකො ගැණු 10000 ක නියැදියක් අරන් කස්ටියට කිව්වොත් අහවල් ගමේ සිරිපාල කියල කෙනෙක් ඉන්නව කියල.(වෙන කිසිම ඩීටේල් එකක් දෙන්නෙ නෑ) එක්කෙනෙක්ට වත් ඒ සිරිපාල කියන මනුස්සයට ආදරේ කරයිද?.. ඕකම අනිත් පැත්තටත් ඔට්ටුයි

      3) ඕකට නම් උත්තරේ මගේ අන්තිම පෝස්ටුවෙ ඇති :) පුළුවන් නම් සැබෑ ආදරය කියන එක පැහැදිලි කරන්න :)

      Delete
  4. මටත් තියනවා වෙනම ප්‍රශ්න ටිකක්.

    පිරිමින්ට ඔය ආකර්ශනය විතරක් ඇති උනාට ගොඩාක් ගැහැනුන්ට එහෙම නෑ. ආදරේ බිංදුවක් හරි ඕනි. ඒකනේ ගෑනු ඔච්චර ආදරෙයි කියන පිරිමින්ට රැවටිලා ගැබ් ගන්නේ. ඒ ඇයි?

    අනෙක අහලා තියනවද ගෑනු පිරිමින්ව දූෂණය කරනවා. (සමහරවෙලාවට ඉතින් ඇතිද දන්නේ නෑ. පිස්සු ගෑනුත් ඇතිනේ ) ඒ කරලා ගෑනුන්ට ලමයි හම්බවෙනවා. ඒ ඇයි?

    අකැමති පිරිමියෙක් එක්ක එකතු වෙන්ට උනොත්, ගෑනු කවදාවත් ලමයි හදන එකක් නෑ. පිරිමිනුත් එහෙමද?


    දැන් දුන්නනම් මේවටත් උත්තර...:D:D:D

    ReplyDelete
    Replies
    1. //ඒකනේ ගෑනු ඔච්චර ආදරෙයි කියන පිරිමින්ට රැවටිලා ගැබ් ගන්නේ. ඒ ඇයි?//

      මොකක්ද ඔය කියන පිරිමි නොදන්න ගෑණු විතරක්ම දන්න "ආදරේ" ?


      //අනෙක අහලා තියනවද ගෑනු පිරිමින්ව දූෂණය කරනවා. (සමහරවෙලාවට ඉතින් ඇතිද දන්නේ නෑ. පිස්සු ගෑනුත් ඇතිනේ ) ඒ කරලා ගෑනුන්ට ලමයි හම්බවෙනවා. ඒ ඇයි?//

      ඔය වගේ දෙයකදි පිරිමියෙකුට බල කරන්න ඉඩක් ඉතුරු වෙන එකක් නෑ. ගැබ් නොගෙන ලිංගිකව එකතුවෙන්න ක්‍රම බොහෝමයි. ගැගැණියෙක් කැමතිවෙයිද පිරිමියෙක්ට බලහත්කාරකමක් කරල මාස නමයක් හැබක් දරාගෙන දුක් විඳින්න ?


      //අකැමති පිරිමියෙක් එක්ක එකතු වෙන්ට උනොත්, ගෑනු කවදාවත් ලමයි හදන එකක් නෑ. පිරිමිනුත් එහෙමද?//

      "අකමැති" කියන්නෙ මොන වගේ අකමැත්තකටද ? ලිංගිකව එකතුවෙන්න අකමැති? එහෙම නැත්නම් ලිංගිකව එකතුවීමට කැමති, නමුත් දීර්ඝ කාලීන ඇසුරකට අකමැති, ලිංගික ඇසුරකට කැමති නමුත් විවාහ කරගැනීමට අකමැති ????

      ගෑණියෙක් එක්ක එකතුවෙන හැම වෙලාවකම පිරිමියෙක්වත් ගෑණියෙක්වත් දරුවෙක් පතන්නෙ නෑ හැබෑවටම තමන්ට දරුවෙක්ගෙ අවශ්‍යතාවයක් නැත්නම්. ඒවගේම කිසිම පිරිමියෙක් තමන්ගෙ දරුවගෙ මව වෙන්න තමන් 100% අකමැති ගෑණියෙක් ‍තෝරාගන්නෙත් නෑ.


      ප්‍රශ්ණෙකට ප්‍රශ්ණෙකින් පිළිතුරු දෙන්න උනාට සමාවෙන්න. අහපු ප්‍රශ්ණෙ තේ‍ටුම කරගන්න එපැයි උත්තරයක් උනත් දෙන්න නේද ?

      Delete
    2. මට හිතෙන විදිහට මේ අවුල ගැහැණු කට්ටියයි පිරිමි කට්ටියයි ඔය "ආදරය" කියන වචනෙට දෙන අර්ථකතනය බොහෝ වෙලාවට සම්පූර්ණයෙන් වෙනස් නිසයි. (පුද්ගලයාගෙන් පුද්ගලයාටත් අර්ථකතනය වෙනස් උනාට සමස්ථයක් විදිහට ගැහැණු පිරිමි දෙකොට්ඨාශය ගත්තාම ඒක සෑහෙන්න වෙනස් කියලයි මට හිතෙන්නේ.)

      උදාහරණෙකට මම දෙන්නම් මම ඔය "ආදරය" කියන වචනයේ අර්ථකතනය මට දැනෙන විදිහට ලිව්ව පෝස්ට් එකක්. මේක මම ලිව්වේ වන් වන් සීරෝ බ්ලොග් එකට.(බස්සයියා තරහා වෙන එකක් නෑ ලින්ක් එකක් දැම්මට) මේකේ කමෙන්ට්ස් බලන්න. එක ගෑණුළමයෙක් කොල්ලෙක්ව දැක්කගමන් ඇතිවෙන හැඟීමට දුන්නු නමත් "ආදරය".

      http://onezerozerowords.blogspot.com/2011/07/blog-post_10.html

      Delete
    3. ගැබ් ගන්න ආදරයක් ඕනෙම නෑ අක්කේ කාන්තා ශරීරය ජාන හැදිලා තියෙන්නේ විරුද්ධ ලිංගික අවයව දැක්කම නොදැනුවත්ම ලිංගික කාර්යයට අවශ්‍ය හෝමෝන නිපදවෙන විදියට කියලයි මම අහලා තියෙන්නේ....තම වර්ගයා ඉදිරියට ගෙනියන්න ස්වාභාවධර්මයෙන් ලැබුණු දෙයක් ඒක... ලමයි හදන්න ආදරයක් ඕනෙම වෙන්නේ නෑ අවශ්‍ය වෙන්නේ උත්තේජනයක් විතරයි...ඒ උත්තේජනේ කාගේ හෝ කෙනෙක්ගේ ලිංගික ආශාවක් මත අනෙකාට ලැබෙන ස්පර්ෂයක් ඉඟියක් මේ ඕනේම දෙයක් විය හැකියි ඒත් එතනට ආදරේ අවශ්‍යම නෑ...

      මේ මගේ මතයක් පොකු අක්කේ

      Delete
    4. ලමෙක් නැති ගෑණු කෙනෙක් දේවාල ගානේ ගිහින් බැරිම තැන වෙන පිරිමියෙක්ගෙන් දරුවෙක් ලබන්න හිතුවොත් එතනත් ආදරේ තියනවද බිංදුවක් හරි??

      Delete
    5. @Praveena Palipana

      "පිරිමින්ට ඔය ආකර්ශනය විතරක් ඇති උනාට ගොඩාක් ගැහැනුන්ට එහෙම නෑ. ආදරේ බිංදුවක් හරි ඕනි."

      මේක ඉතින් ඔයාගේ නොදන්න කම, එහෙම නැත්තන් ඇත්ත පිළිගන්න තියන අකමැති කම. අහවල් වැඩේ කරගන්න විතරක් බලාගෙන ඉන්න ගෑණු කොච්චර ඉන්නවද පොඩ්ඩක් දන්න කියන අයගෙන් අහලා බලන්න. පත්තිනි අම්මල වගේ ඉන්න හැමෝම එහෙම නෑ. එක පාරට කොල්ලෝ දෙතුන් දෙනාගෙන් අහවල් වැඩේ කරගන්න කෙල්ලෝ/ඇන්ටිලා මගේ ජීවිතේ මේ අවුරුදු 24ට මම ඕන තරම් දැකලා තියනවා.

      ගෑණු අරමයි පිරිමි මෙහෙමයි කියල වෙන් කරන එක ඉතින් වෙන මුකුත් නෙමෙයි මෝඩ කමක්. මොකද ගෑණු පිරිමි බව අනුව නෙමෙයි ඒක තීරණය වෙන්නේ, ඒ ඒ පුද්ගලයාගේ සිතිවිලි සහ ස්වයං පාලනය මත.

      Delete
    6. මේ කතාවටනම් මාත් එකඟයි . ගැහැනුත් ඉන්නවා ආදරයක් නැතුව මේ සඳහා යොමුවන අය ඕන තරම් .

      Delete
    7. මමත් ඒ කතාවට එකගයි

      Delete
  5. "බුද්ධ චරිතයේ ගත්තොත්.... අපි පොඩි කාලේ අහලා තියෙන්නේ සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යශෝසරාවගේ කුසයට ඇතුල් උනා කියලා..."

    සුදු ඇත් පැටවෙක් නෙළුමක් අරගෙන කුස තුළට ඇතුළු වෙනවා සිහිනයනෙ දැක්කේ යශෝධරා දේවිය නෙමෙයි මහාමායා දේවිය. යශෝධරාව සිදුහත් කුමරුගේ බිසව නොවැ

    "යශෝධාරාවන් කියන්නේ මනුස්ස දුවක් නම් සරළම සත්‍ය තමයි සුදු ඇත් පැටියෙක් කුසට ඇතුල් උනා කියන හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව... මේ වහලා කියන්නේ සිදුහත් කුමාරයා යශෝධරාවන් එක්ක සංසර්ගයේ යෙදුනා කියන එක නෙමෙයිද...?"

    මෙතන සංසර්ගයේ යෙදුණේ සුද්ධෝදන සහ මහාමායා. ඒ වගේමයි මහාමායා දේවිය මේ ඇත් පැටවාගේ සිදුවීම සිහිනයෙන් දකින්නේ ගැබ් ගත්තාට පස්සේ.

    තවත් විදිහකට කිව්වොත් දේවිය ගැබ් ගත්තු බව තහවුරු වෙන්නේ වගේම උතුම් දරුවෙක් උපදින බව සංකේතවත් කරන්නේ මේ සිහිනයෙන්

    හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව ඇත්ත. සිදුහත් කතා පුවතේ සිහිනය පිළිබඳ කතාව දක්වන්නේ මම කලින් කිව්වා වගේ ගැබ් ගැනීම තහවුරු කරන්න විනා සංසර්ගයේ යෙදුණු එක හගවන්න නෙමේ.

    සංසර්ගයේ යෙදුණු හැම අවස්ථාවකම ගැබ් ගැනීමක් වෙන්නේ නැහැනේ. නියමිත කාලයේදී නියමිත පරිදි ශුක්‍රාණු සහ ඩිම්බ එකතු වීමත් ඒවා ගර්භාශයේ තැන්පත් වීමෙනුත්නේ ගැබ් ගැනීම සිදුවෙන්නේ

    ReplyDelete
    Replies
    1. සුදු ඇත් පැටවාගෙන් අදහස් වෙන්නෙ හොද ආත්මයක් කළලය තුළට ඇතුල් වීම වෙන්නත් බැරි නෑ නේද මල්ලි.

      Delete
  6. "ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?"

    මේ හැරෙන්නට සිලවතී බිසවගේ බඩ ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ පාදයේ ඇඟිල්ලකින් පිරිමැදීමෙන් කුස ඉපදෙනවා වගේම රාම කුමාරයා ඉපදෙන්නේ විශේෂ පූජාවකින් පස්සේ ගිනිමැලය තුළින් මතුවෙන පුද්ගලයෙක් දෙන ආහාරයක් අනුභ කිරීමෙන් :)

    ReplyDelete
    Replies
    1. එහෙම පෙන්වනවා ඇත්තේ...
      සමහර විට.
      1- ඒ පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා අති විශේෂ බව හුවා දැක්වීමට.(උපතින්ම විශේෂ බවක් )

      2-සංසර්ගයෙන් තොරව පිරිසිදු ලෙස උපන් බව පෙන්වීමට.

      Delete
    2. ඒත් සාමාන්‍ය මනුස්සයෙක් අප්ප නැතිව උපන්නොත් “අවජාතක“

      Delete
    3. @෴සොඳුරු සිත෴

      අක්කාගේ කතාවට එකඟයි. සාමාන්‍ය පුද්ගලයෙක්ට උරුම නොවුණු විශේෂත්වයක් ආරෝපණය කිරීම තමයි මේකේ අරමුණ. සීතා කුමරිය මහ පොළවෙන් ඉපදීම, පත්තිනි අම්මා අඹ ගෙඩියෙන් ඉපදීම වගේ සිදුවීම් එහෙමත් මේ ගණයටම දාන්න පුලුවන්

      Delete
    4. @සොඳරු සිත : සංසර්ගයෙන් තොරව පිරිසිදු ලෙස උපන් බව ?... ඒක නම් පිළිගන්න අමාරුයි.. නමුත් සංසර්ගයෙන් තොරව ඉපදීමක් නම් ඒක ඕපපාතික වෙන්න ඕන(හරියටම මතක නෑ)

      අංක එක වෙන්න පුළුවන්...

      Delete
  7. ඇයි මේ ජීවයේ පැවැත්මේ මුලිකම අංගය වන සංසර්ගය හැම තිස්සේම වහලා ගහන්න හදන්නේ....

    ඊට පස්සෙ අපේ ආගම් ඊනියා කාරයො හිතයි සංසර්ගය තමයි දේව කැමැත්ත ඉශ්ඨකරන්නෙ, දේව ජනතාව වැඩි කරන්නෙ කියලා අහුවෙන අහුවෙන කෙල්ලට කෙල කෙල යයි!

    හික්ස්

    ReplyDelete
  8. @හසිත : /* හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව ඇත්ත. සිදුහත් කතා පුවතේ සිහිනය පිළිබඳ කතාව දක්වන්නේ මම කලින් කිව්වා වගේ ගැබ් ගැනීම තහවුරු කරන්න විනා සංසර්ගයේ යෙදුණු එක හගවන්න නෙමේ. */
    ++++++++++++++++

    @බස්සා: සංසර්ගය කලින් වෙන්න ඇති... බුද්ධ දර්ශනයෙ හැටියට පිළිසිඳගැනීම කියන්නෙ ගන්ධබ්බයෙක් කලලයට ඇතුල් වීම මිසක් කලලය ඇති වීම නෙමෙයි... හීනයෙන් අර්ථ දක්වල තියෙන්නෙ පිළිසිඳ ගැනීම... ස්වාමිය සහ බිරිඳ අතට සංසර්ගයක් සිද්ධ වෙනව කියන එක ඇඟිල්ලෙන් ඇනල කියන්න දෙයක් නෙමෙයිනෙ බන්... සුද්දෝධන රහත් වෙලා හිටිය කියලද, නෑනෙ :)

    උපතක් ඇතිවෙන්න ආදරයක් ඕන කියල නෑ බන්... ඔය ආදරේ කියන එක අපි පටලවගන්නෙ තමන් කරන ‍දේට උත්තරීතර පෙනුමක් දෙන්න... ඒක නිකං ටෙපිය හදල කොලේකින් ඔතල කඩේට එවනව වගේ එකක්... :)

    පිරිමින්ට ඕන නැති වුනත් ගෑනුන්ට ඔය වැඩේට ආදරේ ඕන කියනව නම් ඒ මේ ලෝකෙ පිරිමි එකෙක්වත් නොදන්න ආදර වර්ගයක් වෙන්න ඕන...

    ReplyDelete
    Replies
    1. @සාතන් :"ස්වාමිය සහ බිරිඳ අතට සංසර්ගයක් සිද්ධ වෙනව කියන එක ඇඟිල්ලෙන් ඇනල කියන්න දෙයක් නෙමෙයිනෙ බන්... සුද්දෝධන රහත් වෙලා හිටිය කියලද, නෑනෙ :)"

      මේ කතාවට තවත් පොඩි දෙයක් එකතු කරන්නම්. සංසර්ගයේ නොයෙදෙන්න එහෙමත් නැත්නම් කාමාශාව නැතිවෙන්න රහත් වෙන්නම අවශ්‍ය නැහැ.

      රහත්බවට පත්වීමේදී ප්‍රහීණ වන දස සංයෝජනයන්ගෙන් කාමරාග හා පටිඝ සම්පූර්ණයෙන් ප්‍රහීණ වන අනාගාමී තත්වයේදී කම්සැප විඳීමේ ආශාව පහව යන බවයි පැවසෙන්නේ.

      ධම්මදින්නා තෙරණියගේ පැවිදිවීමටත් හේතුව ස්වාමියා අනාගාමී වීමෙන් ඇතිවුණු විපර්යාසය......

      Delete
    2. @හසිත: රහත් වෙලා නෑ කියන එක මම කිව්වෙ සාමාන්‍ය කටවහරට බන්... රහත් වෙන එක අත්‍යවශ්‍ය නෑ තමා :)

      Delete
    3. @සාතන්: මටත් හිතුණා. ඒත් කෝකටත් කියලා ඒකත් කියලා දැම්මා බහුජන හිතාය, බහුජන සුඛාය කියලා :))

      Delete
  9. හැම කොමෙන්ට් එකක්ම කියෙව්වා මට කියන්න හිතුනු හැමදේම වගේ මෙතැන ලියැවිලා තියෙනවා....අයියාගේ මතයට උඩින්ම එකඟයි දරුවෙක් ලබන්න ආදරයක් ඕනේ වෙන්නේ නෑ තමා...

    ඕං තව දෙයක් මතක් වුනා....ගොඩාක් කාන්තාවන් තමාගේ ස්වාමි පුරුෂයාගෙන් දරුවෙක් බලාපොරොත්තු වුනත් දරුවෙක් ලැබුනේ නෑ කියමුකෝ...සමහර විට වෙන පුරුෂයෙක්ගෙන් දරුවෙක් ලබාගන්න සමහර ගෑණු කෙනෙක් පෙළඹෙන්න පුළුවන්නේ....එතකොට ඒ දේ වෙන්නේ ආදරයක් මතද??නෑනේ නේද එතැන ඒ දේ වෙන්නේ ඒ ගෑණු කෙනාගේ අවශ්‍යතාවය මතනේ

    ReplyDelete
  10. දැන් නම් ආදරයක් කොහෙවත් නැහැ වගේ.. බුකියේ දැක් හැටියේ දෙන්න සෙට් වෙනාව..

    ආදම් ඒව ‍එහෙම මුහුනට මුහුන මුණගැසිලා ඕව කලේ දැන් එකාල කරන්නේ බුකියෙ දැකලා.. අන්න ආදරේ.. හිකිස්..

    පට්ට පෝස්ටුව..

    ReplyDelete
  11. අපොයි ඕවා කතා කරන්ඩ තහනං ළමයි.ඇත්තටම ආදරේ කියන්නේ වචනයක්.ඒකට එක එක කට්ටිය තම තමන්ට කැමති අර්ථකතන දෙනවා.එහෙම තමන්ට දැනෙන මොකක් හරි හැඟීමකට ආදරේ කියන ලේබල් එක ගහගෙන ඔන්න පටංගන්නවා ආදරේ කරන්න.කාට කියන්නද මේවා.

    විද්‍යාත්මකව ළමයි හදන්න ආදරේ බින්දුවක්වත් ඕනෙ නෑ.ආදරේ නැතුව ටියුබ් ඇතුලෙ සංසේචනය කරලා කවුරු හරි ගෑනු කෙනෙක්ගෙ බඩ ඇතුලෙ හදපු ලම්යි ඕනෙ තරං දැං ඉන්නෙ.

    ලංකාවේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නනං මේ අපේ මුග්ධ සංස්කෘතිය සෑහෙන්න බලපානවා.කොල්ලෙක්ගේ ලිංගික පරිණතිය සාමාන්‍යයෙන් අවුරුදු 14 විතර වෙනකොට පටන් ගන්නවා.ඒත් ඌ ඉගෙනගෙන ජොබක් එහම ගොඩ දාගෙන උගෙම කියලා ස්ත්‍රී ප්‍රාණයක් හොයාගෙන සංසර්ගයේ යෙදෙනවානං ඌට අඩුම තරමේ අවුරුදු දහයක් හැඟීම් තද කරගෙන ඉන්න වෙනවා.මේ කිව්වෙ අවුරුදු 24න් බැන්දොත්.ඒත් එහෙම බැඳපු එකෙක් හොයාගන්න කොච්චර අමාරුද?ගොඩක් උන් බඳින්නෙ 30 කිට්ටු වෙලා.

    මොකෝ මෙච්චර කල් හැඟීම් තද කරන් ඉන්න එක ලේසි වැඩක්ද?සිදුහත් නං බැන්දා 16න්.අනික පොඩි හරි ඉස්පාසුවකට කියලා තියෙන වැල සයිට් ටිකත් තහනං කළාම කොයි වෙලේ හරි වේල්ල පුපුරලා යනවනේ.

    ReplyDelete
    Replies
    1. දිනුකගේ කතාවට සහමුලින්ම එකඟයි. සන්ස්කෘතියයි අරවයි මේවයි කියලා දේවල් මවල මානසික අසහනකාරයෝ බිහි කරන එකේ අන්තිම ප්‍රථිඵලයත් ඔය වගේ සිදුවීම් තමයි.

      Delete
  12. ආදරේ ආදරේ කිව්වට මේක මොකක්‌ද මන්දා..මම කියන්නම් මම දැකපු අත්දැකීමක්‌..මම දවසක්‌ බෙහෙත් ගන්න ඉස්‌පිරිතාලෙකට ගියා.(ඉස්‌පිරිතාලෙ ප්‍රයිවට්‌ එකක්‌)
    මම ඩොක්‌ටර් ගාව ඉද්දි එක ගෑණු කෙනෙක්‌ ආවා රිපෝර්ට්‌ එකක්‌ පෙන්වලා විස්‌තර දැන ගන්න කියලා..
    ඒ ගෑණු කෙනා අඩනවා අනේ ඩොක්‌ටොර් මට ආයෙනම් ළමයෙක්‌ හදන්න බැහැ කියලා.මම හිතන්නෙ මේ කෙනා දොස්‌තරව අඳුරන කෙනෙක්‌.දොස්‌තර ඇහුවා මහත්තයා කෝ කියලා.එයා එලියෙ ඉන්නවා ඩොක්‌ටර්..
    එතකොට ඔයාලා අකමැත්තෙන්ද එකට හිටියෙ?එහෙමනම් බය වෙන්න දෙයක්‌ නැහැ.කොහොමත් අකමැත්තෙන් එහෙම බබාලා හිටින්නේ නැහැ.කෝ බලමු රිපෝර්ට්‌ එක.
    ඒත් ඒකෙ එයා ගැබ්නියක්‌...
    මට හිනහත් ගියා.දොස්‌තරට උන වැඩේට.මටත් අහන්න හිතුනා එහෙනම් දූශන වලින් ගැබ් ගන්නේ කොහොමද කියලා..අනේ මන්දා.ඒ කිඋව දේ මම අදටත් හිතනවා..මේ පෝස්‌ට්‌ එකට දාන කොමෙන්ටු වලින්වත් උත්තරයක්‌ ගන්න උත්සාහ කරනවා.ඒත් ඔයාලා දාන ඒවා එකකට එකක්‌ වෙනස්‌නේ.

    ReplyDelete
  13. ලස්සන පිංතූරේ ගලවනවද...අන්දනවද....

    ReplyDelete
  14. ඇත්ත කතාව නම් රාගයෙන් තොට ආදරයක් නෑ! රාගය නැති තැන ආදරයකුත් නෑ! රාගය නැතුව ආදරයක් තියනවා නම් ඇයි පිරිමි පිරිමි,ගැහැනු ගැහැනු ප්‍රේම කරන්නේ නැත්තේ!කසාද බඳින්නේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. හේ පිරිමි පිරිමිත්, ගැහැනු ගැහැනුත් දැන් ආදරේ කරනවා. කසාදත් බඳිනවා. :D:D:D

      Delete
    2. ඒක විකෘති මානසික තත්වයක් විතරයි අක්කේ මොනා කලත් සමලිංගික විවාහ ලංකාවේ බෑ...

      Delete
  15. ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?
    එකග නැහැ. මම කතෝලිකයෙක්.. මම තරක කරන්නේ නැහැ. මොකද ආගම් ගැන තර්ක කරලා වැඩක් නැති නිසා. එකග නොවන බව කියන්නම්.

    ඒ වගේමයි ආදරය ඕනා නැහැ බඩට දරුවෙක් එන්න. එකට එකගයි..

    ReplyDelete
    Replies
    1. well said no need of religions hea..
      one thing is rele needed hea, our people have to study abt sexuality(include into school education). if they hv sum peace of knowledge abt sexuality or basic biology i don't think u even need to ask a question like this, what ever u explained here should be clear by the time anyone become 16 years old..
      in our country most of people still live with tipical ideas scared to talk about sex in public, If they do hv a proper education on these topics i hope there want be much of raping n stupidity.. :( :(

      Delete
  16. ආදරය වනාහි වචනයක් පමණි.කිව්වත් වගේ ආකර්ෂණය,ආශාව,විශ්වාසය වගේ කරුණු නිසා ඇතිවන හැඟීම් සමුහයකට අපි ආදරය කියල නමක් දාගෙන ඉන්නේ.

    ආගම් ගැන කතා කෙරුණු දේවල් ගැන කිව්වොත් නම්...අපි දන්නවා ඇත්තටම ළමයෙක් ඉපදෙන්න නම් පිරිමියෙක් හා ගැහැනියක් එකතු වෙන්න ඕන කියල.නමුත් අපි ජිවත් වෙන සමාජය,සංස්කෘතිය ඇතුලේ අපි ඒ කලින් කියපු අතිශෝක්ති වර්නන කිරීම් බැහැර කරන්න ගියොත් අපිට තව ගොඩක් දේවල් බොරු කියල අයින් කරන්න සිද්ද වෙනවා.

    ReplyDelete
  17. situwili wenas u da me lokaya tawat sundara wei,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  18. huththo jesus wahansege kathawa ain karaganin. danna huththak kiyawapan, aneka huththo adam saha ewa thahanam gahe gedi kewa kiyanne, ubalage allapu gedera uncle ube ammata hikuwa wage kathawak neme moda meeharako.
    buddath thahanam gahe gedi kewa. borunam boo gahak aran balapan.

    ReplyDelete