Friday, January 13, 2012

මානව හිමිකම්කාරයා....

"කාරයා" යන්නේ හි අරුථ ක්‍රියාවේ යොදවන්නා යන්නය...එය අතීතයේ "කාරිය කරනවන රාළ" යන්නේ හ බිඳී ආ කොටසක් විය හැකිය.... මාළුකාරයා..කිරිකාරයා....ලියුම්කාරයා..පොලිස්කාරයා....යනුවෙන් බොහෝ විට භාවිතා කරන්නේ ඒ ඒ කාර්යන් හී නිරත වන්නන් නොහොත් යමක් යම් කාර්යයක් ක්‍රියාවේ යොදවන්නන්ය... ඒදත් අදත් හෙටත් "මානව හිමිකම් කාරයා" ලෙස හඳුන්වන්නාද කරනුයේ ඒ හා ‍සමානම කටයුත්තකි... මානව හිමිකම්කාරයා යනු පොතපතෙහි හා නීති සංග්‍රහයන් හී මානව හිමිකම්, පුද්ගල අයිතිවාසිකම් සැබෑවක් කිරීම උදෙසා කටයුතු කරන්නෙකි.... එය මානව හිමිකම්කාරයා ජීවිතය ලෙස සලකා කටයුතු කරන අවස්ථා අනන්තවත් දැක අත්විඳ ඇත..

මේ ‍කුමන ආකාරය කටයුතු කලද පොලිස්කාරයා මෙන්ම මානව හිමිකම්කාරයන්ද අනන්තවන් ඇනුම් බැනුම් වලට ලක්වෙන... සමාජයෙන් මෙන්ම තමන්ගේ පවුල තුල පවා කෙනෙහිළිකම් වලට ලක්වීම නොවැලැක්විය හැකිය.. පොලිසිය බොහෝවිට චෝදනාවට ලක්වන්නේ නියමිත රාජකාරිය ඉක්මවා වැඩ කරන්නට යාම හෝ නීතියට පිටින් කටයුතු කිරිම හේතුවෙනි.... මානව හිමිකම්කාරයා කරනුයේ එවැනි අවැඩක් හෝ අවනීතියක් සිදුවන විටි එය පෙන්වා දීමත්.. ඒ පිළිබඳව සමාජය දැනුවත් කිරීමත් ඒ පිළිබඳව යම් මතයක් ගොඩනැගීමත්... අගතියනට පත් පාර්ශවයන්ට යම් සහනයක්...අස්වැසිල්ලක් ලබාදීම උදෙසා කටයුතු කිරීමත්ය...

මෙහිදී මානව හිමිකම් කාර‍යා බොහෝ වටි පෙනී සිටින්නේ අපේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් ‍ලේඛණය වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථාවයි. එහි 3 වන පරිඡ්ඡේදයේ 10 වන වගන්තියේ සිට 14 වන වගන්තිය දක්වා කොටස “මූලික අයිතිවාසිකම්” ලෙස ශ්‍රී ලාංකික පුරවැසියෙකුට අදාල වෙන අයිතිවාසිම් දක්වා ඇත.  බොහෝ විට මානව හිමිකම්කාරයා කථා කරනුයේ හෝ පෙනීසිටිනුයේ වෙනත් රටකින් හෝ බටහිරින් මෙරටට ගෙනා දේවල් ගැන නොවේ... ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මගින් ආරක්ෂාකොට ඇති අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙනි.  අතීතයේ සිටම පැවත එන පුද්ගලය ගරැත්වයත්... නිදහසත් සම්බන්ධයෙනි. ලෝක ඉතිහාසයේ පලමු ලිඛිත මානව හිමිකම් ලේඛණය වන මැග්නකාර්ටා ගිවිසුම ගැන සඳහන් වනුයේ 1215 දී පමනය.... ශ්‍රී ලංකාවේ වධ හිංසාවට එරෙහිව මුල් වරට පුද්ගල නිදහස හා අයිතීන් ගැන සඳහන් වනුයේ 1815 කන්ඳ උඩරට ගිවිසුමේය...  


අපට මානව හිමිකම් සම්බන්ධයෙන් එවැනි ඉතිහාසයක් ඇත.... බෞද්ධ දර්ශණයද... කිතු දහමද.. ඉස්ලාම් ආගමේද.. හින්දු ආගමේ ද මුලික හරය වන්නේද අවිහිංසාවාදයත්... අන්අයට ගරැ කිරීමත් වේ... එමෙන්ම විවිධ ජාතක කථා... බයිබලය තුල පවා මානව හිමිකම් මහා සම්බන්ධ විවිධ සිද්ධින් අපට හමුවේ... මානව හිමිකම් යනු බටහිර සංකල්පයක් නොවේ... එහි සැබෑ හිමිකරැවන් වන්නේ අපය..

මේ ගැන කථා කිරීම, මේවා සම්බන්ධයෙන් දැනුවත් වීම කෙතරම් වැදගත් දැයි මේ විඩියෝ පෙළ නැරඹීමෙන් පසු නැවත හිතන්න...






මේ විවිධ රටවල් වල පොලිසිය විසින් කරන ලද පුද්ගල පහරදීම් කැමරාවන් හී සටහන් වී ඇති ආකාරයයි....අපේ රටේ අනන්ත අප්‍රමාණ මෙවැනි පහරදීම් සිදුවුවද කිසිම දවසක මෙවැනි රෑප මාධ්‍යක සටහන් වීමක් වාර්ථා වී නැත... ශ්‍රී ලංකා පොලිසිය පහර දෙන්නේ සාක්ෂි ඉතුරුකර නොවේ....ලංකාවේ නීති පද්ධතිය අනුව කිසිම ආකාරයකින් පහරදීම්, ශාරීරිකව හා මානසිකව සිදු කරන පහරදීම් තහනම් කර තිබේ.. පොලිසිය බොහෝ විට පහරදීම් ගැන කථා කරන අවස්ථාවලදී දක්වන කාරණය වන්නේ පහර දීම් කරන්නේ තොරතුරු ලබා ගැනීම සදහා බවයි....එය කොතෙක් දුරට සාධාරණ දැයි තීරණය කිරීම ඔබට බාරය.... දිනක මේ පහර දීමට ලක් වන්නේ ඔබ විය හැකිය...


එදා ජර්මනියේ නාසිවාදීහු..
පලමුව ඝාතනය කලේ යුදෙව්වෝය..
මම නිහඬව සිටියෙමි..
මන්ද මම යුදෙව්වෙකු නොවන නිසාය..
ඉන්පසු ඔවුන් කොමියුනිස්ට්වාදීහු සොයා පැමිනියහ..
මා කුමක් කියම්ද..
මා කොමියුනිස්ට්වාදියෙකු නොවන නිසා..
ඊලඟට ඔවුන් සොයා පැමිනියේ වෘත්තීය සංගම් නියෝජිතයන්ය..
මා නිකං බලා සිටියෙමි..
මා වෘත්තීය සමිතියකට අයිති නැහැ නොවැ..
ඉන්පසු ඔවුන් කතෝලිකයන් සොයා පැමිනියේය..
මා බිය නොවුයේ මා පොතෙස්තන්ත්‍රයෙකු වූ නිසාය..
ඔවුන් අවසානයේදී..
මා සොයා පැමිනියේය...
එවිම මා‍ වෙනුවෙන් කථාකරන්නට කිසිවෙකු සිටියේ නැත..


 (මාටින් තිමලෝර් පියතුමා - ජර්මනියේ සිරගෙදරකදී)

-හදවතට  තට්ටු  කර බුද්ධියට ඉ‍ඩ දෙන්න-
(සියළු විඩියෝ අන්තර්ජාලයෙනි)

14 comments:

  1. අවසාන පැදිපෙලට මා බොහොම කැමතී...

    ReplyDelete
    Replies
    1. @ ඉමේශ්... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  2. අර අවසාන පද පෙලෙන් කියවෙන කතාව බොහොම අපුරුයි...

    ReplyDelete
    Replies
    1. @ ලොකු පුතා.... බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  3. අපිටත් සිද්ධ වෙන්නේ ඕකමයි මේ අසාධාරණ වලට කට වහගෙන හිටියොත්!
    අන්තිමේ අපි වෙනුවෙන් පෙනී සිටින්න කව්රුත් නැති වේවි!

    ReplyDelete
    Replies
    1. @ නුවන් තාරක... ඒ ගැන තමයි මේ කියන්නේ... කවදාහරි අපිටත් වෙනවාම තමයි...බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  4. සිරා, සැනසිල්ලේ කියවන්න ඕනේ,

    ReplyDelete
    Replies
    1. @ සෑම්...බොහොම ස්තූතියි... මේ පැත්තේ ආවාට... ජය !!!

      Delete
  5. BASSA NIKAN MODA TALK DANNA EPA

    ReplyDelete
    Replies
    1. මෝඩ ටොක් ගැන නෙමෙයි... මේ කියන දේවල් වැරදි නම් හෝ අසත්‍ය නම් තර්ක කරන්න... පෙන්නලා දෙන්න... එහෙම නැතුව මේ වගේ කථා කලොත් මෝඩ ‍ටෝක් දෙන්න කව්ද කියල මේක බලන අය තීරණය කරයි...

      Delete
  6. BASSA UBA POLICIYATH EKKA OCHARA THARAHA, UBATA POLICEKARAYEK P.... ARIYADA

    ReplyDelete
    Replies
    1. මේච්චර ඇනෝ ලියන ඇනෝට "පුකේ ඇරියා" කියලා කියන්න තරම් ‍ශක්තියක් නැති වීම පුදුමයට කරුණක්...

      Delete