Tuesday, February 14, 2012

වැලන්ටයින් "ප්‍රීති" ය......


මහ දවල් කාමරේ..
මුසලයි අඬ අඳුර...
දුඹුරු පැහැ තිර රෙද්ද...
හීනි නියෝන් එළිය..
නහය කඩාගෙන යන..
පුළුටු ඟඳ ඇඳ පුරාම..
සීතල හාදු...
උණුසුම් තෙරපුම්..
දිගු සුසුම්...
කෙටි සුසුම්...
හීන් කෙඳිරිළි...
කරස්.. කරස්... සද්දෙන්..
මහ හයියෙන් කෑගහලා..
නිහඬ උනා ඇඳ.....
"චකොස්" හඬින්...
වැටුනා..
කොපුවේ හිරවුනු..
වැලන්ටයින්..
කුණු බක්කියට...

49 comments:

  1. ළඟට ළං වෙලා
    බොත්තම මහද්දි
    කොන්ඩෙ එකතු කරලා
    පුංචි කටුව රදවද්දි
    දැනුන සුවඳ
    හැඟුන ආදරය
    හ්ම් ......
    වැලන්ටයින් මට ඔබ ගැන දුකයි.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. සොඳුරු..... මම බොහොම රස වින්ඳා සොඳුරු ගේ කථාව.. ඇත්තටම හීනයක් වගේ....

      Delete
    2. සොඳුරු,ලස්සන කථාවක්

      Delete
  2. අද රාත්‍රියෙන් අහවර වන ආදරයක්
    අද දවස තුල විශේෂ කොට වින්ද සැමට...
    නැවත ලබන වසරේ මෙවන් දිනයක් ලැබෙන තුරු
    නොකර ඉන්නවද අද විතරක් විදපු ආදරය..?

    වැලන්ටයින්වරුන්ගේ ආදරය අදින් අහවරයි. නැවත තව දින 365කින්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. සෑමා..... වෙලළෙන්ඳගේ වැලන්ටයින් දිනය.... අවසානය...

      Delete
    2. මෙන්න සෑමාගේ වැලන්ටයින් දිනය.. http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

      Delete
  3. වැලන්ටයින් නැති ඊරිසියවට කියන කතා.. ඕකට තමයි කුහකකම කියන්නෙ.. හික් හික්.. ;)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. සාතන්... සමහරැ ඇත්ත කථා කරනකොට කියන්නෙ ඔය ඊරිසියාකාර කථාවම තමයි... හැකස්....

      Delete
    2. ආයිත් අහල... ගේමට එන්නෙ කඩු පොලු අතට අරන්... මම නම් ඔය වගේ එව්ව ලියන්නෙ නෑ කියල හිතාගෙන ඉන්නෙ :)

      Delete
  4. හික්ස් !!!!
    දැන් නම් සමරලාත් ඉවර ඇති !

    ReplyDelete
    Replies
    1. ආදරේ පල නෙලලා ඉවරයි.... ලෙලි මග දාලා යන එක තමයි ප්‍රශ්ණේ...
      බොහොම ස්තූතියි මධුරංග....

      Delete
  5. නැට්ට දිගේ ගලන අපේ කාලයේ වැලන්ටයින්!

    ReplyDelete
    Replies
    1. ඔව් සබිත්.... ගලල නතර වෙන තැන අනුව තමයි හොඳ නරක තීරණය වෙන්නේ... බොහොම ස්තූතියි...

      Delete
  6. Replies
    1. ඒකනේ කියන්නේ....
      බොහොම ස්තූතියි සඳරු......

      Delete
    2. ප්‍රීතියි ප්‍රීතියි !!

      Delete
  7. බිත්තියට හේත්තු කරන සරං වල කෑගහන වැලන්ටයින්..,
    බටදිගේ රූරා කුණු බක්කියට වැටෙන අන්දම්..,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලෂාන්....

      Delete
    2. යකෝ උඹේ සරම වගේ කියලා හිතුවද ඔක්කෝගේම සරොම් . . හික්ස්

      Delete
    3. මොකද්ද බන් ඒ කතාව..? :D

      Delete
  8. වැලන්ටයින් සාමි වරයා සිහිකරලා එදා සමරපු දිනයෙයි අද සමරන වැලන්ටයින් දිනයෙයි වෙනස..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්... සම්පුර්ණම වෙනස්වෙලා... අද වැලන්ටයින් දිනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නේ ගෙස්ට් හවුස්කාරයෝ... මල්කාරයෝ.... තොරොම්බල් විකුනන වගේ ම.. චිත්‍රපටශාලා අයිතිකාරයෝ....

      Delete
  9. පව් අනේ වෑලන්ටයින්ට ගිය කල .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්හානි නංගි...පව් නේන්නම්.. හි හි...

      Delete
  10. ඇඳ කැඩුනාද දන්නේ නෑ නේද...:P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ප්‍රියන්ත..... කැඩෙන්න ඇති මම හිතන විදියට.... ඇයි හෙන පෝලිමනේ....

      Delete
  11. ඇඳ නෙවෙයි අද කීයක් කැඩෙන්න ඇතිද.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඒකට වෙනම සමීක්ෂණයක් කලා නම් දැනගන්න තිබුනා.... බොහොම ස්තූතියි...

      Delete
  12. ප්‍රීතී ප්‍රීති... ඇය සතුට... හී මෑන් ගැටිති සහිත කොන්ඩම්..

    ReplyDelete
    Replies
    1. ප්‍රීති මිතුරි....ප්‍රීති මිතුරී නිසා ප්‍රියාවී..
      පවුල මගේ සැලසුම් වෙයි මනහාරී....

      බොහොම ස්තූතියි පොඩි මෑන්...

      Delete
  13. අයියෝ වැලන්ටයින් . . . කුනු කූඩෙට වැටුනු වැලන්ටයින් . . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....මචං...ඔව් ඕනතරම් වැටෙන්න ඇති කුණු කූඩ වලට වගේම පාරවල් අයිනේ තියන කුණු බක්කි වලටත්....

      Delete
  14. සොඳුරු අක්කගේ කතාවේ සම්පූර්ණ අනිත් පැත්ත...

    ReplyDelete
    Replies
    1. ඔව් අපි දකින හිතන විදිය වෙනස් නේ අයන්ත.... බොහොම ස්තූතියි...

      Delete
  15. මං අහපු කතාවක් තියෙනවා.අද ලියලා පල කරන්නම්කෝ...

    ReplyDelete
  16. Replies
    1. බොහොම ස්තූතියි.... මාධව...

      Delete
  17. පිස්සු යක්කු .......ඔහොම් ලව් කරන උන්ගෙන් කියෙන් කී දෙනාද කසාද බදින්නේ...සමහර උන් එක එක අවුරුද්දේ වැලන්ටයින් සමරන්නේ එක එකා එක්ක...

    ReplyDelete
    Replies
    1. වැඩි හරියක් ඉන්නේ ඒ වගේ එව්වෝ තමයි.... බලාගෙනයි.. පරිස්සමෙන්... සමනළ තටු බිඳෙයි..

      Delete
  18. ඕන්න ඔහොමයි අවංක පිව්තුරු ආදරේ වැලන්ටයින් සමරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් අවංක ආදරේ.... එහෙමලුනේ...

      Delete
  19. එක එක බ්ලොග් හරහා එනකොට අහම්බෙන් දැක්කෙ.එළම තමයි.ඔන්න ෆලෝ කරන්ඩත් පටං ගත්තා.ටික ටික ඔක්කොම කියවන්නම්කො.එළ කවිය.ආතල් අදහස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... දිනුක..

      Delete
  20. වැලන්ටයින් . . .
    සමරාද නැත
    සමරන්නේද නැත
    සමරන්න බලාපොරොත්තුවක්ද නැත

    ReplyDelete
    Replies
    1. අනේ ඇයි බං...
      අපරාදෙනේ...
      රෝස මලක් දීලා...
      උම්මා එකක් දෙන්න තිබුනා නේ..

      Delete
  21. අයියෝ... වැලන්ටයින්ට ගිය කල...

    ReplyDelete