Friday, June 1, 2012

කුවේණිගේ...... අහවල් එක.......



“නිරුවත“ යනු ඕනෑම දෙයක් අලෙවි කරණයෙහිලා යොදාගත හැකි හොඳම මාධ්‍යයයි.. වාණජකරණය වෙන සමාජයක් අලෙවිකරණය කරන හොඳ වෙළඳ භාණ්කය බවට පත්වන්නේ නිරුවතයි..... එහි සීමාවන් නොමැත... නිරුවතට ජාතියක්... ආගමක්....දේශයක් නොමැත....අලවි කල හැකි සියළු කාර්යයන් හිදී බොහෝ විට අලෙවි සංකල්පය ලෙස භාවිතා වන්නේ නිරුවතයි..... ලංකාවේද එය අළුත් සංකල්පයක් නොවේ....

චිත්‍රපට කර්මාන්තය ආරම්භයේ සිටම එක එක ආකාරයට හෙළුව ප්‍රදර්ශණය කිරීම තුලින් තමන්ගේ මාකට් එක හදාගන්නට වෙළෙන්ඳන් පුරුදු වෙලා හිටියා.. ඒක අදත් එදත් අපිට දකින්න පුලුවන් දෙයක්.... වෙනස් තියෙන්නේ එදා දැක්ක නිරුවතයි අද දකින නිරැවතෙහි සීමාවන් පුළුල් වීම පමනයි....

මේ දිනවල වෙබ් අඩවි වල මහා ඉහලින් අලෙවි වන මාතෘකාව වෙලා තියෙන්නේ “කුවේණියේ රෝස පාට ජංගිය“..... ලොකේ පුරා ක්‍රියාත්මක වෙන.... ක්ලික් එකකින් සල්ලි හම්බකරන වෙබ් අඩිවි හැම එකක්ම පාහේ සීග්‍රයෙන් අලෙවි වෙන විකිනෙන මාතෘකාව වෙලා තියෙන්නේ කුවේණිගේ රෝස පාට ජංගිය.....

එයින් ප්‍රෙයෝජනය ගන්නේ වෙබ් අඩවිකාරයෝ විතරක් නෙමෙයි..... ඔය කියන චිත්‍රපටියේ නිෂ්පාදක වරයාටත් මේක පුර්ව ප්‍රචාරක දැනවීමක්... මේ සිද්ධිය තුල ඔහු ඉන්නවා දැයි පැහැදිලිව කිව හැකි නමුත්... මේ චිත්‍රපිටය බලන්න සෙනග පෝලිමේ එන්න මේ පුර්ව ප්‍රචාරය බලපානවා..... 

ඒ වගේම තමයි මේ කුවේණියට රඟපාන නිළියගේ මෙතක් තිරගත නොවුනු අනෙක් චිත්‍රපටිය... “සංගිලි“.... පුර්ව ප්‍රචාරක දැන්වීම වලින් මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සන..... සංගිලි ගල් දෙක එළියේ දාගෙන.... තට්ටම් නටව නටව ඉන්න කොටස් පුර්ව ප්‍රචාරක දැන්වීම් වල පල කරමින් ප්‍රචාරය ලබාදෙන මේ චිත්‍රපටිය බලන්න කොල්ලෝ කුරුට්ටෝ විතරක නෙමෙයි වයසක සීයලා පවා මග බලාගෙන ඉන්නවා කියන එක ප්‍රසිද්දධ රහසක්...

මේක අපේ රටේ විතරක් නෙමෙයි ලොකේ බොහෝ රටවල් වල විවිධ ආකාරයේ නිෂ්පාදකයින් තමන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා භාවිතා කරන්නේ නිරැවත.... මට මතකයි මීට වසර කීපයකට කලින් ලංකාවේ එක්තරා කේෂාලේපනයක් සඳහා වෙළඳ දැන්වීමක් නිෂ්පාදනය කලා.... ඒ වෙළඳ දැන්වීම අවසන් වෙනතාක් හිතාගන්න බැහැ ඒ දැන්වීම ප්‍රචාරය කරන්නේ කුමත් වෙනුවෙන්ද කියලා... ඒ තරමටම ඒ දැන්වීමේ පෙන්නනේ රඟපාන නිළියගේ කකුල් දෙක... ඒ කාලේ අපි ඇස් දෙකින් විදින... දකුනතින් සැනසෙන තරැණයෝ..... ගෙදර මොන මුල්ලේ හිටියත් මේ දැන්වීමේ සද්දේ ඇහෙනකොට ඇවිත් නතර වෙන්නේ රූපවාහිනිය ඉස්සරහා.... කේෂ කලාපය කෙසේ වෙතත් කෙල්ලගේ සුදු ගල් දෙක බලාගන්න......
මේක දැකලා කී දෙනක් ඒ කේෂාලේපනය මිලදී ගත්තද දන්නේ නැහැ... කෙසේ වෙතත් ඒක ඇස් ඇදගන්න වෙළඳ දැනවීමක්.....

අනෙත් කාරනේ තමයි කෘමි නාශක.... මීට කලෙකට කලින් වෙළඳ දැනවීමක් තිබුනා.... රෙද්ද ඇදලා වල් ඉහිනවා.... හැබැයි ගල් එලියේ... සම්පුර්නෙන්ම නෙමෙයි... පේන නොපෙනෙන ගානට..... අපි ඒකාලේ හිතෙන් බනිනවා...... එක්කෝ හිතෙන් කියනවා... තව පොඩ්ඩක් නැමියන්... එහෙම නැත්නම් තව ටිකක් හයියෙන් හුලං වරෙන් කියලා..... ඒ කාලේ අපිට මේ වල් නාශකයේ නම මතක හිටින්නේ ඒ බෝතලේ ගැන මතක් වෙලා නෙමෙයි... අක්කගේ ගල මතක් වෙලා.....

මේක අපේ රටේ විතරක් තියන රැල්ලක් නෙමෙයි.... අන්තර්ජාලයේ කොයි මුල්ලක ගත්තත් වැඩියෙන්ම අලෙවි වෙන සාධකය තමයි නිරුවත.. විශේෂයෙන්ම ගෑණු නිරුවත..... මීට කලින් පොස්ට් එකකත් මම කිව්ව විදියට මේ ලොකේ දි අපි කොයිතරම් දැක්කත්... විඳලා තිබුනත් අපි දකින හැම මොහොතකම බලන දේවල් තුනක් තියනවා...

1. ගුවන් යානා.... අපි කොයිතරම් ගුවන් යානා දැකලා තිබුනත්.. ඒවායේ ගිහින් තිබුනත් ගුවන් යානයක ශබ්දයක් දැනුනු වහාම අපි කරන්නේ අහස දිහා බලන එක...
2. නැව්..... අපි කොයිතරම් නැව් දැකලා තිබුනත් මුහුද ලඟින් යන හැම අවස්ථාවකම නැවක් දැක්කොත් අපි   ඒ දිහා විමසිල්ලෙන් බලනවා...(හැබැයි ඉස්සර අපි ඉස්කෝලේ ඇරිලා එනකොට ගොල් ෆේස් පිට්ටනිය පහුකරන කොට මමනම් බලන්නේ මුහුද දිහා නෙමෙයි..... මම හරි ආසයි පිට්ටනියේ අයිනට වෙන්න තියන කුඩ ගාන ගනන් කරන්න)
3. නිරුවත.... මේක ගෑණු පිරිමි කියලා භේදයක් නැති ව හැම කෙනාම දකින්න කැමති දෙයක්..... කොයි තරම් දැක්කත් එපා වෙන්නේ නැති දෙයක්.....

සරළව හිතන්න.... වෙළඳ දැන්වීමක්..... පුර්ව ප්‍රචාරණ පටයක්.... ක්‍රිකට් තරඟයක්....... වගේ මෙකී නොකී බොහෝ තැන්වල අද අලෙවි වෙන්නේ නිරුවත..... මම මෑතකදී දැක්කා තේනුවරයන් බොහොම අපුරු ළමා චිත්‍ර සටහනක් මුනු පොතේ බෙදා ගෙන තිබුනා.... ක්‍රිකට් තරඟ පිටියක් කුඩා දරැවෙක් දැක්ක ආකාරය... ඒකේ එක් කොනක තිබුනේ කට්ටිය තරඟේ නරඹනවා... මැද කණ්ඩායම් දෙක තරඟ කරනවා... අනෙක් කොන් තුනේම “අක්කලා නටනවා“ කියලා තමයි ඒ කුඩා දරුවා දැකපු ක්‍රිකට් තරඟේ රූප සටහන තිබුනේ...

ඒ විතරක් නෙමෙයි අද මංගල ඡායාරෑපකරණය ගන්න.....බොහෝ විට ඒවා “පුර්ව සංසර්ග“  පිංතූර විදියට තමයි එළි දකින්නේ.... විවිධ ශිල්පින් තමන්ගේ මාක්ට එක හදාගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා... එයින් එකක් තමයි මනාල යුවලට කාමරේ ඇත්ලෙදී කරන්න හිතෙන දේවල් පිංතූරයට නගන එක.... කොයි වෙලාවේ සුරේ වතුරේ දාගන්නද කියලා හිතලෙන ඉන්න මනමාලයත් මනමාලිත් අර පොටෝ කාරයගේ මාකටින් උගුලට අහු වෙනවා...... 

තවත් දෙයක් තමයි පංකාවේ රියලිටි වැඩසටහන්..... තමන්ගේ රේටින් එක වැඩිකරගන්න ඔවුන් කරන්නේ තමන්ගේ වැඩසටහන් වලට සහභාගීවෙන තරුණියන්ගේ ඇඳුම ගලවන එක.... මේක තේරුම් නොගත්ත අපේ අම්මලා තාත්තලා.... තමන්ගේ දුවගේ රෙද්ද ඉනට අඟල් කීපයක් උඩින් උස්සලා... ලස්සනට අන්ඳලා තරඟෙට යවනවා..... දැන් දැන් රෑප රාජිනියන්ගේ තරඟවල වැඩි කාලයක් දෙන්නේ බිකිනි විලාසිතාවන්ට......... පොරව පාර මැද්දට යට අඳුමක් අන්දලා.. විලි වැහෙන්න තුනී රෙද්දක් එල්ලා..... හතර අතට වන වන යන අපේ ගෑණුළමයි දැක්කාම නාළිකාවේ රේටින් ඉහල ගිහින් පීක් එකේදී බෙල්ට් එකේ තප්පරේක වටිනාකම ඉහල යන බව කට ඇරගෙන... අනේ අපේ දුවගේ ලස්සන කියලා මේවා දිහා බලාගෙන ඉන්න අම්මලා තාත්තලා නිකමටවත් හිතනවද....?

වෙන මොනව ද  අපිට විකුණන්න පුලුවන්..... හැම දේම විකිනෙන ලොකේ ඔය ......................... විකිනෙණ එක මොන ........................... ක් ද......?

28 comments:

  1. සහතික ඇත්ත
    ඒ උනාට මට තාම හිතා ගන්න බැරි නිලියෝ බඩු වෙනවද ?බඩු නිලියෝ වෙනවද? කියලා තමා

    ReplyDelete
  2. සුපර් සික්ස් වල ලෝකල් ගාත ටික මාකට් වෙච්ච ගමන් මෙන්න ආව කුවේනිගෙ ජංගිය...

    සුපර් සික්ස් පැත්තක තියල දන් කොල්ලො තැන දෙන්න ඉතිහාසෙට... වැඩිපුර කැමැත්ත අස්සෙන් අස්සෙන් පේන ඒවටලුනෙ..

    ReplyDelete
  3. සිරා පෝස්ටුව..

    දැන් ෆිල්ම් ගහන එක අමාරු නැහැ. පරන ජාතක කතාවක් හරි ගහනවා, ඒ කාලෙ එවුන්ට හෙලු බැලි ඇදුම් අන්දලා. ඒවායේ රගපානවා පිටරට නිලියෝ. කඩේ යන ජැක්සා උඩ බලාගෙන කියවනවා. අපේ එවුන් රිංගලා උඩදාගෙන බලනවා. එච්චරයි. ගන්න දෙයක් තියෙන්නේ හෙලුව විතරද මන්දා

    ජය !

    ReplyDelete
  4. මොනවා උනත් ශ්‍රී ලංකාවේ පළමු ජංගිය රිදී තිරේට ගෙනාපු එකටනං පින් සිද්ධ වෙන්න ඕනේ! :)

    ReplyDelete
    Replies
    1. eka sahathika aththa kathaawa... :D

      Delete
    2. ඔයිට කලින් ජංගි ෆ්ලෑශ් වෙන අවස්ථා තියනවා එකක් මත්කයි සුරපුරට කන්යාවියක් දිල්හානිගේ සුදු ජන්ගිය. දෑසනිස ප්‍රීති රන්දෙනියගේ ජංගි දරේ,

      Delete
  5. ඔන්න දැකපු නැති අයට බලා ගන්න.

    කුවේණිගේ ජංගිය - http://goo.gl/au3cv

    ReplyDelete
  6. මෙව්ව නොබලා ඉන්න එක ඇඟටයි සාක්කුවටයි දෙකටම හොඳා.... ඕවාගේ හොඳ නරක අඳුරගන්නනේ trailer එකක් දාලා තියෙන්නේ...

    ReplyDelete
  7. ජංගියට ස්තූතියි! ලිපිකරුවාගේ කතාව සම්පූර්ණ ඇත්ත!

    ReplyDelete
  8. මාත් ඔය වීඩියෝ එක දැක්කා. මොනා කරන්නද. ඔක්කොම වාණිජකරණය වෙලා හැමදේම විකුණන්නයි උත්සහ කරන්නේ.

    ReplyDelete
  9. මේ ගැන කියවපු හොඳම ආටිකල් එකක් - http://conversionxl.com/how-and-when-to-use-sex-to-sell-more/

    ReplyDelete
  10. ඔහොම යනකොට බනක් පිරිතක් වගෙ දෙයක් උනත් නිරුවත එලියට දාලා මාකට් කරන්න බැරි නෑ

    ReplyDelete
  11. නිරුවත් රූපයකට වඩා අඩ නිරුවතක අමුතු සුන්දරත්වයක් නම් තියෙනවා.. නමුත් ඒක ගැන අපි කතා කලොත් ඒ වලකමට... ඔය පොත් දහයක් පහලවක් ලිව්ව කෙනෙක් කතාකලොත් " අසම්භාව්යත්වය...

    ලෝකය ඉල්ලන්නේ නිරුවත නම් ඒක මාකට් කිරීමෙත් වැරැද්දක් මමනම් දකින්නේ නෑ...

    ReplyDelete
  12. අපෙන් පස්සෙ ඊලඟට එන පරම්පරාවට දෙයියන්ගෙ පිහිටයි..!

    ReplyDelete
  13. පෙන්නන උන් පෙන්නන්ඩ කැමතිනං, බලන උන් බලන්ඩ කැමතිනං, බලන්ඩ අකමැති උන්ට බලෙං පෙන්නන්නෙත් නැත්තං අපිට මොකෝ.

    ReplyDelete
  14. වෙනස්ම ආාරෙකට ලියඋන මෙය නියමයි !!!

    ReplyDelete
  15. සිරා කතාව.. මාත් ඔය කියපු රෝස පාර කේස් එක දැක්ක බුකියේ.. පහසුවෙන්ම අලෙවි වෙන ඉක්මනින්ම කෙනෙක් වැලදගන්න මාධ්‍ය.. :)

    ReplyDelete
  16. //මංගල ඡායාරෑපකරණය ගන්න.....බොහෝ විට ඒවා “පුර්ව සංසර්ග“ //තවත් බ්ලොග් එකක මේ වගේ අදහසක් දැක්කා... පංකාදු අදහස්ටික

    ReplyDelete
  17. කවුරු මොනවා කිව්වත් නිරුවත කියන එක සිනමාවේදී යොදාගැනීම වරදක් නෙවෙයි. නමුත් එය යොදාගන්නා ආකාරයේ වරදක්නම් අපිට දකින්න පුළුවන්.මා දන්නා තරමින් නිරුවත වඩාත්ම උචිත අයුරින් භාවිතා වෙන්නේ ප්‍රංශ සිනමාවේ.ලංකාවේ ඉඳලා ප්‍රංශයට කොච්චර දුරද නේද.කපන මණ්ඩලේත් කුවෙනිගේ ජංගිය කැපුවේ නැත්තේ හඳපාන පෙනෙයි කියල වෙන්ඩැති.හැබැයි මේ යන විදියට රට ජාතිය මාර්කට් කරලා අන්තිමේදී "යසෝදරා" කියල එකකුත් එන්ඩ බැරි නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. //මා දන්නා තරමින් නිරුවත වඩාත්ම උචිත අයුරින් භාවිතා වෙන්නේ ප්‍රංශ සිනමාවේ//

      අනිවා !! ප්‍රංශ සිනමාව කියන්නෙ යථාර්ථවාදී සිනමා කර්මාන්තයක් , වෙලඳ පොලට වඩා නිර්මාණාත්මක ගුණය ගැන හිතලයි නිර්මාණ කරන තැනක් , හොලිවුඩ් සිනමාවෙත් බොහොම සුන්දර භාවිතාවන් ඕනි තරම් !

      බොලිවුඩ් වල අඩ නිරුවතත් එක්ක ලස්සන දේවල් කරන්න හදපු උත්සාහයන් දෙක තුනක් මම දැකලා තියෙයි හැබැයි එතනින් එහාට යන එක නම් තව වසර කිහිපයක් යන කන් අසීරු වෙන්න පුලුවන්

      ලංකාවේ කලාත්මක සිනමා නිර්මාණ වල නිරුවත 'සුන්දරත්වයක්' විදිහට භාවිතා වුනු අවස්ථාවක් මම දැකල නැහැ ,

      බහුතරයක් ආවේ මස්කඩ , වාණිජ සිනමාවේ අධ්‍යක්ෂක වරුන්ට නම් ඉතින් 'ගල්' තමා :)

      Delete
  18. නිරුවත කියන්නේ මාකට් කිරීමක් විතරක් නෙවෙයි කලාවේ උපතේ ඉඳන්ම එන දෙයක් , ශෘංගාරාත්මක රසය දෙන කලා නිර්මාණ බිහි වුනේ කලාව මාකට් කරන වර්ථමානයේ විතරක් නෙවෙයි බොහොම ඈත අතීතයේ ඉඳන් , එහෙම නිර්මාණ බටහිර ශිෂ්ඨාචාර වල විතරක් නෙවෙයි ලංකාවෙත් , ඉන්දියාවෙත් දකින්න තියනවා

    ඔය ජංගි කතන්දරේ ගත්තොත් එතන නම් තියෙන්නෙ අවර ගණයේ වෙලඳ උපක්‍රමයක් බව තමයි පේන්න තියෙන්නේ , ශෘංගාරය මුසු වුනු කලාත්ම රසයක් වෙනුවට කුතුහලයක් මිශ්‍ර වෙච්ච , අඩ නිරුවතත් සිනමාවට මැජික් එකක් වුනු සමාජයක පුරුෂ පාර්ශවේට කවන්න හදපු මාකටින් ගුලියක් . මොකද චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් , කැමරා ශිලිපියෙකුට විතරක් නෙවෙයි සාමාන්‍ය දැනීම තියන ඕනිම පොඩි එකෙකුට තේරෙන්න ඕනි රෙද්දක් ඇඳ ගත්ත ගැනියෙක් උඩකින් පනිත්දි යටින් කැමරාව ඇල්ලුවාම වෙනදේ ,පනින ඉරියව්වෙන් නම් මට හිතෙන්නෙ නිලියත් හිතා මතාම අදාල අවශ්‍යතාව අනුව පනිනවාය කියල . ඒ ඔක්කොමත් හරි ශොට් එක ගත්තට පස්සෙ උනත් ඕනි කමක් තිබුනා නම් ඕක ඉවත් කරන්න තිබුනා

    ReplyDelete
  19. ඔක්කොම මාර්කටින් තමයි ඉතින්..

    ReplyDelete
  20. //සංගිලි ගල් දෙක එළියේ දාගෙන.... තට්ටම් නටව නටව ඉන්න කොටස්//

    මෙහෙම ලිව්වම ඒකත් බලන්න හිතෙන එක ආයෙ අහන්නත් දෙයක්ද හෙහ් හෙහ්.. අදම යන්න ඕනෙ.

    මාකටින් නේන්නං හැම තැනම. බොරුනම් බලන්නකො මේ පෝස්ට් එකේ ටොපික් එකම. [දොසක් කිව්ව කියල වැරදිලා සෝලි ගන්නව නෙමයි ඕං] :)

    ReplyDelete
  21. Dan mewage film promote karanna danne pradana pujya pakshaye nama giya ayaneda..film eke jangiya balala news wala me film eka tharan wisista deyal lankawe wena na kiwa neda pujyapakshay

    ReplyDelete