Monday, January 23, 2012

අභිනිශ්ක්‍රමණය...අත්හලෙමි.......



ලෝකය දකිමි
ඇත්ත ඇති ලෙස
බොරුවය හැම තැනම
දුකකි ලෙඩවීම
මේ වයසට යෑම
මරණයට ලංවීම
නිවනමයි සැනසීම
දැන දැනත් මේ ඇත්ත
එන්නෙමි ඔබ පසුපසම
එළවා ගතිමි සිහිය
හැරෙන්නට බැහැ ඒත්
මේ යන ගමන දුර
ගෙවා නිම කරනු මිස
රාහුලගේ ජීවිතය
බැහැ දුකේ හෙළන්නට
ඒ නිසා නිවන් මග
අත් හලෙමි මම සිතින්
නුඹට දුක් දෙන්න බැරි
නිසා මා ඉමි තවත්
කන්ථක සහ ඡන්න
කෙතරම් බලා සිටියත්
බැහැ නොවැ මට යන්න
තනිකර 
රාහුල සහ නුඹව
නිවන පෙනී පෙනී...
දුක දරා සිටින
මම නුඹේ අසරන
සිදුහත් වෙම්...

3 comments:

  1. නැති හෙයින්
    රම්‍ය, සුරම්‍ය, සුභ සුපිරි තට්ටු නිවාස,
    පරම්පරා ගණනකට සෑහෙන රාජ සම්පත්,
    සෙවණ දෙන්නට බලැති පිය රජුන්,
    අසරණය සිදුහත්, අද.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි දොස්තර නෝනට....
    ඔව් මේ නුතන සිදුහත් කථාව...

    ReplyDelete
  3. පරතෙර නැති ගමනක් ගිය....
    නුබේ පියා දුටු දිනයක...
    රාහුල පුතුසේ ඔහුගෙන්...
    දායාදය නොපතන් පුත....
    ( මේක මම පොතක කියවපු එකක්.පොත නම් මතක නෑ.සමාවෙන්න )

    ReplyDelete