Monday, January 9, 2012

අනේ දෙවියනේ මට වුනු වියෝයා.....



කලක දි රහලු ටික කලකදි වහ වෙනවා
පැණි වරකා ගසටත් හෙණ ගෙඩි එනවා
ඒ බව බොහොම සහසුද්දෙට වැටහෙනවා
දෙස්පාලුවන් හට මේ ගැන වැටහේවා


මන්තිරිකම ඉස් මුදුනේ තබාගෙන
ආචරි පට්ටමක් ඒකට ඔබාගෙන
යන හැම තැන බත් බැලයින් තබාගෙන
මු හිටියේ දුටු ගැමුණුය කියාගෙන


නීතය අතට ගෙන හැමටම වින කරන
රජයේ සේවකයෝ අල්ලලා ගස් බඳින
මාධ්‍යකරැවනට දිගටම බැට දුන්න
සිංහයා කොහිද අද නෑ ඌ බලු වටින


නැට්ට ගහන්නට පස්සා පැත්තේ උගේ
දැන් නැහැ හිලක් ඒකත් දැන් වහලා වගේ
එල්ලෙන්ට එකෙක් වත් දැන් නැහැ මුගේ ඇ‍ඟේ
කටමැත දොඩයි ලැජ්ජා නැති එකෙක් වගේ


ළමයෙක් පාසැලට ඇතුලත් කරගන්න
පාරක් කපාගන්නට ඉඩමට යන්න
වෙළදාමක් පොඩි කඩයක් කරගන්න
සිද්ධ උනා මුන්හට වැඳ දොළ දෙන්න


බාර් ටිකයි බුකියයි ලං කරගත්ත
පාරක් පන්සලක් ගානේ බදු ගත්ත
පිංපත්තරත් සාක්කුවට දාගත්ත
ඒ මහ පින් බලෙන් පවුලම සැපට ඇත


එක හැළියේ එක බත් පත කකා සිටී
ගොට්ටක් අල්ලාන පස්සෙන් සිටිය වැටී
මෙච්චර කාලයක් බිම ඇකිලිලා සිටී
බලු රංචුවක් සිංහයෝ වගේ නටන සැටී


ඉස්සර මහා හයියට ලොකු අතු තිබුනා
අද නැත්තේ මොකද සැකයක් හිත නැගෙනා
කපන්න බැරි අත කවුරැත් ගෙන සිඹිනා
බළලුන් ලවා කොස් ඇට බාවනු පෙනෙනා


කව්රැත් මේක දැන ජීවත් වීම වටී
උඩ පැන්නොතින් දිනකදි බිම වැටෙන සැටී
එකමුතුම මහා බලයකි එය දහස් වටී
බෙදිලා වෙන්වෙලා අප ලද දෙයක් නැතී


මහජනතාව ගොන් බානක් ලෙස සිතන
දේපල කොල්ල කන නීතිය බලු කරන
දෙස්පාලුවනි දැන ගනියව් මෙය සොඳින
අල්ලා බිම ගහයි දිනකදි කුඩු වෙන්න

9 comments:

  1. මොන පිස්සුද බං ඒ ආරෝව තව දවස් දෙක තුනකින් ඉවරයි කියල ආණ්ඩුවේ ඈයො කියන්නෙ. ඊට පස්සෙ ආයෙ උන් එක පතේ කන්න ගනියි. කෙළවෙන්නෙ කාටද සදාකාලිකවම?

    ReplyDelete
  2. ඒක ඇත්ත, කාලෙන් කාලෙට එන ගොං ආතල්, හැමදාම ඕකුන් රජ කරවන් අපි තමයි ගොන්නු, කොහොම උනත් කදිම පද වැලක්

    ReplyDelete
  3. ජහමනයා ඡන්දේ දෙනවානේ තාමත්!

    ReplyDelete
  4. කවද්ද ඊලඟ චන්දෙ ????

    ReplyDelete
  5. හැමදාම ඕක තමයි බං....වෙන්නේ...

    ReplyDelete
  6. හී හී.. ලොවෙත් නෑ... ඔහොම තමයි.... අර පින්තුරේ සුදු ඇදන් ඉන්නේ??

    ReplyDelete
  7. හැමදාම වෙන්නේ ඕක තමයි.. අර පින්තූරේ මොකද එක්කෙනෙක් විතරක් ඇදන් ඉන්නේ??

    ReplyDelete
  8. බොහොම ස්තූතියි හැමෝටම දෙන ධෛර්යට..ජය !!! ලොකු වෙනසක් කරන්න බැරි උනත් උත්සහා කරානේ කියලා සංතෝස වෙන්න පුලුවන්.. මුකුත්ම නොකර ඉන්නවට වඩා...

    ReplyDelete
  9. කවුරු හරි, මොනවා හරි හොරෙන් අරං ගිහින් බව නම් පේනවා. :D

    ReplyDelete