Thursday, December 22, 2011

කොටු පැනිල්ල....


ලඟට වෙලා තොදොල් වෙන්න
රෑට හොරෙන් වැට පනින්න
ලිඳ ලඟ ඉඳ පෙම්කෙලින්න
පුරැදු උනා මං..

උඹේ ලිපට ගිණි පිඹින්න
හොරෙන් වතුර ඇදලා දෙන්න
උඹේ ආප්පේ කර කරන්න
හිටපු එකා ‍මං..

රෑ තනියට පැලට එන්න
පලල් කරට කටු ගහන්න
අලි එනවට ගිණි තපින්න
ලඟම හිටියේ මං..

ගොම්මන වැව ලඟට එන්න
නුඹේ පිටේ කුණු අරින්න
යටින් ඇවිත් කුචිකවන්න
හරි දස්සයා මං..

ගල උඩ පන්සල් වඳින්න
මල් වට්ටිය අතගහන්න
මගදි මලේ පෙති ඉඹින්න
ආස කලේ මං..

පොඩි එකාගේ කිරි පංගුව
උගුරැ දෙකෙන් බීලා යන්න
වැට මායිමේ කොනට ඇවිත්
බලංහිටිය මං..

උඩ පැන පැන පිටි කොටන්න
කුරහන් ගල අඹරවන්න
අස්ස ගෝන් නැගලා යන්න
කියා දුන්නේ මං..

දො‍ඩම් පේර ජමනාරං
සරමේ වල්ල පුරා ගෙනත්
හැම එකිට හරි ගානට
බෙදලා දුන්න මං..

වටේ ගෑණූ ගොඩක් උන්න
හැම එකීට එපා වෙච්ච
ලිං පල්ලෙට ඇදවැටිච්ච
තනිකඩයා මං..

26 comments:

  1. ශෝක් පද වැල් ටික​...........

    ReplyDelete
  2. ලස්සනට කතාව කියල තියනවා.
    මෙහෙම අය අද කාලෙ නැතුව නෙමේ.. :P

    ReplyDelete
  3. හිහි .....!!! මාර බස්සෙක් නෙව....
    මම හිතුවේ බස්සා ....SPMR කියලා... බලන් ගියහම බස්සා අනංගයෙක්...

    ReplyDelete
  4. අඩේ මම ගැන කවියක් ලියලා! පට්ට පටපට පිට

    ReplyDelete
  5. එහෙම කරපු එකාව අන්තිමේදි කාටත් එපා වෙලාද? ලස්සන පදවැල. ට්‍රිප් යනකොට සින්දුවකට කියන්න හොඳයි.

    ReplyDelete
  6. හෙහ් හෙහ් ගති! :D

    ReplyDelete
  7. හික්ස්... මරු...

    ReplyDelete
  8. මට නම් මාර ලස්සනයි පද වැල.......
    අපොයි කියලා දීලා තියන සෙල්ලම් තමයි වැඩේ.......

    ReplyDelete
  9. නියම වචන ටික අයියේ...

    ReplyDelete
  10. බොහොමත්ම ස්තූතියි සියළුම දෙනාට.... ජය !!

    ReplyDelete
  11. නියමයි බස්සාඅයියේ .....................

    ReplyDelete
  12. එකෙන්ම කියනවනම් ෆට්ටයි බස්සයියාzzzzz :D

    ReplyDelete
  13. අඩේ එළනේ ලස්සනට අදහස් එනවා ඈ

    ReplyDelete
  14. අදයි ගොඩවැදුනේ... නියම කවි පන්තිය

    ReplyDelete
  15. අඩේ අප්පා පට්ට කවි පංතිය.. කියලා වැඩක් නෑ...ෆට්ට නවි ටික...

    ReplyDelete
  16. උපරිමයි.. නෝ කමෙන්ට්ස් කීවා !

    ReplyDelete
  17. මැක්සා වචන ටික කොල්ලො....ජය වේවා!!

    ReplyDelete
  18. මම මේ කට ඇරගෙන බලා ඉන්නෙ සංගිලි රිලීස් වෙනකං..ට්‍රෙලර් එක දැකල නම් කොර වුනා..ඒ අස්සෙ මේ පද වැල්...අපුරුයි..

    ReplyDelete
  19. බස්සා මාරයි ෂෝක් පදවැල් ටික

    ReplyDelete
  20. බස්සා මාරයි

    ReplyDelete