Sunday, February 5, 2012

වලිගය පෑගී ඇත......





AnonymousJan 28, 2012 07:25 PM


         සිතිවිලි මණ්ඩිය/ජනක බස්නායක නොහොත් බස්සා-
         ඔබ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයකුව හිදගෙන
මෙවැනි මෙවැනි ලිපි අනුමත කරමින් කමෙන්ට් කිරීම එච්චරම සදාචාර සම්පන්න
මදි නේද? එසේම යුධ වාතාවරණ සමයෙහිදී ඔබගේ ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වය
කොයි ආකාරයෙන්ද උනේ කියලත් පොඩ්ඩක් පැහැදිලි කරමුද? දැනට ඔබට දේශපාලන
රැකවරණ ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි බවත් හෙලි කලානම්
නරකද? එයට අමතරව යුධ සමයේදී ඔබගේ සේවාව හරහා ඔබ ලැබූ වැටුප නොව ලැබූ
දීමනාත් අද වන විට එයින් ඔබට නොලැබී ඇති දීමනා ගැනත් ජුංඩක් විතර
පැහැදිලි කරන්න පුළුවන්ද?


         තරහකට මරහකට නෙවෙයි මචං ඒ ගැනත් අපි දැන ගන්න ආසයි.


     Delete
  3.
     AnonymousJan 28, 2012 07:30 PM


         තව ප්‍රශ්නයක්.ඔබ විසින් ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත
ඉදිරිපත් කල නැගෙනහිර නවෝදයට සම්බන්ධ ව්‍යාපෘති වාර්ථාව එතුමා විසින්
ප්‍රතික්ෂේප කරන ලද්දේ ඇයි? එහි තිබූ මූල්‍ය කටයුත් සම්බන්ධ අපැහැදිලි
තාවයන් පිළීබඳව ඔබ අයත් සංවිධානයෙන්ම යම් අප්‍රසාදයක් පල වූ බව සැබෑද?
         එසේම එම ව්‍යාපෘතයි හරහා ඔබ රාජ්‍ය නොවන සංවිධානය අතැර රජයේ
පාර්ශවයට හොරෙන්ම මාරු වීමට ගොස් එය අසාර්ථක වූ බව සැබෑද?




මේ ඉහලින් දැක්වෙන්නේ පසුගිය දිනක පලවු ලිපියක් සම්බන්ධයෙන් එක්තරා ඇනෝවෙක් විසින් දක්වන ලද අදහස් කීපයකි.... පැය කීපයකට පසු මෙම අදහස් ඉවත් කරගෙන ඇතත් ඒ කාලය තුල මෙම කමෙන්ටුව කියවන ලද පිරිසට යම් පිලිතුරක් දිය යුතුයැයි හැගෙන හෙයින් මේ ලිපිය සටහන් කරමි.....

පලමු ප්‍රශ්ණය නම් “මා මේවන විටත් රාජ්‍ය නොවන සංවිධාන නොහොත් ඇන්ජීඕ (Non Government Organization) එකක සේවයේ යෙදී සිටිමින් මෙවැනි ලිපි අනුමත කරමින් කමෙන්ට් කිරීම සුදුසු නොව බවයි“

මා අදාල ලිපියට කිසිදු ආකාරයක කමෙන්ටුවක් යොදා නොමැති බව දන්වනු කැමැත්තෙමි...එසේ දැම්මද එහි වැරැද්ද කුමක්දැයි ඒ කමෙන්ටුව පලකල නයිට් විෂන් ඇනෝගෙන් විමසන්නට සතුටුය...... සාමාන්‍යායෙන් සම්ප්‍රදායක් ලෙස මම මඩ කමෙන්ට් යොදන්නේ නැත...තර්ක කීරීමට මෙන්ම මතවාදී ගැටුම් වලට එකඟ නමුත්  මා කිසිදිනක මඩ ගසන්නේ හෝ පෞද්ගලික අපහාසාත්මක කමෙන්ට් යොදන්නෙක් නොවෙමි...

දෙවැනි ප්‍රශ්නය උනේ “යුධ වාතාවරණ සමයෙහිදී ඒ සඳහා මගේ ක්‍රියාකාරී දායකත්ව කොයි ආකාරයෙන්ද උනේ කියලත් පොඩ්ඩක් පැහැදිලි ලෙසයි“..... 

මෙසේ පිලිතුරු ලබාදෙමි..... මා ආයුධ භාවිතා කරන්නෙකු නොවෙමි... කුමන ආකාරයක හෝ හිංසනයට මම පෞද්ගලිකව විරුද්ධය..... එල් ටි ටී ය මායිම් ගම්මාන (තර්ජිත ගම්මාන) වැසියන් ඝාතනය කරන අවස්ථාවන් හී දී ඔවුන් සමග  දුක බෙදා ගත්තෙක්මි..... කැබිතිගොල්ලෑව යකාවැව දී බස්රථයකට ක්ලේමෝ බොම්බ පුපුරවා හැර අහිංසක සිවිල් වැසියන් ඝාතනමට ලක් ව ඔවුන් තම ප්‍රදේශ වලින් ඉවත්ව අවතැන් කඳවුරැ වල ජීවත් වන අවස්ථාවේ දී ඔවුන්ගේ සුභසාධනය සඳහා දිවා රෑ අවතැන් කඳවුරැ වල සේවය කර ඇත...... කොළඹ සිට යුද්ධයට ආවඩන්නන  මෙන්ම යුද්ධය ගැන කඳුළු හෙලන්නන්ට ද එවකට අනුරාධපුරයෙන් එහා අඩිය තියන්නට මැලි වන යුගයක මා මායිම් ගම්මන නොහොත් තර්ජිත ගම්මාන වැසියන් සමග කටයුතු කර ඇති අතර යුද්ධය හා එහි විපාක දෑසින් දැක විඳ ඇත්තෙක්මි.... යුද්ධයගැන මට උගන්නවට අවශ්‍ය නොවේ.....කැබිතිගොල්ලෑව..යකාවැව... පදවිය.. ජනකපුර...කිරිඉබ්බන්කටුව.. මොණරවැව... ඇතාවැටුනුවැව ආදී යුද්ධයෙන් මහත් සේ පිඩාවට පත් ගම්මාන වල මා ජනාතාවගේ ‍දුකද පීඩාවද හොඳින් අඳුන්නෙකු බව දන්වනු කැමැත්තෙමි.... එමෙනම කලක් වවුනියා දිස්ත්‍රික්කයේ සිංහල දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ මානව අයිතීන් ආරක්ෂා කීරීම උදෙසා මෙන්ම තිවිධ හමුදාව මානව හිමිකම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා උදෙසා කටයුතු කල අයෙකු බව දන්නවානු කැමැත්තෙමි... යුද්ධය සඳහා නොව සාමය සඳහා මගේ දායකත්වය ගැන තවත් බොහෝ කරුණු පෙන්වා දිය හැකි උවත් මේ සැහේ යැයි සිතමි...


“දැනට ඔබට දේශපාලන රැකවරණ ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි බවත් හෙලි කලානම් නරකද?“

මේ ගැන නම් පුකෙන් හිනාය.... ඒ මා දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් නොවන හෙයිනි.... කලකට පෙර විස්තරය වෙනස් නොකල බැවින් ඇනෝ වලිගය පාගාගෙන ඇත...

එයට අමතරව යුධ සමයේදී ඔබගේ සේවාව හරහා ඔබ ලැබූ වැටුප නොව ලැබූ දීමනාත් අද වන විට එයින් ඔබට නොලැබී ඇති දීමනා ගැනත් ජුංඩක් විතර පැහැදිලි කරන්න පුළුවන්ද?

යම් ආයතනයක් වැටුපක් ගෙවන්නෙ ඒ පුද්ගලයාගෙන් ඒ ආයතනය වෙන සේවය සලකලා.... මගෙන් වෙන සේවයට මට වැටුපක් ලැබුනා.... (ඒ කාලේ හැටියට එක් ලොකු මුදලක් තමයි) දීමනා නම් ලැබිලා නැහැ මට... සේවයෙන් අයින් වෙනකොට ලැබුනු පාරිතෝෂකය ඇරෙන්න....එහෙම ලැබුනා නම් අද මෙහෙම සීතල කාගෙන වැඩ කරන්න ඕනේ නැහැ...

අනිත් ප්‍රශ්ණය නම් මට කිසිසේත්ම අදාල නැහැ... මොකද මම ඔය කියන කාලේ (නැගෙනහිර නවෝදය කාලේ) වෙනකොට ඔය පැත්ත පලාතේ හිටියේ නැහැ.... වලිගේ හොඳටම පෑගිලා.....

මම සාමාන්‍යෙයන් ඇනොලට උත්තර දෙන්නේ නැති උනත් මේ සඳහා උත්තරයක් ලියන්න මේ ඇනෝ ලියලා තියන දේ බලන කෙනෙක්ගේ තියන වැරදි වැටහීම අයින් කරන්නට බව දන්වනු කැමැත්තමි..

--------------------------------------------------
පසු සටහන්...

බොහෝ දෙනා ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ගැන කථා කරන්නේ අප්‍රසාදයකින්... නමුත් බොහෝ දෙනා දෝෂාරෝපණය කලත් ඔවුන් තමන් දන්නේ නැහැ ඇයි තමන් බනින්නේ කියලා.... බොහෝ වෙලාවට මේවට හේතු වෙන්නේ විමල් වීරවංශ වගේ මෝඩ ඔලමොට්ටල දේශපාලකයෙක් ජනතාව චුන් කරන්න කියන කථාවක්... එහෙම ඇන් ජී ඕ කාක්කන්ට බැන බැන තමන්ගේ ආමාත්‍යංශයට ලැබෙන විදේශ මුල්‍යාධාර වලින් අඩුආදායම් ලාභින්ට නිවාස ඉදිකරලා තමන්ගේ වගේ විවෘත කරනවා..ලංකාවේ කිසිම රාජ්‍ය නොවන සංවිධානයකට තමන්ගේ හිතුමනාපෙට වැඩකරන්න බැහැ... ඒ සඳහා නීති පද්ධතියක් තියනවා... යම් ආයතනයක් ඒ නිති පද්ධතියෙන් බැහැරව කටයුතු කරනවා නම් ඒ ආයතනය හෝ ්සේවකයින්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන්න වගේම අදාල ආයතනය හා සේවකයින් රටින් පිටුවල් කරන්නත් රජයට බලය තියනවා....නමුත් මේ කිසි දෙයක් නොදන්න ඔලමොට්ටල දේශපාලුවන්ගේ මෝඩ චූන් අහන මිනිස්සු ඒ චරිත අධිරාජ්‍ය විරෝධී වීරයන් විදියට සළකනවා.... හොඳම උදාහරණය විමලේගේ උපවාසය... ආණ්ඩුව විමලෙව ඉස්සරහාට දාලා තමන්ගේ නොහැකියාව වහගත්තා...... විමලේ වීරයා උනා.... අන්තිමට “මුන්“ අකුලගත්තෙත් නැහැ.... ආණ්ඩුව ෆේල් උනෙත් නැහැ... මිනිස්සු මොඩයෝ උනා.....


අනිත් කාරණය තමයි ලංකාව තුල ක්‍රියාත්මක වෙන බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ ව්‍යාපෘතිය තුලින් බලාපොරොත්තු වෙන අරමුණ කරා යන්න යොදාගන්නේ ලංකාව තුල ක්‍රියාත්මක වෙන ජාතික මට්ටමේ රාජ්‍ය නොවන සංවිධාන හො රජයේ ආයතන. උදාහරණයක් විදියට කිව්වොත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) ලංකාව තුල සිය කටයුතු ක්‍රියාත්මක කරන්නේ ළමා ආරක්ෂක අධිකාරිය... ශ්‍රි ලංකා පොලීසිය... අධ්‍යාපන දෙපාර්තමෙන්තුව වගේ රාජ්‍ය ආයතන හරහා. අද විවිධ රාජ්‍ය ආයතන මගින් ක්‍රියාත්මක වෙන බොහෝ නව සංකල්ප ආශ්‍රිත වැඩසටන් හෝ ව්‍යාපෘති සඳහා මුල්‍ය දායකත්වය ලබාදෙන්නේ මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන. නමුත් බොහෝ විට මේ ව්‍යාපෘති වල ප්‍රධාන ගෟරවය අත්වෙන්නේ ඒ ක්‍රියාත්මක කරන ආයතනයට...කැනඩා ලෝක විශ්ව විද්‍යාලය (WUSC) නැමති ආයතනය කටයුතු කරන්නේ තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් කටයුතු කරන්නේ වෘත්තීය පුහුණු අමාත්‍යංශ, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයි වගේ ආයතන සම්බන්ධ කරගෙන... මේවැනි බොහොමයක් අන්තර් ජාතික රාජණ නොවන සංවිධාන උදාහරණ දකිවන්න පුලුවන්. මෙහි දී මේ ආයතන වලින් වෙන සේවය නිසි පරිදි ජනාතාවට ලැබෙන්නේ මේ රාජ්‍ය ආයතන හෝ ජාතික රාජ්‍ය නොවන සංවිධාන වල සේවකයන්ගේ ආකල්ප අනුව. බොහොමයක් ආයතන වල සිද්ධවෙන ගසා කෑම් හේතුවෙන් ජනාතාවට ලැබෙනන ප්‍රතිලාභය අවම වෙනවා. මෙවැනි සිද්ධින් බොහොමයක් වාර්ථා වෙලා තියනවා... අදටත් තවමත් සුනාමි ආධාර සම්බන්ධයෙන් විවිධ ආයතන සහ පුද්ගලයින්ට චෝදනා එල්ල වෙලා තියනවා.. මගේ අත්දැකීම අනුව සුනාමිය සඳහා ලැබුනු ආධාර නිසි පරිදි කළමණාකරණය කලා නම් සුනාමියට අහුවෙච්ච පලාත් වල විතරක් නෙමෙයි. නුවරඑලියේ පදිංචි වෙල ඉන්න ජනාතාවටත් ගෙවල් හදලා දෙන්න තිබුනා. නමුත් එය එසේ උනේ නැහැ.


මෙහි දී නැගෙන තවත් චෝදනාවක් තමයි දෙමළ ජනතාවට වැඩි වශයෙන් අධාර උපකාර ලබාදෙනවා කියන එක.... මෙහිදී ලංකාවේ පැවති යුධ වාතාවරණයත් හේතුවෙන් සෑම රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය (UDHR)  සහ අභ්‍යන්තර අවතැන්වුවන් සදහා වු ප්‍රතිපත්තී මාලාව (IDP Guidelines) අනුකූලව. ඒ ඒ ආයතන කරන්නා වු කාර්යය අනුව යුද්ධයෙන් පීඩාවට පත් පාර්ශවයන්ට සහන සැලසීම් වල යෙදෙනවා. යුද්ධය පැවතුනු ප්‍රෙදේශවල බොහෝ විට දෙමළ ජනතාව විවිධ ගැටළු වලම මුහුණ දුන්නා සේම තර්ජිත ගම්මාන වල වැසියන් බොහෝ විට අවතැන් වීම් වලට ලක් උනා. ඒ ජනතාව ගේ ඕනෑ එපාකම් සොයා බලා කටයුතු කලේත් ඔවුන් අතරම සිටියේත් මේ රාජ්‍ය නොවන සංවිධාන පමනයි. අදටත් ලංකාව පුරා ක්‍රියාත්මක වෙන බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන විවිධාකාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නිහඬ සේවාවක් ඉටුකරනවා...


මේ සටහන ඒ නිහඬ සේවය ඉටුකරන දහසක් සිංහල දෙමල මුස්ලිම් සහ වෙනත් විවිධ ජාතීන්ට අයත් සහෝදර සහෝදරියන් වෙනුවෙන්....

රාජ්‍ය නොවන සංවිධාන පාලනය කරන රජයේ ක්‍රියාපටිපාටිය ගැන දැනගන්න මෙතැනට කොටන්න.

15 comments:

  1. ඇනෝ කෙනෙක් නිසා පෝස්ට් එකකට කරුණු එකතු වුණ අපූරුව..

    ඇනෝලා උදව් කරනවත් එක්ක බොල... :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි..ඇනොලගෙන් එහෙම සේවයකුත් වෙනවා.....

      Delete
  2. මේ වගේ මෝඩ ජෝක්, මම පොර බ්ලොග් තමයි අර කතන්දර කිව්වා වගේ බ්ලොගේර් එකෙන් Remove කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතිං කථන්දර ඇතුලු බොහෝ බ්ලොග් ඉවත් කරන්න වෙයි... නේද ?

      Delete
    2. ඔන්න මටත් වලිගේ පෑගෙනවා වගේ.

      මං මොකක්ද කිව්වේ?
      මේ කියන්නේ මගේ සමාජමාමක නිව්ස් පෝස්ට් එක ගැනද?

      Delete
    3. නෑ, අර කතන්දර හාමිනේගෙ කැම්පස් යාලුවට කකාම "මම තමයි පොර" කියපු පෝස්ට් එක හින්දයි :D

      Delete
    4. බොහොම ස්තූතියි.... ඉන්දික උපශාන්ත...කොයි කව්රැත් පොරවල් වෙන්න ආසයි....ඒක එහෙම නෙමයි කියනවා නම් පට්ට බොරු...

      Delete
    5. ස්තුතියි ඉන්දික thanks ෆෝ ද ලින්ක්.

      මං කවදත් පොරක් තමයි!

      Delete
  3. හ්ම්ම්............ ඇත්තටම ඇනෝ කෙනෙක්ගෙන් උනු සමාජ මෙහෙවරක් වගේ දැනුනා මට මේ පොස්ට් එක....

    ආවේ නම් අද.. ඒක නිසා ඔය ඇනෝලා කියන දේවල් ගැන නොදනිමි... නමුත් ඔබ අගය කල යුතුයි... එන් ජි ඕ ගැන යම් අවබෝදයක් ලබා ගැනිමට හැකිවිම සතු‍ටුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේවා පැමීනිම සහ අගය කිරීම සම්බන්ධයෙන්.... ජය !!!!!

      Delete
  4. රාජ්‍යය නොවන සංවිධානයක වැඩකළ කෙනෙක් හැටියට කියන්න ඕනේ , ගොඩක් අය හිතන්නේ, ngo වලට නිකම්ම මුදල් ලැබෙනවා සහ ඒවායේ වැඩකරන්නේ හොරු කියල. නමුත් බහුතරයක් නොදන්නා දේ තමා මේ රාජ්‍යය නොවන සොවිධන නිසා අවතැන් වූ පළාත් වල කාන්තාවන්ට ළමුන්ට බොහෝ සෙතක් සැලසෙනවා. බොහොම තුති මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. @ Shenzy beLLa.. බොහොම ස්තූතියි... ඔව් තවමත් නිහඬව තමන්ගේ සේවය කරන... මෙතෙක් කිසිම ඇගයීමකට ලක් නොවුන පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන සේවකයෝ කියන්නේ... කිසිම දවසක පැය 8 සේවයට සීමා නොවුන... දවසේ පැය 24 පුරාම සේවයට කැපවුනු පිරිසක්.... ඒ තමන්ගේ රැකියාව නිසාම නෙමෙයි... ලැබෙන පඩිය නිසාම නෙමෙයි... මිනිස්සු නිසා...

      Delete
  5. ඇනෝලට නටා ගන්න කියහන් බන්

    ඕක උනේ මම හිතන්නේ මම වැරදිලා සිතුවිලි මන්ඩියේ ලෝගෝ එක දැකලා ඒක උබේ එක කියලා හිතලා "උඩ බස්සා කියපු විදිහට"කියලා කොමෙන්ට් එකක් දාපු නිසා ඒ ඇනෝ හිතලා සිතුව්ලි මන්ඩිය ලියන්නෙත් උඹයි කියලා . . හෙ හෙ හේ

    ReplyDelete
  6. @ දුකා... බොහොම ස්තූතියි... ඔව්... ඒක තමයි සීන් එක.... පස්සේ මේ ‍කමෙන්ට් එක ඩිලීට් කරලා තිබුනා.... ඒත් මට හිතුනා ඒ ගැන යමක් කියනන්න ඕනේ කියලා... ඒකයි ඒ සිද්ධිය පාදක කරගෙන මේක ලිව්වේ... උඹට බොහොම ස්තූතියි මචං ඇවිත් දෙන මේ සහයෝගයට.....

    ReplyDelete
  7. මම අද අහම්බෙන් මේ පොස්ට් එක බැලුවේ නොදැන හිටපු ගොඩක් දැනගත්ත ජනක අය්යේ ජය වේවා !!

    ReplyDelete