Saturday, February 18, 2012

ආශ්චර්ය සලාකය..... (රෙද්ද..)



සර්...

මොකද තමුසේ මුදු යන්නද ?

නෑ සර්..... සලාකේ ගන්න ආවේ...


මොන සලාකේද මනුස්සයෝ..


සර්.. තෙල් සලාකේ සර්...


හ්ම්.. .මේ ෆෝම් කොලේ පුරෝගෙන අරගෙන එනවා...


මම කොහොමෙයි මේක පුරවන්නේ... මම අකුරු දන්නේ නැහැනේ සර්..


එහෙමද ?.... 10 ක්දෙනවා... මම පුරවලා දෙන්නම්....


නම.... ඇන්ටා.....


ඇන්ටා.... සම්පුර්ණ නම කියනවා අයිසේ....


ඇන්ටනී සිල්වා.....


මුලකුරු.....


ඒ කීවේ....


නමේ මුලකුරු මනුස්සයෝ.....


ඇම්. පී....
මොකක්ද ඇම් පී කියන්නේ....
මල්මුතු පේඩිලාගේ....


තවත් බොහෝ විස්තර අසයි.....


පවුලේ කීදෙනෙක්ද ?


පවුලේ විස්තර මොනවටැයි සර්...
උන් මුදු යන්නේ නැහැනේ..


තමුසෙට ඒ පණ්ඩිතකම් වැඩක් නැහැ...
කියනවද නැද්ද ?
මට වැඩ තියනවා....


දරැවෝ පස් දෙනයි සර්...


නම් මොනවද


අන්තොනි.... ක්‍රිස්ටිනා.... අතර්.... අල්පොන්සෝ...
බාල එකි.... සැන්ඩ්‍රා සර්...
උපන් දින....
එව්වා මතක නැහැ සර්....


තමුසෙද තාත්තා...
ඔව් සර්....


මරු තාත්තෙක් නේ ඕයි....
ළමයින්ගේ ඉපදිච්ච දවස් මතක නැද්ද....


ඔය පස්දෙනාම ඉපදෙන කොට මම හිටියේ මුදේනේ සර්...
බාල එකීව දැක්කේ මාස තුනකුත් පස්සෙන් පහු....
මුදේ අතරම වෙලා ඉන්දියාවේ හිරෙත් ඉඳලා අවේ සර්...


එව්වා වැඩක් නැහැ....


මේක අරගෙන ගිහින් අර මිසීට දෙනවා...


මිසී... තෙල් සළාකේ ගන්න.....


හ්ම්.. දෙන්න බලන්න..


කෝ මේකේ විසිතර අඩුයි නේ.....
මේක හරියන්නේ නැහැ...අරගෙන ගිහින් හරියට පුරවගෙන එන්න.
අනේ මිසි... අද  මුදු යන්නේ නැතිව ආවේ....
අදත් දවසේ ගාන පාඩුයි...


ඒවාට අපිට කරන්න දෙයක් නැහැ...
මේවා ආණ්ඩුවේ රාජකාරී....
කෝ ලියාපදිංචිය....


ඒ මොකක් ද මිසී ඒ..


කෝ ධීවර ලියාපදිංචිය...


එහෙම එකක් නැහැ නේ මිසී..


එහෙනම් අළුතින් ලියාපදිංචි වෙන්න වෙයි...
මෙන්න මේ ෆොම් එක පුරවගෙන එන්න...


සර්.... .තව කොළයක් තියනවා පුරෝගෙන එන්න කිව්වා අර මිසී...


කෝ දෙනවා තව දහයක්...


හ්ම්.... කෝ තමුසෙගේ විස්තර...
බෝට්ටු වේ අංකේ.....


එව්වා නම් දන්නේ නැහැ සර්....


අර රේඩියෝ එකේ කිව්වා නේ.. මුදු රස්සාව කරන අයට තෙල් සහනාධාරේ දෙනවා කියලා..
ඒකනේ ගන්න ආවේ...


ඒහෙම කියන කියනා හැම එකාටම තෙල් සහනාධාරේ දේන්න මේවා තමුසෙගේ අම්මගේ අප්පාගේ බුදලේ කියලා හිතුවද ?
තරහාගන්න කාරි නැහැ සර්...


හ්ම්.. හ්ම්... මේකට සී සී මහත්තයාට කීයක් හරි දෙන්න වෙයි...
දෙනවා දෙසීයක්...
මම මහත්තයාට කියලා මේක පාස් කරලා දෙන්නම්....


ආ.. සර්....


ඉන්නවා ඔහොම.....


වෙලා යයිද සර්....


තමුසේ හිතුවද තමුසේ විතරයි මෙතන ඉන්නේ කියලා...


මම තේකක් බීලා එන්නම එහෙනම්....


හා හා.. ගිහින් එනවා....


පැයි කීපයකට පසු.....


සර් මගේ වැඩේ....


ඉන්නවා අයිසේ...


සීසී මහත්තයා... කෑමට ගිහික් තාම ආවේ නැහැ...


දැන් 11 යි නේ සර්...


ඔව් ඔයි.... මම මොනවා කරන්නද ?
ඒ මනුස්සයා උදේ කෑමට එළියට ගිය ගමන් තාම ඇවිත් නැහැ.....
කොච්චර වෙලා යයිද ?.....
කියන්න බෑ ඕයි.. තමුසේ හිතුවද මේක මාළු බානවා වගේ කියලා....


ඔහු කාර්යාලයෙන් එළියට ගියා...


පස්සේ ඒ මනුස්සාව දකින්න ලැබුනේ නැහැ.....


ඒත් ඈතින් ඇහුනා..... සද්දෙට මම පාර දිහා බැලුවා......


අඩෝ.. තියාගනින් තොගේ සලාකේ....
හු..... ගේ පුතාලා..... තියාගනිල්ලා තොගේ ලබ්බ......
රුපියල් තුන්සීයක් දෙන්න දෙසිය විස්සක් ගත්ත හැත්ත...
වරෙව්කෝ ඊලඟ ඉලැකේසොන් එකට..
කෙළවලා ගන්න.....


ආශ්චරිය රෙද්ද...
මෙන්න අශ්චරිය.....


ඔහු සරම උස්සලා පෙන්නුවා......

31 comments:

  1. සහනාධාර දෙන්න ගියහම තමයි ඔක්කොම කරදර... නොදී හිටියහම ඉවරයි බන් ;)

    ReplyDelete
    Replies
    1. ඉතිං බං ඕක වැඩි නොකර හිටියා නම් ‍ඔය මුකුත් ඕනේම නැහැනේ...
      අර ඇමැති රොත්ත ටිකක් අඩු කලා නම් ඒ සල්ලි වලින් සහනාධාරේ දෙන්න පුලුවන්නේ...
      එහෙම නැත්නම් අර "දැයට කිරුළ" ට වියදම් කරපු සල්ලි ඉතුරු කරගන්න තිබුනානේ...

      Delete
  2. මෙන්න අස්චර්යය!

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔය පටන් ගත්තා විතරයි...

      Delete
  3. කොයි සලාකෙනුත් කෙලවෙන්නේ දුප්පතාට තමයි.................

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටපන්කෝ හම්බුවෙයිද කියලා...

      Delete
  4. ආස්චර්යයේ ආස්චර්ය :D

    ReplyDelete
    Replies
    1. ආසියාවේ අස්චර්යය... නේ..

      Delete
  5. Replies
    1. ඔව් සබියා..... ඇත්ත තිත්තයිනේ..
      මොන මගුල ‍නිකං ගන්න ගියත් මේ වගේ තමයි..

      Delete
  6. හරියටම හරි බන් . . .

    ඒත් අයි ටීන් එන් රූපවාහිනී දිවයින වලින් බ්‍රේන් වොශ් කරපු අපේ මිනිස්සු ඕක තේරුම් නොගන්න එකයි දුක . . .

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නම් මදැයි...
      දැන් සිරස.. ස්වර්ණවාහිනී.. දෙරණ...
      මේ හැම එකක්ම රජ්ජුරුවන්ට කඩේ යනවානේ...

      Delete
  7. කියන තරම් ලේසියෙන් ඔය සහනාධාර ලැබෙනවනම් මොනවා කරන්න බැරිද?? ඔලිම් වල රස්තියාදු වෙලා.. පගාව දීලා.. අන්තිමේ ඒකත් හරියට ලැබෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව්... එකනේ සහෝදරයා... ඒකනේ...

      Delete
  8. පට්ට කාලීනයි.. වැඩි කරලා සංකීර්ණව සහනාධාර දෙනවා.. ලොවෙත් නැති මොලකාරයෝ බං..

    මේක ලින්ක් එක බ්ලොග් එකේ නමින්ම ෆේස් බුකියේ ෂෙයාර් කරමි... ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සෑම්.....

      ඔව් අපි දකින දැකලා තියන දේ නේ සෑමා....

      Delete
  9. සිරා ඇත්ත.අහිංසකයන්ට පාර්ට් දාන ගොන් හැත්ත චුත වෙලා යන්න ඕනේ.කලින් මම මෙහෙම කිවුවේ නැහැ එත් දැන් කියනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කරන්න වෙනවා දැන් යන තත්වේ අනුව...

      Delete
  10. ඒ උනාට එයාලා ජනතාවාදීනෙ මෙයා.....

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා කථා කරන උන් ජාතිවාදීන්...
      සුද්දනට රට පාවාදෙන.. අධිරාජ්‍යවාදීන්ට කඩේ යන..
      රට අස්ථාවර කරන උන්...

      උන් ජනතාවාදීන්.... හැමදාමත්...

      Delete
  11. මේ ආණ්ඩුව ගැන ඉතාම හොඳින් පෙන්වන වීඩියෝවක් යූ ටියුබ් එකේ තියනවා . මෙන්න ලින්ක් එක.
    http://youtu.be/tWz367iJeq0

    ReplyDelete
    Replies
    1. ඔව්.. මේක කලින් දැක්කා.... බොහොම ස්තූතියි...

      Delete
  12. හැහ් හැහ් . . . ආන්ඩුව තෙල් මිල වැඩිකලේ කැමැත්තකිං නෙමේ . . නොකර බැරිකමට . . අරය කියල තිබ්බෙ කඩවතදි . . උඹල මේ ජනතාවාදී රජයට අපහාස කරනව

    ReplyDelete
    Replies
    1. මට මාර පුශ්ණයක් තියනවා ඕනයා....අර ඡන්දේ කිට්ටුව හම්බ උනා කිව්ව තෙල් වලට මොනද ඉන් උනේ...
      උනේ උඹට හම්බ උනොත් මාත් මතක් කරන්න කිව්වා කියපන්...

      Delete
  13. ඇන්ටා ගැන දුක හිතෙනවා අප්පා.

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එක විදියක ඇන්ටලා තමයි පොකු.... (ප්‍රවීනා).... බොහොම ස්තූතියි....!!!

      Delete
  14. //මේවා ආණ්ඩුවේ රාජකාරී....\\

    ReplyDelete
    Replies
    1. ඔව් සොරෝ... මේක අපි හැ‍ම කෙනෙක්ටම පොදු තත්වයක්...
      බොහොම ස්තූතියි..

      Delete
  15. හ්ම්....ආසියාවේ ආශ්චර්ය....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ... ඉරණම්කාරි....

      Delete
  16. මේක නියමයි.ඇත්තට ආන්ඩුව හැමදේටම වැරදි නෑ නේද
    මම ඕන තරම් දැකල තියනවා තමන්ගෙ වැඩකරනව වෙලාවෙ ආන්ඩුවට බැන බැන රටේ නොදියුනුව ගැන කතාකරන රජයේ සේවකයෝ

    මොනව කරන්නද
    අයියෝ සල්ලි තමා!!

    ReplyDelete