Friday, February 24, 2012

නිරුවත සහ අහවල් එක.... (18 + ද මන්දා)


නිරුවත.... කිව්ව පමනින් කොලේලෙක් නම්....ඇස් හොඳට ඇර ගන්නවා..... කෙල්ලෙක් නම් ඇස් වහගන්නවා...(හොරෙන් බලනවා) ... ඇස් ඇරලා බැලුවත්... වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ඒ ව‍ගේ හැම ගැහැණියක්ම කැමතියි නිරුවත දකින්න.... පිරිමි නිරුවත දකින්න... නමත් සාපේක්ෂ ව‍ශයෙන් පිරිමින් ඒ දෙස බලන ආකාරයට කාන්තාවන් බලන්නේ නැහැ... බොහෝ විට කාන්තාවන් මේ දිහා බලන්නේ කාටවත් නොපෙනෙන්න.....

ගැහැණු හෝ පිරිමි දැන දැන නිරුවත් වෙන්නේ අවස්ථා කීපයකදී විතරයි... තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ භාර්යාව ඉදිරියේ.... එහෙමත් නැත්නම් වෛද්‍යවරයක් ඉදිරියේ..... අවසානයේ දී එම්බාම් කරන මනුස්සයා ඉදිරියේ... මේ වගේ බොහොම සීමිත අවස්ථා වලදී ඇරෙන්න අපි නිරැවත් වෙන්න කැමැති නැහැ... ඒ අපි තුල තියෙන්නාවු ලැජ්ජාවත්.... අපේ හැදුන පරිසරයත්.... අපේ තියන වටපිටාවත් පදනම් කරගෙන.... ඒ තරමට නිරුවත අපිට ආගන්තුකයි.... විශේෂයෙන් ගැහැණියක් පිරිමියෙක් ඉදිරියේ නිරැවත් වීම.....

නමුත් බොහොමයක් බටහිර රටවල් වල නිරුවත කියන්නේ  මහා දෙයක් නෙමෙයි..... සමහර රටවල් තියනවා නිරැවත් මුහුදු වෙරළ.. නිරුවත් සංචාරක කළාප.... නිරැවත් සාද.... නිරුවත් සමාජ ශාලා වගේම නිරුවත් ගුවන් සේවා පවා තියනවා.... බොහෝ විට මේ වගේ විශේෂිත අවශ්‍යතා ඇතිවෙ‍න්න බොහෝ විට ඒ ඒ රටවල් වල දේශගුණික තත්වයන් බලපානවා වෙන්න පුලුවන්.... බොහොමයක් බටහිර රටවල් අවුරුද්දේ මාස කීපයක් අධික ශීතල... ඒ කාලේ හැම දෙනෙක්ම අඳින්නේ පළඳින්නේ ඒ දේශගුණයට ගැලපෙන විදියට.... ඉස්මුදුනේ ඉඳලා යටිපතුල  වෙනකම්ම ආවරණය කරලා....  ඒ වගේ තත්වයකදී ඔවුන් හොඳින් ඉර එළිය වැටෙන කාලයට ඇඳුම්අඳින්නේ අඩුවෙන්...ඒ රටවල ඒ ආකාරයේ විලාසිතා එළියට එනවා..... ඒ ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය කරන හිරැ එළිය ලබාගන්න... ඒතනදි බොහෝ දෙනෙක් අඳින්නේ ඒ හා සමාන ඇඳුම් පැලඳුම්..වැඩි දෙනෙක් ඒක වගේ ශරීරය නිරාවරණය කරගෙන යන නිසා ඒක අනෙක් අයටත් එහි ‍අමුත්තක් නැහැ.

අපේ රට තාම ඒ තත්වයේ නැහැ.... අපි ජීවත්වෙන රාමුවක් තියනවා... අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා... අද කෙල්ලෙක් කොටට ඇඳුමක් ඇඳලා යන කොට කීදෙනක් ඒ දිහා හැරිලා බලනවද.... කර පලල හැට්ටයක් ඇඳගෙන බස් එකක යනකොට උඩින් බලන කී‍ දෙනෙක් ඉන්නවාද ? පන්තියක..... කාර්යාලෙක... එහෙමත් නැත්නම් පංසලක, පල්ලියක බෝක්කුවක් දැක්කොත් (මේ කියන්නේ අර හවසට වාඩි වෙලා ඉන්න ඒවා නෙමෙයි) ඒ දිහා නොබලන්නේ කීයෙන් කීදෙනාද ? බලලා නිකම් ඉන්නවද ?...පට්ට කෑල්ල... මරු ගල් දෙක.... මරු ගෙඩි දෙක.... කියලා හිතින් විඳින්නේ නැද්ද ?..... අපි ඉන්නේ මේ වගේ සමාජෙක... මේක තමයි අපේ පරිසරය... මොකද අපි කුඩා කාලේ ඉඳලම දැක්කේ නිරුවත මහා වරදක් විදියට.... ඇත්තමට ඒක වදරක්ද ?

දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කෙල්ලෙක් මොන විදියේ ඇඳුමක් ඇන්දත් මොකද ?, ඒ දිහා වනචර විදියට නොබලා හිටියානම් ඉවරයිනේ කියලා..... එහෙමත් නැත්නම් ඇයි මේ මිනිස්සුන්ට තමුන්ගේ සහෝදරිය, මව දිහා බලන ඇහින් වෙනත් සහෝදරියෙක් දිහා බලන්න බැරි ?....

එහෙම දෙයක් බලාපො‍රොත්තු වෙන්න බැහැ.. මොකද රහත්වෙච්ච වත්... ආසාවන් දමනය කරපු හෝ එහෙම නැත්නම් ඉටි පන්දම් හඳුන්කූරැ කන මිනිස්සු නෙමෙයි නේ අපේ සමාජේ ඉන්නේ... ඒක නිසා අපිට මුලු මහත් සමාජයක් හදන්න බැහැ... අපි දැනගන්න ඔනේ අපි කොහොමද තැනට අදාලව තමන්ගේ ඇඳුම් පැලඳුම් තෝරගන්නේ කියලා... පන්සලට අඳින්න ඕන ඇඳුම... පල්ලියට අඳින්න ඕන ඇඳුම වගේම සාමාන්‍ය ගමනක බිමනකදී අඳින්න ඕන පිළිවෙලත්..... උත්සවයට සහභාගීවීමේදී අපි යන්න ඕ‍නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ... එහෙම නැත්නම් දෙමව්පියන්ට වැඩිහිටියන්ට වගකීමක් තියනවා තමන්ගේ දරැවන් විශේෂයෙන්ම දියණිය අඳින ඇඳුම් පැලඳුම් ගාන අවධානය යොමුකරන්න....

අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ....එහෙම වෙනවා නම් අද ගබ්සාව නීති කිරීම සඳහා නිති රීති සම්පාදනය නොකර කාන්තාවන් දුෂණයට ලක්වීම නවත්වන්න තිබුනා...

ඒ වගේම තමයි අද තියන ෆේස් බුක් වගේ සමාජ ජාලාවල මේ වගේ සිද්ධීන් ගැන නිතර අහන්න දකින්න ලැබෙනවා... තමන්ට ලැබුන පහත් පණිවිඩයක් ගැන.... එහෙමත් නැත්නම් චැට් බොක්ස් එකට ලැබුන අනවශ්‍ය යෝජනාවක් ගැන.... එහෙමත් නැත්නම් තමන්ගේ පිංතූරයක් බද්ධ කරලා අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන... මෙවැනි විවිධාකාර දේ අපිට අහන්න දකින්න ලැබෙනවා.....සමහර ගැහැණු ළමයින් තමන්ගේ පවුලේ අයත් එක්ක බෙදාගන්න ඕන පිංතූර මුලු අන්තර්ජාලයත් එක්කම බෙදාගන්නවා.... එහෙම වෙන්න එක් හේතුවක් තමයි අපි එළියට දෙන අපේ ප්‍රතිරූපය....බොහෝ දෙනෙක් ඒක තීරණය කරන්නේ අපේ බාහිර ස්වරූපය අනුව...ඉතා සරළවම කිව්වොත් 

"අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."

59 comments:

  1. ඉතාලියට ආපි මුල්ම දවස් වල ඔය ඇදුම් වෙනස ගොඩක් දැක්කා.. ඒ දවස් වල පුදුම උනා.. ඒත් දැන් නම් ඒක ගානක් නැති දෙයක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ඒ රටවල් වල තියන සමාජ පරිසරයත් එක්ක නිරැවත කියන්නේ මහ දෙයක් නෙමෙයි...
      බොහොම ස්තූතියි දිනේෂ්....

      Delete
  2. // අපි දෙන්න වගේ හිටියොත්//

    නුදුන්නත් ගන්ට හිතාගන බලාඉන්න කට්ටිය වැඩී කියලයි මට හිතෙන්නේ...

    මම කීවේ බලන්නෙම ගන්ට පුලුවන් දෙයක් තියනවද කියලා හිතාගෙන.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ප්‍රවීනා....
      "අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ.."

      මේක තමයි අද රටේ තත්වේ....

      Delete
  3. එන්න එන්නම මිනිස්සුන්ගෙ Kපාඩිකම වැඩිවෙනවා. අනේ මන්දා.

    ReplyDelete
  4. ඔය දෙන ගතියත් ගන්න හිතෙන ගතියත් තියෙන්නෙ ඇඳුමෙම නෙවෙයි නේද බං... ඒක කාන්තාවකට විශේෂ, පිරිමි කැමති ලක්ෂණයක් වෙන්න පුළුවන් ;-)

    අපේ රටේ මාධ්‍ය, අපි බලන චිත්‍රපටි සහ විලාසිතා වගේ අපි ආශ්‍රය කරන ගොඩක් නිෂ්පාදන දැන් ඔය කියන වෙනත් රටවල සංස්කෘතිය එක්ක තමයි මෙහෙට එන්නෙ. අපි ඒ නිෂ්පාදනේ ගත්තට සංස්කෘතිය ගන්නෙ නෑ. ඒ නිසා ඔය අවුල් වෙනව ඇති. ඒක වෙනස් වෙයිනේ... තව අවුරුදු ගානකින්වත්... :-)

    ReplyDelete
    Replies
    1. ඔව් හරේ... ඒක මම පාවිච්චි කලේ හුදෙක්ම උදාහරණයක් සඳහාම පමනයි...
      ඒ ඇරෙන්න අපි අවට පරිසිරය තුල වෙනත් බොහේ දේ තියනවා කාන්තාවන් අනාරක්ෂිත වෙන...
      ‍මේ බොහෝ දේ එකකට එකක් බැඳිලා...
      තරැණ දුවරු ඉන්න අම්මාලා... තාත්තලට බාර දීල පිටරට ගියාම තාත්තා දුවව අඹුකමට ගන්න සිද්ධි වාර්ථා වෙලා තියනවා...
      මෑතකදීම වාර්ථා උන සිද්ධිය තමයි අවුරුදු 5 ක තරම් කුඩා පිරිමි ඝමටයක් තමන්ගේ තාත්තා විසින් අපහරණයට ලක්කරලා මියි ගිය සිද්ධිය...
      ඇඳුම යනු හුදෙක්ම පැතිකඩක් පමනයි....

      Delete
    2. ඔය කියන සිද්ධිය මම දැනගත්තෙ ඕක නිව්ස් වලට පෙන්නුවට පස්සෙ දවසෙ කාර්යාලෙ ඕපදූප සැසියකදි. ඒ වෙලාවෙ ඒක අහල ඇඟ හිරි වැටුණ. මිනිස්සු තමන්ගෙ විනෝදයෙ උපරිමේට ගිහින් එතනින් එහා ආසාවල් තෘප්ත කරගන්නෙ තිරිසනුන්ටත් අන්ත විධියට!

      Delete
  5. ලංකාවට නිරුවත කිසි දිනක නිරුවත් නොවනු ඇත ......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..... පංසල් හංදිය....

      Delete
  6. http://www.hadathala.blogspot.com/2012/02/dont-tell-me-how-to-weartell-them-not.html

    කිසිම දෙකට ස්ථීර අර්ථකතනයක් දෙන්න බැ.කෙනෙක්ට කියන්න පුළුවන් හරියට අඳින්න ඉගෙන ගන්න කියලා.එත් ප්‍රවීනා කියලා තියන ඩේ තමයි බහිතරයක් ගනු ළමයින්ට අත් විඳින්න වෙලා තියෙන්නේ.මොකද ලංකාවේ සංස්කෘතියත් එක්ක දෙන්නන වගේ ඉන්න ගැනු ළමයි බොහොම අඩුයි කියලා මොනවා කිව්වත් පිළිගන්න වෙනවා.උඩ තියන ලින්ක් එකට ගිහිල්ලා බලන්න.වීඩියෝ එකේ ලින්ක් එකත් ඒ පේජ් එකේම යටින් තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....
      මේක බොහොම පරණ මාතෘකාවක්... දිගින් දිගටම තර්ක තර්ක අවසානයේ නතර වෙන්නේ ඔතන... ඇඳුම ගැන මතුකරපු ගමන් ඔය කථාව තමයි කියන්නේ... හොඳට හිතන්න... මේ කථා කරන්නේ මම ගැනවත් ඔබ ගැනවත් නෙමෙයි...
      මුලු මහත් සමාජ ප්‍රශ්ණයක් ගැන....
      ඇඳුම මේකට ප්‍රධාන හේතුව නොවන්න පුලුවන්....
      නමුත් කාන්තාව සමාජය තුල අනාරක්ෂිතයි කියන කාරණය පුළිගන්න...
      අනතුරක් උනකාට පස්සේ ඒ ගැන පසුතැවෙනවට වැඩිය...වෙන්න කලින් වලක්වා ගන්න එකයි වැදගත්.....

      Delete
  7. අපේ අපේ කියන සන්ග්ස්කෘතිය අපෙමද කියන ප්‍රශ්නෙත් මෙතන තියෙනවා. මොකද ඇත්තටම කිව්වොත් අපේ රටේ ඉතිහාසය ගත්තම ඔය මහනුවර යුගයේ රෝබෙර්ට් නොක්ස් ලියල තියෙනවා සමහර
    කුලවල කාන්තාවෝ උඩුකය නිරුවතින් තමයි හිටියේ කියල. ඒ කාලයේ කොච්චර ගැහැණු අතවර වලට ලක්වෙන්න ඇද්ද ඔහොම බලාගෙන යනකොට ( sarcasm)
    //අපි බැඳිලා තියෙන්නේ අපේ පරිසරයත් එක්ක.... බොහෝ විට අපි ජීවත්වෙන පරිසරයෙන්, රාමුවෙන් වෙනම අපිට ජීවත් වෙන්න බැහැ....අපේ රටේ දී අපිට බැහැ බටහිරින් එන හැම විලාසිතාවක්ම අත්හදා බලන්න... මොකද අපි ජීවත් වෙන සමාජය නිසා..//

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි......Shenzy Bella.....
      අපි කාලයක් ඇඳුම් නැතිව හිටියා.... වැදි යුගයේ දී.... එදා හැම දෙනෙක්ම ඇඳුම් ඇන්දේ නැහැ....
      ඒත් අද වැදි ජනයාත් ඇඳුම් අඳිනවා......
      ඒ ඔවුන්ට මේ යන සමාජ පරිසරයෙන් ගැලවෙන්න හැකියාවක් නැති නිසා....
      සීගිරි ලලනාවෝ බිතු සිතුවම් වල උඩුකය ඇරගෙන හිටියට අද ඒහෙම ඉන්න පුලුවන් ද ?

      Delete
    2. අප රට තුල කාන්තාව අනාරක්ෂිතයි. ඔබ කියන කාතාවට මම එකයි. මගේ තර්කය උනේ අපේ අද සමාජයේ තියෙන තත්වය අපේ සංස්කෘතිය නිසා වුන දෙයක් නෙමෙයි.
      අපේ රටේ තියෙන ලිංගිකත්වය සමබන්ධ පීඩනය මත සිදු වුන දෙයක් කියන එකයි.

      මම මහනුවර යුගය ගැන කතා කලේ " ලංකාවට නිරුවත අමුතු දෙයක්." නෙවෙයි කියන ඒක කියන්න.ලංකාවට "නිරුවත අමුතු දෙයක්" කලාට පස්සේ වුන දෙයක ප්‍රතිපලයක් තමයි මේ අපි අද අත්විදින්නේ.


      ඔබගේ පොස්ට් එකේ කියන කාන්තාව ආරක්ෂා කල යුතුයි.ඇය ඇයගේ අනාරක්ෂිතභාවය තේරුම් ගත යුතුයි. කියන දේ ස්මබන්දයෙන් කිසිම තර්කයක් නැහැ.

      Delete
  8. පන්සල් යද්දී මගුල් ගෙදර යන්න වගේ ඇඳන් යන එක නම් මෝඩ වැඩක්.

    ඒත් දෙන්න වගේ ඉන්න අයට විතරද පාරේ තොටේදී රස්තියාදු මිනිස්සුන්ගෙන් අවලම් කතා අහන්න වෙන්නේ? එහෙම නම් ඉස්කෝලේ නිල ඇඳුමත් 'දෙන්න ඉන්න වගේ' පේනවද? ඒක නිසා ඔය තර්කයට නම් එකඟ වෙන්න බැහැ. හඳට යන්න වගේ ඇඳගෙන ගියත් කැත හිත් තියෙන මිනිස්සුන්ගේ කටවල් සහ කැත වැඩ නවත්තන්න වෙන්නේ නැහැ.

    ඒක හරියට සාප්පු වල එලියට පේන්න ලස්සන බඩු තියෙනවා නම් හොරු ඇවිත් සාප්පුව හොරා කන එකේ වැරැද්දක් නෑ කියනවා වගේ

    මල්යාගේ ලිපියේ තියෙන දේ වලට මාත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....ඔව් ඇත්ත නිරෝෂිණි.....මේ තියෙන්‍නේ ඒ ගැන තමයි...

      අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා කමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ..

      සාප්පුවල එළියට පේන්න බඩු තියෙන්නේ වෙළඳ උපක්‍රමයක් වශයෙන්... පාරිභෝගිකයන් අද්දවා ගැනීමේ උපක්‍රමයක් වශයෙන්...භාණ්ඩ අලෙවි උපක්‍රමයක් වශයෙන්...
      ඊට අමතරව ඒවැනි කට සාප්පු හොරැන්ගෙන් ආරක්ෂාවීම සඳහා විශේෂීත ආරක්ෂක උපක්‍රම පාවිච්චි කරනවා... රක්ෂණය කරලා තියනවා....

      මේ කාරනා කාන්තාවට සංසන්දනය කරලා බලන්න කරලා බලන්න....

      අපි මේ ගැන සංවාදයක් ගොනනගන්න උත්සහා කරන්නේ මීට අවුරුදු ගානකට කලින් ඉඳලා... හැමදාම ඔය තර්ක විතර්ක මතුඋනා.... හැබැයි ප්‍රශ්නෙට උත්තරේ ලැබුනේ නැහැ...

      හැමදාමත් කාන්තාවන් දුෂණයට ලක් උනා.... අතවරයට ලක් උනා....

      අහසෙන් පොළවට බහින්න.... බැහැලා බලන්න රට තුල කාන්තාව කොයිකරම් අනාරක්ෂිතද කියලා....

      මේ තියෙන්‍ේන පහුගිය අවුරුදු 7 තුල අපේ රටේ වාර්ථා උන ස්ත්‍රී දුෂණ ගනන..

      වාර්ථා වීමී ගනන නොවිසඳුනු ගනන
      2005 - 1540 1476
      2006 - 1463 1398
      2007 - 1397 1356
      2008 - 1582 1530
      2009 - 1624 1530
      2010 - 1854 1794
      2011 - 471 466
      (2011 මුල් මාස 3 ඇතුලත )

      ඒ නිසයා කියන්‍නේ සමාජය වෙනස් කරන්න නෙමෙයි.... සමාජය වෙනස් කරන්න තව බොහෝ කල් යනවා.. තමන් ආරක්ෂා වෙන්න උත්සහ කරන්න..

      මොකද අනතුර අපි අතරම තියන නිසා.....

      Delete
    2. අනිවාර්යෙන්ම ලංකාවේ ගැහැණු ළමයි තමන් ආරක්ෂා වෙන්න තමයි සහෝ නිතරම උත්සහ කරන්නේ. ලංකාවේ ජීවත්වෙච්ච ගැණු ළමයෙක් හැටියටයි මම එහෙම කියන්නේ. රෑ වෙලා ගෙදරින් එලියට බහින්නේ නැහැ. දුර ගමන් තනියම යන්නේ නැහැ. තනියම ත්‍රී වීල් වල යන්නේ නැහැ. බස් එකක නැග්ගත් පුදුම දුකක් විඳින්නේ අසහන කාරයෝ නිසා. නිදහසේ ගමනක් යන්න නැහැ. ලංකාවේ 99% ගැහැණු ළමයි වගේම මම ත් ඔහොම තමයි ලංකාවේදී. අපි මෙහෙමයිනේ අනාදිමත් කාලෙක ඉඳන්.

      නමුත් ඔහොම යි කියල ලංකාවේ කාන්තා වන්ට සිදුවන අතවර නතර උනාද? නැහැනේ.
      ඇයි? අපේ කට්ටිය ප්‍රශ්නේ මුලික හේතුවට පිළියම් කරන්නේ නැති නිසා. කාන්තා හිංසනය ගැන කාන්තාවන් මිසක් අපේ පුතාලට මල්ලිලට පොඩි කාලෙදිම කියල දීල දැනුවත් කරන්නේ නැති නිසා.

      අවුරුදු 26 ක් තිස්සේ ලංකාවේ මම හිටියේ අහසේ නෙවෙයි. අවුරුදු හතරක් කැම්පස් ගියේ පාරේ බස් එකේ. අපි හැමදාම තව තවත් කාන්තාවට 'දෙන්න වගේ ඉන්න එපා' කියල තවත් නීති දාල අරාබියේ වගේ කරොත්, ඒත් කාන්තාව ආරක්ෂා වෙන්නේ නැහැ බස්සෝ. ප්‍රශ්නේ මුල කාන්තාවගේ ඇඳුම හෝ හැසිරීම නෙවෙයි.

      Delete
    3. ඔබ ඇතුලු සීමිත පිරිසක් ගැන කථ කරන්න එපා....ඔය කොළඹ ඉඳගෙන කාන්තා අයිතිවාසිකම් ගැන කථා කරන අයත් ඒ වගේ.. ඔවුන දකින්නේ ඔවුන්ට පේ‍න කොටස විතරයි....

      ඔබ කියන්නේත් ඔබ බස් එකේ කැම්පස් ගියා කියන එක....නමත් බස් නැතිව පයින් ඉස්කෝලේ ගිහින් එන ලමයි රබර් කැලේට ඇද ගෙන ගිහින් දුෂණය කරලා මරලා දාන... එහෙමත් නැත්නම් අච්චි අම්මලාව දුෂණය කරලා මරලා දාන.... පරිසරයක් අපට තියෙන්නේ...

      ‍"දෙන්න බලාගෙන ඉන්නවා" කියන එකේ වචනාර්ථයට එහා ගිහින් කල්පනා කරන්න...
      දුෂකයන්ට අසහනකාරයින්ට අවස්ථාවක් දෙන්න එපා.....

      ඔබ කියන කොටසත් එක්ක මම එකඟයි... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මිනිස්සු කිසිම වෙලාවක පිටේ බෝඩ් එකක් එල්ලගෙන ඉන්න අය නෙමෙයි.... "මම දුෂණය කරන්න බලාගෙන ඉන්නේ.. මගෙන පරිස්සම් වෙලා ඉන්න කියලා"....ඔය ආකල්පය වෙනස් තැන එදා ඉඳලම කථා කරලා තියනවා.... අපේ රටේ විවිධ වැඩ සටහන් කරලා තියනවා...
      අපේ රටේ තියන පංසල්.. පල්ලි.. ඉස්කෝල ප්‍රමාණයේ හැටියට මිනිස්සු සංවර යහපත් හා දැනුවත් වෙනවා නම් හරි ගෙවල් ඔක්කොම වහලා දාන්න වෙනවා....

      Delete
    4. එක්කෝ ඔයාට මම කියන එක තේරෙන්නේ නැහැ. නැත්තම් මට ඔයා කියන එක තේරෙන්නේ නැහැ.
      දුෂකයන්ට අවස්තාවක් ලබා නොදී ඉන්න තමයි බස්සෝ අපි උත්සහ ගන්නේ. කවුරුත් ඕනේ කමින් දුෂණය වෙන්නේ නැහැනේ.
      ඔයාගේ පොස්ට් එකේ මාතෘකාව සහ අන්තිම වාක්‍ය අරන් බැලුවම පෙන්නේ, ස්ත්‍රී දුෂණය වෙන්න මුලික හේතුවක් වෙන්නේ කාන්තාවන් අඳින ඇඳුම් කියල ඔයා කියනවා කියලයි. එහෙනම් මට කියන්න ඔයා කියන්නේ කාන්තාවක් දුෂණය උනා නම් ඒකට වරද ඇයගේ ඇඳුමද?
      //නමත් බස් නැතිව පයින් ඉස්කෝලේ ගිහින් එන ලමයි රබර් කැලේට ඇද ගෙන ගිහින් දුෂණය කරලා මරලා දාන.//
      අන්න ඒක තමයි මමත් කියන්නේ. එතකොට ඒ ඉස්කෝලේ ළමයි කොහොමද (ඔබේ පොස්ට් එක අනුව) දුශකයට අවස්තාවක් ලබා දුන්නේ? පාසල් නිල ඇඳුමද වැරදි?

      Delete
    5. ඔබ කථා කරන්නේ අවසාන වාක්‍ය ගැන විතරයි.... මුලු පොස්ට් එකම ගැන කථා කරන්න....
      ඔබට මේ කොටස මග ඇරුනද ?

      "අද අපේ රටේ වෙන දේවල් හැටියට මව.. සහෝදරිය නෙමෙයි... තමන්ගෙ ලෙයින් උපන් පිරිමි දරැවන්ව පවා ලිංගික අපයෝජනයට ලක්කරන, ලොකු හාමුදුරැවෝ ඇබිත්තියාගේ පුක පලන, තාත්තා තමන්ගෙ දියණියව දුෂණය කරන, අම්මා තමන්ගෙ දුවව තමන්ගේ හොර මිනිහට දෙන මේ රටේ පාරේ දකින දකින කෙල්ලෝ තමන්ගේ සහෝදරියෙක් හෝ දුවෙක් කියලා හිතන එක බලාපොරොත්තු වෙන්නවත් බැහැ.."

      මම කියන්න උත්සහා කරන්නේ අපිට සමාජයෙන් දුෂකයන්ව හඳුනගන්න බැහැ... හැකියාව තියෙන්‍නේ අපචාර ඉවත් කරන්න බැහැ.... එක බලාපොරොත්තු වෙන්නත් බැහැ...

      Delete
    6. පාසැල් නිළ ඇඳුම නෙමෙයි වැරදි..... ගෑණු ළමයෙක් අනාරක්ෂිත වීමයි වැරදි...එතනදි යම් කෙනෙක් අතින් තමන්ගේ වගකීම ඉටු වෙලා නැහැ... ඒ හිඩැස ප්‍රයෝජනටය ගන්න බලාගෙන ඉන්න අය ඕන තරම්.... ඇයගේ දෙමව්පියෝ ඇයව ආරක්ෂා කලා නම්.... ඇයට පාසැල් යන්න එන්න නිසි පහසුකමක් ලබා දුන්නා නම්... මේ තත්වය මෙසේ නොවෙන්න තිබුනා...

      ලංකාවේ තියෙන්නේ නීතිය අපරාධයට දඬුවම මිසක්.... අපරාධ වලක්වාලීම සඳහා නෙමෙයි...

      Delete
    7. මම කියන්නේ මේකයි. ඔයා කියනවා කාන්තාවන් අතවරයට ලක්වෙන්නේ ඔවුන් ගේ බාහිර පෙනුමෙන් දෙන ප්‍රතිරූපය නිසා කියල (අන්තිම පරිච්චේදේ). නමුත් ඔයාම කතා කරනවා පාසල් ගිහින් එද්දී කැලේට ඇදන් ගිහින් දුෂණය කරපු ළමයි ගැන. මේ දෙකේ පරස්පර විරෝධී ස්වභාවයක් ඔයාට පෙන්නේ නැද්ද?
      ඔයා දෙන පණිවුඩය
      "අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."
      නමුත් මෙතන වෙන්නේ දුෂණය වෙන ළමයි 'දෙන්න වගේ' ඉන්න අයද? නැත්තම් දුෂකය 'ගන්න පුළුවන්' කියල හිතන එකද? ඔයා කියන්නේ සමාජේ අසහන කාරයන්ගෙන් පිරිලා කියල. ඔව් 100% ඇත්ත. ඔයා කියන්නේ කාන්තාවන් ප්‍රවේසම් වෙන්න ඕනේ කියල. ඔව් ඒකත් 100% ඇත්ත. ඔය දෙකටම අනිවා එකඟයි.

      නමුත් ඔයා කියනවා බාහිර ප්‍රතිරුපේ මත තමයි අතවර වෙන්නේ කියල. අන්න ඒකටයි මම එකඟ නැත්තේ. :)
      මම කියන්නේ තමන්ගේ දියණිය අඳින ඇඳුම ගැන සැලකිලිමත් වීමෙන් ම දියණිය ආරක්ෂා වෙන්නේ නැහැ. තමන්ගේ පුත්තුන්ට ත් කියල දෙන්න තවත් දියණි කෙනෙක්ට හිරිහැර කරන්න එපා කියල.

      මම හිතනවා මම කියන්න හැදුව දේ පැහැදිලියි කියල.

      Delete
    8. හැම දේකම දෙපැත්තක් තියෙනවා අක්කේ මේකෙදි නැතිවෙන්න බෑනේ.... බහුතරයන් දූෂණවලට මුල විවිධ අසංවර ඇඳුම් ඒක පිළිගන්න වෙනවා මේක කුහකත්වයෙන් කියන දෙයක් නෙමෙයි...සමහර දූෂණ සිදුවීම් වලට ගොඩක් ගොදුරු වෙලා තියෙන්නේ මාපිය රැකවරණය අහිමි දරුවන්,කාන්තාවන් එතකොට ඒකට වැරැද්ද අසහනකාරි මනසක් තියෙන පිරිමින්ගේ....තව සමහර කොට්ඨාසයක් ඉන්නවා ටෙස්ටිං කරන්න ඕවා කරගන්න පොඩි එවුන්...උංගේ මනස දූෂණය වෙලා තියෙන්නේ.....එතකොට සමස්ථයක් විදියට බැලුවාම අද සමාජය තුල කාන්තාව ආරක්ෂාකාරී නෑ...තනිවම කාන්තාවකට ආරක්ෂාකාරීවීමේ හැකියාවකුත් නෑ(පුළුවන් කීපදෙනෙක් ඇති)...

      මේවාට විසඳුම් විදියට නිරුවත් මුහුදු කලාප නිරුවත් සමාජ ශාලා අනුමත කලොත් වෙන්නේ පිස්සන්ව පිස්සු යක්කු වෙන එක.... මේක හික්මීම තුලින් ලබාගන්න ඕනේ දෙයක්... මේකට ප්‍රධාන හේතුවක් විදියට මත්ද්‍රව්‍ය ගන්නත් පුළුවන්.... ලංකාව තුල කුඩු වගේ දේවල් නවත්තන්න මතට තිත තියන්න පුළුවන්නම් මේ තත්වය සමනය කරන්න පුළුවන් වේවි යන්තමින් හරි.... ඒත් දැන් බොන එක ස්ටයිල් එකක් වෙලා බොන එවුන් පොර වෙලා ඉන්න නිසාත් ඕවා කරන්න තියෙන යම් යම් ප්‍රායෝගික හේතු නිසාත් ඒ දේ කරන්න අමාරුයි...

      අපි විතරක් හොඳ වෙලා බෑ අහල පහල එවුන් නරක නම් ඒ නිසා දැනට දකින හොඳම විසඳුම තමයි ඉන්නේ ගෑනු ලමෙක් නම් උපරිම ආරක්ෂාවක් දෙන එක... කොල්ලොයි කියලත් වෙනසක් නෑ කවදහරි අපිටත් ආරක්ෂා වෙන්න වෙයි....

      මේ දේවල් මේ විදියට නොවෙන්න මේ විදියට හරි කණ්ඩායම් විදියට නැගී හිටිනවා නම් සෑහෙන්න වටිනවා....බස් වලදි ජැක් ගහන කොල්ලෙක් දැක්කාම කොලු කමනේ කියලා කොල්ලෝ බලන් ඉන්නවනම් අන්න ඌ අපෘෂ්ඨවංශිකයෙක් කියලා කොල්ලොන්ම නැගී හිටින්න ඕනේ මොකද ලෙඩේ හේතුවට බෙහෙත් කලොත් තමයි ලෙඩේ හොඳවෙන්නේ....

      මේ අදහස් වලට කාට කාට හරි තරහා ගියානම් හිත රිදුනනම් සමාවෙන්න...

      Delete
    9. @ගැමියාගේ පත් ඉරුව
      //බහුතරයන් දූෂණවලට මුල විවිධ අසංවර ඇඳුම් ඒක පිළිගන්න වෙනවා //
      මල්ලි ඔයා මේක කියන්නේ මොන පදනමක් උඩද? ඔහොම බරපතල ප්‍රකාශයක් කරන්න බහුතරයක් දුෂණ වාර්තා පරීක්ෂා කරලා ඒවායේදී කාන්තාවන් ඇඳන් හිටි ඇඳුම මොකද්ද කියල හොයා බලන්න ඕනේ නේද? මම දන්නේ නැහැ ඔයා මෙහෙම කියන්නේ පැහැදිලි ගවේෂනයෙන්ද, නැත්තම් නිකම් හිතලද කියල. එහෙම නිකම් හිතල නෙවෙයි නම් කරුණාකර මේකට අදාළ පර්යේෂණ වාර්තා වල source ඒකත් සඳහන් කරන්න. මොකද මේ වගේ ප්‍රකාශන දුෂකයන්ට 'ලයිසන්' එකක් වගේ.

      Delete
    10. @ගැමියාගේ පත් ඉරුව
      මෙන්න මට හමු උනු පර්යේෂණ වාර්තාවක්:
      Theresa M. Beiner, Sexy Dressing Revisited: Does Target Dress Play a Part in Sexual
      Harassment Cases?, 14 DUKE J. GENDER L. & POL’Y 125, 127 (2007)

      ඒ ලිපියේ තියෙන මේ ටික ඔයාලට වැදගත් වෙවී:
      'While people perceive dress to have an impact on who is assaulted, studies of rapists suggest that victim attire is not a significant factor. Instead, rapists look for signs of passiveness and submissiveness'

      Delete
    11. මෙහෙමයි අක්කේ නිකන් ගල් වගේ ඉන්න ගෑනු දැක්කයි කියලා තප්පදෝරු ගෑනු පාරේ දැක්කයි කියලා පිරිමි ඇවිත් උස්සන් යයිද.... උත්තේජනයක් වෙන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ ඒක නෑ කියන්න පුළුවන්ද... මේ මූලාශ්‍රය කොහොම සඳහන් කරන්නද කියලා මම දන්නේ නෑ මගේ හිතවතෙක්ගේ සහෝදරියකටත් මෙවැනි දෙයක් සිදුවී තිබුනා උ/පෙ සඳහා තිබු අවසන් පන්තියේ සාදයකට සහභාගී වී එමින් සිටියදී....මාගේ සමීපතමයෙක්ට සිදුවූ එකම දෙය එය නිසා මට එහෙම දැනුනත් මා මුලින් කියූ තර්කයේ ඉඳලයි මම උඩ කියපු කතාව කිව්වේ.....ඕනෑම පත්තරයක මෙවැනි සිදුවීම් වාර්තා වෙනවනේ

      Delete
    12. නිරෝෂිණී තාමත් කථා කරන්නේ අවසාන වැකිය ගැන විතරයි.... එතනදී දෙන්න කියලා අදහස් කරන්නේ අවස්ථාව දෙන්න එපා කියන එක....
      එහෙම නැතිව නැවිලා ඉන්න එපා කියන එක නෙමෙයි...

      අනිත් කාරනාව තමයි ඔබ මේක කියවන්නේ නැද්ද කියන එක.... ඒ ඇඳුම ගැන සම්බන්ධ කථාව ඒ කොටසේම තියනවා නේද ?.... ඇයි ඒ ගැන මතක් කරන්න ‍හේතුව මොකක්ද කියලා....

      මට බොහොම සරළව කියන්න ඔයා මේ තර්ක කරන්නේ මොකක් වෙනුවෙන් ද කියලා...

      මම ඔයාට මේ පොස්ට් එකේ සංක්ෂිප්තය කියන්නද ?

      1. ලංකාවට නිරුවත අමුතු දෙයක්.
      2. නිරුවත බලන්න විඳින්න හැම කෙනෙක්ම කැමතියි.
      3. අපේ රටේ අපචාර වැඩි යෙන් වෙන තත්වයක් තමයි තියෙන්නේ.
      4. ඒ තුල කාන්තා පිරිමි බේදයකින් තොරව ලොදුරු බවට පත්වෙන්වා.
      5. අපිට අහසනකාරයින්/ දුෂකයන් හඳුනාගැනීමේ හැකියාවක් නැහැ.
      6. බොහෝ විට සමාජ ජාලවලදී අපි විසින් පෙන්නුම් කරන බාහිර ප්‍රතිරෑපය මත් පුද්ගලයින් අපි ගැන වැරදි වැටහීම් ඇති කරගන්නවා.
      7. අප රට තුල කාන්තාව අනාරක්ෂිතයි.
      8. හැම ගැහැණියක්ම ගමන්ගේ අම්මාථ නැගනිය සහෝදරිය කියන මිම්මෙන් හිතන්නේ නැහැ...
      9. කාන්තාව ආරක්ෂා කල යුතුයි.
      10. ඇය ඇයගේ අනාරක්ෂිතභාවය තේරුම් ගත යුතුයි...

      නිරෝෂිණී කැමති නම් මේකත් කියනවන්න..
      http://jbasnayaka.blogspot.com/2011/10/18.html

      Delete
    13. අක්කා උඩින් සඳහන් කලේ ලංකාවෙන් ගත්තු වාර්තාවක්ද?? මම මේ දූෂකයන්ට ලයිසන් දෙන්න හැදුවා නෙමේ හැම දේකම දෙපැත්තක් තියෙනවා වගේ කාන්තාවන්ටත් යුතුකමක් තියෙනවා තමන් කාගෙවත් ගොදුරක් බවට පත්නොවී ඉන්න... සත්ව ලෝකයේදි නම් මුලින්ම ගොදුරු වෙන්නේ කැපී පෙනෙන සත්වයින්....තව දෙයක් මතක් වුනා ඉස්සර ගෑනු ඇන්දේ රෙද්ද හැට්ටේ එතකොට ඒවා වුනේ නැත්තේ ඇයි කියලා අහන්න එපා...ඒකට හේතුවක් විදියට මම දකින්නේ ඒ කාලේ අපේ සමාජය පන්සල කේන්ද්‍ර කරගෙන මනා හික්මීමක් සහිතව හැදුනු එකක් වීම කියලා....

      Delete
    14. නිරෝෂිණි...
      අන්තර්ජාල වාර්ථා වලින් එළියට ඇවිත් යථාර්ථයට මුහුන දෙන්න... ඇත්ත දකින්න...

      Delete
    15. හොඳ පැහැදිලි කිරීමක් අයියේ තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ....සමස්තයක් විදියට කාන්තාව ආරක්ෂා කිරීමට පිරිමින් මූලික වෙන්න ඕනේ වගේම ආරක්ෂා වීමට කාන්තාවන්ද සැලකිලිමත් විය යුතුයි කියලම මම ඉවත් වෙනවා....

      Delete
    16. බස්සෝ මම කලිනුත් උඩ කියල ඇති ඔයා කියන සමාජයේ පිරිහීම සහ අනාරක්ෂිත බව ගැන එකඟයි. එකඟ නැත්තේ කාන්තාව අඳින ඇඳුම නිසා ගොදුරක් වෙන ව කියල ඔයා කියන කොටසට යි කියල. මම දන්නේ නැහැ ඒක තේරුම් නොයන විදියට ද ලියල තියෙන්නේ මම?

      ඒක අන්තර්ජාල වාර්තාවක් නොවෙයි. පර්යේෂණ වාර්තාවක්. ඒක දුන්නේ ඔයාල නිසි ගවේෂණයක් නැතුව තමන්ගේ මතය හෝ උඩ මල්ලි කිව්වා වගේ පුද්ගලික එක අත්දැකීමක් මත ම විතරක් ඉඳගෙන තර්ක කරන නිසා. අපි මොනවා හරි ගැන කතා කරන්න ඕනා අපිට නිකම් හිතෙන දේ විතරක් නෙවෙයි නේද? කවුරුන් හරි පිළිගත් පර්යේෂණ කරලා තියෙනවා නම් ඒ මුලාශ්‍ර සහිතවයි අපි සාකච්චා කරන්න ඕනේ. නිකම් අන්තර්ජාලේ දෙයක් ලිව්ව හෝ කියෙව්ව පලියට ඒක තාර්කික හෝ සත්‍ය වෙන්නේ නැහැ. දත්ත සහ මුලාශ්‍ර සහිතව තමන් කියන දේ සපෝර්ට් කරන්න ඕනේ නේද?

      කොහොමත් මට මීට වඩා මේක ගැන කතා කරන්න ඕනේ නැහැ. හිමීට මම ලියල තියෙනේ දේ කියවල ඔයාල මම කියන්න උත්සහ කල දේ තේරුම් ගනීවි කියල බලාපොරොත්තු වෙනවා. ඔබට ජය

      Delete
    17. කාන්තා අඳුම ඇඳුම නිසා ගොදුරක් වෙන්නෙ නැ කියන එකට එකඟ නැ.මම කියන්නෙ එකම හේතුව එක කියල නෙමේය්.නමුත් එක ප්‍රදාන සාදකයක්.ඔය කවුරුත් කියන්නෙ දූෂණයට ලක් උන කෙනා වැරදි විදියට ඇදන් හිටියේ නැතත් උනා කියන එකනේ, මමත් එකගය් එකට නමුත් හොඳට හොයල බලන්න දූෂකයගේ එදා මනසික මට්ටම.එදා හෝ ඊට කලින් දැකපු ගෑනු නිරුවත එකට වග කියන්න ඕන.නිරුවතට වඩා අඩනිරුවත,මොකද අඩනිරුවත කියන්නෙ පිරිමියා බාගෙට අවුස්සල අතාරින එකක්.ඉතින් හැගීම් පලනය අතින් හැම පිරිමියෙක්ම සමානනැ.ඒක ඒ කෙනගෙන්ම පිට කරන්න බරිවෙන අවස්තා වැඩි.ඉතින් එක පිට වෙන්නේ අසරන කෙනෙක්ගෙන්.එයා ඇදන් ඉන්න විදිය හොඳ වෙන්නත් පුලුවන්.උදාහරනයක් විදියට මාමලා අතින් වෙන දූෂණවලට හේතුව බලන්න එයා දැකපු දේ නිසා ආව හැගීම ඒ ගෑනු කෙනා ගෙම්ම පිට කරන්න බැරි වෙන්න පුලුවන්.සමහර විට නිලියක් වෙන්න පුලුවන් නැත්නම් පාරෙදි දකින තමන්ගේ හැඟීම පිට කරන්න බැරි කෙනෙක් වෙන්න පුලුවන්.ඉතින් ඕව ඔලුවේ තියන් ගෙදර එන කෙනට ලෙසියෙන් යටත් කරගන්න පුලුවන් කෙනා ගෙදර ඉන්න දරුවෙක් වෙන්න පුලුවන්.ඉතින් බගෙටා ඇන්ද කෙනා නෙමේ එකේ පල විපාක ලබන්නේ අසරන කෙනෙක් වෙන්න පුලුවන්.එක නිසා පිරිමින්ගෙ හැඟීම් අවුස්සන්නැති ඇදුම් අදින්න ඕන තමන් ගැන විතරක් හිතල නෙමේ අනිත් අය ගැනත් හිතල.එහෙම නැත්නම් තමන් අවුස්සන හැගිම් පිට කරන්නත් බගෙට අදින අය ඉඩ දෙන්න ඕන.මම කියන්නෙ නෑ ඊට කලින් දවසේ නැත්නම් එදා දකින දේම විතරක් කියලා නමුත් යටි හිතේ තදින් තිබුන දෙයක් එක පාර එලියට එන්නත් පුලුවන්.

      Delete
  9. සහතික ඇත්ත කතාව !
    සමාජයක් හදනවාට වඩා තමන් හැදෙන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධුරංග....
      අද කාන්තාව පමනක් නෙමෙයි.. පිරිමි පවා අනාරක්ෂිතයි.... අපේ ආරක්ෂාව අපිම සලසගත යුතුයි...

      Delete
  10. ලොකු කතා ඕනෙ නෑනෙ . . මම නං පේන්න තිබ්බොත් එබිලම බලනව . . . ගෑනු ළමයින්ගෙ හිත් රිද්දන්න හොද නෑ

    ReplyDelete
    Replies
    1. හැකස්...
      ආයේ මොනවද නේද මචං....

      Delete
  11. පෙනෙනවා නම් මන් බලනවා නොබලන එවුන්ව මානසික ප්‍රශ්ණයක් තියනවා කිවිවනේ ඒක නිසා දැන් නොබලා ඉන්නත් බෑ

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණේ තියෙන්නේ ජිංජිබිරිස් බලන එකාගෙන් නෙමෙයි... තමන් බලන්‍නේ නැහැ කියලා ලෝකෙට පෙන්නලා..... උස්සගෙන ගිහින් කරදර කරන එකාගෙන්....
      බලන එකා ඒ වෙලේ වින්ඳා එක බවරයි... ඕන උනොත් රෑට බලන්න ෆොටෝ කොපියක් ගහගනියි... එච්චරයි.....

      Delete
  12. සෑහෙන්න වටින කාලීන ලිපියක් අයියේ මේවා මෙහෙම කොහොම උනත් අපේ ඇස් වලට පෙනි පෙනි කාන්තාවන්ට සිදුවන හිරිහැර නොතකා ඉන්න නරකයි....

    ReplyDelete
  13. මාත් අහලා තියනවා.අතීතයේ එක් යුගයක.හීනයයි සම්මත කුලයක කන්තාවන්ට.උඩුකය වැසීම තහනම් කරල තිඋනලු.රජතුමා ඇතුලු, උසස් කුළවල පිරිමින්ගේ පහත් මනදොළ සපුරවා ගනීම පිනිස..කවුරු කොහොම කීවත්,අද ඉතාමත් නරක විදිහට අපේ ලාන්කික සමාජය පිරිහිලා.අපිට පුලුවනිනම් අපේ ගේ ඇතුලින් පටන් ගන්න(දෙන්න වගේ ආවත් ගන්න වගේ යන්න එපා කියලා) අනේ මන්දා හිතන්න අමරුයි.

    ReplyDelete
  14. මේ අතිශය ආත්මාර්තකාමී සමාජය ඇතුළේ ඔයිට වඩා වෙනස් දැක්මක් බලාපොරොත්තුවෙන්න බෑ නේද?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රනා....

      Delete
  15. ඇත්ත කතාව ඒක තමයි තව අවුරුදු 20ක් පමණ කාලයක් වෙද්දී ලංකාවත් ඔයවැනි තත්වෙකට පත්වෙයි.

    ReplyDelete
    Replies
    1. ඒහෙම උනොත් ඒ ගැන වෙනස කතිකාවක් අවශ්‍ය වෙයි.....

      බොහොම ස්තූතියි..... නිශාන්...

      Delete
  16. කාලයත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වේවි අපේ මුනුබුරු මිනිබිරියෝ අනාගතේදී හැසිරෙන විදිහ දැක්කාම සමහරවිට අපි මේ කාලේ මතක් කරමින් හූල්ලයි ..කාලය හැම දෙයක්ම වෙනස් කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...සඳරු....
      ඔව් කාලය හැමදේම වෙනස් කරනවා... එත් ඒ වෙනස යහපත් වෙනසක් විය යුතුයි....
      මේ යන විදියට කොහොම වෙනස් වෙයිද කියලා සැකයි....

      Delete
  17. "වහලා බැලුවත් අපි හැමෝම නිරැවත නරඹන්න දකින්න කැමතියි... විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... "
    කිව්වේ මොන වෛද්‍ය මතය පිහිටලද ? තමන්ට දැනෙන, තමන් විදින දේම අනෙක් අයත් විදින්න ඕන කියන එක ප්‍රශ්නයක්. නැත්තම් එක මානසික රෝගයක් කියන එක ඊටත් වඩා ප්‍රශ්නයක්. පිරිමි නිරුවතින් ඉන්නවා දකින්න කැමති පිරිමිත් ගැහැණු නිරුවතින් ඉන්නවා දකින්න කැමති ගැහැනුත් ඕන තරම් ඉන්නව ඔබ නොදන්නවට, එය ඔබට මානසික ලෙඩක් යනුවෙන් ඔබ හැදින්වුවත් නුතන වෛද්‍ය විද්‍යාවට එක සාමාන්‍ය දෙයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩැනී....

      මම මෙතැනදි අසාමාන්‍යයි කියන්න උත්සහා කරන්නේ කුමන හෝ නිරුවතක් දැකීමට ආසාවක් නැහැ කියන පිරිසට...

      ලියලා තියන දේ තේරුම් ගන්න ටික වෙලාවක් ගියා..... ඔව් එහෙම එයත් ඉන්නවා... හැබැයි අපේ රටේ තාම සමලිංගික සම්බන්ධතා, පිටරටවල් එක්ක සාපේකෂව ජනප්‍රිය නැහැ...

      හැබැයි නැත්තෙත් නැහැ..... ඒත් තාම ඒ වෙන්නේ හොරෙන්.....


      සමාවෙන්න ඒ පිළිබඳව සඳහනක් නොකලට.....

      Delete
  18. ඔබ කියපු දේම තමයි මම උපුටා ගත්තේ. ඔබ ලියල තියෙන්නේ " විශේෂයෙන්ම පිරිමි කැමතියි කාන්තා නිරුවත දකින්න.... ‍හැම පිරිමෙයෙක්ම කැමතියි... එහෙම නැහැයි කියනවා නම් මොකක් හරි අසනීප තත්වයක් වෙන්න ඕනේ.... ". ඒකටයි මගේ කොමෙන්ටුව දැම්මේ . නැත්තම් නිරුවත ගැන නෙමෙයි.

    සහෝදරයා ... සමලිංගිකත්වය චිත්‍රපටියක්වක්වත්, මොස්තරයක්වත් නෙමෙයි එය ජනප්‍රිය වන්න . එය මිනිසුන් කොට්ඨාශයකගේ ජීවිතයේ කොටසක්. ඇත්ත බටහිර සමාජ වල එය විවෘතව කතා කරනවා. බටහිර විතරක් නෙමෙයි ඉන්දියාවේ පවා. ඉන්දියාවේ නව දිල්ලි නුවර මහාධිකරණය සමලිංගිකත්වය තහනම් කරන වගන්ති ඉවත් කලා 2009 දී. නේපාලයේ එය නීති ගත කලා... නේපාලයේ සමලිංගික යුවල් වලට විවාහ වීමට පවා පුළුවන් . සමලිංගිකත්වය බටහිර රටවල් වල විවෘතව කතා කලත් එය බටහිර සංකල්පයක් යයි හගවන්නට උත්සහ කිරීම අනුවණකමක්. සමලිංගිකත්වය පෙරදිග සමාජ වල විවෘතව පැවතුන දෙයක්. හැබැයි එය තහනම් කලේ ඔය කියන බටහිර එවුන්ම තමයි. ඉතින් උන් ඒ නීති අයින් කරලා. අපේ අය උන්ට බැන බැන උන් දාපු නීති වලට දොහොත් මුදුන් දීල වදිනවා. ඔබ ජනප්‍රිය නොවේ යනුවෙන් සදහන් කල සමලිංගිකත්වය ජනප්‍රිය විය යුතු නැහැ. අවබෝධයයි අවශ්‍ය. ඔබේ උත්සාහයට මගෙන් සුබ පැතුම්. ඔබේ මාතෘකාව වෙනතකට යොමු කිරීම ගැන සමා වෙන්න. හැබැයි එය ඔබ ලියපු දේට පිළිතුරු දීමක් මිසක් ජනප්‍රිය වෙන්න ලිව්වා දෙයක් නෙමෙයි. :)

    බොහොම ස්තුතියි !! :)

    ReplyDelete
  19. අපේ මිනිස්සු මුලින්ම ඉගෙන ගන්න ඕනෙ අනෙකාට ගරැ කරන්න,කාන්තාවක් මොන විදියට ඇන්දත් ඒක ඒ කාන්තාව දූෂණය කරන්න හේතුවක් නොවිය යුතුයි, බලන එක එකක්, දූෂණය තව දෙයක්,අපේ උන්ට ගෑණියෙක් පොඩ්ඩක් ඇග පේන්න ඇද්දොත් බඩුවක් කියලනේ කියන්නෙ,එහෙම බැලුවොත් සමර් එකේ මෙහෙ ඉන්නෙ බඩු විතරයි...

    ReplyDelete
  20. කතාව ඇත්ත...
    ඒත් අපි හැම කෙනෙක්ම කරන දේවල් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනෙ.

    http://sithvinivida.blogspot.com/2011/04/blog-post_11.html

    ReplyDelete
  21. සීයට සීයක් ඇත්ත බං! නියම ටෝක් ටික!

    ReplyDelete
  22. ලංකාවේ Face Book උන්මාදය

    http://fbunmadaya.blogspot.com

    ReplyDelete
  23. ඔන්න යාළුවනේ ඔයාලගෙ හිතේ පුරවගෙන තිස්සෙම ආවර්ජනය කරන පළමු පෙම ගැන කාට හරි කියල හිත හෑල්ලු කරගන්න අවස්ථාවක් !!

    http://palamupema.blogspot.com

    ReplyDelete
  24. "අපි දෙන්න වගේ හිටියොත් වටේ ඉන්න උන් බලන්නේම ගන්න තමයි....."
    මේක තමයි හිතන්න ඕනි දේ............

    ReplyDelete
  25. දෙන හැම දේම අපේ උන් ගන්න පුරුදු වෙලා ඉන්න එක තමයි අවුල

    ReplyDelete