Thursday, January 26, 2012

ආදර පැය....... (කෙටිම කෙටි කථාවක්....)


වෙලාව 12.05 යි.... වෙනදා වගේම වෙනදා වෙලාවටම ඇවිත්..... වෙනදා වාඩි වෙන පුටුවෙම ඇය වැඩි උ‍නා...

ඔයා වෙනස් වෙලා
එහෙනම් මොනවා ද කරන්න කියන්නේ
මැරන්න ද
තරහ ගිහින් නේද
නැහැ ඇවිත්
හා..මම යන්නම් එහෙනම්
මොනවද හා
තරහ ආවම ඉන්න හොද නැහැ
කැමැත්තක් 
හ්ම්
මොකාද කියන්නේ,
හ්ම්
යන්න ඕනේ නම් යන්න
සදහටම ?
පුලුවන් ද
හ්ම් බැරි නැහැ
එහෙමද
යන්න වෙනවා
ගියපු අයත් ඉන්නවා
ළගට ගන්න මාව
මගේ කර ගන්න
සදහටම
පුලුවන ද ?
ආවොත්, තියාගන්නම් සදහට
එතකොට එයාලට මොකද වෙන්නේ ?
හ්ම්....
තරහද
බනින්නෙපා
හා
ඉස්සර වගේ නැහැ නේද දැන් අපි දෙන්නා

හ්ම්
එහෙම දෙයක් නැහැ
හ්ම්
මම යනවා
ඔයා වෙනස් වෙලා
මම ද
මම එතනම ඉන්නවා
හා, මම වෙනස් වෙලා, ඒකයි මේ
ඇයි දැන් මම ද වෙනස් 
මම යනව
ම වෙනස් වෙලාද
නැහැ
එපා යන්න
මම වෙනස් වෙලා ඒකයි මේ 
හ්ම්
මට හැමදේම ඇද
මොනවද ඇද
මුකුත් නැහැ
පොඩි දෙයක් කියන්නම්
කියන්න
අද දවසට ඔයා මට එස් එම් එස් කීයක් එව්වද ? 
එක සැරයක වත් නෑ
මම කීසරැයක් ඔයාට එස් එම් එස් එව්වද ? 
ගොඩාක් සැරයක්
හ්ම්
මම වෙනස් වෙලා, ඔයා හරි
ඒක සැරින් සැරේ වෙනවානේ
ඔවු, මට එක හිතක් නැහැ
මොනවැයි ඕව්
හිත එකතැන තියා ගන්නත් විදිහක් නැහැ
ඔව් ඒක ඇත්ත
මම වෙන කෙනෙක්ට ආදරේ නැහැ
මම දන්නවා
ඔයාටයි ආදරේ
ඔයා මට  තමයි ආදරේ කියලා
ඒත් මට එක හිතින් ඉන්න අමාරයි
හ්ම්, කමක් නැහැ..ආදරේ නේ
ඔව්... ගොඩක්
ඒ ඇති මට, මට වෙනස් වෙන එක දරාගන්න පුලුවන්
වෙන කෙනෙක්ට ආදරේ හිතුන දවසක ඔයාට කියන්නම්
හා, හොඳයි
ඒත් මට හදිසියි දැන්‍, කසාද බදින්න
හා,බඳින්න
කසාද බදින්න ආදරේ ඕනි නැහැ
හ්ම්
වෙන්නැති
මම දැන ගත්ත විදිහට
මට දැනුන විදිහට
කසාද බදින්න ඕනි මවා පෑම මිසක්
ආදරය නෙමෙයි
ගොඩක් වෙලාවට වෙන්නේ ඒක
මවාපෑම තමයි ආදරේ විදියට දකින්නේ
කන පැලෙන්න බොන එකා ආදරේ කරන කාලේ 
කියන්නේ බොන්නේ නැහැ කියලා
හැබැයි කසාද බැන්දට පස්සේ බොනව
ඉතිං අවුල් ප්‍රශ්ණ
හ්ම්
මම කසාද බැන්දත් ඔයාගෙයි මගෙයි මෙහෙම 
ආදරයක් තිබ්බ විත්තයි එයාට කියනවා
කැමැත්ක්
එහෙම උනොත් ඔයාට ආයි ඔෆිස් එන්න ලැබෙන්නේ නැහැ
මම දන්නව ඒක
හිතේ හංගන් දුක් විදිනවට වඩා කියල දාන ඒක හොදයි
මට හරි බයයි
මොනවටද බය
හිනෙන් හරි ඔයාගෙ නම කියවෙයි කියලා
පිරිත් කියලා නිදාගන්න
එතකොට විකාර හීන පේන එකක් නැහැ
හා
අනලා බත් කටක් කවන්නද ?
එපා
ඔයා කන්න
ඒමොකෝ
හා
ඒකත් මවා පෑමක් නිසා
අප්පිරියියද මම අනපුවා කන්න
එහෙම අප්පිරියාවක් නැහැ
ඒත් මට එපා
හ්ම් 
මොනවැයි ඒකේ තියන මවා පෑම
මම කීවේ මට හිතට ආපු හැඟීම
වෙනදට අනිවාර්යෙන්ම කවනවා නේ
ඒත් හැමදාම කවන්න බැහැනේ
කරන්න බැරිදේ කරල කියල පෙන්වන එක 
මවා පෑම නෙමෙයි ද
හ්ම්
කැමැත්තක්
ඔයා බඳින්න
එතකොට එයාට කියලා කවා ගන්න පුලුවන්
හි හි
කවයි
කසාද දවසෙ කාටත් පේන්න
ඊට පස්සෙ කවන එකක් නැහැ
ඇයි ඒ
ඔයා කවලා පුරුදු කරන්න
ඕනි නැහැ
එයත් මට නෙමෙයි වෙන කෙනෙක්ට ආදරය කරයි හිතින්
මාත් එක්ක ඉඳීයි
වෙන කෙනෙක්ට හිත දෙයි
ඒ එහෙම උනොත් නේ
එහෙම තමයි වෙන්නෙ
මොකද මට වෙන කෙනෙක් බදින්න
මට බදින්න වෙන්නේ
කොහොමද මම මේ තත්වෙන් බඳින්නේ
මම යනවා
1.05 යි.. වෙලාව ඉවරයි
හ්ම්
බුදු සරණයි
හා
මම හැමදාම ඉන්නවා
යන්නම්
ආදරෙයි.....

14 comments:

  1. හිතනම් හරිම චන්චලයි තමයි වෙලාවකට. එකම අරමුණක නැනෙ.
    වෙලාවකට ආදරේ ඕන වෙලාවකට එපාත් වගේ :D

    ReplyDelete
  2. සරලයි කතාව.. චැට් කරපු සීන් එකක්ද ?

    ReplyDelete
  3. සරල බව යටින් ගලාගෙන යන ජිවිතරේ බර සැහෙන්න හිතන්න දේවල් දීලා තියනවා

    ReplyDelete
  4. අයි ආදරේ මෙහෙම තේරෙන්නේ නැහැ

    ReplyDelete
  5. ඇය හැමදාමත් නොකියම යනවා. අඩු ගානේ ඔහු කියපු “ආදරෙයි“ කියන වචනයවත් ඇගේ කණට ඇහෙන්නත් කලින්ම .ඇය යන්න යනවා.
    ඒත් හෙටත් ඇය ආපහු නව කියලා ඔහු දන්නව ඇති.
    ඇය නිසා ඔහු ඉන්නෙ හරිම හිතේ දුකින්...
    මම හරි ද?

    ReplyDelete
    Replies
    1. ආදරේ එහෙමයි යාලු නොකිය ඇවිත් රිද්දල යනවා

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  6. කෙටිම කෙටි... පින්තුරේ පට්ට ආ..... ජිවිතේ සරල නෑ

    ReplyDelete
  7. මැද හරියට යනකොට ගෑණු පිරිමි පැටලිලා ගියාද මන්ද.. සමහර විට මම කතාව ඔච්චර දුර යන්න නොදෙන හින්ද වෙන්න ඇති.. ;)

    ReplyDelete
  8. සංකීර්ණ ප්‍රේමය!

    ReplyDelete
  9. වෙනස්, සරල උපරිම සරල, ලස්සන නිර්මාණයක්.. නියමයි!!

    ReplyDelete
  10. තනිකම , උපන්දා සිටම මේ මගුල් තනිකම
    හරිහමන් යාලුවෙක් නැහැ . කෙල්ලෙක්ගෙන් ආදරයක් නැහැ , කොල්ලෙක් උනත් අවුරුදු 23 උනත් කවදාවත් යාලුවෝ set එකක් එක්ක trip එකක් ගිහිල්ල නැහැ. යාලුවෝ එක්ක රංචු ගැහිලා නැහැ. මටම කියල කිසිම නිදහසකුත් නැහැ.

    මගේ අපාය ජිවිතයට වඩා ඔය ආදරය දහස් වාරයක් සොඳුරුයි යාලු

    ReplyDelete