Tuesday, December 20, 2011

හීනෙන් පෙනීයන්....



සිහිනෙන් වගේ ඇවිත්
තුරැලුවී උණුහුමට
ආදරේ පෙන්නලා
සෙනෙහසින් ලංවෙලා..
මුමුනයි මගේ කනට
කොඳුරලා...

ලංකරගන්න හදවතට
දුර යන්න ඔබ එක්ක..
හිතෙනවා ජීවිතේ
දුක සැප
බෙදාගන්න..

විනාසය දැක දැකම
බැහැ නුඹව ගෙනියන්න
දැවෙයි මේ..
ගින්දරට
පිච්චිලා අළු වෙන්න..

ආදරේ නම් මෙහෙම
කොහොම දුකක් මම
දෙන්නේ නු‍ඹේ
මුදු හිතට..
ලංකරගන්න බැරි තරමටම
වැඩිවෙයි..

නුඹට ඇති
ආදරේ.....

5 comments:

  1. ආදරේ තියනවානං මොන ගින්දරකට උනත් එනවා, ඒක ෂුවර් ...

    ReplyDelete
  2. ආදරේට ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්..

    ReplyDelete
  3. අද නිදහසේ මල්ලිගේ ගොඩාක් නිර්මාණ කියව්වා රසවින්දා
    නියමයි
    තව තවත් ලියන්න ශක්තිය ලැබේවා

    ReplyDelete