Sunday, December 18, 2011

ඊරිසියාවට ඇත්ත කථාවක්.....


දන මන පිනන හදවත හංකිති කවන
මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..

දින දින එකින් එක අඩුවන සළු අඳින
කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
දෙතනම පනින්නට එළියට මෙන් සැරින
පිරිවර රඟති කොලොම්පුරේ නිති පෙමින..


නාදළු දෙතොල රතු ආලේපන තවරා
පුළුකුළු උකුල දෙපසට එහෙ මෙහේ අඹරා
රියසක යුරැ තිසර තන එල්ලෙන්නට අහුරා
කොයිබට යන්නේ ඔබ මගේ හදවත පාරා..

උස්සා වැල ගෙඩිය බෙල්ලට ගැට ගහලා
නා නා ජාති විච්චුරන ගෙල එල්ලා
වැහැරැනු හම් කැබලි ගානට දා මකලා
යන සැටි බල අඟන ලෝකෙම යයි හොල්ලා..


බාගෙට වැහුන හෙළුවේ මුල්ලෙන් බෙදුන
වැටකොළු යුවල මැද්දෙන් දෙපසට අදින
වට්ටක්කයට සම පැද්දෙන දිය පොකුන
රෑබර ලඳුන් රැව  දැක මගේ අග තෙමුන..

අල්ලා බැඳපු වැල ගෙඩි බිම වැටීයන්
හොල්ලා වනන පලු දෙක මග හැලීයන්
උලලා තියෙන මේකප් ටික මැකීයන්
නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..


සියළුම ඡායාරෑප උපුටාගෑනීම http://lankagirlsclub.blogspot.com/ නි

25 comments:

  1. මරුම තමා.....අපූරුයි පද ගැලපීම්

    ReplyDelete
  2. හික්ස්.. අපූරියි

    ReplyDelete
  3. මරු කතාව බස්සෝ.... ආ.... නෑ නෑ කවිය.....

    ReplyDelete
  4. ඔන්න ඇත්තම කිව්වා.....හරිම අපූරැයි ජනක මල්ලි.නිර්මාණ ශක්තිය තව තවත් දියුනු වේවා....

    ReplyDelete
  5. අප්පට සිරි ගජ!නූතන තොටගමුවේ ශ්‍රී රාහුලද මංද උඹ! මේ අර උපුටා ගැනීම කල ලිංකුව දැම්මට තැන්ක්යූ හොඳේ! හික්ස්

    ReplyDelete
  6. නියම කවි පෙලක්...

    ReplyDelete
  7. පට්ට කවි ටික බොස්

    ReplyDelete
  8. “නලලේ තියන එක මුල්ලෙම පිපීයන්..“
    මේ කතාව නං මසුරං වටිනවා .......

    කියන්න වදන් ලොවෙත් නැත, ලොවි ගහෙත් නැත, ගහ ලොවෙත් නැත .......

    ReplyDelete
  9. මොනවා කියන්නද ? වචන හරඹය නම් උපරිමයෙන් එහාතත් ගිහින්..උව්මනා දේ මතු කරලා තියෙනවා..

    ReplyDelete
  10. හරි අපූරු කවි ටික .

    ReplyDelete
  11. බොහොම ස්තූතියි සියළු දෙනාටම.. දෙන ධෛර්යට ශක්තියට..... ජය !!

    ReplyDelete
  12. pada wel tika nam agei

    ReplyDelete
  13. නියමයි ..... බස්සායියේ ................... එලම තමා

    ReplyDelete
  14. පද වැල් වගේම පින්තූරත් එල :D

    ReplyDelete
  15. හොද කවි ටිකක් කෙල්ලෙක්ට හැදෙන්න..

    ReplyDelete
    Replies
    1. Oya hithanawada dan kale kello hadei kiyala mewa kiyawala? Amma appa malath un nisa, un nemei wenas wenne.

      Delete
  16. පට්ටයි ඕයි.... සිරාවටම එල සහෝ....

    ReplyDelete
  17. මරු...කියන්න වදන් නෑ...

    ReplyDelete
  18. අ‍ඩේ... මේ බ්ලොග් එක මට අදනෙ අහුඋනේ

    ReplyDelete
  19. බස්සා අයියගේ කවි ඉතින් කවදත් maxxa

    ReplyDelete